Monday, July 15, 2019

බටහිර සංගීතයේ මුල් කණු ‌දෙකකි




ජෙහාන් සෙබස්තියන් බාක්

  ක්‍රි.ව. 1685 මාර්තු 21 වන දින මධ්‍යම ජර්මනියේ කුඩා නගරයක් වන අයිසාක් වලදි උපත ලැබුවේය. පාසල් අධ්‍යාපනයට අමතරව සිය සොහොයුරාගෙන් සංගීතය ඉගෙන  ගනිමින් බටහිර සංගීතය පෝෂණය කර ගත්තේය. මොහු ප්‍රසිද්ධ සංගීත පෙළපතකට අයත් වුවෙකි. පස්වන සංගීත පරම්පරාවකට හිමිකම් කියු බාත්ගේ පවුලේ සෑම දෙනෙකුම පාහේ වෘත්තීය සංගීත ශිල්පීන් වූහ . බාත්ගේ වැඩිමල් සොහොයුරාද වෘත්තීය ඕගන් වාදකයෙකි. මේ නිසා සංගීත කුසලතාවයන්ගෙන් හෙබි බාක් හට වෘත්තීය සංගීත ශිල්පියෙක් වීමට අවස්ථාව ලැබුණි . බාක්ගේ බටහිර සංගීත ශිල්පය තුල බීතෝවන්ගේ සංගීත ශිල්පයේ ඇති ඇතැම් ආභාශයන් තිබේ. බාක් විසින් කළ සමූහ ගායනා සංගීතයට :කැරෝල් මියුසික්)  සඳහා කළ (මියුසික් ඉන් බී මයිනර්) නැමැති මාස් කෘතියේ ශ්‍රේෂ්ඨත්වයට සමාන වනුයේ බීතෝවන්ගේ මාස් ඉන් ඩී නැමැති කෘතියට පමණකි. ඔහු විිසින් ජර්මානු සංස්කෘතියේ තිබෙන සංගීත නාද රටා පමණක් නොව අන් සංස්කෘතික ආභාශයන් ලබා ගත්තේය.

                          එකළ වැඩවසම් ක්‍රමය ජර්මනියේ මුල් බැස ගත් අවධියේ දක්ෂ සංගීතකරුවෙකුට වූවද වංශාධිපතියෙකුගේ හෝ ක්‍රිිස්තියානි පල්ලියේ අනුග්‍රහය අවශ්‍යව තිබුනි. වංශාධිපතින් තම තමන්ගේ බල මහිමය , සෞභාග්‍ය  පෙන්වීමට පෞද්ගලික වාදන වෘන්ද විශාල මුදලක් දී මිලදී ගත්තෝය. ජර්මන් සංගීතයේ සීග්‍ර වර්ධනයට මෙම  සමාජ පසුබිම බෙහෙවින් තුඩු දුන්හ. මෙම තත්වයට මුහුණ දීමට බාක්ට ද සිඳූවිය. මේ සමඟ ඔහු විසින් උදාර සංගීත නිර්මාණ දළ වශයෙන් යුග තුනකට බෙදා දක්වනු ලබයි .

1. ඕගන් නැමැති භාණ්ඩය සඳහා කෘතීන් බිහි වු යුගය
2. වෙනත් සංගීත භාණ්ඩ සඳහා කෘතීන් බිහි වු යුගය
3. ආගමික සංගීත නිර්මාණ  බිහි වු යුගය
                       
              බාර්ක් විසින් ඕගනය සඳහා සංගීත කෘතී රාශියක් රචනා කරන ලදි. එයට හේතුව ඔහු අති ප්‍රවීන ඕගන් වාදකයෙකු වීමයි. මෙහිදී ඕගන් වාදකයෙකු වශයෙන් ඔහු ලොව විසු ශ්‍රේෂ්ඨතම ඕගන් සහ ක්ලැව්යෙර් වාදකයෙකි. මෙය ද ස්වර පුවරු යෙදු භාණ්ඩයකි. සැමුවෙල් වෙස්ලි නැමැති සුප්‍රසිද්ධ ඕගන් වාදකයකයා බාක් කෙරෙහි පැහැදි ඔහු අපගේ අසහාය මිනිසා යනුවෙන් පවසා ඇත. ඕගන් නැමැති භාණ්ඩය පැමිණියේ  වෙනත් රටක සංස්කෘතියකිනි. එහෙත් බාක්ට ඕගනය සුපුරුදු විය. ඒ රටේ සංස්කෘතියද ඔහු උකහා ගත්තේය.
                          ඔහු විසින් ලියන ලද පුලියඞ් සහ ෆියුග්ස් කෘතී 48 මීට නිදසුන් ලෙස සඳහන් කල හැකිය. පුලියඞ් සහ ෆියුග්ස් කෘතී 48 මිනිස් සංහතිය සතු අනර්ඝතම සංගීත උරුමයන්ගෙන් කිහිපයකි. මීට අමතරව ෆියුගයේ කලාව නැමැති කෘතිය බාක්ගේ වැදගත් නිර්මාණයකි. මීට අමතරව බාර්ක් විසින් වාද්‍ය සංගීතයට කරන ලද සේවාව ඔහු විසින් රචිත ස්වීට් කෘතී තුලින් ද ප්‍රකාශ වන්නේය . නිදර්ශනයක් ලෙස ඔහු විසින් ලියන ලද ප්‍රංශ කෘතීන් 6 පෙන්වා දිය හැකිය . ඔහු ප්‍රංශ භාෂාවට ද තම වාද්‍ය නිර්මාණ රචනා කලේය . ඔහුගේ නිර්මාණ තුලින් අන්තර්  සංස්කෘතික ලක්ෂණ මනාව පැහැදිලි වේ.
            1703 දී බාර්ක් රෙපරමාදු මැඳූරුවල ඕගන් වාදකයෙකු ලෙස සේවය කර ඇත . රෙපරමාදු ආගමේ  සංස්කෘතික ලක්ෂණ ද ඔහු තම නිර්මාණ සඳහා යොදා ගත්තේය. කැරෝල් ගායනයන් සඳහා බහුලව යොදා ගත්තේ මේ වාද්‍ය වෘන්දයන් ය.

