Cult කියන්නේ ඇදහිල්ලට. හරියට ආගම වගේ . මුල් කාලයේ මිනිස්සු
ආගම බිහිවෙන්න ඉස්සෙල්ලා පෙන්නේ නැති දේවල් විශ්වාස කළා. විශාල ගස් ගල් වලට වැන්දා.
ඉර හඳට වැන්දා. පොළොවට වැන්දා. ලෙඩක් දුකක් හැදුණාම සොබා දහමෙන් පිහිට පැතුවා. මිනිස්සු
කාලයත් එක්ක සාමුහිකව ජීවත් වෙනකොට සමාජය බිහි කර ගන්නවා. cult කියන ඇදහිල්ලේ අදහස
culture එක බවට පත්වන්නේ මිනිස්සු ශිෂ්ටාරගත වීමත් එක්ක.
හොවැන්හෝ, ඉන්දු නිම්න, මිනෝවානු, හරප්පා, මේ ශිෂ්ටාචාරවල නම් කිහිපයක්. ශිෂ්ටාචාර ගත වීමේ ඉතිහාස කතාව ඇතුළේ එක් එක් සාමුහික
කණ්ඩායම් ඔවුන්ට ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ
වලින් යුක්ත culture එකක් බිහි කර ගන්නවා. ඒ culture එක ඇතුළේ ඔවුන්ගේ ආදී මුතුන් මිත්තන්ගෙන් පැවත එන
නොයෙක් සංස්කෘතිකාංග ඒකට එකතු කරගන්නවා. සදාචාරය , විශ්වාස පද්ධතිය , සෞන්දර්ය ,
භාෂාව ,ඉතිහාසය , දැනුම මේ මේ දේවල් එකතු කරගනිමින්
පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන පරම්පරාගත නිපදවීමක් තමා culture එක කියන්නේ.
ක්‍රෝබර් ( Krober ) සහ ක්ලක්හොම් ( Kluckhom ) යන විද්වතුන් දෙන්නා culture එක ගැන මෙහෙම කියලා
තියෙනවා. “ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මඟින් ව්‍යාප්ත කරන
මානව සමූහවල සුවිශේෂී සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් “ කියල හඳුන්වන්න
පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිතයේදී ඔවුන්ගේ ඇතුළේ
තියෙන ඒත් පිටට පෙන්නන වගේම පෙන්නන්නැති චර්යාවන් තියනවා. ඒ සමුහවල නැත්තම්
සමාජ කණ්ඩායම් වල චර්යාවන් සංකේතව culture එකෙන් එළියට
දානව. මේක දිගින් දිගටම අතීතයේ ඉදන් නොකඩවා සිද්ද වෙන ක්‍රියාවලියක් . සමාජයේ
වෙනස් වීමත් එක්ක මේ ක්‍රියාවලිය වෙනස් වෙලා වගේම අළුතින් දේවල් ද එකතු වෙලා
තියනව.
සිංහල බෞද්ධ
සංස්කෘතියට ප්‍රෞඪ ඉතිහාසයක් තියනව. දමිළ හින්දු සංස්කෘතිය හින්දු ආගමත් එක්ක
වර්ධනය වෙලා තියනව. ඒ වගේම කතෝලික සංස්කෘතියද කතෝලික ආගමත් එක්ක ව්‍යාප්ත වෙලා
තියනවා. මුස්ලිම් ආගම ඉස්ලාම් දහමත් එක්ක
වර්ධනය වෙලා තියනව. ඒ වගේම ශ්‍රී ලංකාව බහු ආගමික , බහු සංස්කෘතික රටක්. මේ මේ ආගම්
වලට විශේෂව ඒ ආගමේ සංකේත ගොඩක් අපි සමාජයට දානව. භාෂාව , ඇඳුම් පැළඳුම්, හැසිරීම්
රටා , විශ්වාස , කලාව , ආහාර පාන , නිතිය , සදාචාරය , මේ දේවල් culture එකේ සංස්කෘතික
සංකේත විදියට හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන්ගේ පිරිත් නූල , කතෝලිකයන්ගේ කුරුසය ,
හින්දු ජාතිකයන්ගේ පූණ නූල, මුසල්මානුවන්ගේ තොප්පිය , ෆර්දාව මේත් ඒ සංකේත වෙනවා.
