ජාතික රූපවාහිනිය මෙරට
විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් 1982
පෙබරවාරි 13 වන දින ශ්‍රි ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව නිල වශයෙන්
ආරම්භ කරන ලදී. ජාතික රූපවාහිනිය රජයේ හිමීකාරිත්වය යටතේ ක්‍රියාත්මක වන
සංස්ථාවකි. ස්වාධින රූපවාහිනි සේවය රජයට පවරා ගෙන එයද රජයේ රූපවාහිනි නාලිකාවක්
බවට පත් කරන ලදී. කෙසේ වෙතත් 1982 අංක 6 දරන පාර්ලිමේන්තු පණත මගින් රූපවාහිනි
සංස්ථාව ආරම්භ කිරීමට පදනම සකස් වේ. ජපන් රජය රූපවාහිනි සේවයක් මෙරරටට ලබා දිමේ
අරමුණු 3 ක් ජපන් රජය සතුව පැවතුණි.
1 අධ්‍යාපනික
සංවර්ධනය
2 කෘෂිකාර්මික
ජන ජිවිතය හා ධිවර කටයුතු සංවර්ධන කිරීම
3 ජේ.ආර්
ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට ත්‍යාගයක් වශයෙන්
1966 අංක 37 දරණ
ගුවන් විදුලි සංස්ථා පණතේ නිර්දේශ අනුව එකල ගුවන් විදුලි හෝ රූපවාහිනි නාලිකාවක්
ඇරඹිමට රජයෙහි අවසර ගත යුතු විය. ජාතික රූපවාහිනියෙහි ජාතික අභිලාෂයන් වුයේ රටේ
ජාතික මෙහෙවර ඉටු කිරීමයි.
ජාතික රූපවාහිනි
වැඩසහෙන් සැලැස්ම මුල් කාලයේදී මෙසේ විය.
10' 00 - 11.30 - පාසල් රූපවාහිනි සේවය
6 00 - 6.30 - ළමා වැඩසටහන්
6.30 - 7.00 - සංවර්ධන වැඩසටහන්
7.00 - 7.20 - මහජන තොරතුරු (පබ්ලික් ඉන්ගෙරව් ෆන්)
7.20 - 7.30 - දෙමළ
ප්‍රවාත්ති
8.20 - 8.30 - වෙළඳ
දැන්වීම් - කොමර්ෂල් ක්ලාස්ටර්
8.30 - 10.00 - වෘත්තාන්තමක
චිත්‍රපටය
10.00 - 10.20 - ඉංග්‍රිසි
ප්‍රවෘත්ති
ජාතික වශයෙන් ජතාක මෙහෙවරට යෙදී සිටින
සිංහලයෙන් විකාශන කටයුතු ජාතික රූපවාහිනි නාලිකාව තුල සිදු කරයි. අයි චැනල් සහෝදර
නාලිකා වේ. ජාතිකත්වය පෙරට රැගෙන යාම ජාතික කටයුතු වලදී ප්‍රමුඛයා ලෙස කටයුතු
කිරීම දේශියත්වය රැක ගැනීම ප්‍රමුඛ කාර්යයන් වේ.
සාම්ප්‍රාදායික වැඩසටහන් වෙනස් වීම
ජාතික රූපවාහිනි
නාලිකාවේ පෙර පැවති සාම්ප්‍රදායික වැඩසටහන් ලෙස සංගීත වැඩසටහන් මෙන්ම සංගීත විචාරාත්මක අධ්‍යාපනිත කරුණු ආදිය
පිළිබඳ අවධානය ලක්කර ගනිමින් නිර්මාණය වු සාමිප්‍රදායික වැඩසටහන් වේ. නෙත්සර, අඳුන , විනෝද
සමය, සිනමාසිත්තම් , තෙළීතුඩ ,
ගීතවානී
ස්වර රංග, සරංගි, රසකලස, ආදී මුල් කාලීන සාම්ප්‍රදායික වැඩසටහන් විවිධ
ක්ෂේත්‍ර ඔස්සේ බද්ධව පුළුල් වඩාපිටාවත නිර්මාණය වුණි. සංගීත ක්ෂේත්‍රයට ලැදීකම්
දැක් වු මෙන්ම ගැමි රළ මඩල , ගමේ විත්ති ආදිය වැඩසටහන් තුළින් ගැමියාගේ
චින්තනයට ද ඔවුන් කතා කරන ලදී.
එහෙත් වර්තමානය වන විට
මෙම සාම්ප්‍රදායික වැඩසටහන් ආකෘතිය බෙහෝ ලෙස වෙනස් වී ඇත. රිදම් චැට් වැඩසටහන් ආකෘති තුළින්
ප්‍රේක්ෂකයාද සජීවි ඇමතුම් ලබා ගැනිමට හැකියාව ලැබී ඇත. ලිපි මාර්ගයෙන් තම පණිවුඩ
මෙම වැඩසටහනට එක් පල හැකි අතර එමෙන්ම නව
තාක්ෂණයෙන් වීඩියෝ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව ද
ඇත.
රණවීරු රියල් ස්ටාර් ආදී
රියැලටි වැඩසහෙන් ද ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවේ ගායන සක්‍යතාවන් පිළිබඳ පුළුල් ව
විග්‍රහ කෙරුණු වැඩසටහන් ලෙස දැක්විය හැකිය. මුල් යුගයේදී සංගීත වැඩසටහන් බහු
කර්යතාක්ෂණය යටතේ පටිගත කිරීම සිදු වු තැමරා 3ක් යොදා ගෙන සාමිප්‍රධායි
ආකාරයටද එහෙත් පසුගිය කාලයේ දී රූපවාහිනා නිෂ්පාදනය කල මනෝහාරි සංගීත වැඩසහෙන්
යටතෙත් කැමරා 3 වෙනුවට කැමරා 5ක් යෙදවීය. අමතරව යොදන ලද කැමරා වලින් දෙකක්
හස්තගත කැමරා වේ අනෙක් දොඹකරයක රැදවුවකි. එමෙන්ම ගායක වාදක මඩුල්ල ඉදිරියේ පිළි මත
දිවෙන කැමරාවත් යොදා සමාන්තර ජංගම රූප නිර්මාණය කිරීමට වර්තමානය වන විට හැකියාව
ලැබි ඇත.
ස්වකීය රුචිකත්වයට ගැලපෙන වැසඩටහන්
නිපදවීම ජාතික රූපවාහිනි සේවය මුලදී පටන්ම විධිමත් ලෙස සකස් කෙරුණු වැඩසටහන් ව්‍යුහයකින්
සමත්විත විය. ඒ අනුව එහි ස්වරූපය පිළිගත් විද්‍යාත්මක ග්‍රාහක කාණ්ඩායම් වලට සරිලන
ව්‍යුහයකි. එය මෙසේය.
1
පොදු විනොදාත්මක වැඩසටහන්
2 ස්වදේශික
තොරතුරු සම්පාදන වැඩසටහන්
3 අධ්‍යාපනික
වැඩසටහන්
4 නාටයමය
(ටෙලිනාට්‍යය) වැඩසටහන්
5 සර්ව
ප්‍රචාර
6 සාකච්ඡාමය
හා සමුහ කථිකා වැඩසටහන්
7 හඩකැවිම් වැඩසටහන්
8 වෛද්‍ය
සාකච්ිඡා සහ උපදේශක වැඩසටහන්
9 ක්‍රිඩා
වැඩසටහන්
10 එතෙර
තොරතුරු සම්පාදන වැඩසටහන්
ටෙලිනාට්‍ය පිළිබඳ සංවාදය තුලට
මැදිවන ජාතික රූපවාහිය ඊට ලබා දුන් පිළිතුරු ලාංකීක ටෙලිනාට්‍යය වංශකතාවේ සුවිශේෂි
නිර්මාණ ලෙස හදුනා ගත හැකිය. කඩුල්ල ,දියකැටපහන,
ගිරය, බෝගල, සවුන්දිරිස්, අසනිවැසි, දඬුබස්නාමනය, ඉංගම්මාරුව, දඩබිම, වෙදහාමිනේ, දෑකැති
මුවහත, වන්සපතිය. දණ්ඬේපු ගිනි,
මනෝකාය, එහිලා
සඳහන් කළ හැකි නිර්මාණ කිහිපයකි.
මෙරට රූපවාහිනි
සංස්කෘතිය සිනමා බසින් හඳුනාගෙන ඉදිරියට ආ රූපය,
කෝණය, හා
ජවනිකාව දුර, මධ්‍යම ,
සමීප
රූප. ඇතුළු ආකෘතිමය විජජාවලින් ඔබ්බට යමින් ප්‍රේක්ෂකයා සමඟ ඉතිහාසව සමාජය , මානව
සම්බන්ධතා, ජිවිතය විවරනය, කිරිමේ සමාජ සංවාදයකට මෙම නාට්‍ය ප්‍රවේශ විම
ලාංකීය ප්‍රේක්ෂක සමාජයේ වීමංසනය පුළුල් කලේය.
