ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය ආරම්භ වන්නේ 1979 අප්‍රේල් 14 වන දින වුවත් මෙහි ඉතිහාසය ඊට වඩා දශක ගණනාවක් ඈතට ගමන් කරයි. මෙරට රූපවාහිනි නාලිකාවක් ආරම්භ කිරීමට රූපවාහිනී තාක්ෂණය පිළිබඳ දැනුමක් අවබෝධයක් ඇති පිරිස් රූපවාහිනි සේවයක් ආරම්භ කිරීමට ප්‍රථම වෙඩිමුරය මෙසේ ගන්නා ලදි. 1976 කොළඹ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වීම නිසා ශාන් වික්‍රමසිංහ මහතා විසින් 1976 වසරේ අගොස්තු මස කොළඹ අවට සැතපුම් 10 ක් දුරකට වැඩසටහන් විකාශය කල හැකි ක්‍රමයක් නිපදවීය. එය රූපවාහිනී මාධ්‍ය අත්හදා බැලීමක් වශයෙන් ගත් ඉදිරි පියවරක් වූ අතර මෙරටට ඒ වන විට රූපවාහිනී යන්ත්‍ර ගෙනැවිත් තිබුණු ජනතාවට එම විකාශය නරඹන්නට විය. ස්වාධීන රූපවාහිනී නාලිකාව සිංහල මාධ්‍යයෙන් විකාශය වන නාලිකාවකි. වසන්තම් ටීවි වසන්තම් එෆ් එම් ආදී සහෝදර නාලිකා මෙන්ම අයි ටී එන් එෆ් එම් මෙහි උප ශාඛාවෝ ද වෙති. අයි ටී එන් නාලිකාව ආරම්භ කිරීම පෞද්ගලික නාලිකාවක් ලෙස සිදුවුණද ඉන්පසු මෙය රජයේ ප්රමුඛ නාලිකාවක් බවට පත්විය.
ශ්‍රී ලංකා රජය මගින් රූපවාහිනී සේවාවක් අරඹීමට උත්සාහ ගන්නා බව ආරංචි වී ඇමරිකා එක්සත් ජනපදයේ “පැසිපික් කොමියුනිකේෂන්” රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදන ආයතනයේ නියෝජිතයෙකු වූ බොඩි ක්‍රිස්ට් මහතා ද විදේශීය රූපවාහිනි වැඩසටහන් අලෙවි කිරීමේ බලාපොරොත්තුවෙන් මෙරට පැමිණ තිබුණි. පසුව වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව බොබ් ක්‍රිස්ට්, ශාන් වික්‍රමසිංහ හා අනිල් විජේවර්ධන යන මහත්වරුන් සමඟ එක් වී ස්වාධීන රූපවාහිනී සේවය ආරම්භ කරනු ලැබීය. එය ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙට්වර්ක් පෞද්ගලික සමාගම අයි ටී එන් ලෙස ආරම්භ විය.
1979 අප්‍රේල් 14 වන දින සෙනසුරාදා දින සවස රූපවාහිනී ප්‍රේක්ෂකයින් නැරඹූ වැඩසටහන් පහත දැක්වේ.
6.00 - ඔස්කා සම්මාන ප්රදානය ජේ. ෆොන්ඩා සහ යොන්වොයිට් හොඳම නිළිය
සහ නළුව බවට පත්වූහ. ලොස් ඇන්ජලීස්හි ඇමෙරිකානු චිත්‍රපට කලා හා
විද්‍යා ආයතනයේ 1917 පැවැත් වූ උළෙලේ පටි ගුවනින් ගෙනෙන ලදි.
8.30 - ලොස් ඇන්ජලීස් පොලිස් ඩිපාට්මන්ට්, ඇඩම් 12 (මෙය පොලිසියේ සත්‍ය
තත්වය පෙන්වූවකි)
9.00 - බයොනික් වුමන්
10.00 - ද රොක් ෆර්ඞ් ෆයිල්ස්-ස්ටොරි ඔෆ් අ ප්‍රයිවෙට් ඩිටෙක්ටිව් (පුද්ගලික රහස්
පරීක්ෂණ කතාවකි)
මේ සියලුම ඇමෙරිකානු වැසටහන් මෙරටට ගෙන්වනු ලැබුවේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැසිපික් කොමියුනිකේෂන් ආයතනයෙන් පැමිණි බොබ් ක්රිස්ටින්ය.
1978 ජුනි 05 වන දින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රූපවාහිනි සේවාවක් පවත්වා ගෙන යාම සඳහා අයදුම්පත් කැඳවන ලදි. මෙහිදී අයදුම්පත් 40 ක් පමණ ඉදිරිපත් වූ අතර ඉන් 2 ක් තෝරා ගැනුණි. එම අයදුම්පත් 2 ක නම් මොරිස් රෝඞ් සහ සංගීතා යන සමාගම් 2 යි. 1978 දෙසැම්බර් 29 රූපවාහිනී බලපත්‍ර ඇරඹීමේ ගාස්තු ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස අදාල සමාගම් 2 ට දැනුම් දුන් අතර ඊට ලබාදි තිබුණේ දින 2 ක කාලයයි. ඒ අනුව 1978 දෙසැම්බර් 31 වන දිනට පෙර දාල මුදල තැන්පත් කිරීමට නොහැකි වුවහොත් බලපත්‍ර ලබා නොදෙන බව දක්වා තිබුණි.
ශාන් වික්‍රමසිංහ සහ අනින් විජේසිංහ ය නඅය එක් වී ලක්ෂයක මුදල තැන්පත් කෙරුණු අතර 1979 ජනවාරි 1 වන දින සමාගම් 2 ම සාකච්ඡා වලට කැඳ වූ නමුත් ඊට ඉදිරිපත් වූයේ සංගීතා සමාගම පමණි. නව සේවාව ආරම්භ කිරිමට මාස 06 ක කාලයමක් ඉල්ලා සිටියද බලපත්‍රයේ කොන්දේසි වූයේ 1979 අප්‍රේල් 15 වන දිනට නාලිකාව ආරම්භ කළ යුතු බවයි. එසේ නොකලහොත් බලපත්‍රය අවලංගු වන බව එහි දක්වා තිබුණි. එහි තිබූ තවත් කොන්දේසියක් ලෙස පැය 24 කට වැඩි කාලයක් විකාශන කටයුතු සිදු නොකලහොත් බලපත්‍රය පවරා ගන්නා බවද දක්වා තිබුණි. ස්වාධීන රූපවාහිනිය ඇරඹීමේ කටයුතු මෙසේ සිදුවෙමින් තිබියදී ජාතික රූපවාහිනියේ ආරම්භය පිළිබඳ මේ වන විටත් සාකච්ඡා වෙමින් පැවතිණි. ලාභ ලැබීමේ අරමුණ මුල් අවධියේ ද පෞද්ගලික නාලිකාවක් ලෙස ඇරඹීමේ දී දක්නට ලැබුණී.
අප්‍රේල් 15 වැනි ඉරිදා දින වැඩසටහන් ආරම්භ වන්නේ සවස තුනටයි. එය අවසන් වී ඇත්තේ පැය 5 ක කාලයකිනි.
3.00 - සෙසමි ස්ටී්රට්
4.00 - ඇඞ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්
4.30 - මයි වර්ල්ඞ් ඇන්ඞ් වෙල්කම් ටු ඉට්
5.30 - ගෙට් ස්මාට්
7.00 - ද හයි චැෆ්රල් (වෙස්ටර්න් චිත්‍රපටියකි)
8.00 - ඬේවිඞ් කෑෂ් ෂෝ
සවස තුනේ සිට හත වන තුරු තිබුණේ ළමයින්ට සුදුසු වැඩසටහන්ය. ඉන් පසුව වැඩිහිටි ප්‍රේක්ෂකයින් වෙනුවෙනි. සියයට සියයක්ම ඇමෙරිකානු වැඩසටහන්ය. දේශීය වැඩසටහන් නිෂ්පාදනය ඒ දිනවල සිහිනයක් වූවා සේය.
1979 ජුනි හතරවැනි දින අයි ටී එන් මඟින් ඉදිරිපත් කරන වැඩසටහන්වලට පූර්ව ප්‍රචාරය ලබා දී ඇත. ඒ අනුව ප්‍රථම වරට ලංකාවේ විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සම්බන්ධ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ඉදිරිපත් වීමට නියමිතව තිබුණි. රූපවාහිනිය ලංකාවට හඳුන්වා දුන් පසුව ප්‍රථම වරට ලංකාවේ උපන් දෙදෙනෙකු සමඟ ලාංකිකයන් පෙනී සිටින වැඩසටහන් ඉදිරිපත් වන්නේ 1979 ජුනි 04 වැනි සදුදාය.
