නිර්මාණයක් අප අපූර්වයැයි, විශිෂ්ටයැයි ,අග්‍රගන්‍යයැයි ,සෞන්දර්යාත්මකයැයි, බුද්ධිගෝචරයැයි, ප්‍රතිභාසම්පන්නයැයි මේ නොයෙක් විධ අටුවා, ටීකා ,ටිප්පනි අර්ථ කථන සහිත විරුදාවලි අප ඒ නිර්මාණයට ලබා දෙනු ලබන්නේ එම නිර්මාණයේ පවතින මුලික කේන්ද්‍රීය නිර්මාණාත්මක ජීව ගුණය අපගේ මනෝමුලික රසභාව උද්දීපනය කිරීමට ඇති අතිමහත් වූ සමත්කම නිසාවෙනි මනස සමග අරගලයක් කරවමින් බුද්ධිගෝචර මතවාදයන් තුලින් කතිකාවතක් පුද්ගලයා තුළ සමාජය තුල ලෝකය තුල නිර්මාණය කිරීමට විශිෂ්ට නිර්මාණකරුවෙකුට හැර එම කර්තව්ය සෑම නිර්මාණකරුවෙකුට කිරීම ඉතා දුෂ්කර කර්තව්‍යකි .ලොව දෙස සමාජය දෙස තෙවැනි ඇසකින් ,පෘථුල බහුශ්‍රැතභාවයකින් මෙන්ම තම අත්දැකීම් පරිචයෙන් සමාජය ගවේෂණය කරන සියුම් ලෙස විවරණය කරන නිර්මාණකරුවා ලොවම අගය කරනු ලබන්නේ ඒ හේතුප්‍රත්‍ය නිසාවෙනි. විලියම් ෂෙක්ෂ්පියර්, මයිකල් ආන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි ,මැක්සිම් ගෝර්කි, ලියෝ තෝල්ස්තෝයිකි භරතමුණි ,කාලිදාස වැනි පඩිවරුන් සම්භාව්ය සාහිත්‍ය, නාට්‍ය කලාව, චිත්‍ර කලාව ,මූර්ති කලාව, කාව්ය ආදී සුපතළ කලා නිර්මාණ ලොවට දායාද කළ එවන් නිර්මාණවෙදීහු වෙති
ලාංකීය සිනමා කලාව තුළ ප්‍රසන්න ජයකොඩි නම් ප්‍රතිභාසම්පන්න සිනමා අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව සිනමා සන්ධිස්ථානය අනෙකුත් සිනමා කරුවන්ට වඩා සුවිශේෂී වන්නේ ඔහුගේ සිනමා ආඛ්‍යානයෙහි ඇති වෙනස් වූ ස්වරූපයයි .වාණිජත්වය මත පදනම් කරගෙන ලංකාවේ සිනමා කර්මාන්තය තුල හතු පිපෙන්නා සේ බිහිවෙන්නා වූ සිනමා රැල්ලෙන් ,පටු දෘෂ්ටිවාදයෙන් මිදී තමාටම ආවේණික වූ වෙනස් මගක ගමන් කරමින් දර්ශනය හා මනෝවිද්‍යාවේ සියුම් තැන් සංස්පර්ෂ්‍ය ඔස්සේ එදිනෙදා සමාජයේ අපට හමුවන චරිතවල තිබෙන මනෝමුලික වූ ආධ්‍යාත්මික අභ්යන්තරයේ සැගවී තිබෙන සංවේදනයන් විශිෂ්ට ගණයේ සිනමා රූපයෙන් ල මනා වර්ණ ගැලපීමෙන් ල පුළුල් වූ සිනමා කෝණයෙන් ල ප්‍රබල සංකේතානුසාරයෙන් චරිත හා සිද්ධි නිරූපණය වඩාත් ප්‍රතිභාසම්පන්නව යොදාගැනීම තුල ඔහුගේ සිනමා නිර්මාණ භාවිතයේ ඇති ශක්‍යතාව වඩ වඩාත් සපථ කරනු ලබයි .
1968 දී හොරණ ප්‍රදේශයේ උපත ලබන ප්‍රසන්න ජයකොඩි කලාවට සම්බන්ධ පවුලක පසුබිමක හැදී වැඩුණේය ග ඔහුගේ පියා නිර්මාණාත්මක ලේඛකකයකි .ප්‍රසන්න ජයකොඩි වේදිකා නාට්‍යය ටෙලිනාට්‍ය සිනමාව යන කලා මාධ්‍ය තුල දක්ෂ කුසලතා පරිපුර්ණිත අධ්‍යක්ෂකවරයෙක් විය. ඔහු නිර්මාණකරුවෙකු ලෙස තම නිර්මාණශීලි නිර්මාණ භාවිතය යොදා ගනිමින් කරළියට පැමිණෙන්නේ සෙවණැලි සහ මිනිස්සු යන වේදිකා නාට්‍යයෙනි 1992 වසරේ හොදම වේදිකා නාට්‍යයට හිමි යෞවන සම්මානය සහ 1993 වසරේ හොදම රාජ්‍ය නාට්‍ය බවට සෙවණැලි සහ මිනිස්සු වේදිකා නාට්‍ය සම්මානයට පාත්‍ර වනු ලැබීය. 1999 වර්ෂයේදී නිසල විල ,2000 වර්ෂයේදී ඉමදිය මංකඩ 2002 වර්ෂයේදී සද අමාවකයි, 2003 වර්ෂයේදී හද විල සක්මන නම් ටෙලිනාට්‍ය සතර ටෙලිනාට්‍ය කලාවට එක් කලේ අමුතු ආලෝකයකි. ඒ ඒ වසර වලදී මෙම ටෙලිනාට්‍ය සතර සුමති සම්මාන උළෙලයන්හිදී වසරේ හොදම ටෙලිනාට්‍යයන් බටට පාත්‍ර වනු ලැබීය. එකළ ටෙලිනාට්‍ය කලාකෙත අස්වැද්දීම මෙන්ම ලංකේය ටෙලිනාට්‍ය සාම්ප්‍රදාය තුල වෙනත් මානයකින් ටෙලිනාට්‍ය රසවිදින බුද්ධිගෝචර ප්‍රේක්ෂකාගාරයක් බිහි කිරීමට තම ප්‍රගතශීලි නිර්මාණශීලි දායකත්වය නිතැතින් ලබා දෙනු ලැබීය .