ගෙවී ගිය වසරවල් තුල
මුල් යුගය මුහුණ දුන් ස්වදේශික වැඩසටහන් වල පැවති ඌණතා ජය ගැනීමට සමත් වන්නේ තරුණ
පරපුර ඉලක්ක කරගත් සංගීත වැසඩටහන් හා විවිද සඟරාමය වැඩසටහන් හඳුන්වා දෙමිනි.
ඒකාංගීක ටෙලි නාට්‍ය
කිහිපයක පසු 1984 වර්ෂයේ දී මෙරට ප්‍රථම ප්‍රාසාංගික ටෙලි
නාට්‍ය වන දිමුතු මුතු ජාතික රූපවාහිනියෙන් විකාශය වීම මේ නවතම ප්‍රකාශන මාධ්‍යවේ
සමාරම්භයයි. ආරම්භයේදී කොටස් 07 ක් විකාශය වුවද ඒ පිළිබඳ තිබු විශාල ප්‍රේක්ෂක
සහභාගිත්වය නිසා කොටස් 26ක් දක්වා දිර්ඝ කරන්නට සිදු විය. මෙලෙස ඇරඹෙන
ප්‍රාසාංගික ටෙලිනාට්‍ය කලාවේ තිරණාත්මක කාර්යභාරය පැවතියේ ජාතික රූපවාහිනියටයි.
ලාහිරු දහසක් සමඟ ජාතික රූපාවාහිනියේ ටෙලි
නාට්‍ය වංශය ආරම්භ වේ. පාරාක්‍රම නිරිඇල්ල නිර්මාණය කල දයා අල්විස් එහි තීර
රචනයෙන් සහභාගි විය.
ළාහිරු දහසක් (ජාතික
රූපවාහිනි නිෂ්පාදනය කල ප්‍රථම ප්‍රාසංගික ටෙලිනාට්‍ය වේ. සිඝ්‍රයෙන් වෙන්ස වන
සමාජ සංස්කෘතික, දේශපාලනික,
ආර්ථික
ව්‍යුහයක සිර වී සිටී ජනතාවකට තම මුල්
පිළිබඳව වටිනාකම් පිළිබඳව යථාවබෝධව ලබා දෙමින් නොසැලි පවතින්නට ආධාරකයක් වීම ජාතික
රූපවාහිනියේ නාට්‍ය අංශයේ නිර්මාණ වලින් ධිවනික වු සංකල්ප විය.
පළමු පරපුරට අයත් ටෙලිනාට්‍ය
■ පරාක්‍රම නිරුඇල්ල
(ළාහිරු දහසක් , යශෝරාවය)
■ ලුෂන් බුලත්සිංහල (එක
මවකගේ දරුවෝ)
■ ධම්ම ජාගොඩ (පළිගු
මැණිකේ , මිහිකතගේ දරුවන්)
■ තිලක් ගුණවර්ධණ (සිහින
නිම්නය, කුමාරි හාමි, චරිත තුනක්,
රත්මිරිවැඩි, උතුරුකුරු
සටන )
■ බන්දුල විතානගේ ( අත්ත
බිඳෙයි, බුමුතුරුණු, අසල්වැසියෝ)
යන
ටෙලිනාට්‍ය නිර්මාණාත්මක ගුණයෙන් ඉතා ඉහළ මට්ටමක පැවතීය.
දෙවැනි පරපුරට අයත් ටෙලිනාට්‍ය
■ ජනක මල්ලවාරච්චි
(ගිම්හානය නිමා විය)
■ සුදත් සේනාරත්න ( මවකගේ
ගීතය, සිව්මංසල)
■ විමලරත්න අධිකාරී (හයසිය
හැටහය, වටමළුව , ජවිතය සුන්දරය,
ඉසිවර අසපුව, ඉංගම්මාරුව මලානාට්‍යය, ගජමන් නෝනා
, සක්විත්තෝ, ඉසිවර රණකෙලි)
■ දයාරත්න රට ගෙදර ( රයිගම් යාළුවන්, මහමෙර
පාමුල, එහා ඉවුව, දෙළොස් මහේ අපි, දෑකැති
මුවහත)
■ සිඞ්නි චන්ද්‍රසේකර
(නිදිකුම්බා මල්, කුමාරයාණෙිනි)
■ “දූදරුවෝ ,සෙනෙහෙවන්තයෝ ” (දිර්ඝ
දේශීය ටෙලිනාට්‍යය)
ටෙලි නාට්‍ය සිංහලයට නැගුණ ඉන්දීය දිර්ඝ ටෙලි
නාට්‍ය විකාශය ඇරඹිමත් සමඟ ටෙලි නාට්‍යයේ ගුණය හරය පිළිබඳ අර්බුදය වසා තිබු විය.
ජාතික රූපවාහිනි නාට්‍යය
හරයෙන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවති අතර බොළඳ අභව්‍ය කතා පුවත් නොවීය.
3 වන පරම්පරාවේ ටෙලිනාට්‍ය
ගයා රම්‍ය අල්විස් (මිරිඟු තෙර ,වර්ණ)
සුසිරන් ද සිල්වා ( එකට ගැටුම , ඉසුරයෝගය
, මං හින්දා , ඉ-බ්‍රේන්)
සන්තුෂ ලියනගේ (කාහල නාදය, දුලී
පින්තාරු)
ජනක සුරංජිත් (විශ්ව ගමන , වසන්ත
කුසලාන, ඉසුරු භවන, ඈබැර්ත ඇත)
නලීන් මාපිටිය (දෙරණ , බිනරි)
මොහාන් ජී රංගනාත් (අසනි වැසි , යස ඉසුරු
)
ගාමිණි රත්නසිරි (සෙනුරි)
සමන්කුමාර ලියනගේ (සදගත කාන්තා)
අතුල පිරිස් (සුදු කපුරු පෙති ) මේ
පරාම්පරාවේ ඉදිරියෙන්ම සිටි ටෙලිනාට්‍ය නිර්මාණ වේ.
විවිධ තේමා යටතේ ප්‍රේක්ෂක
ජනතාව ආනන්දයෙන් ප්‍රඥාව කරා රසඥතාව ඔප්නංවු පිණිස විවිධ තේමා යටතින් රූපවාහිනි
නිෂ්පාදනය කල වැඩසටහන් පිළිබඳ සලකා බැලිමේදී විටෙක ඒවා ජනතාවගේ රස මනස ප්‍රබෝධ කළ
අපුර්ව ගුණයෙහි යුතු වැඩසටහන් වු අතර තවත් විටෙක රූපවාහිනි මාධ්‍ය හරහා නැවුම්
අශ්වාදයක් ලබා දුන් පුරෝගාමි නිර්මාණ වුයේය.
වගකිව යුතු ආයතනයක් ලෙස
රූපවාහිනිය මෙරට ප්‍රේක්ෂක ජනතාවගේ දැනුම ආකල්ප හා රසඥතාව වර්ධනය වන පරිද්දෙන්
වැඩසටහන් තේමා තෝරා බේරා ගනිමින් ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්නේ ඒවා කිසියම් ප්‍රතිපත්තියක්
හා දැක්මක් මත පිහිටාය. සෑම වැඩසටහනක්ම පාහේ ජනතාවට ඉදිරිපත් කිරීමේදී විකාශයට
පුර්වයෙන් සලකා බැලෙන අංශ කිහිපයක් ද ඇත.
1 එය
ජාතීන්ගේ උන්නතිීය සඳහා කොතරම් මෙහෙයක් ඉටු කරයිද?
2 එය
රටේ ජනතාවගේ සංස්කෘතියට, සභ්‍යත්වයට හා රටේ සාමයට බලපෑමක් ඇති කරයිද?
3 එය
මාධ්‍ය සදාචාරයට සහ මාධ්‍ය ආචාරධර්ම වලට පටහැනි වන්නේද?
යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ
මෙය ජාතික රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනය කිරීමේදී ඔවුන් සලකා බැලෙන අංශ කිහිපයක්
බව සැලකිය හැකිය.
ජාතික රූපවාහිනි නාලිකාව
තුළ අතීතයේ සිට නිර්මාණව වු ජනතාවගේ ජන මතයේ රැඳි වැඩසටහන් කිහිපයක් මෙසේ දැක්වේ.
1 සිරුරේ
අසිරිය
2 ක්‍රිඩා
විසිතුරු
3 ශනිදා
සාදය
4 ශ්‍රද්දාංජලි
5 ඉලක්කය
6 රිව්
දින අරුණැල්ල
7 අපේ
ගම
රූපවාහිනයේ බිහි වු මාලා නාට්‍ය
යුරෝපයේ බිහි වු
රූපාවහිනි මලා නාට්‍යයන් ඉතා ඉහළ ලෙසම ස්ත්‍රි පුරුෂ භාවය පිළිබඳ සංස්කෘතික
නිෂ්පාදනයක් වුවද , සමකාලීන යථා ලෝකය තුළ ජතිත්වයේ ස්වභාවය
පිළිබිඹු කිරීම සඳහා පහළම අවකාශයක් ලබා දෙනේනේද එයයි.