සවස 6.00 - සෙසමි ස්ටී්රට්
7.00 - ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමග සාකච්ඡාවක් (යුගෝස්ලාව්
රූපවාහිනි නිෂ්පාදනය-සිංහල භාෂාවෙන්)
7.15 - සර්වෝදය ශ්‍රමදාන චිත්‍රපටය-සිංහලෙන්
8.00 - ජයවර්ධන ජනාධිපති-යුගොස්ලාවේ රූපවාහිනිය සමඟ දෙමළෙන්
9.15 - සර්වෝදය ශ්‍රමදාන චිත්‍රපටිය-දෙමළෙන්
10.00 - තියටර් ඔෆ් ස්ටාර්
මේ නිසා අපේක්ෂා සහිතව තම තමන්ගේ රූපවාහිනී යන්ත්‍ර තුන්දහසක් ඉදිරිපිට වාඩි වී සිටි රූපවාහිනි යන්ත්‍ර හිමියන්ගේ සහ නරඹන්නන්ගේ මහත් ඛේදයට මෙන් එදින උක්ත වැඩසටහන්වලින් එකක්වත් ප්‍රදර්ශනය වූයේ නැත. කෝපයට පත් රූපවාහිනී හිමියන් දුරකථන වලින් විමසන්නට වූහ. ජයවර්ධන ජනාධිපතිවරයාට ද මෙය අනපේක්ෂිත මුහුණ දීමක් වූ අතර ස්වාධීන රූපවාහිනි සේවය රජයට පවරා ගැනීමට පනතක් යටතේ කටයුතු කරන ලදි.
මුල් කාලීනව ලංකාව තුළ ටෙලිවිෂන් ආරම්භ වීමට පෙර එනම් රූපවාහිනි සේවයක් ලංකාවට අවශ්‍ය ද යන පර්යේෂණ කරන ලද කාලය තුළ දී රූපවාහිනිය ආරම්භ වීම පිළිබඳ තිබූ මතය එතරම් සුභදායක නොවීය. ඒ අනුව අයි ටී එන් නාලිකාව ප්‍රථම රූපවාහිනි නාලිකාව වශයෙන් ආරම්භ කරන විට ඔවුනට තිබූ අභියෝගය වූයේ දේශීයත්වය, සංස්කෘතිය රකිමින් සිංහල භාෂාව වියක්තව භාවිතා කරමින් මෙය පවත්වා ගෙන යාමයි.
ස්වාධීන රූපවාහිනී නාලිකාව එකල දිනපතා සවස 5.45 ට ආරම්භ වී රාත්‍රී 11.05 පමණ අවසන් වේ. අයි ටී එන් නාලිකාව වැඩසටහන් වර්ගීකරණයට මූලික ස්ථානයක් දෙනු ලබයි. වැඩසටහන් ආකෘති ලෙස මුල් කාලීනව තිබූ වැඩසටහන් ද වර්ගීකරණය වී ඇත. නමුදු අයි ටී එන් නාලිකාව ආරම්භකතම මුල් අවධියේද විකාශය වූයේ විදෙස් රූපවාහිනී ආයතන වලිනි් ලබාගත් වීඩියෝ දර්ශනයි (ඇමෙරිකානු පැසිපික් කමියුනිකේෂන් ආයතනය).
වැඩසටහන් වර්ගීකරණය යටතේ තරුණයන්ට, ළමයින්ට, කාන්තාවන්ට ආදිය වශයෙන් ඔවුන් ඉලක්ක කරගෙන වැඩසටහන් නිෂ්පාදනය සිදු කරයි. බොහෝ විට ඔවුන් වැඩසටහන් නිෂ්පාදනය සිදු කරයි. බොහෝ විට ඔවුන් වැඩසටහන් පෙළ ගැස්ම දෛනික ජීවිතයේ පෙළගැස්ම හා සම්බන්ධ කරයි. අයි ටී එන් රූපවාහිනියේ මුල් යුගයේ ප්‍රචාරය වූ වැඩසටහන් තුළින් ජනප්‍රියත්වයට පත් ව ඇති ප්‍රධාන ඒවා අතර මුල් තැනක සිටින්නේ ‘කෝපි කඬේ’ ඒකාංගික නාට්‍යයයි. දිවංගත තේමිස් ගුරුගේ මහතාගේ අදහසක් අනුව ඇරඹුණු මෙම වැඩසටහන මුල් අවධියේ දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබුණු වැඩසටහනකි.
එමෙන්ම එකල ස්වධීන රූපවාහිනියෙන් විකාශය කළ “ලොවවටා” වැඩසටහන යහපත් වැඩසටහනක් ලෙස ද විදෙස් ප්රවෘත්ති කෙරෙහි උනන්දුවක් දක්වන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් හරවත් වැඩසටහනක් බව ද ලොව වටා මෙන්ම “දස දෙසින්” යන වැඩසටහන් දෙකම ඔවුන්ගේ අතිමහත් ප්‍රසාදයට පත්ව ඇත.
“කලා රසාංග” වැසටහනේ ද වැදගත් කලා තොරතුරු ප්‍රේක්ෂකයින්ට ලබා දෙන යහපත් වැඩසටහනක් විය. කලා තොරතුරු ගෙන ඒමේදි ජාතිකි රපවාහිනියට වඩා වැඩි සේවයක් ස්වාධීන රූපවාහින සේවය තුළින් සිදුවූවා යැයි එකල ප්‍රේක්ෂක අභිරුචිය අනුව ඔවුන් ප්‍රකාශ කරන ලද බව කියැවේ. “චිත්රගීත” වැඩසටහන අයි ටී එන් නාලිකාවේ විකාශය වූ ගීත වැඩසටහනකි. එය පිළිබඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ අවධානය කිරීමේදී චිත්රගීත වැඩසටහන තුළ නිතරම එකම ඝනයේ ගීත ප්‍රචාරය වන බවට මැසිවිලි නැගූ පිරිසක් සිටි බව සඳහන් කළ හැකිය.
ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වී සිටින බොහෝමයක් රූපවාහිනි ප්‍රේක්ෂකයින් කියා සිටි කරුණක් වූයේ එකල අයි ටී එන් නාලිකාව ජාතික රූපවාහිනියට වඩා යහපත් ඝනයේ ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රචාරය කරන බවයි.
ස්වාධීන රූපවාහිනි සේවයෙහි භාෂා භාවිතය
ස්වාධීන රූපවාහිනි සේවය ප්‍රේක්ෂක ආමන්ත්‍රණය කරන ලබන්නේ විවිධ ක්‍රම මගිනි. එමෙන්ම ස්වාධීන රූපවාහින සේවාව රජයේ නාලිකාවකි. රජයේ දෘෂ්ටිය අනුව භාෂාව විධිමත් ලෙස භාවිතා කරනු ලබයි. භාෂාව වියක්ත ලෙස ප්‍රකාශ කරන අතර ව“ඔබ” යන්නෙන් ආමන්ත්‍රණය කරනු ලබයි. රජයේ හිමිකාරිත්වය 50% ක අගයක් ස්වාධීන රූපවාහිනි නාලිකාවට තිබේ. මුල් අවධීයේ සිටම නිවේදකයින් භාෂාව රැකගෙන කටයුතු කරන්නට විය. බසෙහි රිද්මය නිවේදකයාගේ හැකියාව මත තව තවත් වර්ධනය වේ. ඔබ යන්න ගෞරව නාමයෙන් බස භවිතා කරනු ලබයි. නිවේදකයාගේ නිවේදකයාට භාෂා රිද්මය වෙනස් වේ.
භාෂා භාවිතයේදි වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය ආදිය තුළ භාෂාව භාවිතා වේ. රජයේ මාධ්‍ය හිමිකාරිත්වය නිසා රජයේ දැක්ම මූලිකව මේ සඳහා ක්‍රියාත්මක වේ. එමෙන්ම දේශීයත්වයට නැඹුරු ලෙස වර්තමානයේදී භාෂාව භාවිතා කරනු ලබයි. සෑම විටම අනෙකුත් නාලිකාවලට වඩ වෙනස් ලෙස වෙනස් දේවල් සිදු කිරීමට ඔවුන් පෙළඹී ඇත. එය එසේ පෙළඹී ඇත්තේ ඔවුන්ගේ ප්‍රේක්ෂක ප්‍රමාණය වැඩිකර ගැනීම අරමුණ වේ.
සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් වත්මනය වන විට ඉදිරිපත් කරන අතර වැඩි ප්‍රමාණයක් ලාභය අරමුණු කරගෙන යන ලෙස කටයුතු කරනු ලබයි.
ඉන්දියානු ටෙලිනාට්‍ය, ඉන්දියානු වැඩසටහන් වලට අනුගත නොවි කොරියානු වැඩසටහන් වලට අනුව ස්වාධීන රූපවාහිනයේ වැඩසටහන් පෙළගැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ තවම නාලිකාවට අහිමිව ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමේ අරමුණ අනුවය.
අරමුණු
ස්වාධීන රූපවාහිනියේ සේවයේ දැක්ම
අන්තර්ජාතික කීර්තියට පත්වීම සඳහා විශිෂ්ටතම ශ්‍රී ලංකා මාධ්‍ය සංවිධානය බවට පත්වීම ස්වාධීන රූපවාහිනි සේවයේ දැක්ම වේ.