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ප්‍රථමයෙන් ප්‍රසන්න ජයකොඩි සිනමා කලාවට අවතීර්ණ වන්නේ 2007 දී සංඛාරා චිත්‍රපටයෙනි සංකාරා චිත්‍රපටියේ තේමාව ගලාගෙන යනු ලබන්නේ ආනන්ද නමැති තරුණ භික්ෂුවක් වටාය විශ්ව විද්‍යාල දිවිය හමාර කොට පැමිණ තණමල්විල දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක රජමහා විහාරයක බිතු සිතුවම් කිරීමට යන මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගනිමින්ය. ආනන්ද තරුණ භික්ෂුව හා එම ප්‍රදේශයේ ග්‍රාමීය තරුණියක අතර ඇතිවන මානසික චෛතසික ස්වභාවය පිළිබඳ චිත්‍රපටියේ විවරණය කරනු ලබයි
සංඛාරා චිත්‍රපටිය තුළින් ප්‍රේක්ෂකයින්ගේ බුද්ධිය අවදි කරන්නට සමත් වී තිබීම දක්ෂ අධ්‍යක්ෂයකුගේ කුසලතාව නැවත නැවතත් සපථ කරනු ලබයි. වචන දහසකින් ප්‍රකාශ කල යුතු දෙබස් හා ප්‍රකාශනයන් එක් රූපයකින් ප්‍රකාශ කරන සිනමා රූප සංඛාරා කෘතිය තුළ නොමදව දක්නට ලැබේ .තරුණ භික්ෂුවගේ යටිසිතේ ක්‍රියාකාරීත්වය ඇතැම් සංකේත ආශ්‍රිතව ද දක්වා තිබෙන්නේ අපූර්ව මෙන්ම. ඉතා දක්ෂ ආකාරයෙනි. නිසල දියට ගලක් දැමීම ,මොණරුන්ගේ හඩ, කිරලුන්ගේ හඩ ,ගින්න චිත්‍රයේ ඉරක් ඇදීම ,කුණාටුව ආදී සංකේතයන් තුලින් එය මනාව විවරණය කරනු ලබයි .
සෑම
සිතුවකින්ම ස්වාමින් වහන්සේට පෙනෙන්නේ ඇයගේ රුවයි. ඒ හේතුවෙන් චිත්‍ර සියල්ල හූරා
දැමීමට කටයුතු කලත් නැවත නැවත චිත්‍ර නවමු ලෙසින් සකස් කල හැකි වුවද, තමා ආධ්‍යාත්මික
වශයෙන් ලබාගත් ධ්‍යානය දුෂිත වූ විට නැවත සකස් කල නොහැකි බව තේරුම් ගනු ලබයි
.බුද්ධිය හා භාවයන් අතර දෝලනය වීම මෙන්ම සංස්කෘතික වශයෙන් ආගමික සීමාවන්ට සිමා වී
ඇති භික්ෂුවගේ මානසික ක්‍රියාවලිය බෞද්ධ දර්ශනයේ මනෝමුලික සංකල්ප තුළින් නිර්මාණය
කිරීමට සිනමාකරුවා සමත්ව ඇත.
චරිත
නිරුපණයේදී තරුණ භික්ෂුවගේ චරිතයට තුමිදු දොඩන්තැන්න ,තරුණියගේ චරිතයට අයේන්ද්‍රා වැනි රංගන
ශිල්පින් යොදා ගැනීම ඔවුන්ගේ බාහිර රුපකායම චරිතයට බොහෝ ලෙෂ ගැලපි ඇති අන්දම එයින්
නිරුපණය වේ. ප්‍රකාශන විධි මෙන්ම ග්‍රාමීය පරිසරයක උචිත සංකේත අපුර්ව ලෙස යොදා
ගැනීම දක්නට ලැබේ .කුළුණුගෙහි ලණුව දිගේ ඉහලට ගමන් කිරීමට දරණ පළගැටියෙකුගේ අසීරු
උත්සාහයක දර්ශනයක් තුලින් ඇලී ගැලීමෙහි හිදිම අගතිය කරා යන ගමනක ඵලයක් බව
සංකේතානුසරිව නිර්මාණකරුවා දක්වයි .