එසේ වුවද හියු ඔිඩොනල්
යුරෝපීය රූපවාහිනි මාලා නාට්‍ය සම්බන්ධයෙන් කලා අධ්‍යනයක දී පළ කළ අදහස නම්
යුරෝපීය සෝ ඔපේරාව තුල නිරූපිත සාමාන්‍ය ගැහැනියගේ භූමිකාව පුරුෂයාට වඩා ඉහළ
ස්ථානයකත තිබෙන බවයි.
බැලු බැල්මට පෙනී යන්නේ
ලාංකේය රූපවාහිනි මාලා නාට්‍යයය ද කාන්තාවන්ගේ නෙතඟ කඳුලු උපදවන ආකාරයේ අනුවේදනිය කතාන්දරවලින්
පිරි ගොස් ඇති බවයි. එසේ වුවද වසර ගණනාවකට පෙර රූපවාහිනි නාලිකාවේ ලාංකේව
රූපවාහිනි නාට්‍ය දෙස බලන විට හදුනාගත හැකි සුවිශේෂි ප්‍රවණතා දෙකක් තිබේ. රාජ්‍ය
සතු ජනමාධ්‍ය ආයතනයක් වන ශ්‍රි ලංකා රූපවාහිනි ආරම්භයේ සිටම රූපවාහිනි
නිෂ්පාදනයේදී සිටම එහි ප්‍රමුඛ ප්‍රවනතා ලෙස සැලකිය හැකිය. අනෙක් ප්‍රවණතාව නම්
ජාතික හැගිම් ඉස්මතු කරවන ඓතිහාසික තේමාවක් හා චරිත පදනම් කර ගත් මාලා නාට්‍ය
දහරාවයි.
ලංකාවේ ප්‍රථම රූපාවහිනි
මාලා නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබුවේ ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව වන අතර වත්මනයේදී
රූපවාහිනි මලා නාට්‍ය නිෂ්පාදනය යනු කාර්ය බහුල විනොදාස් වාද කාර්මාන්තයක් ලෙස ප්‍රචාරණය
වී තිබේ.
ඉදිරිගාමී සමාජ දැක්මක්
සහිත වෙනස් අරේ තේමාවක් පදනම් වු ස්වතන්ත්‍රි නාට්‍ය මෙන්ම අනුවර්තනයෙන්ද
රූපවාහිනි සංස්ථාව විකාශය කරයි. ඒවා සංවර්ධන සන්නිවේදනාත්මක තේමාවන් ගෙන්ද ස්ත්‍රිය
පිළිබඳ පුළුල් විග්‍රහාත්මක දැක්මෙන්ද යුතු වන අතර පසුගාමී සමාජ විශ්වාසයන්ට
විවේචනාත්මකව පහර දෙන අවස්ථා තිබේ. එය ජන මාධ්‍ය වෙතින් සමාජය ඉල්ලා සිටින ප්‍රශංසනාත්මක
සමාජ මෙහෙවර වෙයි. රූපවාහිනි සංස්ථාව එදා මෙදා තුර නිෂ්පාදනය කල බෙහෝ නාට්‍ය මෙම
ලක්ෂණ ප්‍රකට කරයි. අඹ යහළුවෝ, ඉසිවර අසපුව,
ගජමන්
නෝනා, මනෝකාය, ඉසුරු යෝගය,
වසන්ත
කුසලාන,ආදීය ඒ අතුරින් කැපී පෙනෙන නිදර්ශන ලෙස දැක්විය හැකිය.
ගවේෂණාත්මක නිර්මාණ
ලක්ෂණ දරන නාට්‍ය බැහැර නිෂ්පාදකයින්ගෙනද රූපවාහිනි සංස්ථාව විකාශනය සඳහා ලබා ගනි.
ජයන්ත චන්ද්‍රසිරි සුදත් මහදිවුල්වැව වැනි පර්යේෂණාත්මක නාට්‍ය නිර්මාණ කරුවන්
පුළුල් ප්‍රේක්ෂකගාරයට විවෘත කරමින් අග්‍රණය නිර්මාණ ,නිපදවන
ලදී.
ශ්‍රී ලංකා රූපවාහිනී
සංස්ථාවේ නාට්‍ය නිෂ්පාදනයන්හි එහි අන්තර්ගතය හෝ තේමාව කිසි කලෙකත් ඒ ඒ යුගයන්හි
පැවති දේශපාලන බලාධිකාරයේ මතයන් සමඟ කිසිදු අයුරකින් හාසබඳතාවක් නොදැක්වීඹ ද එහි
ගුණාත්මක බවෙහි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි.
රූපවාහිනි සංස්ථෘව
විසින් නිෂ්පාදනය කල මාලා නාට්‍යයන්හි ස්ත්‍රී භූමිකාව නිරූපණය වී ඇත්තේ ඉතා
පුළුල් “දැක්මකින් යුතුවය. ජීවිතය සඳහා අරගල කරන සමකාලින සමාජයේ ජීවත්ව න
කාන්තාවක් විනා සිහිනමය චරිත ඒවායේ නිරූපණය නොවේ. නිදසුන් ලෙස “ගජමන් නෝනා” නාට්‍යය
දැක්විය හැකිය. එය හුදෙක් අතීතයේ දිනෙක ජීවත් වූ කාන්තාවන්ගේ පෞද්ගලික ීවන පුවතක්
ලෙස පමණක් නොවේ. සමස්ත ලාංකේය කාන්තාව් ජීවිතය පුරා මුහුණ දෙන අනේක විධ දෝමනස්සයන්, අභියෝග
හා ජීවන අරගලයද එහි සංකේතාත්මකව නිරූපණය වෙයි.
ජනප්‍රවාදයේ ප්‍රකට වන
පරිදි ගජමන් නෝනා හුදු අනුරාගී ගැහැනියක ලෙස නොව,
පසුගාමී
චින්තනය සහිත සමාජයක ඉපිද, වඩා නිදහස් සක්‍රීය ජීවන මාදිලියක් සොයා යන
ස්ත්‍රියකගේ ධෛර්ය සම්පන්න බව පිළිබඳ නිදර්ශනයක් ලෙස ගොඩනගා ඇත්තේ සමබර දැක්මකි්
යුතකුවය. ලාංකේය රූපවාහිනී මාලා නාට්‍ය තුළ ස්ත්‍රිය නිරූපණය පිළිබඳ වඩාත් සාධනීය
නිදර්ශනයක් ලෙසද එය දැක්විය හැකිය.
රූපවාහිනියෙන් බිහි වූ ළමා වැඩසටහන්
ළමා වැඩසටහන් වල අරමුණ
ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව ඉදිරිපත් කළ
ළමා වැඩසටහන් සමස්තයක් ලෙස ගත් කල මෙරට ළමා ප්‍රේක්‍ෂකයන්ට රසවින්දනය, දැනුම
අවබෝධ්‍ය ලබා දීම මුලික පරමාර්ථය කොට සකස් කෙරිණි.
මුතුහර ගායනා, ළමා හුරුව, ළමා රඟමඬල,සැදෑ රඟ මඩල, රංගන,පුංචි ඔබයි අවුරුද්දයි ,මොරගිරි ශවන ,වලහා
සහ වහලා ,ගායනා උදාර ,පිපෙන කැකුළු ,නිම් වළලු , සරස්වති මණ්ඩලය ,මා
බාල කාලේ ,හෙට පිපෙන මල් ටිකිරි ,ළපටි පෙළ ,තරු දවස ,සුළලිත
ගී , ටිකිරි සිනා ,රන් තරු මල්, සිඟති
ලොවින් ,සමනළ දවස ,දේදුණු දවස,ගී කැකුළු උදාර දවස ,විශ්ව නැණ සර ,සොයමු
බලමු , සුදු රැවුල් සියා,පුංචි කිකිළි ,කොහොමද
යාළුවේ ,අඹ යහළුවෝ පහන් වැට ,රටක් වටින පුංචි පුතෙක් ,සේසත්හාමිගේ නිධානය ,රත්තී ,පරිගණක
පරාදීසය, පිබිදෙන කැකුළක් ,පැහැසරණිය ,සිහින හතක් ,හුරුබුහුටි
,දහම් සෙවෙනේ සිඟිත්තෝ ,ටිකිරි ටිකිරි ටිකිරි කතා ,අපේ පැය ,ගී මුතු වැනි වැඩසටහන් වේ . දරුවන් කුඩා වැඩිහිටියන් බවට පත් නොකරමින් ශ්‍රී ලාංකීය දරුවන්ට අතිශය
වැදගත් වන දේශීය වැඩසටහන් නිපදවීමේ කාර්යයෙහි ජාතික රූපවාහිනි නාලිකාව නිරත ව
සිටී.