ස්වාධීන රූපවාහිනි සේවයේ මෙහෙවර
අති නවීන තාක්ෂණයෙන් යුත් උසස් තත්වයේ නිර්මාණෘත්මක අන්තර්ගතයන් සහ පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් ඉක්මවා යමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ වටිනාකම් ආරක්ෂා කර ගනිමින් සමෘද්ධිමත් ව්‍යවසායක රාමුව තුල ලොවට ශ්‍රී ලාංකීය ඉදිරි දර්ශනය ඉදිරිපත් කිරීම ස්වාධීන රූපවාහිනි සේවයේ මෙහෙවර වේ.
ස්වාධීන රූපවාහිනි නාලිකාවේ දේශපාලනමය දෘෂ්ටිවාදය පිළිබඳ සඳහන් කිරීමේදී වත්මනය වන විට රජයේ නාලිකාවක් ලෙස රාජ්‍ය මූලික දේශපාලනික දෘෂ්ටියකින් යුතුව තොරතුරු වාර්තා කරනු ලබයි. රජයට පක්ෂග්රාහීව තොරතුරු වාර්තා කරනු ලබයි. මූලික පරමාර්ථය රටේ පොදු මහජනතාවගේ සුබ සිද්ධීය සඳහා කටයුතු කිරීමයි.
ප්රවෘත්ති හා කාලීන සිදුවීම්, සංගීතය, විවිධත්වය, නාට්‍ය ඉහලම ස්ථානයක් ගන්නා අතර ළමා හා කාන්තා මෙන්ම ආගමික වැඩසටහන් සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය කිරීමට ස්වාධීන රූපවාහිනි සේවයට හැකියාව ලැබී ඇති අතර මධ්‍යම කඳුකරයේ වෙනත් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ අරමුණ තුලින් අයි ටී එන් රූපවාහිනි නාලිකාවේ වැඩසටහන් සමස්ත දිවයිනටම ආවරණය වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.
තාක්ෂණය මඟින් ඇති කරන ලද වෙනස්වීම්
මැදිරි තාක්ෂණය පිළිබඳ විමසීමේදී මුල් යුගයේදී කොළඹ කොල්ලුපිටියේ පිහිට වූ ප්‍රධාන මැදිරියෙහි එකල ස්වයංක්‍රීය සංඛ්‍යාන රූපවාහිනි උපකරණ සවි කරනු ලැබීය. එය ස්ථාපනය කිරීමට ප්‍රසිද්ධ පැසිපික් ටෙකිකමියුනිකේෂන් ඉන්කෝපරේටඞ් නම් ඇමෙරිකානු සමාගමේ සහය ඇතිවය.
මුල් අවධියේ සිට වර්තමානය දක්වා භාවිතා වන්නේ ඇනලොග් තාක්ෂණය වේ. වැඩ සටහන් නිෂ්පාදනය කිරීත්ම්දී මැදිරි කටයුතු වල අතීථයේ භාවිතා කළ ඇනලොග් තාක්ෂණය යොදා ගනී, නමුත් වර්තමානයේ දී ඩිජිටල් උපකරණ අයි ටී එන් නාලිකාව භාවිතා කරන අතර ඩිජිටල් තාක්ෂණය ලංකාවේ වත්මනය වන විටද ලංකාවේ භාවිතා නොවන නිසා ඩිජිටල් උපකරණ භාවිතා කළ ද ප්‍රේක්ෂකයා වෙත බෙදා හරිනුයේ විකාශනය කරනු ලබන්නේ ඇනලොග් තාක්ෂණයෙනි.
2020 වන විට ලංකාව ඩිජිටල්කරණය සඳහා පිවිසීමක් ඇති බව මෙන්ම ඒ සඳහා සියලු කටයුතු ස්වාධීන රූපවාහින සේවය ද කරගෙන යමින් සිටින බවද ඔවුන් දක්වයි. 2020 දී විදුල සංදේශ නියාමන කොමිසම විසින් තීරණය කල සැණින් ලංකාව ඩිජිටල්කරණයට හැරවේ. නෙළුම් කුළුණ සාදනු ලබන්නේ ද ඒ නිසාවෙනි. ලංකාවේ පළමු අධි විස්තෘත මැදිරිිය (ෆුල් එච් ඩී ) මෙම නාලිකාව සතුවේ. එමෙන්ම ලංකාවේ හොඳම ආවරණය සහිත නාලිකාව අයි ටී එන් නාලිකාව වේ. එයට හේතුව ලංකාවේ ප්‍රථම නාලිකාව ස්වාධීන රූපවාහිනි සේවය වීමයි. කැමරාකරණයේදී පටිගත කිරීම් වලදී ඩිජිටල් උපකරණ 90% පමණක් භාවිතා කරන නමුදු විකාශනයේ දී ඒවා ඇනලොග් තාක්ෂණය බවට හරවනු ලැබේ.
පියෝ ටීවි ල ඩයලොග් ටීවි පහසුකම් (කේබල් පහසුකම් මඟින් අයි ටී එන් නාලිකාව හා සම්බන්ධ වීමට නවතම තාක්ෂණික පහසුකම් වර්තමානය වන විට ලබාදී ඇත. මේ තුළින් අනාවරණය මැද තිබෙන ප්‍රදේශයක පියෝ ටීවි ල ඩයලොග් ටීවි සබඳතා තුළින් සුපැහැදිලිව කාර්යක්ෂමව අයි ටී එන් නාලිකාව නැරඹීමට හැකිය.
වැඩසටහන් ආකෘති
අයි ටී එන් නාලිකාවේ වැඩසටහන් ආකෘතිය පිළිබඳ දැක්විමේදි උදෑසන වැඩසටහන් බොහෝ විට ඉලක්ක කරනු ලබන්නේ ගෘහයේ සිටින කාන්තාවන්ට අත්‍යවශ්‍ය වැඩසටහන් වේ. කාන්තාවන් සඳහා රූපලාවන්‍ය කටයුතු, මැහුම් ගෙතුම්, ගෙවතු අලංකරණය කාන්තාවන් ඉලක්ක කරගත් කාන්තා වැඩසටහන් බොහෝ ප්‍රමාණයක් උදේ 8-10 අතර කාලය තුල ඔවුන් විකශනය කරනු ලබයි. සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා හැඩගැස්මට අනුව වැඩසටහන් විකාශය වේ.
වැඩසටහන් ආකෘතින් අතරින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා ද අයි ටී එන් නාලිකාව මූලිකත්වය දී ඇත. මෙම වැඩසටහන් ඒ සඳහා නිදසුන්වේ.
:1* දැනුමයි වාසනාවයි
:2* ගුණසේන අයි ටී එන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සතිය
:3* අයි ටී එන් ළමා විද්‍යාගාරය
:4* නැණස
:5* තක්ෂිලාව (උසස් පෙළ සිසුන් සඳහා)
:6* මීට් යු ඩොක්ටර් (වෛද්‍ය අධ්‍යාපනය)
උසස් පෙළ සිසුන් සඳහා ඉදිරිපත් කරනු ලබන තක්ෂිලාව වැඩසටහන අයි ටී එන් නාලිකාවේ ඉදිරිපත් කරනු ලබන අධ්‍යාපනික වැඩසටහනක් වේ. අළුයම කාලයේ මේ සඳහා කාලය අයි ටී එන් නාලිකාව විසින් වෙන් කොට ඇත. නවීන මැදිරි තාක්ෂණය යටතේ රජයේ ජනප්‍රිය පාසල්වල ගුරුවරුන් මෙන්ම උසස් පෙළ විභාගය සඳහා පිළිතුරු අධීක්ෂණය කරන ගුරුවරියන් ගෙන්වා සලයිඞ් යොදා ගනිමින් නවීන ආකාරයෙන් ඉදිරිපත් කරන අතර ඉලක්කගත කරන පේ්්රක්ෂකයින් වන්නේ උසස් පෙළ හදාරනු ලබන ගණිත, විද්‍යා, තාක්ෂණ, ගිණුම්කරණ, කලා ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වේ. අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, පිළිතුරු සැපයීම, ගැටලු විසදීම ආදිය නවීන අයි ටී එන් ටෙලිවිෂන් තාක්ෂණය යොදා ගනිමින් කටයුතු කරනු ලබයි.