සංඛාරා සිනමා
නිර්මාණය අන්තර්ජාතික වශයෙන් අන්තර්ජාතික සම්මාන උළෙලවල් 10 කට වඩා
නියෝජනය
කරන්නට වරම් ලැබුනි Dhaka International film festival ( FIPRESCT Prize 1 ) 2008
හොදම චිත්‍රපටයට
හිමි සම්මානයට පාත්‍ර වීය .
එමෙන්ම
අන්තර්ජාතික සිනමා උළෙලකදී අධ්‍යක්ෂකවරයාට හිමිවන රිදී පිරමීඩ සම්මානයට පාත්‍ර
ඇත. Kerala International film festival ( silver crow pheasant ) 2006
Rotterdam International film festival ( NETPAC Jury Award ) 2007
තම පළමු සිනමා
නිර්මාණයෙන්ම අන්තර්ජාතික සිනමා උළෙලවල් රාශියකට නිර්දේශ ලැබෙන්නේ ප්‍රතිභාව
උපතින් ගෙනෙන සිනමාවේ නිර්මාණශීලි අධ්‍යක්ෂකවරුන්ට පමණි. එම භුමිකාව ප්‍රසන්න
ජයකොඩිට ද, හිමි විය .
සංඛාරා චිත්‍රපටියෙන්
පසුව ඔහුගේ පොදු නිර්මාණ භාවිතයක් ලෙස කර්ම 2013 දී තිරගත වන චිත්‍රපටයක් ලෙස එහි ප්‍රධාන
චරිත පියල් අමන්දා නදී යන චරිත ත්‍රිත්වය තුළ මුලිකව සිද්ධි නිරූපණයන් කේන්ද්‍රය
වී ඇත .ප්‍රසන්න ජයකොඩිට ආවේණික වූ සීමිත චරිත සංඛ්‍යාවක් යොදා ගනිමින් පුළුල්
ගැඹුරු කාරණයන් ඒ තුළින් විවරණය කිරීම චිත්‍රපටය තුළ දක්නට ලැබේ. චරිත නිරුපණයේදී
ඉතිහාසය ගොඩ නැගීමක් සිඳු නොකරනු ලබන අතර, චරිත නිරූපණය භාව ප්‍රකාශන අවධීන් තුළින් ප්‍රේක්ෂකයාට
ඉතිහාසය අවබෝධ කර ගැනීමට මග පාදයි .ජල ටැංකිය තුළ ගිලි සිටින පියල්ගේ ඒ සිද්ධිය
තුළ පුළුල් කතාවක් තේරුම් ගැනීමට බුද්ධිගෝචරව මග පාදයි ග එමෙන්ම කර්ම චිත්‍රපටය
ආරම්භයේ සුදු ඇතිරිලි සහිත ඇදක් උඩ පසෙක පියල්ගේ මව මරණය කරා අන්තිම හුස්ම ගනිමින්
සුසුම්ලයි. අනෙක් පස පියල් නිදි සුවයෙන් ගත කරයි .සිහිනය මායාව යථාර්ථය ඉතිහාසය තම
භාවයන්ට අනුරූප කර ගැනීම ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටියෙන් අවබෝධ කරගත යුතු බව ඒ තුළින්
නිර්මිත වේ .
මනෝභාවයේ
ඇතැම් ගුඪ ස්වරූපයන් සංකේත තුළින් මෙසේ නිර්මිත කොට ඇත මිනීපෙට්ටියක එක් පසෙක සුදු
ඇඳගත් කාන්තවක් සහ එම මිනීපෙට්ටියේම අනෙක් පස කළු පැහැය ඇඳගත් පුරුෂයෙකුට මැදිව
සිටින ඔහුගේ උඩු සිත හා යටි සිතේ ක්‍රියාකාරිත්වය ඒ වේදිකා නාට්‍ය කොටසින්
සිනමාකරුවා යටිපෙළින් දක්වා ඇත. අතිශය පෞද්ගලික කාරණාවක් කර්ම චිත්‍රපටය තුළ තේමාව
වී ඇති අතර, අමන්දාගේ චරිත
නිරූපණය වටා පියල්ගේ හා නදීගේ චරිත හා සිද්ධි බිහි වී තිබේ. අමන්දාව ලිංගික
සුරාකෑමට ලක්කරන නදීගේ චරිතයෙන් ගම්‍ය වන්නේ නාගරික කොළඹ ආශ්‍රිත රොක් මියුසික්
කලාවේ සංගීතවරයෙකුගේ භූමිකාවයි. පිළිකාවක් වැලදීමෙන් සිටින අමන්දාගෙ ජිවිතයට
පියල්ගේ පිවිසීම දක්වන්නේ පියල්ගේ ගරා වැටුණු කාමරයේ සිටි බළලා වතුර බහින කාණුවෙන්
අමන්දාගේ නානකාමරයේ විවරයක් අසල සිර වී මරණයට පත් වී ඇති නිසාවෙනි.
