✌✋👉💓🎤🎵🎸🎷
තුන්වන ලෝකයේ පළමු පොප් සුපිරි තරුව ලෙස
හදුන්වන බොබ් මාර්ලේ උපත ලද්දේ 1945 පෙබරවාරි 06 දින ජැමෙයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ටේරන්ච් ටවුන්
හිදිය. මව සිඩෙල්ලා බුකර් වන අතර පියා නෝර්වල් සින්ක්ලෙයාර් මාර්ලේ ය. උපතින්ම
කතෝලිකයකු ලෙස නැගි සිටි අතර 1960 ගණන් වලදි රස්තෆාරිගේ විස්වාසයන් කෙරෙහි උනන්දුවක් දැක්
විමෙන් රස්තෆාරියානු ආගමික ව්‍යපාරය සමග අත් වැල් බැදගනු ලැබීය. මොහු 1966 පෙබරවාරි 10 දින ඇල්ෆරීටා
කොන්ස්ටන්ෂියා ඇන්ඩර්සන් හෙවත් රීටා ඇන්ඩර්සන් සමග යුග දිවියට එළඹුණු අතර ඇයට දාව
දරුවන් තිදෙනෙක් වු අතර වෙනත් කතුන් දාව දරුවන් 08 දෙනෙක් විය. තවද ඔහු විසින් හදාවඩා ගත්
දරුවන් දෙදෙනෙකි. ආගමට අනුව ගංජා භාවිතය දෙවියන් වෙත සමීප කරවන්නක් වූ බැවින් බොබ්
මාර්ලේ ගංජා භාවිතයට හුරු වී තිබුණි. සමාජ අසාධාරණයට හා නිර්ධනයින් සුරාකන ධනවාදයට
එරෙහිව මාර්ලේ යොදා ගනු ලැබුවේ ඔහුගේ ගිතයයි. 70 දශකය වන විට විශාල ගිත ප්‍රමාණයක් එළි
දැක්විය.
‘කළු, සුදු ,චීන ආදී සෑම ජාතියක්ම මනුෂ්‍ය වර්ගයා ලෙස
එකට එකතු වීම ඒ සිහිනයයි මට අවශ්‍ය එපමණයි. ’ඔහු විප්ලවවාදියෙකි .සංගීතයෙන් ලෝකයම
දිනාගත් බොබ් මාර්ලේ වරෙක එසේ පවසයි .බොබ් මාර්ලේගේ ගීතවලට පසුබ්ම් වු සමාජ
දේශපාලන වටපිටාව ගොඩ නැගන්නේ ඔහු කුඩා කල සිටමය.
මොහුගේ ගීත නිර්මාණ වලින් වර්ණභේදවාදය ගැනත්
,කම්කරු
පන්තියට පාලක පන්තියෙන් එල්ලවන පීඩනය ගැනත් ඔහුගේ ගීත වලින් නිතර කියවිණි . ඔහුගේ
ගීත නිර්මාණ තුලින් දේශපාලන රටාව සංස්කෘතිය උපහාසාත්මක ලෙස ඉදිරිපත් කර ඇත. ඔහු
ගැයූ get up stand up ගීතයෙන් ද කියවෙන්නේ තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී
සිටිය යුතු බවයි .කම්කරු පන්තිය දැවෙන හදවත් ඔහු සුභවාදී බලාපොරොත්තුවකින්
දැල්වීය.
ඵසේ වුවද බොබ් මාර්ලේ පිළිබද
කථා කිරීමට යමක් ඉතිරිව ඇත්තේ ඔහු තම ජනතාව හා සමස්ත ජනතාව කෙරෙහි කළ මෙහෙය නිසාය.
බොබ් මාර්ලේගේ ගීත වලට පසුබිම වු සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කළ
පටන්මය.