අධ්‍යාපනික වැඩසටහන්
ජාතික
රූපවාහිනි පිහිටුවීමේ පරවාර්තයක් අතර අධ්‍යාපනික සේවාව ප්‍රමුළ තේමාවකි. ප්‍රවෘත්තිය
අධ්‍යාපනික හා සංස්කෘතික අන්තර්ගතයෙන් යුතුව රූපවාහිනි වැඩසටහන් තුළින් රටේ පළාත්
අතර තිබෙන්නා වු විෂමතාවන් සම තත්වයකට ගෙන ඒම සහ විවිධ ජාතින් අතර අනෝන්‍ය අවබෝධය
වර්ධනය කිරීම මඟින් සමෘද්ධි ළඟා කර ගැනීම (අංක 06 දරණ ශ්‍රි ලංකා
රූපවාහිනි පණත)
2002-04-08 දින සිට අරමුණ 3 එද 5 සෑදෑ
නිම්නයට අන්තර්ගත වු විෂය ක්ෂේත්‍රයන් අතර ක්‍රිඩා ,
තොරතුරු
තාක්ෂණය , මෝටර් රථ කාර්මික ශිල්පය ,
අත්මාරක්ෂක
ශිල්ප ක්‍රම , කෘෂි කර්මය එදිනෙදා ජවිතයට අවශ්‍ය කාලීන
දැනුම , වාස්තු විද්‍යා , කළමණාකරණය ආදිය විය.
2008 ජුනි මස සිට “සඳකඩ
පහණ” ශිර්ෂය යටතේ අ.පො.ස සාමාන්‍ය පෙළ
ශිෂ්‍යයින් පමණක් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කටයුතු සිදු කලේය.
2008 දක්වා “අධ්‍යාපන
සත්කාරය” විකාශය වුයේ පෙරවරු 5.00 සිට 6.00 ද්කවා උසස් පෙළ සිසුන් සඳහා ඵලදායික වැඩසටහන් මාලාවක් දියත් කරමින්
ජාතික පාසල නමින් අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබුවෝය. මෙය විකාශනය වුයේ
පෙ.ව 3.45 සිට 5.45 දක්වා වීම විශේෂත්වයකි. හිරු පැමිණෙන්නටත්
පෙර ඔබගේ ආදරණිය ගුරුවරයා ඔබේ නිවසේ හිදී යන තේමාව යටතේ අලුයම් කාලය සිසුන් අවදී
කිරීමේ කාලය ලෙස ගනිමින් මෙම නවතම වැඩසටහන් මලාව දියත් වේ.
ක්‍රිඩා වැඩසටහන්
1996 මාර්තු 17 ලංකාව ලෝක ශුරයන් වූ තරඟයේ එම ජයග්‍රහණය ද
වාර්තා කරනු ලැබුවේ ජාතික නාලිකාව තුලිනි.
එමෙන්ම 2000 වසරේ
සැප්තැම්බර් 28 සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් මිටර් 200 පදක්කම්
ලබන අවස්ථාවේදී ජාතික නාලිකාව තම වලකීම් මනා ලෙස ඉටු කෙරිණි.
1997 ලෝක ශූරතා මලල ක්‍රිඩා තරඟයේ මිටර් 200 රිදී
පදක්කම් 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේ මිටර් 200 රිදි
පදක්කම , 2007 ඔසාකා ලෝක ශූරතා මලල ක්‍රිඩා උළෙලේ ලෝකඩ පදක්කම යන ත්‍රිත්වය
ලංකාවට ලැබුණු අවස්ථාවේදී ජාතික නාලිකාව ලෙස රූපවාහිනි තම විකාශන කටයුතු ක්‍රිඩා
වැඩසටහන් ලෙස සජීවි ලෙස ඉදිරිපත් කෙරිණි.
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ශ්‍රි ලංකාවේ ප්‍රේක්ෂකයන්
වෙත ගෙන ඒමට ජාතික රූපාවහිනිය කටයුතු කර ඇත. එමෙන්ම ලෝක කුසලාන රග්බි තරඟාවලිය ශ්‍රි
ලංකාවේ විකාශය කිරීමට පියවර ගැණුනි.
එමෙන්ම මෝටර් රථ සහ
යතුරු පැදි තරඟ ද විකාශනය කරන්නට විය. ෆොක්ස් හීල් ,
කැවල්රි
කනර්ස්, ගජබා, කටුකුරුන්ද ආදී ී්ඛඡ් කුසලානය සඳහා ශ්‍රි
ලංකාව තුළ පවත්නා තරඟ සඳහා ජාතික රූඵවාහිනය තම දායකත්වය ලබා දී ඇත.
හඬකැවීම්
වැඩසටහන්
ශ්‍රි ලංකා රූපවාහිනි
සංස්තාටෙව් සමාරම්භක සභාපති ආරධනාවෙන් ටයිටස් තොටවත්තයන් රූපාවාහිනියට සම්බන්ධ
වුහ. 1977 හඳයා චිත්‍රපටිය නිර්මාණ කර දැයේ දරුවන්ගේ ඉමහත් ආදරයට
පත් වු ඔහු දරුවන් වෙනුවෙන් හඩ සිරැසි නිර්මාණ කිරීම පටන් ගත්හ.හඬ කැවීම් ශිල්පයේ
බෙහෝ නිර්මාණ ඔහු විසින් සිදු කලේය.
දියරකුසා, ලා
තණකොළපෙන්තාස් කාණ්ඩායම , දොස්තර හොඳ හිත, ගලිවරයන්ගේ
සුවිසැරිය, හා හා හරි හවා, රොබින් හුඞ්,
කුංෆු, පිස්සු
පුසා, මල්ගුඩි දවසක්, ඔෂින් ආදී වැඩසටහන් ගණනාවක් ඔහු අතින් මෙහෙය
විය.
එළු සන්,
පඩිතුමා, බජගලාවති, ඉස්කොලේ
හාමිනේ, අණ්ඩපාල වැනි මාපට් ටෙලි නාට්‍යය ද නිර්මාණය කලේය.
හඬකැවීම් වැඩසටහන් (වර්තමානයේදී විකාශය වන)
මයා ලෝකය ,
යහපත්
මහරජ, ඉසිවර වෙඳදුරු, දිරිය දියණිය,
සුජාත
දියණිය, අභිත දියණිය, මයා බන්ධන,
රොබින්සන්
අන්දරය, සක්වල ස්මිතුරු ,
කාන්තා වැඩසටහන්
පසුගිය දශක කිහිපය තුළ
බෙහෝ රටවල සංවර්ධන කාර්යයෙහි ලා කාන්තාවන්ගේ පුළුල් ක්‍රියාශිලි දායකත්වය ඉහළ අගයක පැවතිණ. ආර්ථික
සමාජීයය හා දේශපාලනික ක්ෂේත්‍රයන් හි සාධනිය කාන්තා දායකත්වය දැක ගත හැකිය.
1984 ප්‍රථම වරට කාන්තාවන් වෙනුවෙන්
අවුරුදු මේසයට නව සිරියක් නමින් වැඩසටහන්
ඉදිරිපත් කලේය. එළවලු හා පලතුරු යොදා ගනිමින් මල් සැලසුම් කිපයක් නිර්මාණය
කිරීමයි.
ශනිදා කාන්තා සඟරාව
නමින් සඟරාත්මක වැඩසටහන් 1992 නිෂ්පාදනය විය . (අත්කම් නිර්මාණ, විසිතුරු
ආභරණ, නිර්මාණ , පැච්වර්ක් නිර්මාණ , සුපවේදය, රූපලාවන්‍ය, මෝසතර
නිර්මාණ, ගෙවතු වගාව, මල් සැකසුම් නිර්මාණ)
ගෘහ අභ්‍යාන්තර අලංකරණය , ස්වයං
රැකියා ව්‍යාපෘති හදුන්වාදීම වැනි කෙටි ැංග ඇතුලත් මෙම වැඩසටහන විශාල වශයෙන් ප්‍රේක්ෂක
ප්‍රතිචාර ලැබිණ.
1994 රසඳුන නමින් තවත් කාන්තා වැඩසටහන් ආරම්භ කරන ලදී
දුෂ්කර පලාත්වල කාන්තා සමිති පවත්වමින් ගැමි කාන්තාව එකරාශි කර ගනිමින් දීම මෙහි
අරමුණ විය. (බාංකු ක්‍රම පවත්වමින් සත්ව පාලනය,
අත්කම් , පේෂ
කර්මාන්ත, කෘෂි කර්මාන්තය) මෙය තුළ තිබු අංග වේ.
සිරිලිය, රුවනාර, ලියතඹරා, ලිය
විසිතුරු ආදීය එසේ කාන්තා වැඩසටහන් වේ. සිජහල මැහුම් නිමැවුම් ,නුල්
මවනා රටා, රස මුසුව, සුවෛයමුදම් ,කාරකෛ ආදිය දමිළ
වැඩසටහන් ඉදිරිපත් කරන ලදී.