එමෙන්ම ගරා
වැටුණ අමන්දාගේ මහගෙදර මෙන්ම, අමන්දා විසින්
වරෙක දිරා ගිය ගසක් ස්පර්ශ කරන සිනමා රූපයක් දක්නට ලැබේ. පරඩල් හා පාසි ස්පර්ශ කරන
සිනමා රූපයෙන් සිනමාකරුවා සංකේතය වන්නේ පරඩල්, පෙද ,පාසි වෙලීමෙන් ගසක ජීව ගුණය විනාශ කර දමන්නා
සේ පිළිකාවද ශරීරය පුරා උඩුදුවා මිනිස් ජීවිතයක් විනාශයට ලක්වන බවයි .පියල් විසින්
අසාධ්‍යව සිටින්නා වූ අමන්දාට සත්කාර කරන අන්දම සහ දිනෙන් දින ඇගේ සෞඛ්‍ය තත්වය
දුර්වල වන අන්දම සංවේදී රූප රාමු ඔස්සේ එළිදැක්විමට සමත්ව ඇත. ඉදිරිපත් කිරීමේ ක්‍රමෝපාය
තුළ ආධ්‍යාත්මික ස්වභාවික රීතිය තුළින් දර්ශනයක් මතු කිරීමට ප්‍රසන්න ජයකොඩි නම්
සිනමාවේදීයා උත්සාහ කර ඇත. ඇතැම් විට ස්වභාවික රීතිය ඉක්මවා ගියත් ආකෘතිය තුළ
ස්වාභාවිකව ගලා යාමට ඉඩ සලසා දෙනු ලබන්නේ අපූර්ව අන්දමිනි .
කර්ම සිනමා
නිර්මාණය අන්තර්ජාතික සිනමා උළෙලේවල් රැසකට නිර්දේශ වී ඇත මේ ඒ අතරින් කිහිපයකි .
Sa o Paulo International film festival Brazil
Rotterdam International film festival Netherlands
Chicago International film festival
28 සිනමා
නිර්මාණය සිනමා රූපී මාධ්‍ය කලාව තුල පුරෝගාමී විශිෂ්ටත්වයකින් බිහි වූ සිනමා
නිර්මාණයකි .අසීමිත ප්‍රකාශන ශක්තිය හා සංකේත භාවිතය ප්‍රබල ලෙස නිර්මාණශීලි ගුණය
වඩ වඩාත් ඉස්මතු කරන්නට විය. ප්‍රකාශන ශක්තියේ තීවිර බව අපට සියැසින් දක්නට
ලැබෙන්නේ මියගිය සුද්දිගේ පාපොච්චාරණයකින් යුත් ආත්ම ප්‍රකාශයකිනි .
“එකට පළමු
වැරදි කාරයා මන් හිතන්නේ අපෙ ඉස්කෝලේ 9 පන්තියේ විද්‍යාව ටීචර් කියල ””
“අපි ඉස්සෙල්ලම
පෙරලුවේ විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම”
“දැන් මට
අවුරුදු 38 ක් මට තාමත්
ඒ පාඩම උගන්නල නෑ ”
ලාංකීය අධ්‍යාපන
ක්‍රමයේ හිඩැස මේ පාඩමයි. ඒ පාඩම අගටම එක් කොට ඇත්තේ එය එතරම් වැදගත් පාඩමක් යැයි
නොසිතන නිසාය. සමාජයේ දේශපාලනික ල ආර්ථික සංස්කෘතික හස්තයන් මේ පාඩම මඟ හැරීමට
කටයුතු කිරීමෙන් කොතරම් දෙනා සමාජයේ මංමුලාවෙන්නන් බවට පත්වෙලා තිබෙනවාද යන්න
සිනමාකරුවා ව්‍යංගයෙන් යටිපෙළින් සමාජය වෙත එම පැනය යොමු කරන්නේ සුද්දිගේ ආත්ම ප්‍රකාශනයෙනි
.
”ඒක ගමට හදපු
පළවෙනි බාත්රූම් එක ”
සුද්දිට ගමෙන්
යන්නට පාර කැපුවේ මේ බාත්රූම් එකට හොරෙන් රිංගු සිය මාමණ්ඩිය වේ ග සුද්දිගේ
මිනීපෙට්ටිය ගෙට ගැනීමට මිනීපෙට්ටිය කෙලින්ම බාත්රූම් එකට කැමරා කෝණය එක එල්ලේම
එල්ල කරන අතර, සිය මාමණ්ඩිය
ද කඳු මුවාව දෙස බලා සිටින්නේ තමා වරදක් නොකළ සුචරිත පුද්ගලයකු ලෙසිනි ග බාත්රූම්
එකේ පිටත දිය සෙවළ වලින් ජරාජීර්ණ වී ගොස්ය. මිනිසාගේ අභ්යන්තරය කිලිටි වීම
සිදුවන්නේ අපේ මානසික භාවයන් තුළද දිය සෙවළ අකුසල් හිත ක්‍රියාත්මක වීම මානයක් බවද
පෙන්නුම් කරයි .