ඔහු
ඔහුගේ ගීත නිර්මාණ හරහා සමකාලීන දේශපාලන හා සංස්කෘතික රටාව පිළිබද උපහාසාත්මක
තොරතුරු ගෙන එනු ලැබීය . ඔහුගේ ගීත,
විප්ලවය, නිදහස් සටන , ආදරය , සමානාත්මතාවය ඉස්මතු
කලේය . ඔහු තමන්ගේ ගීත නිර්මාණ හරහා වර්ණවාදය හෙළා දකිමින් සැමට ආදරය හා
සමානාත්මතාවය ලැබිය යුතු බවට විශ්වාස කරන්නට විය . ඔහු සැම විටම ඵක්සත්
ජැමෙයිකාවක් උදෙසා තම ගීතය නම් අවිය මෙහෙය වීය . කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල
වන පීඩනය ගැනත් ඔහු ඔහුගේ ගීත වලින් නිතර පොදු ජනයා
අභිමුවට ගෙන එනු ලැබීය.
ජාතිවාදය ප්‍රතික්ෂේප කරන නිර්මාණ ඔහු අතින්
බිහි වන්න්ට විය. නිල නොවන ලෙස දේශපාලනයේ නිරත වු ඔහු ජැමෙයිකාවේ ජනතා ජාතික
පක්ෂයට සහයෝගය දක්වන්නෙකු ලෙස කටයුතු කලේය . මෙකී තත්වය හේතුවෙන් බොබ් මාර්ලේ
ඇතුළු සමාජික කණ්ඩායම නාදුනන කුමන්ත්රණකරුවන්ගේ ප්‍රහාරයකට පවා විය . මෙය එකළ
හැදින්වුයේ දේශපාලන ඝාතන සැලැස්මක් ලෙසය.
බොබ් මාර්ලේ හැදින්වෙන්නේ වර්ණවාදය ප්‍රතික්ෂේප
කළ පුද්ගලයෙකු ලෙසය . බොබ් මාර්ලේට තිබුණේ සුදට හුරු හමකි. එබැවින් ඔහුට ඇතැමෙක්
සුදු කොල්ලා ලෙස ආමන්ත්‍රණය කරන්නට විය. ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ
තමන් සුදු අයගේ පැත්තේ හෝ කළු අයගේ පැත්තේ නොවන බවයි . මෙමගින් ඔහු වර්ණභේදය
කොතරම් ප්‍රතික්ෂේප කළේ ද යන්න තේරුම් ගත හැකිය.
ඔහුගේ ගිත
නිර්මාණ බොහෝමයක දේශපාලනික කරුණු ඉතා සියුම් හා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට ඔහු
සමත් විය .
වර්ණභේදය ගැන නිතර කතා කරේ තම ජන්මය ද
උදාහරණයට ගෙනය. ඔහුට වුවමනා වූයේ සුදු කළු ජාතීන් යැයි මනුෂ්‍යය වර්ගයා දෙකට
බෙදෙනු දක්නට නොවේ. ඔහු දේශපාලන විප්ලවවාදයේ දී වර්ණ 4 කට මූලිකත්වය ලබා දී ඇත.