රූපවාහිනි මාධ්‍ය
ඉතිහාසයේ ජාතික රූපවාහිනියේ කාන්තා වැඩසටහන් අතර සාඩම්බරයෙන් යුතුව සටහන් කල
වැඩසටහන් ලෙස නුගසෙන කාන්තා වැඩසටහන් සඳහන් කල හැකිය.
නුග සෙවන වැඩමුළු , රසාංජලි
වැඩමුළු ආදියද නුග සෙවණ සමඟ බිහි වී රට පුරා වැඩමුළු මාලාවන් රැගෙන යමින් සාර්ථකව
ප්‍රේක්ෂකයින්ගේ නොමඳ ප්‍රසාදයට දායක විය.
සංගීතමය වැඩසටහන්
(1991-1992) මල් මල් වරම් ,1993 – පිලේ
පැදුර, හඳ බැඳි ගී (හඳ
රැඳි ගී ලෙස සඳහන් විය) ,මින්දද හී සර , ආනන්ද රාත්‍රි , මියුරුසර
වසන්තයේ ගී, පායා රන් සඳ , මියුරු
ගී ,අභිමංගල ගී, යාත්‍රා, මනොහාරි,නදුන් උයන ,සිනමා ගිතාවලෝකනය, සීගිරි ගි සිරි, සුරම්‍ය
රාත්‍රි, තාල අඩවිය ,රෑ 10 ,ගී මිවීත
රූපවාහිනි මාධ්‍ය භාෂා භාවිතය
ජාතික රූපවාහිනිය සමාරම්භක අවධියදී එහි නිවේදකයාගේ
බස පිළිබඳව වඩාත් සාවධාන වුහ. ඊට අවශ්‍ය බුද්ධිමය සම්ප. ද එකල නොඅඩුව තිබිණ රූපාවහිනි ප්‍රවෘත්ති
විකාශය වියරණ කූලව සකස් කෙරිණ. පසුකාලිනව එය සරල ග්‍රාම්‍ය කටවහරට හැරිණ.මෙය මෙරට
රූපවාහිනි ඉතිහාසයේ ප්‍රබල පසුබෑමක් බව සන්නිවේදන විද්වතුන් පවසති ග්‍රාහකයින් මැනවින්
අවබෝධ කර ගත හැකි වන පරිදි නිරවද්‍ය උචිත වචන මෙහිදී භාවිතා වේ. මුල් කාලයේ දී විශේෂාංග
හා වාර්තා වැඩසටහන් සඳහා ලිඛිත භාෂාවට භාවිතා කළ යුතු යැයි නීතියක් නොමැත. එහෙත්
බස්වහර භාෂාවේ පවා වියරණයක් ඇත.
රුවන් වැලි සෑය කරවුයේ
දුටුගැමුණු රජතුමා විසිනි (වැරදි)
රුවන් වැලි සෑය කරවන
ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි (නිවැරදී)
රූපවාහිනි වැඩසටහන් විකාශය වන්නේ බෙහෝ විට
එක් වරක් බැවින් එයින් සන්නිවේදන අර්ථය ප්‍රේක්ෂකයාට වහා තේරුම් යා යුතුය.
දක්ෂ රූපවාහිනි ප්‍රවෘත්ති රචකයා කෙටි සහ සරල
වාක්‍ය යෙදිය යුතුය. බහුලව භාවිතා වන වචන යෙදිය යුතුය. අනවශ්‍ය සෑම වචනයක්ම ඉවත්
කළ යුතුය. හැකිතාක් කථයකාරයෙන් ලිවිය යුතුය විවිධත්වය බහුලව යෙදිය යුතය මෙම භාෂා භාවිතයේ
රූපවාහිනිය තුල භාවිතා කරනු ලැබීය.
ආමන්ත්‍රණ ස්වරූපය
ඔබ යන්නෙන් ගෞරවාන්විතව ආමන්ත්‍රණය කරනු
ලබයි. ඔහුගේ හඩ හා භාෂාව තුල ඉඟි ද පවති.
විෂය දැනුම, රූපවාහිනි
තාක්‍ෂණය හා මෙහෙයුම් ක්‍රමවේදය පිළි`බද අවබෝධය ආතතියක් යටතේ සන්සුන්ව සන්නිවේදනය
කිරීමේ හැකියාව තත්වාසි නුවණ, පැහැදිලි හඬ සහ ප්‍රසන්න පෙනුම භාෂාත්මක
අවබෝධය , සාමුහිකව කටයුතු කිරීමේ හැකියාව මෙවැනි ලක්ෂණයන් ද ඔහුගේ
ආමන්ත්‍රනය ස්වරූපයට එක් කර ගත හැකිය. පාලිත පෙරේරා (ජන මණ්ඩල ,
ආයුබෝවන්
, සුභ උදූසනක් , ක්‍රිකට් විස්තර විචාර )ප්‍රේම කිර්ති
අල්විස් - (අඳුන) ආසෝකා වනමලි , ආනෝමා , වත්තලදෙණිය, ඩී.ඇල්
රණසිංහ, ජැක්සන් ඇන්තනි, රේණුකා බාලසුරිය, සුනේත්‍රා
ගාල්ලගේ , නිල්මිණි සිගේරා වැනි බාහිර නිවේද නිවේදිකාවන් ද
නිවේදකත්වයෙහි කටයුතු කළහ. දමිල බසින් කමලිනි සෙලප්වරාජී , මදි
අලහන්ද , ඉංග්‍රිසි බසින් රවී ජොන් සහ අරු්න ඩයස් බණ්ඩාර ද මුල්
අවදියේ එක් විය. ජැක්සන් ඇන්තනි (ආයුබෝවන්
,රූ සර රූ ,මියුර සර වසන්තයේ ගී) උදෑසන වැසඩටහන් පුරයක්
ලෙස මුල් අවධියේදී ආසෝකා , වනමලි, රේණුකා බාලසුරිය, ආනෝමා
වත්තලදෙණිය, නිල්මිණි ජීගේරා
, එම් විශ්වනාදන් , ෆයිසාල් බොන්සෝ, ගාමිණි
සේරසිංහ, අරිතා කදිරගාමර් කටයුතු කළහ
නුගදෙවණ , ශනිදා
ආයුබෝවන් , ඉරිදා ආයුබෝවන් ලෙස 1995 වර්ෂයේදී වැඩසහෙන්
තුළින් ජයලත් මනෝරත්න, බුද්ධදාස විතානාරච්චි , චන්දන
තිලතරත්න, ලුෂන් බුලත්සිංහල, එඩිවඞ් ජයකොඩි විසින්ද නිවේදකයන් ලෙස කටයතු
කරන ලදී. තිලාන් එම් කාසීම් ,තිස්ස දහනායක,
ආදී
නිවේදිකයන් ද ඒ අතර විය.
ළමා පුරකයන් ද ගායනා කවි
නම් වැඩසටහන ද මුතු හර වැඩසටහන් වලින්ද නිවේදන ක්ෂේත්‍රයෙන් ඉදිරියට එනන්ට විය.
උරුමට වැසඩටහන් මාලාව
සඳහා ආචාරයය පියසෝම මේදිස් , සිරි තිලතසේන පණ්ඩුල ඇඳගම හේරත් එප්පාවල
යනාදී හු ද දායක වුහ.
ක්‍රිඩා වැඩසටහන්
ඉදිරිපත් කිරීමේදී විශේෂ දායකත්වයක් කමල් දේශප්‍රියගෙන් ලැබිණ. එහෙන්ම ප්‍රේම සර
ඈපා සිංහ , බන්දුල වර්ණපුර, යොශා න්නද විජේසුන්දර ක්‍රිකට් විස්තර
විචාරයේ සැලකිය යුත දායකත්වයක් ලබා දී ඇත. වෛද්‍ය වැඩසටහන් මෙහෙය වු තුසිත මලලසේකර
ද නිවේදන පුර්විකාව දක්ෂව කලේය.නුගසෙවණ , සෑදෑ
නිම්නය, ආදරණිය යෞවනය, වැනි වැසඩටහන් සඳහා එක් වු ශිල්පින් විශාල ප්‍රමාණයක්
සිටි. මේ අතර අසේල බණ්ඩාරණායක , චමින්ද ගුණරත්න, සමිත ප්‍රසන්නරාච්චි
, සඳමාලි හේවනායක , හිමාපි සයුරංගි, සුනේත්‍රා
කුමාරි , අනුෂ්කා ඒකනායක, මහේෂ් නිශ්ශංක ආදියද ප්‍රේක්ෂක අවධානව දිනා
ගත් දක්ෂ නිවේදකයන් විය.