“මං මැරිච්ච
හේතුවට වඩා මට ලැජ්ජ හිතුණේ සාරියේ පළුවක් නැති එකට ”
සාරියේ පළුවක්
නැතිවීම පිළිබඳ සුද්දී දක්වන සංකේතාර්ථය සුද්දිව සමාජය තුළ නිරුවත් කල සෑම දෙනාටම
පොදු ව බලපාන කාරණයකි ග තමන්ගේ මාමණ්ඩියගේ පටන් සෑම දෙනාටම එය අදාළ වේ. අපූර්ව
ආකාරයේ සංකල්පීය වශයෙන් කුසලතා පරිපුර්ණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස ප්‍රසන්න ජයකොඩිගේ
සිනමා ආඛ්‍යානය තුළ, සිනමා රූපය
තුළ එය සත්‍ය සිදුවිමක් ලෙස ගණුදෙණු කරන ස්වරුපයක් පෙන්නුම් කරයි. ශෝකය මුසු
උපහාසය සිනමා නිර්මාණයේ නිර්මාණාත්මක ගුණය වඩා වර්ධනය කිරිමට සමත් ව ඇත. බ්ලැක් කොමඩි සිනමා ෂෝනරය 28 සිනමා පටය පුරාම දක්නට ලැබේ .
චරිත
නිරුපණයේදී එක් දිගට දිවෙන සිනමා රූපරාමු තුළ රංගනයෙන් මනා පරිචය ලත් රංගවේදීන්
යොදා ගැනීම අබසිරි, සුද්දී ,ලෙනින් යන චරිත ඒ අතර
සුවිශේෂී වේ. සුළු චරිත සංඛ්‍යාවකින් සමස්තය හකුළුවා ප්‍රතිභාසම්පන්න පණිවුඩයක්
රැගත් නිර්මාණයක් නිමවීම කුසලතා සම්පන්න අධ්‍යක්ෂකවරයෙකුගේ භූමිකාව ඔහු විසින්
සිදුකර ඇත්තේ ඉතා පරිපුර්ණිත අන්දමිනි.
යථාර්ථයට එහා
ගිය අධි යථාර්ථවාදී එළඹුමකින් නිර්මාණය පරිපූර්ණිත වුවද, 28 චිත්‍රපටිය තුළ
ස්වභාවිකව ගලා ගෙන යාමට චරිත සිද්ධි පෙළගස්වා තිබීම ඉතා උත්කෘෂ්ටය ග සුද්දිගේ ආත්ම
ප්‍රකාශයන් මෙයට මනා උදාහරණ සපයනු ලබයි .
“ඒත් මං එයාට
ආදරේ කලේ එයාගේ වයසටවත් රුපෙටවත් නෙවේ ”
“එයා මාව කසාද
බදිනවා කිවුවම මගෙත් එක්ක හිටපු කොල්ලෝ දෙන්නගෙත් ඇස් උඩ ගියා”
එමෙන්ම එක්
පැත්තක මිය ගිය ගැහැණු කෙනෙක්ගේ ආත්ම ප්‍රකාශනයයි, තවත් පැත්තක ජීවත්ව සිටින පුද්ගලයින්ගේ චරිත
සිද්ධි හුවමාරුව තුළ ස්වභාවිකත්වය අඩංගු වී ඇත්තේ ඒ නිසාය .කැමරා කෝණ භාවිතා
කිරීමේදී සුද්දිගේ ආත්ම ප්‍රකාශයන් සඳහා සමීප රූප විශිෂ්ට ලෙස යොදා ගෙන ඇත්තේ
තාක්ෂණික වශයෙන් ලබාගත් තාක්ෂණික හරඹයන්ගේ මනා කුසලතාව තුළිණි. ඇලහැරට යන ගමනේදී
කදු ශිඛර පසු කරමින් යන ගමනේදී ගමනේ විඩාව පෙන්වීම සඳහා දුර රූප ,අති දුර රූප කෝණ යොදා
ගැනීම තුළින් නිර්මාණශීලිත්වය වඩ වඩාත් කැපී පෙනෙයි .
ඇතැම් විටෙක 28 සිනමා කෘතිය තුළ එක
දිගට දිවෙන ඒකාකාරී රූප රාමු නිසා සිනමා රූපයෙන් නෙත ගිලිහෙන අවස්ථාද ඇත.
යුහුසුළුව, බුද්ධිගෝචරව
සිනමා කෘතියේ යටිපෙළ සහිතව විමසීමේදී ශ්‍රී ලාංකීය සමාජය තුළ බුර බුරා නැගෙන්නා මේ
සමාජීය අර්බුදය නිතැතින් දිස්වෙනු ඇත. අධ්‍යක්ෂකවරයා බුද්ධියට සිතන්නට දී අප
ඉදිරියේ ප්‍රශ්නයක් ඉතුරු කර ගොස් ඇත. එම ගැටලුව අපිම විසදා ගත නොවේ ද සොබාදහමේ
දේශපාලනයට යටත්ව නිදහස තහවුරු කර ගැනීම ඔබේ මෙන්ම සෑම ජීවියෙකුගේ වගකීමකි .
මෙලොව ජීවය
පවතින්නා වූ නානාවිධ සත්ව ශාකයන්ගේ පැවැත්ම මෙන්ම මනසින් උසස් යැයි සලකන මිනිසාගේ
පැවැත්ම තීරණය කරනු ලබන්නේ ද එක් ධර්මතාවක් මඟිනි .එනම් සොබාදහමේ ධර්මතාවය වන
ලිංගිකත්වය මඟිනි. 28 නම් සිනමා
නිර්මාණය ආසියාව තුළම කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වුවත්, ලාංකීය සමාජය තුළ මෙය
පිළිබදව ඇත්තේ එතරම් සුබදායී දැක්මක් නොවේ. එයට හේතුප්‍රත්‍ය වන්නේ ලාංකීය සමාජය
තුළ ලිංගිකත්වය යන කාරණය ලිංගික විකෘතියක් ලෙස රෝපණය වී ඇති දෘෂ්ටිය මතය නිසාය .