මීට් යු ඩොක්ටර් වැඩසටහන ද අධ්‍යාපනික වැඩසටහනකි. සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රේක්ෂකයා වෙත ලබා දීම මෙම වැඩසටහන තුළින් කරනු ලබයි. එමෙන්ම මේ සඳහා වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරන වෛද්‍යවරයෙකුගේ ද සහාය ඇතිව විශේෂඥ වෛද්‍යවරු මැදිරියට ගෙන්වා වෛද්‍ය, සෞඛ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබේ. මෙම වැඩසටහන සජීවි ලෙස ක්‍රියාත්මක වන කාලයේ දි දුරකථන ඇමතුම් ලබාදීම තුළින් තම සෞඛ්‍ය ගැටලුව ඉදිරිපත් කොට එම අවස්ථාවේ පැමිණ සිටින විශේෂඥ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැක. කාලීන වශයෙන් වැදගත් වන බෝ නොවන රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රොල්, ගැස්ට්‍රයිටීස්, වකුගඩු රෝග, පිළිකා ආදී රෝග සඳහා වීඩියෝ පට සහිතව දැනුවත් කිරීම් ද මෙම වැඩසටහන තුළින් ප්‍රේක්ෂකයාට එම රෝගයන් පිළිබඳව වඩාත් හොඳින් දැනුම ලබා ගත හැක. එමෙන්ම කාලීන වශයෙන් වැදගත් වන ඩෙංගු රෝගය, පාචනය, කොළරාව, චර්ම රෝග ආදිය ද මේ තුළින් දැනුවත් කරනු ලබයි. ශල්‍යකර්ම පිළිබඳව ද වෛද්‍ය දැනුම ලබාදීම මේ තුළින් සිදු කරනු ලබයි.
විනෝදාත්මක වැඩසටහන්
චැට් ඇන්ඞ් මියුසික්
සිනේ රූ
සංචලන
චැට් ඇන්ඞ් මියුසික් වැඩසටහන විනෝදාත්මක වැඩසටහනක් ලෙස අයි ටී එන් මාධ්‍ය ජාලයෙහි විකාශනය කරනු ලබයි. මෙහි මුල් නිවේදකයා වූයේ නිරෝෂන් ප්‍රේමරත්න වේ. චැට් ඇන්ඞ් මියුසික් වැඩසටහන සිකුරාදා රාත්‍රී ආරම්භ වේ. කලා ක්ෂේත්රයේ නියුතුවන්නන්, ක්‍රීඩකයන්, දේශපාලනඥයින්, මාධ්‍යකරුවන්, නර්තනශිල්පීණ් ආදී විවිධ ක්ෂේත්රවල සිටන පිරිස සමඟ එම වෘත්තියෙන් මදකට ඉවත් වී සරලව ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරමින් සුහදශීලීව කතාබහ කිරීම මෙම වැඩසටහන තුළ සිදුවේ. එමෙන්ම විශාරද මනෝජ් පීරිස් සමඟ ඔහුගේ වාද්‍ය වෘන්දයේ සහය ඇතිව එම පිරිසට ගායනයන් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ද මේ තුලින් සිදුවේ. නවින තාක්ෂණය යටතේ සජීවි ඇමතුම් ලබාදීමෙන් ඔවුන්ට සෘජු ප්‍රතිචාර දැක්විමට දුරකථන ඇමතුම් පද්ධතියක් ද අයි ටී එන් නාලිකාව විසින් ප්‍රේක්ෂකයාට දෙනු ලබයි. එස් එම් එස් පණිවුඩ මඟින් ප්‍රතිචාර දැක්වීමට ද එමඟන් හැකිය. මෙම වැඩසටහන තුළ බොහෝ දුරට භාවිත වන භාෂා ශෛලිය වන්නේ සරල එදිනෙදා භාවිතා කරනු ලබන භාෂාවයි. එමෙන්ම අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා අලෙවි නියෝජිතයන්ගේ සන්නාම නාම ද නිවේදකයා විසින් ඉදිරිපත් කරනු ලබයි.
- සිංහගිරි සමඟ චැට් ඇන්ඞ් මියුසික්
- ශ්‍රී ලංකා ටෙලිකොම් සමඟ චැට් ඇන්ඞ් මියුසික්
සංවාද හා සාකච්ඡාමය වැඩසටහන්
සංවාද හා සාකච්ඡාමය වැඩසටහන් අයි ටී එන් නාලිකාව තුළ ප්‍රචාරය කරනු ලබයි. ලංකාවේ වැඩිම ප්‍රේක්ෂකත්වයක් දිනා ගනු ලැබූ සංවාදමය හා සාකච්ඡාමය වැඩසටහන් ද ඒ අතර වේ.
1ග දොරමඩලාව (ඒ අතරින් වඩා වැදගත් වේ)
2ග ගිරය
3ග හීය
4ග කවුරුද ඇත්ත කියන්නෙ
5ග ඕඝතරණ
6ග පුවත් සටහන
7ග සම්භාෂණ
8ග සිව්මංසල
9ග සුරත
හසන්ත හෙට්ටිආරච්චි විසින් සම්පාදනය කළ දොරමඩලාව සංවාදාත්මක හර සරණිය” මෑත ටෙලිවිෂන් ඉතිහාසයේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වූ ජනප්‍රිය සංවාදාත්මක වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. ජේ.ආර්. ජී. සූරියප්පෙරුම මහත්මයා දොරමඩලාව මුල් අවධියේ සංවාද කිහිපයකට සහභාගි විය. ව
සිරිලක ඇසිදිසි සරසවි පින්බිම
දොරින් දොරට දොරමඩලාවයි’
දොරමඩලාව තේමා ගීතයේ සඳහන් වනවා සේම මෙම සංවාදාත්මක වැඩසටහනේ “ආගම” ‘විද්‍යාව‘’ සහ ‘කලාව’ යන කුලුණු ත්‍රිත්වය මත පදනම් ව අර්ථවත්, විචාරශීලී සහ වින්දනාත්මක කතිකාවන් තෝරාගත් විද්වත් මණ්ඩලයක් සමඟ සාකච්ඡා කරනු ලබයි. ලොකු කුඩා කාටත් එකට නැරඹිය හැකි සම්මානීය ප්‍රසිද්ධ වැඩසටහනකි. විශ්ව දැනුමක් මේ තුළින් ප්‍රේක්ෂකයාට ලබාදෙනු ලබයි. ශාස්ත්‍රීය සංවාද වලට ප්‍රිය කරන්නා වූ වැඩිහිටි පරපුරක ෂිකරවරුන්, කථිකාචාර්යවරු, මහාචාර්යවරුන් මෙන්ම ඒ ඒ ක්ෂේත්රය විදග්ධ ලෙස කරණු දැනුම සොයන සැමටම වැදගත් වූ වැඩසටහනකි.
ගිරය වැඩසටහන සංවාදාත්මක වැඩසටහන් වල තවත් එක් සුවිශේෂී වූ වැඩසටහනකි. ඩිල්ශාන් පතිරණගේ ඇතුළු අයි ටී එන් නාලිකාවේ සේවය කරන්නා වූ වෘත්තීමය මාධ්‍යවේදීන් හා කාලීන වශයෙන් ලංකාවේ සිදුවන්නා වූ සිදුවීම් අලලා මෙම වැඩසටහන තුළ සංවාදාත්මක කරුණු ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා පක්ෂ විපක්ෂ මෙන්ම වෙනත් සිවිල් පාර්ශවය්ගෙන් සාමාජිකයන්ද එක් කරගනිමින් මතවාදී කාර්යයක් මහජනතාව වෙත රැගෙන යාම මේ තුළින් සිදුවේ.
- මීතොටමුල්ල කුණු බැහැරකිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය, ඛනිජතෙල් ගැටලුව
- සයිටම් පෞද්ගලික විශ්වවද්‍යාල පිළිබඳ ගැටලුව
- පළාත් සභා ඡන්දය පිළිබඳව
- ඩෙංගු උවදුර
මෙවැනි කාලීන වශයෙන් වැදගත් වන බොහෝ දෑ දේශපාලනික පක්ෂවලට අදාල මැති ඇමතිවරුන් මෙන්ම ඒ ඒ ක්ෂේත්රයට අයත සේවා දායකයන්ගේ සහාය ද ඇතිව සංවාදශීලී මතවාදී කාර්යයක් ඒ තුලින් කරනු ලබයි. ගිරයෙහි පසුබිම් නිර්මාණය ඉතා කලාත්මක ලෙස යොදා ගෙන ඇත. බෙර ආකාරයෙන් සැකසූ වාද මණ්ඩලවල ඔවුන් රැඳී සිට තම අදහස් මතවාදි සංකල්ප දිරිපත් කරති. මේ තුළ සාම්ප්‍රදායික සන්නිවේදන අර්ථ ද අපූර්ව ගිරය තුළ පසුබිම් නිර්මාණ තුලින් විද්‍යමාන වේ. මෙහි ඉලක්කගත ප්‍රේක්ෂකයින් වන්නේද නව තොරතුරු සොයන කාලීන සිදුවීම් පිටුපස පරතෙරක් නොමැතිව තොරතුරු හඹා යන්නා වූ පුද්ගලයාට ගිරය වැඩසටහන සංවාදශීලී කෝෂ්ඨාාගාරයකි.
ළමා වැඩසටහන් ආකෘති
අයි ටී එන් නාලිකාව තුළ ළමා වැඩසටහන් ආකෘති දක්නට ලැබේ.