උතුරු නැගෙනහිර මානුෂික
මෙහෙයුම් පැවති අවදියේදී යුධ පුවත් වාර්තාකරණය සුවිශේෂි වු අතර එහි ලා සමන් කුමාර
රාමවික්‍ර(ම , අමල් සමන්ත සහ චන්දන සෙනෙවිරත්න යුධ පුවත්
වාර්තාකරුවන් ලෙස ඉතිහාසයට එක් විය.ප්‍රවෘත්ති ප්‍රකාශයන් ලෙස ගැනීමේදී උදෑසන 08 . දහවල් 12 , රාත්‍රි 08රැ, රාත්‍රි 10 ප්‍රවෘත්ති
විකාශනය සිදු වේ. එමෙන්ම රජයේ ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලෙස යොදා ගනි. ඉන් අනතුරුව ප්‍රවර්ධන තොරතුරු ද ඒ සඳහා යොදා ගනියි. ජාතික වශයෙන් වැදගත් තොරතුරු ප්‍රවෘත්ති විකාශය
සඳහා යොදා ගනු ලබයි.ඉතා විශාල මැදිරයක් තුල විවිධ පුද්ගලයන් මැදිරියේ කටයුතු
කරන්නට විය. ශබ්ද පාරිපාලකයෙතු , සංස්කරණ කරන්නෙකු , ඉදිරිපත්
කරන්නන් (නිවේදකයන් ) නිෂ්පාදකයන් පටිගත කිරීම් ශිල්පීන් ,කැමරාකරුවන්
,ආලොකකරණය කරන ශිල්පීන්,
වේශ
නිරූපන ශිල්පීන්, ආදිය මෙන්ම විවිධ ශබ්ද උපකරණ , මයික්ස්
එමෙන්ම විවිධ උපකරණ රාශියකින් යුතු විශාල මැදිරියක් තුළ මෙම උපකරණ එකට සකස්කොට
මැදිරි තාක්ෂණය යටතේ සිදු කරන්නට විය.
රූපවාහිනි වැඩසහන් පට්ගත
කිරීමේ ක්‍රමවේදයන් මැදිරි වැඩසටහන් ආදියේ
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණික උපකරණ වලින් කැමරා යොදා මැදිරි තාක්ෂණට භාවිතා කරන්නට
විය. අභ්‍යාන්තර ශබ්දාගාර මැදිරියේදී කරනු ලබන තාක්ෂණික කටයුතු සඳහා යොදා ගැණින.නිවේදකයා
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී තීරය පිටුපස සිට හසුරුවනු ලබන්නේ නිවේදකයා විසිනි.
ඔහුට දෘෂ්‍ය සංකලන නිලධාරී , ශ්‍රව්‍ය පාලක
සහ ආලොකකරණය පාලන ද සහය වෙති. නිවේදක ඉදිරිපත් කරන ප්‍රවාත්ති අංගයට ආදාළ
කලින් සංස්කරණය කරන ලද රූප පෙළ දර්ශනය වීමට ඉඩ සලසන්නේ නිෂ්පාදකවරයායි.
නිවේදක නිවේදිකාවන්
පිටපත නොබලන ප්‍රවෘත්ති ඉදිරපත් කරන්නේ කෙසේ දැයි ග්‍රාහකයන්ට ප්‍රශ්නයක් මතුවිය
හැකිය. එය එසේ සිදු කරනු ලබන්නේ ටෙලිප්‍රොම්ටරයේ ආධාරයෙනි .එනම් සියලු පුවත් අංශවල හැඳින්වීමේ කොටස
ප්‍රවෘත්ති කාමරය ඇති යන්ත්‍රයට ඇතුලත්
කෙරේ එය ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මැදිරියට සම්බන්ධ කර තිබේ. ඒ අනුව ආදාළ ප්‍රවෘත්තිය
හැඳින්වීමේ කොටස නිවේදක නිවේදිකාවන්
ඉදිරියේ ඇති පරිඝණක තීරයේ දර්ශනය වේ.
ක්‍රිඩා වැඩසටහන්
1991 වසරේධී සංස්ථාව විසින් සාක් සමුළුව හා සාෆ්
ක්‍රිඩා උළෙල සජීව ලෙස විකාශනය වීමයි. මේ සඳහා ඒ වෙනුවෙන්ම නවීන කැමරා 15ක් බීටා
කැම් වර්ගයේ මැදිරි පටිගත කිරීමේ යන්ත්‍ර 08ක් , අංකන දෘෂ්‍ය ප්‍රයෝග උපකරණ 2 ක් සමඟ ශබ්ද
යතුරු පුවරු හා රූප යතුරු පුවරු 2 බැගින් මිල දී ගන්නා ලදී.
නව කුඩාබාහිර විකාශන රථය
මඟින් සිංහල සමාජ ක්‍රිඩා පිටිය පැවති ප්‍රථම
නළු නිලි ක්‍රිකට් තරඟය ද විකාශය කරවිය. එමෙන්ම මහනුවර දළදා පෙරහැර , සිංහල හා
දෙමළ අවුරුදු විශේෂාංග සජීව විකාශයන්ට අමතරව කඹුරුපිටියේ පැවති ගම් උදාවේ සිමීත
විකාශයන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ , සවිකර, එහි පටිගත කිරීම් සඳහා කුඩා මැදිරියක්
පිහිටුවීම් ප්‍රධාන වේ. මේ සඳහා සම්ප්‍රේෂණ ඇන්ටෙනා පද්ධතියක් නිර්මාණ කර කර සාර්ථකව ඉදිරිපත් කරන ලදී.
ශ්‍රි ලංකාව සහ එංගලන්තය
අතර ක්‍රිකට් තරඟාවලිය දේශිය වශයෙන් ඔබ්බට ගොස් ආසියාව තුළ පතුරුවා ලීමට අයි චැනල්
ආයතනයට දර්ශන විසුරුවා ගනිමින් ප්‍රථම
වරට දේශිය භුමි කලාපරයක් පිට පිට පුළුල්
විසුරුවා හැරීමකට දායක වීමට හැකි විය.විඩීයෝ කාට් යන්ත්‍රයක් මිලදී ගෙන ප්‍රධාන
පාලක මැදිරියේ මෙය ස්ථාපනය කරන ලදී. ඉන් අනතුරුව ජපන් ආධාර ක්‍රමය යටතේ ප්‍රධාන
පාලක මැදිරියේ ප්‍රධාන පාලක පුවරුවද , සංස්කරණ මැදිරි 5 ක්ද
නවීකරණ වු අතර , 3 වැනි මැදිරිය අසල වු වේශ නිරූපන කාමර දෙකෙන්
එකක් තොරා ගෙන එය ශේෂය පරිදි සකස් නව අංකන
පසු නිපැයුම් ඒකකයක් ස්ථානය ඇරඹිනි.
1996 වසරේදී මාටික් පටිගත කිරීමේ යන්ත්‍ර වෙනුවට බීටා කැම්
යන්ත්‍ර සවි කෙරිණ. නව පහුකම් යටතේ ත්‍රිමාන ධිවනීත උපකරණ ද බහු භාෂා සම්ප්‍රේෂණය හා නිෂ්පාදන
උපකරණද හඳුන්වා දෙනු ලැබීය. මෙහිදී උපයෝගී කර ගත් නයිකැම් (භෂක් ප්‍රතිසම) ක්‍රියාත්මක කිරීම ඇතුළු කටයුතු සඳහා ඉංජිනේරු
කාර්ය මණ්ඩලය සහය ලැබුණි. පිදුරුතලාගල නව නයිකැම් 20 නඅ සම්ප්‍රේෂණ යන්ත්‍රය පිහිටුවා ක්‍රියාත්මක
කිරීම , මැදිරි විකාශානාගාර අතැ නව ක්ෂද්‍ර තරංග සම්බන්ධතා පිහිටු
වීම , පැවති 5 නාලිකාවේ සම්ප්‍රේෂණ යන්ත්‍රය 7 වැනි
නාලිකාව සඳහා විකරණ කිරීම එකම සුක්ෂම තරංග ඇන්ටෙනා පද්ධතිය බෙදා ගැනිම සුක්ෂම තරංග
ඇන්ටෙමනා පද්ධතිය බෙදා ගැනීම සඳහා
2000 අගෝසතු 20
අයිනාලිකාව ආරම්භ විය. සමාන්‍යයෙන් දිවාකාලය දෙමළ වැඩසටහන් ද විකාශය කෙරුණු අතර ක්‍රිඩා
තරඟ විකාශනයටද ප්‍රමුඛත්වයට ලබා දෙන ලදී. 2001 වසරේදී නිර්දේඛිය සංස්කරණ : කුටි 2ක්
අලුතින් හදුන්වා දීම හේතුවෙන් ප්‍රධාන පාලක මැදිරියේ සංස්කරණ හැකියාව වඩාත් උසස්
වු අතර අංකන පසු නිෂ්පාදන ඒකකය සංගීත හා වාර්තා
වැඩසටහන් සංස්කරණ සඳහා බහුලව යොදා ගැණින.
2004 වර්ෂයේදී මැදිරි
වැඩසටහන් වල තත්වය වැඩි දියුනු කිරීම සඳහා ඒසැණින් වාදනය කල හැකි දෘෂ තැටි වාදන
යන්ත්‍ර මැදිරි තුනෙහිම සවිකරණ ලදී. 2008 වසරේ
ජනවාරි 01 වැනි දින නේත්‍රා නාලිකාවද ආරම්භ කරන ලදී.