ගැහැණිය ලෝකය
මවන්නීය ,ආදරය ලබා
දෙන්නීය, බර උසුලන්නීය,
දුක් උසුලන්නීය නිහඩවම
දුක දරාගෙන මිය යන්නීය. ලාංකීය සමාජය තුළ ගැහැණියට අත් වූ ඛේදනීය දුඛාන්තයක් අධි
යථාර්ථවාදී මානයෙන් යුතුව නිර්මාණය කිරීමට ප්‍රසන්න ජයකොඩි නම් සිනමාවේදීයා සමත්ව
ඇති අයුරු 28 චිත්‍රපටියෙන්
මනාව නිරුපණය වේ. සොබාදහමේ ධර්මතාවයන්ට අනුව දරුවෙකු පිළිසිද ගැනීම ,ඉපදීම ,ලිංගික ආශාවන් ඇති වීම,
කෘෂිකර්මාන්තයට,
කාන්තාවන්ගේ මාසික
ආර්තවයට වැනි ස්වභාවික ක්‍රියාවන් සිදුවන්නේ දින 28 කට වරක්ය. 28 නම් සිනමා නිර්මාණය තුළ ප්‍රේක්ෂකයාට
හිතන්න දෙයක් ඉතුරු කර තිබීම අධ්‍යක්ෂකවරයාගේ මනා පරිපුර්ණ හැකියාවයි .
28 සිනමා
නිර්මාණයේ තේමාව ආරම්භ වන්නේ පතලේ තම නෑදෑ පුත්‍රයා මනී සමඟ ස්ත්‍රියගේ හැට හතර
මායම් පිළිබද අබසිරි වර්ණනාවක සිටින විට, තම පියා විසින් සුද්දිගේ මරණය සැල කලවිට,
අවුරුදු ගණනාවකට පෙර
අතුරුදහන් වූ සුද්දී නැවත සොයාගෙන යාම අරමුණු කරගෙනය. එහෙත් අබසිරිට කොළඹට ගිය විට
ආරංචි වන්නේ සුද්දිව දුෂණය කර මරා ඇති බවයි ග තම නැතිවූ බිරිද පිළිබද ස්නේහ භාවයන්
තුළින් සංවේදී කාරණයක් ලෙසින් බලන්නට අබසිරිගේ මනෝමුලික අභ්යන්තර හැගීම් ක්‍රියාකළේ
දුක තුනී කරගත් ධෛර්යමත් අව්යාජ ගැමියෙක් ලෙසිනි .
“මේ දවස්වල
පත්තරවල ස්ත්‍රී දුෂණ මිනීමැරුම් ලිංගික අපචාර ලිපියක් දෙකක් වරදින්නෙම නෑ ”
සුද්දී
මොචරියේ සිට තම ආත්ම ප්‍රකාශය වැමැරීමට පටන් ගනී .සත්‍ය ජීවිතයේ මැරුණු මිනිස්සු
කතා කරන්නේ නැත. එහෙත් සුද්දී කතා කරයි. ඇය දුෂණය වී මරණයේ තුරුලට ගිය කාන්තාවන්
උදෙසා තම හඩ අවදි කරති. ලාංකේය සමාජයේ මාධ්‍ය භූමිකාව තුළ කාන්තා දුෂණ සාමාන්‍යකරණයට
ලක්ව ඇති අයුරු සුද්දිගේ ප්‍රකාශයෙන් තහවුරු වේ .
සුද්දිගේ මරණය
අහඹුවක් නෙවේ .මේ සමාජයේ බහුතරයක් සුද්දිගේ මරණයට වගකිව යුතුය
“එකට පළමු
වැරදිකාරයා මන් හිතන්නේ අපේ ඉස්කෝලේ නවයේ පන්තියේ විද්‍යා ටීචර් ”
“අපි පෙරළුවේ
විද්‍යාව පොතේ අගටම තිබුණු ප්‍රජනන පාඩම ”
“දැන් මට
අවුරුදු 38 ක් වෙනවා
තාමත් මට ඒ පාඩම උගන්නල නෑ ”
අපේ අධ්‍යාපන
ක්‍රමයේ ඇති එක තැන් පල් වීමේ ගතිය, සම්ප්‍රදායික මත වල එල්බ සිටීම, දුපත් මානසිකත්වය,
යටත්විජිතවාදී යල්පැන
ගිය අදහස් තවම අප මුදුන් පත් කරගෙන සිටියි. සමාජය තුළ විවෘතව කතා කිරීමට ඇති
ලැජ්ජාව බිය තවත් මෙවැනි ලෙස සුද්දිලාගේ ජීවිත අවධානමට ලක් කිරීම මෙන්ම ,ඛේදනීය ඉරණම වලක්වන්නට
නම් ඒ සදහා පෙරට ඒම අත්‍යවශ්‍ය කාරණයකි. අපේ අධ්‍යාපන ක්‍රමය තුල කීයෙන් කීදෙනා ද
ලිංගිකත්වය යන කරණය විවෘතව කතා කරනු ලබන්නේ .සංස්කෘතික වශයෙන් විවිධ බැමි හදා ගෙන
වික්ටෝරියා සංස්කෘතියෙන් අහුලා ගත් මානසික දෘෂ්ටීන් තම ඔළුගෙඩිවල පුරවගෙන, සමාජයම විෂබීජ වලින්
කුරුවල් කිරීම සිදුවේ. ලිංගික අධ්‍යාපනය තුළින් ලිංගිකත්වයේ තිබෙන ධර්මතාවය ස්වභාව
දහමේ දේශපාලනයෙන් අපට ලබා දෙන ස්වභාවික ක්‍රියාවලියක් ,අවශ්‍යතාවක් ලෙස සමජ්‍යට පෙන්වා දිය යුතුය .