Culture එක ඇතුළේ තියෙන ගැඹුරු සංස්කෘතික හරය අපි අල්ලා ගන්න කොට එක වටේට තියෙන සංස්කෘතික සංරචකයන් ද අපිට පේනවා. අපගේ ජිවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව , සමාජ චර්යාව , දේශපාලන චර්යාව, ආගමික චර්යාව, අපිට සංස්කෘතිය ලෙස පෙනෙන්නට ගන්නව. ඒත් ඇත්තටම සංස්කෘතිය ඇතුළේ තියෙන සංස්කෘතික හරය වෙන්නේ අපේ අනන්‍යතාව. මනුස්සයාගේ පැවැත්ම තීරණය කරන ගාමක බලවේගය අනන්‍යතාව. ඒකයි අනන්‍යතාවය අපිට වඩා වැදගත් වෙන්නේ. අපි ඕපපාතිකයන් නොවෙනවා වගේම අපේ මුල තීරණය කරන්නේ අනන්‍යතාවය එක්කයි. අපිව පෝෂණය කරන්නේත් ඒ අනන්‍යතාව.
ගොඩක් කාලයක ඉදන් අපි cultural මිනිස්සු වෙලා ඉන්නව. ඇයි අපි cultural වෙලා ඉන්නේ? . ඒකට දෙන්න තියෙන කෙටීම උත්තරය වගේම හොඳම උත්තරය වෙන්නේ , මොනවද Culture එකට අයිති වෙන්නේ නැත්තේ කියලයි. අපේ වටා තියෙන හැමදේම Culture එකේ අනු කොටස් හරි වෙනවා. කාලයත් එක්ක සමාජයේ ජිවත් වෙනකොට ඒ සමාජයේ තියෙන Culture එකට අපි නිරන්තරයෙන් හැඩ ගැහෙනවා. ඒ හැකියාව Culture එකට තියනව. අපේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ Cultural Life එක අපේ ප්‍රභවය එක්ක නිර්මාණය වෙලා තියනව. අපිව වැඩසටහන්ගත කරන්නේ Culture එක තුළින්.
සංස්කෘතික බැමි කඩාගෙන කවුරුන් හෝ ඉදිරියට යනවා නම් එතැනට සංස්කෘතික විරෝධයක් එල්ල වනවා. පකිස්ථානයේ මලාලා යුසෆාන්ට වෙඩි වඳින්නේ ඇය ඒ Culture එකේ තිබ්බ සංස්කෘතික ප්‍රශ්නයක් වුණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ගැන විවේචනය කරපු නිසා. ඒ Culture එකෙන් ඇයට විරුද්ධව විරෝධී මතවාද එල්ල වුණා. ඒ වගේම වැන්දඹු ස්ත්‍රියක් සැමියා දැවෙන දර සෑයට දමා මරා දමන එක නමින් හඳුන්වන සති පූජාව අදටත් ඉන්දියාවේ Culture එකේ චාරිත්‍රයක් විදියට තියනව. අප්‍රිකානු ප්‍රාථමික සංස්කෘතිය ඇතුළේ තියෙන ලිංගඡේදනය, ඒ වගේම ළමා විවාහ , ගැහැණු ළමයි ළදරු වයසේම මරා දමන සංස්කෘතික කාරණා හින්දා කාන්තාවන් දැඩිව පිඩනයට පත්වෙලා තියනව. විශේෂයෙන් ඉන්දියාවේ වගේම අරාබි රටවල හින්දු හා ඉස්ලාම් ආගම අදහන ආගම්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඛේදජනක වෙලා තියනව. ඔවුන්ගේ ආගමික හා සමාජීය නිදහස ඒ නිසා අහිමි වෙලා තියනවා.
අපි හරි ආඩම්බරෙන් කියනව අපි ශිෂ්ට ජාතියක් කියල. අපි හිතනවා අපිට ශිෂ්ටත්වය ගැන හරි අවබෝධයක් තියනව කියලා. අපේ රටේ තරම් උදේ හවා බණ අහන වගේම බණ කියන රටක් තවත් නැති තරම්. ඒත් අපිට ශිෂ්ටත්වය ගැන හරි අවබෝධයක් තවම නෑ. ශිෂ්ටත්වය ඇතුළේ හැංගිලා ඉන්න වනචාරී මනුස්සයා සැරෙන් සැරේ උඩට මතුවෙන හින්ද තමයි ලංකාවේ දිනපතාම ළමා දුෂණ, ළමා අපචාර, මිනීමැරීම් නිතරම වාර්තා වෙන්නේ. ඒ මදිවට එල්ලුම් ගහකුත් සමහරුන් යෝජනා කරන්නේ ශිෂ්ටත්වයේ උපරිමයට ගිහිල්ලා තියෙන හින්දා වෙන්න ඇති.