■ රතු වර්ණය - කළු ජනයා වෙනුවෙන් දිවිපිදූ කළු
ජාතික වහලුන්ගේ රුධිරය රතු පැහැයෙන් ද
■ කොළ වර්ණය - කළු ජනයාගේ මාතෘ භූමිය වන අප්‍රිකාව
කොළ පැහැයෙන් ද
■ රත්රන් වර්ණය - අප්‍රිකාවෙන් සොරාගත් රත්රන්
රන් පැහැයෙන් ද
■ කළු වර්ණය - කළු ජාතිකයින්
ජැමෙයිකානු සංස්කෘතිය හා
රස්තෆාරියානුවාදය ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොබ් මාර්ලේ කටයුතු කළේය.දුගී
යෞවනයෙකු ලෙස වැඩෙමින් මාර්ලේ සටන් වැදුණේය . ඔහුගේ කටහඬින් ගෝලීයව සවන්දිය හැකි
සංගීත වෘත්තියක් ඔහු බිහි කලේය . බොබ් මාර්ලේගේ ගීතය ඔහුගේ ආත්මික හා දේශපාලනික
පණිවුඩ අති සාර්ථක විය. වචන භාවිතයේදී විස්මය දනවන ආකාරයට වචන භාවිතා කලේය. ඉතා
දැඩි දේශපාලන හා සමාජ ප්‍රශ්න මෙහි අන්තර්ගත විය. හොජ් හියු (පොදු රාජ්‍ය මණ්ඩලීය
සාහිත්‍ය 40. 2 ( 2005 )සදහන් කරන
පරිදි බොබ් මාර්ලේගේ නැගිටීමේදී බටහිර ඉන්දියානු ප්රාග් ඓතිහාසික සම්ප්‍රදායින් ඒ
තුළ අන්තර්ගත වන බව ඔහු දක්වයි . සංගීතයේදී මාර්ලේ ලියු ගායනා කරන මේ කතන්දර
ස්වරූපයේ ඇතැම් ගීත ගෝත්‍රික නායකයන් මෙන් බව ද ඔහු දක්වයි. Paul Gilliro ගේ දේශපාලනය සහ විශ්වීය පාඩුව( 4 ) කෘතියේ ඔබට ආදරය කළ
හැකිද යන ලිපියේ රෙගේ සංගිතයේ ශ්‍රේෂ්ටතම මිනිසා ලෙස ඔහුව හදුන්වනු ලබයි
.
.
තුන් වන ලෝකයේ පළමු පොප් ගායකයා යන
අන්වර්ථ නාමයෙන් මොහු හඳුන්වයි මාර්ලේගේ පළමු ගීතය ලෙස හැඳින්වෙන්නේ 1962 Jude not ගීතයයි- .මොහුගේ මුල්ම සංගීත තැටිය බොබ් මර්ටෙල්
ය-.මාර්ලි ප්රමුඛ වෙයිලර්ස් සංගීත කණ්ඩායමේ දෙවන ඇල්බමය 1974 දී නිකුත් වූ අතර
දේශපාලනික වශයෙන් ඇමරිකාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ ය-. . Could be loved හා Redemption යන ගීත දෙක දේශපාලනික වශයෙන් වැදගත් වූ ගීත
දෙකකි-. 1980 දී
සිම්බාබ්වේ නිදහස් උත්සවයේ ප්‍රධාන සංගීතඥායා ලෙස කටයුතු කළේ ය. රෙගේ සංගීතය ලොවට
හඳුන්වා දීම- කළේ මොහු විසිනි. බොබ් මාර්ලේගේ සමාජ දේශපාලන හා ආධ්‍යාත්මීය දර්ශනය
පිළබිඔු වූ Natty
dread සංගීත ඇල්බමය
1974 දී නිකුත් වි
ය No woman No cry ගීතය එහි ඇතුළත්
විය-.
1976 දී හිනැහෙන ජැමෙයිකා
ප්‍රසංගය සඳහා සූදානම් වන විට නාඳුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකට ලක් විය- .1977 දී Exoudus we,anufha One love ගීතය මාර්ලේ ජාත්‍යන්තර
සුපිරි තරුවක් බවට පත් කළේය .-1978 One Love සංගීත
ප්‍රසංගය අවසානයේ ජැමෙයිකාවේ එවකට යුධ වැදී සිටි නායකයින් දෙපළ වේදිකාවට ගෙන්වා
දෑත් අල්ලා ගැනීමට සලස්වන ලදී-.1977 දී එලි දැක්වූ Kaya ඇල්බමයෙහි ආදරය සහ මර්ජුවානා පිළිබඳව කතා
කරන ලදී-. 1979 දී අප්‍රිකානු
අරගලකාමීන්ට සහය පල කරමින් Sureival ඇල්බමය නිකුත් කරන ලදී.
Intro: The
Wailers]
[Verse 1: Bob Marley]
So now you see the light, aay
Stand up for your right. Come on
[Chorus: The Wailers and Bob Marley]
[Verse 2: Bob Marley]
[Chorus: The Wailers]
[Bridge: The Wailers and Bridge]
Get Up, Stand Up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get Up, Stand Up. Keep on struggling on
Don't give up the fight
[Verse 3: Peter Tosh]
Die and go to heaven in Jesus' name, Lord
We going to stand up for our right
So you'd better...