අබසිරි ප්‍රථම
වරට සුද්දිගේ නිරුවත දකින්නේ මල්ශාලාවේ එම්බාම් ලෑල්ල මතදීය. මිට අවුරුදු ගණනකට
පෙර යුග දිවියක් ගතකල අබසිරි සුද්දී මෙසේ මරණයට පත් වෙනකම් පවා, ඇයගේ නිරුවත නොදක්කේය.
අඳුරට ආදරය කරමින් තම හැගීම් අදුරේම සැගවී සපථ කරන්නට ඔවුන්ට සිදුවිය .මානසික නිදහසක්
මෙන්ම අඹු සැමියන් වූව ද ඔවුනට නිදහසක් නොවීය .
බාත්රූම් එකේ
නිරුවතින් නෑම පමණක් නොව, තම මාමණ්ඩි
කවුළුවෙන් බැලීමෙන් එය ගමටම ආරංචි වී සුද්දී ගමෙන් අතුරුදහන්ව, කොළඹ ගණිකා වෘත්තියට
එලැඹෙයි. සුද්දිගේ කතාව තුල ඇය ගණිකාවක් බවට පත්වන්නේ නොදැනුවත්කම ,ලිංගිකත්වය පිළිබද
තිබු ලැජ්ජාව, කුතුහලය වැනි
කාරණා නිසායි නමුත් අවසානයේදී ඇයගේ ඛේදනීය තත්වයකට පත් වුයේ ලිංගික පරපීඩනයට ලක්ව
පුරුෂයෙක් අතින් ඇය දුෂණය කර මරා දැමීමේ ඛේදාන්තයයි .
“දවසට හත් අට
වතාවක් ඇග දන්දෙන කුසුමෙවත් ඒ පිනෙන් බේරිලා හිටියොත් ඇති ”
ගමේ කොල්ලෝ
කුරුට්ටන්ට සුද්දිට හූ හඩින් අවලාද කරනු ලැබුවේ සදාචාරයක් නොමැති ගැහැණියක් ලෙස
බාත්රූම් එකේ නිරුවතින් නෑව ආකාරයයි. කවුරුත් බාත්රූම් එකට හොරෙන් එබිකම් කරපු
මාමණ්ඩිගේ සදාචාරය සෙව්වේ නැත. සමාජය තුල සදාචාරය මුදුන් මල්කඩින් තබා ගෙන
ලිංගිකත්වය වැනි සොබාදහමේ නිත්‍ය සියුම් කාරණා යටපත්ව උඩින් සුචරිතවාදීන් ලෙස
සමාජය තුල රඟපෑමට ඒ සුචරිතවාදීන් කැමැත්තක් දක්වයි .
සදෙවිමි ඝාතනය
,යාපනය පාසල්
දැරියගේ ඝාතනය, බලහත්කාරකම්,
කාන්තා ලිංගික
සුරාකෑම් යන අපරාධ වලට ප්‍රධාන හේතුව වූ මුඛ්‍ය හේතු වන්නේ සදාචාරයේ හෙළුව තුළින්
සොබාදහමේ නිත්‍ය ක්‍රියාවලීන් පාලනය කිරීමට යත්න දැරීමයි නිර්මාණකරුවා ලෙස ප්‍රසන්න
ජයකොඩි උත්සහ දරන්නේ මේ යටිපෙළ සමාජය අවබෝධ කර ගැනීමයි .
“අපෙ තාත්තා
වාමාංශිකයා මං ඉපදිලා තියෙන්නේ ලෙනින්ගේ උපන්දිනයට දවස් 4 කට පස්සෙ”
“අපි මෙහෙ
හිටියට දකුණේ ”
අධ්‍යක්ෂවරයා
සමාජය පිළිබඳ විවරණය කිරීමේදී චරිත හසුරුවා ඇති ආකාරය ඉතා අපූර්වය ලෙනින්ගේ චරිතය
තුළින් එය මනාව නිරූපණය වේ. වාමාංශික ව්‍යාපාරය, නිර්ධන පන්ති අරගලය ,මාක්ස්වාදය, සමානාත්මතාවය, සර්ව සාධාරණය, ප්‍රජාත්‍රන්තවාදය යන
මාතෘකා පිළිබද කටින් පාරම් බාන ලෙනින් නම් අයිස්ක්‍රීම් වෑන් රථයේ රියැදුරු විටෙක
සුද්දිගේ පාස් පොත දැක ඇයගේ මෘත දේහයෙන් හදුනා ගනු ලබයි. බි්‍රයටි්‍රස් නමින්
ගණිකා වෘත්තියේ යෙදුණු සුද්දිගේ එක් ගනුදෙනුකරුවෙක් වග ප්‍රේක්ෂකයාට ඒ ගැටලුව
පිළිතුරු සුද්දිගේ පාස්පොත හා සුද්දිගේ දුරකථන අංකය නාද වීම පිළිබද සිද්ධිය ගෙන
හැර දක්වයි. සමාජයේ අනෙකා වෙනුවෙන් පෙනී සිටින්නට දගලන අතීත වර්තමාන වාමාංශිකයන්ගේ
සත්‍ය ස්වරුපය මේ තුළින් පැහැදිලි වේ. වමේ ව්යාපාරයට උපහාසාත්මක සංකේතීය පහර
ගැසීමක් අධ්‍යක්ෂකවරයා ඉතා දක්ෂ ව යොදා ගෙන ඇත.