■ ඬේන්ට් රසපැන
■ කැකුළු මුකුළු
ළමා වැඩසටහන් ආකෘතීන් තුළ ඬේන්ටි රසපැන ප්‍රියන්ත නම් රංගන නළුවා මෙන්ම නිවේදකයකු වන ඔහු ළමා මනසට යෝගිී ලෙස භාෂාව භාවිතා කරමින් ලබාගන්නා සුළු ආකාරයෙන් මෙම වැඩසටහන අයි ටී එන් නාලිකාව තුළින් ළමා ප්‍රේකෂකයන් වෙත ළඟ කරන ලබයි. ඉලක්කගත පිරිස ළමයින් වුවත් ළමයින්මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද මැදිරියට ගෙන්වා ගෙන දරවන්ගේ දක්ෂතා ද හපන්කම්, ගායනා, නර්තන හැකියාවන් දැක ගැනීමට සැලසීම මුඛය පමාර්තය වේ. මින් වසර කිහිපයකට පෙර රොඞ්නි වර්ණකුල නිවේදකයා, රංගන ශිල්පියා විසින් ද මෙම වැඩසටහනෙහි නිවේදන කටයුතු කරන ලදි.
පෙර පාසල් යන සහ පාසලේ 1, 2, 3 වැනි ශ්‍රේණිවල සිටින්නා වූ කුඩා දරුවන්ගේ දක්ෂතා නැංවීමට සහ රූපවාහිනිය බලන්නා වූ ළමා ප්‍රේක්ෂකයින්ගේ ජනාදරය ලබා ගැනීම මෙහි තවත් අරමුණකි. දරුවන්ට තරග සංවිධානය කෙට ත්‍යාග ලබාදීම ආදිය මේ තුළින් සිදු කරයි. වැඩසටහන් ආකෘතිය තුළ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය වැඩසටහන් ද ඉදිරිපත් කරනු ලබයි. මේ එසේ ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් වේ.
අරුත්බර ජීවිතය ඇතුලාන්තය
චිත්‍ර ගීත සිනෙමාත්රා
දිවිනැගුමට රන්බිම
එතුමයි එතුමයි
හත අට එ කට හත්වැනි පැය
හීන හතක්
“අරුත්බර ජීවිතය” සඳහා ජීවිතයට අවශ්‍ය කරුණු මෙම වැඩසටහන තුළින් ප්‍රේක්ෂකයාට ලබා දෙයි. යෝග අභ්‍යාස ක්‍රම, කායික මානසික ශක්තිය ලබා ගැනීමට මනෝ වෛද්‍ය උපදේශනය ද මෙම වැඩසටහන තුළින් අයි ටී එන් නාලිකාව ප්‍රේක්ෂකයා වෙත ලබාදී ඇති ජීවිතයට වැදගත් වන ත්‍යාගයකි. තම කායික ශක්තිය ලබා ගැනීඹට මානසික චිත්ත ස්වභාවය ඉවහල් වන ආකාරය මේ තුළින් ගම්‍ය වේ.
හත අට එකට වඩසටහන ද ජීවිතයට අවශ්‍ය උපදේශනාත්මක කරුණු පිළිබඳ සංවාදශීලීව නිවේදිකාවක් හෝ නිවේදකයෙකු විසින් මෙහෙයනු ලබයි. මහජනයාගේ ආරක්ෂාව සඳහා පොලිස් මාධ්‍ය අංශයට අයත් උපදේශකවරුන්. නීතිඥවරුන්, සාහිත්‍යකරුවන්, ව්‍යාපාරික ක්ෂේත්රයේ නියැලෙන්නන් යොදා ගෙන මෙය හරවත් ලෙස ඉදිරිපත් කරනු ලබයි. ඩිල්ෂාන් පතිරණගේ නම් නිවේදකයා මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. ඔහු නිවේදකයෙකු මෙන්ම නීතිඥවේදියෙකු නිසා ඔහුගේ පුළුල් දෘෂ්ටිවාදී ලක්ෂණ ද මෙයට එක්කාසු කරමින් හත අට එකට වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි.
සඟරාමය වැඩසටහන්
1ග අකුරෝ
2ග අටපට්ටම
3ග කොෆි ටේබල්
4 මල්පාර (සජීව)
5 මෙහෙමත් ලෝකයක්
6 රන්බිමට අරුණැල්ල
7 සල්මල් යාය
8 ශනිදා සැදෑව
9 සිරි මැදුර
10 වෙනස
සඟරාමය වැඩසටහන් ආකෘතිය ද අයි ටී එන් නාලිකාවේ ආකෘතිමය වැඩසටහන්වල සුවිශේෂී ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. ස්ලීම් නිල්සන් සම්මාන උළෙලේදී නොකඩවා ජයප්රියතාවේ සම්මාන ලබා ගත් සඟරාමය වැඩසටහනක් ලෙස අටපට්ටම හැඳින්විය හැකිය.
දඩි බිඩිස් සෑම බදාදාවකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අටපට්ටමත් සමඟ අපගේ ආලින්දයට ගොඩ වදින්නේ ලෝකයේ අරුම පුදුම සිදුවීම් රැසක් රැගෙනය. ලෝක සවාරි, ගිනස් වාර්තා, විස්මිත නිර්මාණ සහ සාමාන්‍ය මිනිසුන්ගේ අසාමාන්‍ය විජ්ජා ඇතුළු ලෝකයේ කාගෙත් නෙත් නොදුටු දසුන් බොහෝමයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට දඩිබිඩිස් හෙවත් හසන්ත හෙට්ටිආරච්චි නම් දක්ෂ නිවේදකකරුවා සමත්ව ඇත. අටපට්ටම සඳහා රසික ප්‍රතිචාර අවුරුදු ගණනාවකට පෙර පටන් තවමත් එලෙසටම පවත්වා ගැනීමට සමත්ව ඇති අතර දිවයිනේ අංක එකේ ජනප්‍රියතම වැඩසටහන ලෙස වසරක් පාසා මේ වැඩසටහන කිරුළු පළදිනු ලබන ලදි.
සල්මල් යාය වැඩසටහන ද එවන් සඟරා වැඩසටහනකි. ඉදුනිල් දිසානායක විසින් මෙහෙයවන සල්මල්යාය සඟරා වැඩසටහන ළයාන්විතව ප්‍රේක්ෂකයාට සුහදශීලී ලෙස ආමන්ත්‍රණය කරනු ලබයි. නළු නිළියන්, ක්‍රීඩා ශිල්පීන් ශිල්පීණියන්, දේශපාලකයින්, මාධ්‍යකරුවන්, සාහිත්‍යවේදීන්, නවකතාකරුවන්, ආදී කලා ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ චරිත අයි ටී එන් මැදිරි සංකීර්ණයට ගෙන්වා ගෙන සජීවිව සම්මුඛ සාකචඡා ආකාරයෙන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කරනු ලබයි. ඉදුනිල් දිසාසනායක අයි ටී එන් පවුලේ නාලිකාවේ මුල් නිවේදිකාවකි. ඇයගේ පුළුල් පෘථුල දැනුම ද ඇය සල්මල් යාය වැඩසටහන ඉදිරිපත් කරගනු ලබයි. සතියේ දිනවල දිනපතා විකාශනය වන අතර උදෑසන 8 ට ආරම්භ වනු ලබයි.
සිරි මැදුර කාන්තාවන් ඉලක්ක කරගෙන කරනු ලබන වැඩසටහනක් වේ. මේ වැඩසටහන ද සඟරාමය වැඩසටහනකි. තරුණියන් සඳහා මෙන්ම මනාලියක් වීමට සූදානම් වන්නා වූ තරුණීයන් හට ද සිරිමැදුර තුළින් තම දැනුම වර්ධනය කළ හැකය. මේ සඳහා අයි ටී එන් මාධ්‍ය විවාහ මංගල්‍යය ක්ෂේත්රයට අයත්
- මංගලපෝරු සැකසුම් ශිල්පීන්
- රූපලාවන්‍ය ශිල්පීන්
- ආභරණ සපයන ශිල්පීන්
- කැමරා සහ වීඩියෝ පහසුකම් ලබා දෙන ශිල්පීන්
- හෝටල් ක්ෂේත්රයේ සැපයුම්කරුවන්
- විවාහ මංගල්‍යයට අවශ්‍ය සෑම ක්ෂේත්රයකම පුද්ගලයින් මැදිරියට ගෙන්වා ගෙන බාහිර ප්‍රදේශයක රූගත කරමින් මෙසේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගනිමින් ඉදිරිපත් කරයි.