සමාජය ඇතුළේ Culture එක හින්දා සමාජ පැළුම් රේඛා නිර්මාණය කරනවා. ඒ වගේ එක පැළුම් රේඛාවක් තමා ලිංගභේදය. මේක ජීව විද්‍යාත්මක කාරණයක්. ලිංගභේදය බෙදීමක් මිසක් වෙනස්කමක් වෙන්නේ නෑ. මේ බෙදීම නිසා ස්ත්‍රියට එරෙහිව නැගී සිටින පුරුෂයා යන සමාජ පැළුම් නිර්මාණය කරනවා. පන්සිල් වල ආදීනව හැමදාම කියල දෙන සමාජයක කතුරකින් තම බිරිඳ ඝාතනය කර පළා යන සැමියෙකුගේ පුවතක් වාර්තා වෙනවා. ශිෂ්ටත්වය ගැන අපට තියෙන අවබෝධය ගැන නැවතත් මේත් එක්කම ගැටලු මතු වෙනවා.
Culture එක බිහිවුණ ලංකාවේ
ඉතිහාස කතාව ඇතුළේ මහාවංශය ලියලා තියෙන්නේ මහානාම හාමුදුරුවන්. රජවරුන් විශාල ප්‍රමාණයක්
රජ කරපු ලංකාවේ ඉතිහාස කතාව ඇතුළේ බිසවුන් ඉන්නේ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් ගානක්. ඉතිහාසය ( History) කියන්නෙම ( His- story ) ඔහුගේ කතාවයි . එතකොට
කෝ ( Her- story ) එක. ඇයගේ කතාව අපිට අතීතයේ ඉදන්ම මඟ ඇරිලා
තියනව. උවමනාවෙන් මඟ හැරිලත් තියනව. ගැහැණු ළඳ බොළඳයිලු. ගැහැණු හරියන්නේ කුස්සිය මුල්ලට කියලා අහන්න ලැබෙනව. Culture එකෙන් එළියට එන්න
හදද්දිම ගැහැනියගේ පෞරුෂ්‍යත්වයේ පිටකොන්ද Culture එකෙන් කඩනව.
Culture එක ඇතුළේ ජනගහණයත් එක්ක ( බහුතරවාදය ) සුළුතරයට එරෙහි සමාජ පැළුම් රේඛාව නිර්මාණය කරනවා. ඒ වගේම ජාතිය ( ජාතිවාදය ) පීඩිත ජාතියට එරෙහිව නැගී සිටින ජාතිය ඇතුළේ සමාජ පැළුම් රේඛා නිර්මාණය කරනවා. ලාංකීය සමාජය ඇතුළේ 1956 රාජ්‍ය භාෂා පණතත් එක්ක ආරම්භ වුණු වාර්ගික අරගලය දෙකෙළවර පටලවාගත් බහුතරවාදීන් වගේම ජාතිවාදීන් හින්දා 30 අවුරුදු යුද්ධයක් දක්වා අරන් ගියේ භාෂාව වගේම ආගම , ජාතිය යන cultural සමාජීය පැළුම් රේඛාවල ප්‍රථිපලයක් ලෙසින්. එකම ඉරක් එකම හඳක් පායන රටක දෙපැත්තට බෙදෙන්නට වුණෙත් Culture එකෙන් අපේ ඔළුවට දාපු විෂබීජ හින්දා.