[Chorus: The Wailers]
No more trouble යනු 1973 වර්ෂයේදී නිකුත් කළ බොබ් මාර්ලේගේ රෙගේ ගායන ශෛලියේ
තවත් රසවත් ගීතයකි. රෙගේ ගායන ශෛලියෙන් ලොව පුරා ජනාදරය හිමි කර ගැනීමට බොබ්
මාර්ලේට හැකි වන්නේ සිය ජැමෙයිකානු ගීත රසිකයන්ගේ හදවත් තුළ ද රැව් පිළිරැව්
දෙමින් හදවතින් නොමැකෙන සටහන් තැබු ගායන හඩ පෞරුෂයක් ලෙසය . මෙම ගීතය Catch a Fire නම් ගීත ඇල්බමයේ ගීත එකතුවෙහි එන්නකි .
No more trouble!
no more
trouble!
(We don't need no more trouble)
Wo!
Oh-oh-oh!
(We don't need) we don't need no, no more trouble!
We don't need no trouble!
Make love
and not war!
'Cause we don't need no trouble
What we need is love (love)
To guide and protect us on (on)
If you hope good down from above (love)
Help the weak if you are strong now (strong)
We don't
need no trouble
What we need is love, oh, no!
We don't need, we don't need, no more trouble!
Lord knows, we don't need no trouble!
No more
trouble, no more trouble!
Speak happiness! (Sad enough without your woes)
Fortune, come on, you all and speak of love (sad enough without your woes) oh,
yeah!
We don't
need no trouble
What we need is love, now (what we need is love!)
(We don't need) oh, we don't need (no more trouble!)
We don't need, no, we don't need no trouble!
We don't (need), no, brothers and sisters (no more trouble!)
We don't
need no trouble, we don't really need no trouble!
Oh! We don't need no trouble!
What we need is love!
We don't
need, we don't need no more, we don't need
No more trouble, we don't need no more trouble!
Trouble we don't need, we don't need
(We don't need) Lord, knows
We don't need no more war (no more trouble)
No more trouble, we don't need no more, more trouble!
ජැමෙයිකාව තුල අතිශයෙන් යුද්ධ ගණනාවක් ක්‍රියාත්මක
වුණි . ඒ බොහෝමයක් යුද්ධ වහල් ක්රමයන්ට විරුද්ධව ජැමෙයිකානු කළු ජනයා තම දිවි
පිදු යුද්ධයන් වේ . මාර්ලේගේ මෙම ගිතයෙන් ද කියවෙන්නේ අපට තවත් කරදර අනවශ්‍ය බවයි
. ආදරය . ප්‍රේමය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කියන්නේ යුද්ධයන්ගේ බිහිසුණු බව නොව
නිදහස් නිවහල් දේශයක අවශ්‍යතාව ආදරය ප්‍රේමය යන වචන තුළින් සංතෘප්ත කරනු ලබයි .
රස්තෆාරියානු ආගමට අනුව ස්වාමීන්
වහන්සේ ඔවුන් දැඩි ලෙස විශ්වාස කරයි.
ස්වාමින් වහන්සේ පවා යුද්ධය කරදර අනවශ්‍ය බව කියයි කියා එවුන් විශ්වාස කරයි .
දෛවයට වාසනාව සතුට රැගෙන එන ලෙස එක් ගීත
පැදි පෙළක ප්‍රකාශ කරනු ලබන්නේ යුද්ධයේ කුරිරු බව අනවශ්‍ය බවයි . දුක , ශෝකය නොව සතුට ගැන ප්‍රකාශ
කරන්න, පතුරුවන්න
යැයි මෙම ගීතයෙන් ප්‍රකාශ කරයි. අනේක දුක් කම්කටොලු වලට හුරු වු ජැමෙයිකානුවන්ට
ගීතයෙන් පවා ආශිර්වාදයක් ගෙන දීමට මාර්ලේ සමත් විය .
No comments:
Post a Comment