මෙය රූපවාහිනී මාධ්‍ය තුළ තිබෙන්නා වූ නව ප්‍රවණතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය. ක්ෂේත්රය තුළ නිරත වී සිටින වෘත්තීමය ශිල්පින් එක් තැනකට ගෙන්වා ගෙන ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ අත්දැකීම් මෙන්ම ඔවුන්ගේ නිර්මාණ මෙන්ම, ඔවුන්ගේ සේවාව නවීණ ඩිජිටල් කැමරා යොදා ගනිමින් විවිධ කැමරා කෝණ වලින් සමීප රූප, දුර රූප ආදී ලෙස ඉදිරිපත් කිරීම ද නව ප්රවණතාවකි. එමෙන්ම මේ එම වෘත්තිමය ශිල්පීන් තම වෙබ් අඩවි තුළින් ද තම සේවාදායකයින්ට ප්‍රතිචාර ලබා දීමටද ආරාධනය කරනු ලබයි.
සිරිමැදුර විවාහ මංගල ක්ෂේත්රයට මෙන්ම එදිනෙදා ගෘහයේ වැඩකටයතු කරනු ලබන ගෘහනියන්ට නවමු ආකාරයෙන් නවින ලෙස ආහාර පිසීමට සූපවේදීන් ගෙන්වා ගෙන නව ආහාර වට්ටෝරු නිර්මාණය කරන ආකාරය පිළීබඳ නව දැනුම දෙයි. මේ සඳහා හෝටල් පරිශ්රයක බාහිර ස්ථානයක් රූප ගත කිරීම් වලට බොහෝ දුරට යොදා ගනු ලබයි. පබ්ලිස් සිල්වා සූපවේදිතුමා ද මේ සඳහා කැදවා ගනී. මෙලෙසම ආහාර සමඟ ආහාර සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය වලට අයත් දැන්වීම් ප්‍රචාරය ද මෙම වැඩසටහන අතර ප්‍රචාරය වේ. (හරිස්චන්ද්‍ර නිෂ්පාදන)
රන්බිමට අරණැල්ල යන සඟරාමය වැඩසටහන ද අයි ටී එන් නාලිකාව තුළ ප්‍රචාරය වන්නා වූ ගවේෂණාත්මක සඟරාමය වැඩසටහනකි. ගෙවතු වගාව මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රය පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ ඇල්මක් ඇති කිරීම මෙම වැඩසටහනේ මූලික අභිමතාර්ථය වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කරනු ලබයි. නවීන බෝග, බීජ නිෂ්පාදනය, ව්‍යාපාරයක් ලෙස ගෙවතු වගාවේ නිරත වීම, සුළු හා මධ්‍ය පරිමාණයෙන් කෘෂිකර්මය ආශ්රිත ව්‍යාපාරයන් ආරම්භ කරන්නේ කෙසේද? ඒ සඳහා ණය ආධාර සහිත බැංකු හඳුන්වාදීම ආදී විවිධ කටයුතු මේ තුළින් ප්‍රේක්ෂකයා වෙත ළඟා කරදෙනු ඇත. රජය හා එක්ව රජය විසින් පළාත්, ප්‍රාදේශීය, කොට්ඨාස, ලෙස සංවර්ධන නිලධාරීන් හා එක්ව කෘෂිකර්මයට අදාල ගෙවතු වගාව නගා සිටුවන ව්‍යාපෘති ද මේ තුළින් ඉදිරිපත කරනු ලබයි.
ටෙලිනාට්‍ය ආකෘති ද ස්වාධීන රූපවාහිනි ප්‍රේක්ෂකයා වඩා ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇත. මේ සඳහා විවිධ වූ තේමා රැගත් ටෙලිනාට්‍ය නිෂ්පාදනයට ස්වධීන රූපවාහිනි සේවය සමත්ව ඇත.
■ ආදර දෑසක්
■ අකදවාරිය
■ අසල්යා මල
■ ආයේමත් ආදරෙන්
■ බටහිර මාලිගාව (කොරියානු රාජවංශ පිළිබඳ ටෙලිනාට්‍ය)
■ බවචක්ර
■ බවහරණ
■ බෝංචිගෙදර ඉන්ද්‍රජාල
■ චක්‍ර
■ චංචල රේඛා
■ චිල් වූ
■ සබඳ එලියස්
වැනි ටෙලිනාට්‍ය රාශීයක් වත්මනය වන විට තම නාලිකාව හරහා තම ප්‍රේක්ෂකයා අතට පත් කරනු ලබයි. ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගනිමින් ලාංකීය පරිසරය තේමා කොට ගත් ටෙලිනාට්‍ය ඔවුන් නිර්මාණය කරනු ලබයි. එමෙන්ම කොරියානු නාට්‍යය ද භාවිතයට ගනිමින් ටෙලිනාට්‍ය වඩා රසවින්දනය පත්කිරීමට ඔවුන් සමත් වී ඇත. මෙම නාට්‍ය සංරක්ෂිත නාට්‍ය ගණයෙහිලා අර්ථ දැක්විය හැකිය.
එමෙන්ම සතියේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය ආකෘති ද මේ අතර වේ.
■ මිල්ලෑවේ වලව්ව
■ නෙතූ
■ සසර සේයා
■ කෝපි කඬේ
මෙම ටෙලි නාට්‍ය සතියේ දිනවල විකාශය වේ.
සෙනසුරාදා දිනයන්හි විකාශය කරන ටෙලිනාට්‍ය මෙම ටෙලිනාට්‍ය වේ.
■ ආවර්ජනා
■ එිලය කන්ද (එළිය කන්ද)
■ මහි පූජා
■ නිසල අරණ
■ සොදුරු දඩයක්කාරයා
■ ස්වේත ගංතිර
ග්‍රාහකයින් ඉලක්ක කිරීම
අයි ටී එන් නාලිකාව ග්රාහකයන් ඉලක්ක කිරීම සඳහා එල් එම් ආර් බීල නීල්සන් සමීක්ෂණ දත්ත ද භාවිතා කරනු ලබයි. සමීක්ෂණ දත්ත වලට අනුව තම නාලිකාවේ ජනප්‍රියත්වය පත් වැඩසටහන් පිළිබඳ ඔවුන් වැඩි අවධානයක් යොමු කරනු ලබයි. ඔවුන්ගේ ගුවන් කාලයෙහි වැඩිම ජනප්‍රියතාවක් ලබා ගත් වැඩසටහන් හා සම්මාන ලබා ගත් වැඩසටහන් ලෙස දොරමඩලාව, ගිරය අටපට්ටම , වෙනස ආදී සංවාදාත්මක හා සඟරාමය වැඩසටහන් දැක්විය හැකිය.
වෙනස සඟරාමය වැඩසටහන ද එල් එම් ආර් බී සමීක්ෂණ දක්ත අනුව ජනප්‍රියතම වැඩසටහනක් බවට පත් වුණි. කලාව, ආගම, විශ්වාස, තාක්ෂණය, ඇදහිලි (පුද පූජා) දේශීයත්වය, ජීවිතයට ගත හැකි හරසුන් ඇදි දේවල් වෙනස්ම පැතිකඩකින් ඉදිරිපත් කරනු ලැබූ නිසා මිනිසුන්ගේ ජනාදරයට වෙනස වැඩසටහන ක්ෂණිකයෙන් ගලා ගියේය.
රයිගම් ටෙලිසම්මාන උළෙලෙදි සම්මානලාභී විශිෂ්ඨතම නාලිකාව මෙන්ම ජනප්‍රියතාව ලැබූ නාලිකාව වන්නේ ද අයි ටී එන් නාලිකාවයි. ඔවුන් මීර පෙර අවුරුදු ගණනකට පෙර නාලිකාවේ ප්රකාශනය කල බවා ඉදුවරි, මුතු කිරිල්ලි, පබළු, අමා වැනි විශාල වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ නාට්‍ය නැවත දහවල් කාලයේ දි නැවත ප්‍රචාරය කරනු ලබයි. එය ඔවුනට ඔවුන්ගේ ගුවන් කාලය වෙනත් අලුත් නිෂ්පාදකයකට මුදල් යොමු කරනවාට වඩා පෙර විකාශය වූ ටෙලිනාට්‍ය විකාශය කිරීම වඩා ලාභදායී වේ. මෙය එම නාලිකාවේ තවත් නව ප්‍රවණතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය.
පැයෙන් පැය පුවත විකාශය නාලිකාව තුළ විකාශය වන අතර දහවල් ල රාත්‍රි ප්‍රධාන සිංහල පුවත් විකාශය වේ. සවස 4.45 ට ළමා පුවත් ද විකාශය වේ. පුවත්වල තිබෙන විශේෂත්වය වන්නේ භාෂාව භාවිතා කරනු ලබන්නේ ප්‍රේක්ෂකයාට මනා ලෙස වැටහෙන සරල වියක්ත භාෂාවෙනි. මුල් කාලයේ නිවේදකයන් ලෙස නිරෝෂන් ප්රේරත්න, ඩිල්ෂාන් පතිරණගේ ආදි නිවේදකයන් අයි ටී එන් ප්රවෘත්ති විකාශය තුළින් ජනතාව අතර සමීප වූ අතර වත්මනයේ දී නිවේදක නිවේදිකාවන් තරුණ නිවේදක නිවේදිකාවන් මේ සඳහා යොදා ගන ලබයි.