2011 වසර අවසන් වන විට ශ්‍රි
ලංකා රූපවාහිනි සංස්ථාව සතුව විකාශන කටයුතු සඳහා සම්ප්‍රෙෂණ ගාර 12 ක්ද .
වැඩසටහන් නිෂ්පාදනයට කොළඹ පර්ශ්‍රයේ ලොකු කුඩා ,
මැදිරි 05 ක්ද
බාහිර ජංගම විකාශන රථ 03ක්ද භාවිතා විය.
කොකාවිල් විකාශනාගාරයේ
කටයුතු නිම වු පසු දිවයිනේ භුමි ප්‍රමාණයෙන් 95% හෙවත් ජන ගහණයෙන් 98 % ක්ද දක්වා
ප්‍රමාණයක් ආවරණව වේ. එසේම නගරයේ ජනතාවට සේවාවන් ඔස්සේ දිවයිනේ ඔිනෑම තැනක සිට චන්ද්‍රීකා
මඟින්ද ලොව පුරා ඔිනෑම තැනක සිට අන්තර්ජාල මඟින් ද ජාතික රූපාවාහිනි නැරඹිමට වරම්
ලැබී තිබේ. මේ වන විට දිනපතා පැය 50 කට අධික වු රූපවාහිනි , අයි නේත්‍රා
නාලිකාවගේ වැඩසටහන් විකාශය ප්‍රදාන පාලක
මැදිරිය ඔස්සේ සිදු වේ.
රූපවාහිනි බාහිර විකාශන
සඳහා චන්ද්‍රීකා සන්නිවේදන පහසුකම් ලබා ගනිමින් අඩු පිරිවැයකින් හා අඩු කාර්යය මණ්ජලයකින්
ක්ෂණිකව බාහිර විකාශන කටයුතු කළ හැකි විය.
උදා :- 2011 ලෝක කුසලාන ක්‍රිකට්
තරඟාවලියේ නිල විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකයා විය.
තාක්ෂණය මඟින් ඇති කරන ඇති වෙනස්කම්
ලෝක රූපවාහිනි සමාජය
වර්තමානයේ පසු කරමින් සිටින්නේ සංක්‍රාන්ති කාල පරිච්ඡේදයකි. ජාතික නාලිකාවට එය
පොදු තත්ත්වයකි. මෙහි සංකාන්ත්‍රිය සිදු වන්නේ කාලාන්තරයක් මුළුල්ලේ රූපවාහිනි
විකාශන කටයුතු සඳහා යෙදා ගත් සම්ප්‍රේෂණ ක්‍රමවේදය වු ඇනලෝග් තාක්ෂණයේ මීට ඩිජිටල්
රූපවාහිනි විකාශන ක්‍රමවේදය දක්වයි.
ශ්‍රි ලංකාව ද මෙම වෙනසට
අනුගත වෙමින් මෙතෙක් කල ඇන්ලෝග් මෙම වෙනසට අනුගත වෙමින් මෙතෙක් කල් ඇනලොග් විකාශන
ක්‍රමය යටතේ පවත්වා ගෙන ගිය භෞමික රූපවාහිනි විකාශයන් ඩිජිටල් විකාශන ක්‍රමවේදයට
පරිවර්ථනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටි.
අතීතයේ සිට පැවත ආ ඇනලෝග් රූපවාහිනි විකාශන
ක්‍රමවේදය
ඇනලෝග් නොඑසේනම් විකාශණ
ක්‍රමවේදය යනු රූපවාහිනි විකාශයක්
පවත්වාගෙන යෑම සඳහා මෙතෙක් භාවිතා කළ තාක්ෂණයයි.
මෙහිදී සිදුවන්නේ ශබ්දව
හෝ රූපය ඒ ආකාරයටම සංතිතිකව හෙවත් නොකඩා වෙනස් වන අනුරූපි සංඥාවක් බවට පත් වීමයි. මෙම
විකාශන ක්‍රමවේදයේ චක්නට ලැබෙන ප්‍රධානතම දුර්වලාතාව වන්නේ රූප හා ශබ්ද විවිධ
විකෘතින්ට හා බාධාවන්ට ලක් වී රඵෑවාහිනි විකාශනයක් අපහැදිලි වීමට ඉඩකඩක් තිබීමයි ශ්‍රි ලංකාවේ රූපවාහිනි විකාශයන් පවත්වාගෙන යෑම
උදෙසා භාවිතාකරන්නේ රේඛ 626 පැල් විකාශන ක්‍රමවේදයයි.කෙසේ නමුත් තවමත් ශ්‍රි
ලංකාවද ඇතුළු ව ලොක්යක් බෙහෝ රටවල ඇනලෝග් ක්‍රමවේදය උපයෝගී කොට ගෙන භෞමික
රූපවාහිනි විකාශයන් පවත්වාගෙන ගියත් ක්‍රමයට රූපවාහිනි විකාශයන් පවත්වාගෙන ගියත්
නුදුරු ආනාගතයේදී ඇනලෝග් ක්‍රමවේදය වෙනුවට ඩිජිටල් ක්‍රමයට රූපවාහිනි විකාශන
කටයුතු පරිවර්තන කිරීමට සෑම රටටක්ම පාහේ උත්සුක වන ආකාරය හඳුනාගත හැකිය. මේ
අතුරින් නුදුරු කාලයේදී එනම් 2020 දී ලංකාව හඳුන්වාදීමට බලාපොරෝත්තු වන්නේ ඩිජිටල් වීඩියෝ බ්‍රොඩිකාස්ට් ටෙරස්ටි්‍රයල්
විකාශන ක්‍රමවේදය නුතනම භාවිතා වන විකාශන ක්‍රමයයි.
ඇනලෝග් තාක්ෂණය යටතේ
නිර්මාණය වු රූපවාහිනි මඟින්ද ඩිජිටල් රූපවාහිනි විකාශයක් ග්‍රහණය කොට ගත හැකිය.ඒ
සඳහා ටියුනරයක් සහිත උපකරණයක් ඒ සදඟා භාවිතා කළ යුතුය. එය නම් ඩිජිටල් සංඥා ග්‍රහණය
කොට ගත හැකි රිසිවරයක් ඇනලෝග් රූපවාහිනි යන්ත්‍රයට සම්බන්ධ කිරීමයි . උපකරණයෙන් සිදු වන්නේ ඩිජිටල් සංඥා ඇනලෝග් සංඥා
බවට පරිවර්ථනය කිරීමයි.
ශ්‍රි ලංකාවට හඳුන්වා දීමට බලාපොරෝත්තුවෙන්
සිටින නවතම ක්‍රමවේදය උපයෝගී කොට ගෙන මුලින්ම රූඵවාහිනි විකාශන කටයුතු ආරම්භ
කිරීමට බලාපෙරොත්තු උතුරු ප්‍රදේශයේ මීටර් 174 ක් උස කොකාවිල් පොදු විකාශන කුළුනේදීය. උතුරු
ප්‍රදේශයේ ඩිජිටල් රූපවාහිනි විකාශය සඳහා සුල් වටයේදී ජාතික රූපවාහිනි නාලිකා 3 සහ
ස්වාධින රූපවාහිනි නාලිකා 3 ඇතුලත් කිරීමට යෝජනා වී තිබේ. ශ්‍රි ලංකික
රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් රූපවාහිනය විකාශනය
ආරම්භ වනු ඇත.
ප්‍රවර්ධන වැඩසටහන්
ජාතික ආපදාවන් සහ සහන සේවාවන් සඳහි රූපවාහිනියේ මැදිහත් විම
සුනාමි අවස්ථාවේදී සහන ක්‍රියාත්මක
කිරීම
සෙවණ සදමු
සිත් සවිය
නෙත් දෙමු
සුරකිමු මා පියන් යන වරුසටහන් සුනාමි
අවස්ථාවේදී ඔවුන් මානුෂියත්වයෙන් කටයුතු සිදු කරන්නට විය.රට තුල සිදුවන සැම ව්‍යවසනයකදීම
සහ ස්වභාවික විපත් අවස්ථාවක දීම ජාතික රූපවාහිනිය ඔවුන්ගේ සියලු දෝමනස්සන් ස්පර්ශ
කරන්නටත් ඒ සඳහා අවැසි පිළියම් සෙවීම කළහ.
“රූපවාහිනි පරිසර සංසදය ” තුලත් රටේ සිසු
පරපුරක් නව පරපුරක් හා එක්ව තිරසාර සජවර්දනයට රට යොමු කිරීම වෙනුවෙන් පැළ සිටුවීම, පස
සුරැකීම, ජල උල්පත් සුරැකීම, කසල ප්‍රතිචක්‍රියකරණ වායු දුෂනය අවම කිරීම
වෙනුවෙන් ප්‍රායෝගීක වැසඩටහන් ක්‍රියාත්මක විය 2007 වසරේ මෙය ආරම්භ විය.