ඇත්තටම ඇයි අපි සංස්කෘතික වෙලා ඉන්නේ ? මොකද අපි හුස්ම ගන්න රටාව පවා Culture එක ඇතුළේ හදල තියනව. හිට්ලර්ට පුළුවන් වුණා මඳුරුවෝ වත් මරපු නැති ජාතියක් යොදා ගෙන නාසිවාදී ආර්ය ජාතින් හින්දා යුදෙව්වන් සමූල ඝාතනය කරන්න. ඒත් දැන් දකුණට හිට්ලර් ඉල්ලන Culture එකත් උතුරට ප්‍රභාකරන් ඉල්ලන Culture එකත් ඇතුළේ තියෙන්නේ ඇතැම් ජාතිවාදී අදහස් බව පෙන්න තියනව. ලෝකයේ බොහෝ රටවල ආගම , ජාතිය , කුලය නිසා ඇති කළ යුද්ධ බොහෝ වෙනවා. කුරුස යුද්ධ, ISIS ත්‍රස්තවාදය, මැදපෙරදිග ගැටුම්, ඇමරිකානු කළු වර්ණ භේදවාදය , ඉන්දියාවේ කුල භේදය , සිංහල දෙමළ ගැටුම්, සිංහල මුස්ලිම් ගැටුම්. අනන්‍යතාවය හොයාගෙන යන ගමනේදී අන් අයගේ අනන්‍යතාව Culture එක ඇතුළේ රකින්නට අපි කටයුතු කරනවද යන හැඟීම අපට පෙන්නේ ඉතා සුළු වශයෙන්.
ලෝකයේ Culture එක ඇතුළේ
මහා සංස්කෘතිය කියන්නේ යම් භූගෝලීය සීමාවක් ඇතුළේ නොයෙක් ජන කණ්ඩායම් ඉන්න පුළුල් සමාජයක්. මහා
සංස්කෘතිය ඇතුළේ විවිධ භාෂාවන් කතා කරන , විවධ ආගම් අදහන විවිධ කුලකයන්ට අයිති වුණ
ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරගෙන ජීවත් වනව. මහා සංස්කෘතිය ජාතික
සංස්කෘතිය කියලත් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකීය මහා සංස්කෘතිය , මහා සංස්කෘතියට
නිදසුනක් සපයනු ලබනවා.
අද වෙද්දී මේ මහා සංස්කෘතිය ඇතුළේ කුඩා උප
සංස්කෘතීන් ද බිහිවෙලා තියෙනවා. ප්‍රාදේශීය උප සංස්කෘති , ජනවාර්ගික උප
සංස්කෘති, ග්‍රාමීය උප සංස්කෘති, නාගරික
උප සංස්කෘති, වෘත්තීය උප සංස්කෘති, ආගමික උප සංස්කෘති කියලා ඒවා හඳුන්වන්න
පුළුවන්. මහා සමාජයට අයත් එත් උප සංස්කෘතිය ඇතුළේ ඊටම ආවේණික සංස්කෘතියක් ගොඩ
නැගෙමින් තියනවා.
අද වෙනකොට Culture එක සමාජ විපර්යාසයන් එක්ක වෙනස් වෙලා තියනව. ඒ
වගේම අළුත් අළුත් දේවල් Culture එකට එකතු වෙලා තියනවා. අද ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේ Culture එක ඇතුළේ ද තියෙන්නේ Mix වෙච්ච Culture එකක්. වෙන කොහෙවත්
තිබ්බ Culture දේවල් අපේ Culture එකට එකතු වෙලා තියනව.
ලෝකය පුරාම ගෝලීයකරණයත් එක්ක ගොඩ නැගුණ වෙළඳ ආර්ථිකය හින්දා Popular Culture එකේ දේවල් අපි හරි
අපුරුවට වැළදගෙන තියනවා. Popular Culture එකෙන් අපිට සිහින
ෆැන්ටසියක් හදල දීල තියනව. අපි ඒ Mix වෙච්ච ෆැන්ටසියේ ඉදන්
අපේ අනන්‍යතාව යටපත් කරගෙන ඉන්නව. ශ්‍රී
ලාංකීය අපිට ප්‍රෞඪ ඉතිහාසයක්, ප්‍රෞඪ
සංස්කෘතියක් තියනව කියල බෝඩ් ලෑලි උස්සන් ඉදල වැඩක් නෑ. ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අපි ඉන්නේ
එකම තැනක නම්. අවුරුදු හැත්තෑ ගණනක් පුරාවට වර්ගවාදය, ජාතිවාදය ඉස්සරහට දාල ඡන්ද
ගන්න දඟලලා වැජඹෙන්න දඟලන දේශපාලුවන් ඉන්න රටක Culture එකේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇත්තේ සුළු අවධානයක්. අපි හරියටම
සංස්කෘතියේ හරය අල්ල නොගන්නා
තාක්කල් මේ ගැටුම් ඉස්සරහට වර්ධනය වෙනවා.
No comments:
Post a Comment