ආගමික වැඩසටහන් ද ඉලක්ක ග්‍රාහකයින් වෙත අයි ටී එන් නාලිකාව ලබා දෙනු ලබයි. උදෑසන 4.35 පිරිත් දේශනාවක්ද, 4.50 දවසේ සිතුවිලි යනුවෙන් සර්වාගමික නායකයින්ගේ දේශනාද සවස 5.55 තෙරුවන් නමදිමි ලෙස ආගමික වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. එමෙන්ම රාත්‍රී 11.30 සිට මෝර, ජය පිරිත් විකාශය කොට දවසේ විකාශන කාලය අවසන් කරයි.
ප්‍රේක්ෂකයන් ඉලක්ක කිරීමේදී රියැලිටි ටීවී ආකෘතිය ද සාර්ථකව සාධනීය ලෙස අයි ටී එන් නාලිකාව විසින් යොදා ගෙන ඇත. වර්තමානයෙහි බිහි වූ රියැලිටි ටීවෘ ආකාතියක් ලෙස යුත් ටැලන්ට් වැඩසටහන මනා ලෙස අර්ථ දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ දක්ෂ වෙනස්ම හැකියාවන් දක්ෂතා වලින් පරිපූර්ණ වූ තරුණ තරුණියන් සමඟ බිහි වූ වැඩසටහනක් ලෙස “යුත් ගොට් ටැලන්ට්” රියැලිටි වැඩසටහන අර්ථ දැක්විය හැකිය.
මෙම වැඩසටහන තිබෙන මැදිරි සංකීර්ණය විශාල නවීකරණයකට ලක් වූ වීදුරු වලින් සවිමත් ව පුලුල් ව නිර්මාණය කරන ලද පුළුල් වේදිකා සහිතව ආලෝකකණය තුළ ද විවිධ ඩිජිටල් ආලෝක රටාවන් එක් කරගනිමින් තාක්ෂණික වශයෙන් විවිධ කැමරා කෝණ දුර රූප, සමිප රුප, ගුවන්ගත කැමරා ආදිය සවිකොට තාක්ෂණික වශයෙන් අතිනවීකරණය වූ පසුබිමක මෙම රියලටි ටීවී වැඩසටහන ඉදිරිපත් කරන ලදි. ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ රියැලිටි වැඩසටහනක් ලෙසද මෙය නම් කළ හැකිය. සමරේ ඇන්ඞ් සමරේ වැනි තරඟකරුවන් බිහිවූයේ මෙම වැඩසටහන නිසාවෙනි.
ෘත්‍ක්‍ක් මයින්ඞ් ස්ටාර් මූල්‍ය ක්ෂේත්රයේ වර්ධන බැංකුව අනුග්‍රහයෙන් කල රියැලිටි වැඩසටහන වේ.
වසන්තම් ටීවී, වසන්තම් එෆ්එම් ල අයි ටී එන් එෆ්එම් ආදී ලෙස සහෝදර නාලිකා තුළින් දමිළ ග්රාහකයන්, මෙන්ම ශ්‍රාවකයන් සඳහා වසන්තම් එෆ්එම් සහ අයි ටී එන් එෆ්එම් ද විකාශන කටයුතු කරගෙන යනු ලබයි. කේබල් තාක්ෂණයෙන් ද ක්‍රියාත්මක වන වැඩසටහන් ද වේ. ඒවා නම් සල්මල් යාය, අයි ටී එන් නිවුස් ආදී වේ. වෙබ් අඩවි මඟින් තම ග්රාහකයන් සඳහා පහසුකම් සලසා ඇත. ටෙලිවිෂනය සමඟසෑම විටම රැඳී සිටීම නොහැකි ප්‍රේක්ෂකයින් සඳහා වෙබ් අඩවි තුළීන් දවසේ ප්රවෘත්ති විකාශයන් සහ විවිධ වැඩසටහන්වල වීඩියෝ දර්ශන යූ ටියුබ් හරහා අයි ටී එන් නාලිකාවද විකාශනය කරනු ලබයි. ජංගම දුරකථනය සහ නව මාධ්‍ය සමඟ එදිනෙදා කටයුතු කරන කාර්යබහුල පුද්ගලයන් බොහෝ දුරට වෙබ් අඩවි තුළින් ප්රවෘත්ති විකාශනයන් තමන්ට අවශ්‍ය වැඩසටහන් යූ ටියුබ් හරහා සම්බන්ධ වෙමින් නරඹනු ලැබේ. අයි ටී එන් නාලිකාවද එම නව ප්‍රවණතාව භාවිතා කරනු ලබයි. එමෙන්ම පියෝ ටීවී හරහා අයි ටී එන් නාලිකාවේ වැඩසටහන් නැරඹීම මොබිටෙල් ආයතනය සමඟ එක් වී ඒ සඳහා ද නවීන තාක්ෂණය යොදාගෙන ඇත.
ප්‍රවර්ධන කටයුතු පිළිබඳ සඳහන් කිරීමේ අයි ටී එන් නාලිකාව අධ්‍යාපන සත්කාර, අ.පො.ස. උසස් පෙළ, අ.පො.ස.සාමාන්‍ය පෙළ, ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් වැඩසටහන්, සම්මන්ත්රණ විවිධ පළාත්වල පාසල් වලට ගොස් සිදු කරනු ලබයි. (නැණස) ආපදා තත්ව, එමෙන්ම ගංවතුර උවදුර, ඩෙංගු අවදුර මෙන්ම කාලින වශයෙන් හටගන්න ස්වභාවික උපද්රවලදී ඒ සඳහා අයි ටී එන් සහන යාත්‍රා ආදිය ක්‍රියාත්මක කරනු ලබයි. ආගමික සහජීවනය උදෙසා සර්ව ආගමික කටයුතකු සඳහා මූල්‍යාධාර සපයනු ලබයි.
දිනපතා සිදුවන මාර්ග අනතුරු පිළිබඳ දැනුවත් කිරීම සඳහා විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි.
අලෙවි ප්‍රවර්ධනය බොහෝ විට ඔවුන් යොදා ගනු ලබන්නේ ජාතික නාලිකාවක් ලෙස රජයේ නාලිකාවක වගකීම ද ගනිමිනි. ජාතික උත්සව, වෙසක් උත්සවය, ඇසල උත්සවය, සූර්ය මංගල්‍යය වැනි උත්සව සඳහා ඔවුන් සමඟ විවිධ නිෂ්පාදන සමාගම් වල සන්නාම සහිත සමාගම් අනුග්‍රහය ලබා දෙන අතර ඔවුන් සමඟ එක්ව අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකරන නමුදු ප්‍රධාන අරමුණ වන්නේ ජාතික කටයුතු වලදි කරනු ලබන ප්රවර්ධනයන් වල ලාභයම අරමුණු නොකර තම වගකීම ඉටු කරනු ලබයි.
මූලාශ්‍ර -
ලංකාවට රූපවාහිනි මහාචාර්යය තිස්ස කාරියවසම් ඇස්.ගෝඩගේ සහ සහෝදරයෝ ප්‍රථම මුද්‍රණය 2006
මාධ්‍ය ප්‍රතිචාර ආචාර්ය නන්දන කරුණානායක ප්රකාශනය හා මුද්‍රණය සමාජය හා සමාජීක කේන්ද්‍රය ප්‍රථම මුද්‍රණය 1994
Good luck murthi
ReplyDeletetnqqqq suduu
DeleteThis comment has been removed by the author.
ReplyDelete.මුලින්ම ' ලොවවටා ' ලෙසින් ස්වාධීන රූපවාහිනී සේවය පුවත් සංග්‍රහයක් ආරම්භ කලේ 1986 වසරේදීය .
ReplyDeleteඵය නිෂ්පාදනය කලේ චන්ඳ්‍රා රණතුංග විසින් වන අතර ගුණරත්න අබේසේකරයන් ඵය ඉදිරිපත් කළේය.ඵම කාලයේදීම ජාතික රූපවාහිණී පුවත් පටිගත කොට අපද විකාශය කරන ලදී.නියමාකාරයෙන් පුවත් විකාශයක් ආරම්භ කළේ දේශීය පුවත්ද සමගින් 1988 පමණය .පසුව මා හට ප්රවෘත්ති අංශය 1995 දී භාරදුන් විට ලංකාව පුරා අයදුම්පත් කැඳවා ප්‍රාදේශීය වාර්තාකරුවන් බඳවා ඔවුන් ක්‍රමවත් ලෙස පුහුණු කොට සිංහල ,ඉංග්‍රීසි සහ ද්‍රවිඩ භාෂා ත්‍රිත්වයෙන් යුතුව ක්‍රමවත්ව ප්රවෘත්ති විකාශයන් ආරම්භ කිරීමට හැකිවිය.රොහාන් වැලිවිට ස්වාධීන රූපවාහිනී සේවයට ආවේ ඊට බොහෝ කලකට පසුවයි .උන් ගෙන ආ ඵකම දෙය දේශපාලනයයි .මන්ද දේශපාලුවන්ගේ වලිගයේ ඵල්ලීම හැරෙන්නට වෙනත් විකල්ප ඒ අයට නැත.ඵම නිසා ප්රවෘත්ති ගැන පාරම්බෑමට අයිතියක් නැත.අදටද ස්වාධීන රූපවාහිනී සේවයේ පවතිනුයේ ඒ ක්රමවේදයයි . උඩ සිට පහළට ඵන ඵන රජයනට කඩේ යන උන්ගෙන් ආයතනය පිරී ඇත .