ගමින් ගමට ප්‍රේක්ෂකයා යා කරමින් සැළලිහිනි
සමාජය 2008 වසරේ සුර්වැව ප්‍රදේශයෙන් ආරම්භ විය.
2009 වසරේදී තිස් මසකට වැඩි කාලයක් උතුරටත් නැගෙනහිරටත් එම යුධ
භිතීකාවෙන් මිදී දකුණත් සමඟ එක්ව නිදහසේ කටයුතු කරන්නට විය. මේ හේතුව නිසා “කදමලු
බැද සිරිලක පිරි අවුරුදු අසිරිය” ලංකාව පුරා ගෙන ගියේය
ඩෙංගු උවදුර පැවතුනු අවධියේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට
ගොස් පාසල් ළමයින් හා ප්‍රදේශවාසින් දැනුවත් කිරීමට අවස්ථාව උදා විය. මනුවර , කළුතර, වත්තල, රත්නපුර, ආදී ප්‍රදේශ
වල මෙය ආරම්භ කලේය.
මුතුහර ළමා සමාජය තුළින්
ලජකාවේ සෑම ප්‍රදේශයක්ම ජීවත් වන ළමයින්ට තම අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය
තාක්ෂණය ගමට රැගෙන යන්නට විය. පරිගණක පහසුකම් ෆැක්ස් යන්ත්‍ර, අන්තර්ජතා
මෙන්ම පුස්තකාල පහසුකම් ද එමඟින් සිදු කෙරිණ.
ශ්‍රි ලංකාවේ ස්වෙරිභාවය
සුරැකිම වෙනුවෙන් එහිදී මියගිය රණවිරුවන් හා රණවිර ,
පුළුල්
වෙනුවෙන් මේනම අතුරුදහන් වු රණවිරුවන් වෙනුවෙන් ,
මෙන්ම
අතුරුදහන් වු රණවිරුවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට විය. අපි
වෙනුනෙන් අවි. වැනි වැඩසටහන් ඒ අතර වේ.
රූපවාහිනි නාලිකාවේ අලෙවි ප්‍රවර්ධනය
1982 අංක 6 දරණ ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථා පණතේ 8 යම් දැන්විමක් රූපවාහිනි ප්‍රචාරයට පත්
කිරීම මහජන යහපතට හේතු නොවන්නේද එය කවර ආකාරයකින් හෝ එය කවර ආකාරයකින් හෝ ප්‍රචාරය
තහනම් කිරීම ප්‍රතික්ෂේප කිරීම කරයි
විද්‍යුත් මාධ්‍ය
ආයතනයක් අලෙවි කිරීමට ඇත්තේ භෞතික භාණ්ඩයක් නොව ගුවන් කාලයයි. දවසේ පැය 24 ම මේ
ගුවන් කාලයට අයත් වන්නේ නැක එනම් අලෙවි කළ හැක්කේ විකාශය ක්‍රියාත්මක ව නසීමිත පැය
ගණනක් වෙති. ගුවන් නාලයෙහි වටිනාකම තින්දු
කෙරෙන්නේ අදාල කාලපරාසයන් හිදි ප්‍රේක්ෂක
සහභාගිත්වය මතයි. ඒ අනුව බෙහෝ නාලිකා කාලය බෙදා වෙන් කර
ගනි.
ශ්‍රි ලංකාවේ රූපවාහිනි
වැඩසටහන් අලෙවිකරණ ක්ෂේත්‍රයේ මසකට රුපියල් මිලියන 700 පමණ මුදලක් සංසරණය වේ.
දේශිය වශයෙන් දැනට ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා ගණන 20 කි.
මේවා අතර බෙදී යන ඉහත කී මුදලින් උපරිමයක් ජාතික රූපවාහිනායේ ආදායම බවට පත් කර
ගැනීම අලෙවි අංශයේ අභියෝගයයි. මිලියන 20 ක් පමණ වන මෙරට ජන ගහණ යෙන් රූපවාහිනි නරඹන
පිරිස මිලියන 14.5 ක් වෙතියි.සමික්ෂන වාර්තාවලට අමතරව සේවාචදායකයන්
අවධානය යොමු කරන තවත් කරුණු කිහිපයකි. නාලිකා ප්‍රතිරූප හා වැඩසටහන් සන්නාම කේනද්‍ර
කර ගනිමින්ද ඔවුහු අනුග්‍රාහකත්වය සැපයීමට එකඟකාව පළ කරති. නුගසෙවණ, ආයුබෝවන්
, සිත නිවන කතා වැනි වැඩසටහන් සඳහා සන්නාම සඳහා ඉහළ
ඉල්ලුමක් මෙන්ම ප්‍රේක්ෂක සහභාගිත්වය පිළිබඳ ගොඩනැගුණු විශ්වාසයක් ද පවති.
ලොව වැඩිම පිරිසක් එකවර
නරඹන වැඩසටහන් මෙරට ජනතාවට එසැණින් ගෙන ඒසේ හිමිකාරිත්වය හිමි කර ගෙන තිබෙන්නේද
ජාතික නාලිකාව වේ. ඔලිම්පික් තරඟානලිවේ මිටර සියය අවසාන තරඟය ප්‍රබල නිදසුන් වේ. 20-20 ලෝක
කුසලාන අතිශය ලාභ උපයන වැඩසටහන් බවට පත් කිරීමට ජාතික රූපවාහිනිය සමත් විය.
ඩයනා කුමරිගේ අවමංගල්‍යය
විලියම් - කේට් රාජකීය විවිහා මංගල්‍යය උත්සවය අති විශාල ප්‍රේක්ෂක පිරිසක්
රූපවාහිනි ප්‍රේකෂකයින් බවට පත් විය.
ඉසුරු භවන , ඉසිවර රණ කෙළි ආදී ටෙලි නාට්‍ය වටා ද ප්‍රේක්ෂකයාගේ
රසවින්දන ශක්‍යතාව මැනවින් පෙන්නුම් කළ නිදසුන් වේ.
රජයේ නිල නිවේදන , පාර්ලිමේන්තු
පිපිරුවා හැරීම , ඡන්ද ප්‍රතිඵළ , ජාතික වැදගත්කමකින් යුතු තිරණාත්මක නිවේදන ජාතික
රූපවාහිනියෙන් ප්‍රකාශය විය.
ජාතික ලොතරැයි මණ්ඩල ද
ඔවුන්ගේ නිල ප්‍රතිඵල දැනුම් දීම සඳහා ජාතික රූපවාහිනියට තෝරා ගත්තේ නිල පිළිගැනිම
ජාතික රූපවාහිනි නාලිකාව තිබු නිසාවෙනි.
සන්සිල්ක් හැඩකාරී, සෙලින්කෝ ෆැමිලි සවාරි ආදී ජනප්‍රිය රැල්ල
නියෝජන කරන මෙවැනි ජාතික රූපවාහිනි නාලිකාවේ අලෙවි ප්‍රවර්ධන හේතු වුයේ රූපවාහිනි
ජාතික නාලිකාව තුළ තිබු පතිරූපය සහ අතිශය සුහදශිලි මහජන සමබන්ධතා ජාලය නිසාවෙනි.
එසේම නාලිකාව සංවිධානව
කරනු ලබන ජාතික මට්ටමේ වැඩසටහන් වලට අනුග්‍රහකත්වය සැපයීමට ජාතික මට්ටමේ වැදඩටහන්
වලට අනුග්‍රහකත්වය සැපයීමට ද සේවාදායක වෙළඳ සමාජය නොපැකිලිව ඉදිරිපත් වෙයි.
රූපවාහිනි අලුත් අවරුදු උදානය , වෙසක් මංගල්‍යය එවැනි ජතික ඉසව්වලට නිදසුන්
සපයයි.
වර්මානයේදී ජන මාධ්‍යය
ආයතන සේවාදායකයෙක් සොයා යන සංස්කෘතියෙන් ගොඬනැගි ඇතත් දිවයින පුරා ඇති ආවරණය හා ඉහළ පිළිගැනම නිසා ඔවුන්ගේ ආකර්ශණය අඛණ්ඩ
පවත්වා ගැනීම ජාතික රූපවාහිනිය සමත් වී තිබේ
සැළලිහිණි
වත, ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව, ප්‍රථම
මුද්‍රණය 2012 මාර්තු
ලංකාවට
රූපවාහිනි මහාචාර්යය තිස්ස කාරියවසම් ඇස්.ගෝඩගේ සහ සහෝදරයෝ ප්‍රථම මුද්‍රණය 2006
මාධ්‍ය
ප්‍රතිචාර ආචාර්ය නන්දන කරුණානායක ප්‍රකාශනය හා මුද්‍රණය සමාජය හා සමාජීක කේන්ද්‍රය
ප්‍රථම මුද්‍රණය 1994
Maru
ReplyDelete