ෆ්‍රාන්ස් ජෝසෆ් හයිඩන්


                     ෆ්‍රාන්ස් ජෝසෆ් හයිඩන් 1723 මාර්තු 31 වැනිදා නැගෙනහිර අවුස්ත්‍රියාවේ රොහොරෝ වල උපත ලැබීය . මිහිරිතම හඬක් ඇති කුඩා හයිඩන්ට වියානා නුවර ආසන දෙව්මැදුරේ ගායන වෘන්දයට බැදෙන්නට අවස්ථාව ලැබුනි. ඒ මඟින් විධිමත් බටහිර  සංගීත අධ්‍යාපනයක් ලැබීය.

           පසු  කලෙක දී හයිඩන් කෙරෙහි බාර්ක්ගේ සංගීත ශෛලීය තදින්ම බලපාන්නට විය. මෙහෙදී බාර්ක් විසින් රචිත සෙනාටා කෘතීන් පිළිබඳව හදාරා එහි ප්‍රතිඵලයක් ලෙස එම ශෛලීය අනුගමනය කරමින් නවීන සිම්ෆනියේත් නුතන ස්ට්්‍රං ක්වාටට් සංගීතයේත් නිර්මාතෘවරයා බවට පත්වීමට ජෝසෆ් හයිඩන්ට හැකි විය. සැබවින්ම නවීන මැදිරි සංගීතයේ ද ( Chamber ) සංගීත නිර්මාතෘවරයා ලෙස පිළිගැනේ .

                 යුරෝපයේ මුල් වරට සංචාරය කිරීමට හයිඩන්ට අවස්ථාව ලැබුණු අතර මේ කාලය වන විට දෙස් විදෙස් ජනතාව අතර හයිඩන් මහත් ජනප්‍රියත්වයට පත්ව සිටියේය. 1791 දී ජනවාරි 1 එංගලන්තයට පැමිණීමෙන් පසු එංගලන්ත ජනතාව විසින් ඔහු මහත් හරසරින් පිළිගනු ලැබුවේය .එපමණක් හයිඩන්ට ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය හයිඩන්ට සම්මාන ආචාර්යය උපාධියක් පිරිනමන්නට යෙදුණේ එම චාරිකාවේදීය.

හයිඩන් සිය ජීවිත කාලය තුල සිම්ෆනි 100කට අධික සංඛ්‍යාවක් ලියුවේය . ඒ අතර මේවා සුවිශේෂි වේ.
1. සලොමන් සිම්ෆනි නොහොත් ලන්ඩන් සිම්ෆනිය ( 1791-1794 )
2. ඔක්ස්ෆර්ඞ්  සිම්ෆනිය
3. පැරිස් සිම්ෆනිය
4. ස්ට්ංක්වෝටට් කෘතීන්
5. එම්පර නැමැති ස්ව් ක්වෝටට් කෘතීය
6. පියානෝ කොන්ෂර්ටෝ
7. වයලීන් කොන්ෂර්ටෝ
8. ට්‍රම්පට් කොන්ෂර්ටෝ ( 1796 )

                  එක් එක්  සංගීත සංස්කෘතික පරම්පරාවල ආභාෂයන් අරගෙන වගේම බෙදා හදා ගනිමින් අන්තර් සංස්කෘතික බැදීම තහවුරු කරගත් හයිඩන් දේශ දේශාන්තර සංස්කෘතික උරුමයකින් පරිචය ලබා තිබුණි . එය ඔහුගේ නිර්මාණ වලින් සඵත කරන්නට විය .
                 මොහු විසින් බටහිර වාද්‍ය සංගීතය සඳහා අනුපමේය මෙහෙයක් ඉටු කලේය. එමෙන්ම ගායනාවලට ද ඔහු විශාල මෙහෙයක් ඉටු කර ඇත. ඔහු විසින් විශිෂ්ට ගායනා සංගීත කෘති රාශියක්ම ලියා ඇත . ඔහු විසින් ලියන ලද මාස් කෘතින් ද ඔරටෝරියෝ කෘතින් ද මීට නිදසුන් වශයෙන් දැක්විය හැකිය.  හයිඩන් විසින් කරන ලද ද ක්‍රියේෂන් නැමැති ඔරටෝරියෝව අදත් සංගීත ලෝලීන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වී ඇත .
    





No comments:

Post a Comment