ස්වාධීන රූපවාහිනී සේවයේ මුල්ම ජාතික සම්මානය ලබාගනුයේ 1995 වසරේදී සුමති සම්මානයයි .
https://www.youtube.com/watch?v=Y1fVy0sg-MI
https://www.youtube.com/watch?v=nzXk-1NCntc
ඉන්පසුව දෙවසරක් පිට පිටම ඵම සම්මානය මා නිර්මාණය කළ විමසුම කාලීන සංවාද සංග්‍රහය වැඩසටහන දිනා ගන්නා ලදී.අදටද ඵම වැඩසටහන ලංකාවේ ප්‍රථම රූපවාහිනී ගවේෂණ වැඩසටහන ලෙසට හැඳින්වේ.අද ස්වාධීන රූපවාහිනී සේවයේ සිටින කුහකයන් ඵම ඵදා අප මහන්සියෙන් කළ වැඩසටහන් අකාමකා දමා ඇතැයි ආරංචිය .ඵමෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ සිටින උන් ඵම ආයතනික සැමරුම් උවමනාවෙන් යටපත් කරති.
පසුව මා ඵදා නිපදවූ ඒ විමසුම වැඩසටහනේ නමින්ම දේශපාලන වැඩසටහනක් මහින්ද අබේසුන්දර නැමැත්තෙකු ලවා කරවීය.මෙම වැඩ සටහන මගින් ඉතා ග්‍රාම්‍ය සහ නිවට නිහීන ලෙසින් ඵකල රජයේ මඩ ප්‍රචාර දියත් කරවන ලදී. මහින්ද අබේසුන්දර නැමැත්තාද මුලින්ම රූපවාහිනී කැමරාවකට ගෙන ආයේ මා විසිනී.
ආයතනයට ගෞරවයක් ගෙන ආ සම්මානනීය වැඩසටහනක නාමය ඵසේ දේශපාලන ගණිකා වෘත්තියේ යොදවන විටද අයි.ටී.ඵන් කුහකයන් නිහඬව සිටියෝය .
1989 වසර වල පැවති භීෂණකාරී යුගයේදී කෝපිකඩේ නාට්‍යය රූපගත කලේද ස්වාධීන රූපවාහිනී සේවා භූමියේම ඇති කෝපිකඩේ පසුතලයේදීමය .ඵම අවදියේදී ස්වාධීන රූපවාහිනී සේවයේ නිසිබලධාරී වූ තේවිස් ගුරුගේ මහතාද ඝාතනය විය.ඵක දිගට අඛණ්ඩව කෝපි කඩේ නාට්‍යය රූපගත කොට ප්‍රචාරය
කිරීමේ අභියෝගය මා හට පැවරී තිබුණී .ඵම නිසා ආයතනයට රැගෙන ඵන ඉතා සීමිතවූ නළුනිලි සංඛයාවෙන් ඒ ඵන ආකාරයට ඵවේලේම පිටපත ලියමින් ඇතැම් විටෙක කැමරාවද හසුරවමින් .ඵමෙන්ම සංස්කරණය කරමින් මා කළ මෙහෙවර කාට අමතක වුවද මාගේ ජීවිතයේ අමරණීයවූ අත් දැකීමකී.මේ අත් දැකීම් සියල්ල ලියා පොතක් පළකිරීමට මා සිතූ සිතිවිල්ල තවදුරටත් වැඩිවූයේ .එවන්වූ අතීතයක සුන්දර සහ කටුක අත්දැකීම් රටේ ජනතාවද දැනගත යුතු නිසාවෙනී.නැතිනම් මහගෙදර යැයි හිස් අතින් උදම් නගන අප ආදරය කරන මාගේ ජීවිතයේ දශක දෙකකට ආසන්න කාලයක් ගෙවා දැමූ ආයතනයට කළ මෙහෙය කිසි ඉතිහාසයක් නොදැන ඵහි සිටින අයටත් විනාශ කළ අකාමකා දැමු වීඩියෝ කැසට් පට මෙන් උවමනාවෙන්ම අප කළ සේවාවන් මකා දැමීමට උත්සාහ ගන්නා කුහකයන් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉතිහාසයෙන් මා ඇතුළු පැරැණ්නන්ගේ සේවාවන් ඉවත් කිරීමට උත්සාහ ගන්නා නිසයි.
මා ඔය මතක් කළේ ඉතා කෙටි මෙන්ම මාගේ පෞද්ගලික අදහස් පමණී. ස්වාධීන රූපවාහිනී සේවයේ අද සිටින කුහකයන් අමතක කරන්නට උත්සාහ දරණ පැරණ්නන් බොහෝමයක් පිටත සිට මේ දෙස බලාසිටී .
මෙකී නොකී බොහෝ අයෙකුගේ නම් මෙයට ඇතුළත් කළ යුතුය.ඵවිට මෙම සටහන මහා ග්රන්ථයක් කළ හැකිය .නුදුරුවම මා ඵය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරමි.
සුමිත් ජයන්ත ඩයස්
ඊයේ ස්වාධීන රූපවාහිනී සේවය සිය 41 වන උපන්දිනය සමරන ලදී.ඊට නිර්මාණශීලී දායකත්වය දහඩිය සහ ශ්‍රමය මෙන්ම ජීවිතයේ දශක කිිපයක් එහි උන්නතිය වෙනුවෙන් කැපකළ මා ඒ පිළිබඳව සතුටු වෙමි .මා මෙන්ම අද ඵහි සේවය නොකලද ඊට සේවය කළ සෑම අයෙකුගේම සතුටට ඵය හේතුවකී.ඵදා සිටි බොහෝ අය අද නොමැත.
ReplyDeleteනමුත් අද ඵය පත්ව ඇති සෝචනීය තත්වය සරුව පිත්තල අටවා රටට ලෝකයට පෙනෙන්නට කෑ ගැසුවද වැඩක් නැත.
අද රූපවාහිනියේ මහගෙදර යනුවෙන් හැඳින්වුවද අද ඵහි එදා අප භාවිතා කළ මුල් යුගයේ කැමරා ආම්පන්න හෝ උපකරණ සංරක්ෂිතව නොමැත කොටින්ම කිවහොත් වෙනකක් තබා අතිවිශාලවූ වීඩියෝ කැසට් පට තොගයක් අද විනාශයට පත් කොට ඇත.මේ ගැන මා දිගින් දිගටම හෙළිදරව් කළෙමි.ඒවා ඵක ඵකාගේ බූදල නොව ඵදා මාද ඇතුළුව අතළොස්සක්වූ ශිල්පීන් පිරිසක් ඵක් රැස් කළ ඵකළ ලංකාවේ ජීවත්වූ රටේ විද්වතුන් සහ කලාකරුවන්ගේ ජීවදත්තය. මේවන විට ඒවා නැවත ප්‍රයෝජනයට ගත නොහැකිසේ විනාශ වී ඇත.මීට ඉහතදී දේශපාලන බලයෙන් ඵයට පත්ව ආ නිව්ටන් ගුණරත්න නැමැත්තා මෙම ආයතනය සතුව පැවති මිලිමීටර් 16 සහ 35 ප්‍රමාණයේ සිනමාපට අති විශාල සංඛයාවක් සමග ජීවදත්ත ඇතුළත් යූ මැටික් වර්ගයේ කැසට්පට අතිවිශාල සංඛයාවක් ගිණිතබා විනාශ කරවන ලදී. ඵකල අනාථව තිබූ ලක්හඬ ගුවන්විදුලිය මෙම ආයතනයට බද්ධ කරවන ලදී .ඵහි විපාකය ලෙසින් අදටත් ඵයින් ලබන පාඩු ස්වාධීන රූපවාහිනී සේවය විඳ දරා ගත යුතුය .ස්වාධීන රූපවාහිනී සේවයට දේශපාලනය ගෙනාවේ නිව්ටන් ගුණරත්නය .ඵවැනි මෙම ආයතනය විනාශකර දැමීමට මග පෑදු පුස් මිනිසෙකුගේ අදහස් මෙම 41 වන උපන්දිනය සමරන මොහොතේදී උඩින් තැබීම විහිළුවකී.
මෙකී නොකී බොහෝ අයෙකුගේ නම් මෙයට ඇතුළත් කළ යුතුය.ඵවිට මෙම සටහන මහා ග්රන්ථයක් කළ හැකිය .නුදුරුවම මා ඵය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කරමි.
සුමිත් ජයන්ත ඩයස්