“තමන් ගැන ඇත්ත
කියන්න පණ තියෙන මනුස්සයෙක්ට නම් බෑ මං ඇත්තමයි කියන්නේ ”
අයිස්ක්‍රීම්
වෑන් එකේ සුද්දිගේ මිනී පෙට්ටිය රැගෙන යාම පවා බොරු රාශියක ප්‍රතිඵලයකි. මේ සමාජයේ
ජීවත් වන්නට නම් බොරු නොකිය සිටීමෙන් බැරි බව ව්‍යංගයෙන් අවබෝධ වේ. අධ්‍යක්ෂකවරයා
ඇතැම් විට ප්‍රේක්ෂකයාට සිනමා ආඛ්‍යානය තුල මවා පෑම් කරනු ලබයි. අධි යථාර්ථවාදයේ
ලක්ෂණ එයයි. අයිස්ක්‍රීම් වෑන් රථයක හුඞ් රැක් එකක් උඩ මිනි පෙට්ටියක් රැගෙන යාම,
මරණින් පසුව සුද්දිගේ
ආත්ම කථනය වැනි දේවල් ඒ අතර වේ. නිර්මාණයේ නිර්මාණාත්මක ගුණය වඩවා ගන්නට අධ්‍යක්ෂකවරයා
ඒ සිනමා ශිල්පිය ක්‍රම මානව උපයෝගී කොට ඇත.
ගැහැණියකට
සමාජය තුළ සත්‍ය කතා කරන්න නිදහක් නොමැත. ඒ නිසා මළ ගැහැනියක් ලෙස සුද්දිගේ කථනය
වඩා බලසම්පන්න ලෙස චිත්‍රපටය තුල නිරූපිත වේ. සමාජයට සත්‍ය හෙළිදරව් කිරීමක් ඒ
තුලින් සිදුකරනු ලැබීය. සදාචාරයෙන්, සමාජයෙන් ,සංස්කෘතියෙන් නිරුවත් කල සුද්දීව ඇය ඇගේ නිරුවත සමාජයටම
හෙළිදරව් කරයි. 28 සිනමා කෘතිය
අවසානයේදී සුද්දී කරන එක් ප්‍රකාශයක් තුළ ගැඹුරු ආඛ්‍යානයක් ගර්භිත කොට ඇත .
“අබසිරි
මැරිච්චි ගෑණු විතරක් නෙවේ උන්ව මරපු මිනිස්සුත් පව් ”
සදාචාරයට
මුවාවී තම අභිලාෂනයන් මුදුන් පත් කර ගැනීමට නොහැකිව පිඩාවට ලක් වූ මිනිස්සු
පිළිබඳව ද සුද්දී දක්වන්නේ සානුකම්පිත හැගීමකි. ලිංගිකත්වය කුණුහරපයක්, විකෘති මානසිකත්වයෙන්
ඒ දෙස බැලීම සමාජය ඉදිරියේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීමට ඇති නොහැකියාව, අසහනකාරී හැගීම්,
පිළිකුල් ලෙස දැකීම ,අනවබෝධය වැනි මනෝමුලික
දෘෂ්ටින් පිරිමින් විසින් එම පීඩනය පිට කරනු ලබන්නේ ගැහැණියක් දූෂණය කිරීම තුළිණි
.ඇයව දූෂණය කර මරා දමනු ලබන්නේ සමාජය ඒ පිළිබඳ දැනගනිමේදී සමාජයෙන් ගැරහුම් ලැබීමට
ඇති අකමැත්ත නිසාවෙනි .
“සුද්දිට අගෞරව
කරන්න එපා ”
අබසිරිට
සුද්දී මැරුණ ආකාරය ගැන දැනගනීමට අවශ්‍ය නැත .ඔහු තවමත් සුද්දිට අගෞරව කරන්න එපා
යැයි සමාජයෙන් ඉල්ලයි මම ද සමාජයෙන් ඉල්ලන්නේ සුද්දීලාට ගෞරව කරන්න යන්නයි .
28 සිනමා
නිර්මාණය 2014 නෙදර්ලන්තයේ Rotterdam International film festival හිදී හොදම ආසියානු චිත්‍රපටය ලෙස NETPAC සම්මානයට පාත්‍ර වීය .
2018 සාර්ක් සිනමා
උළෙලේදී හොදම චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානයට පාත්‍ර වීය
දෙරණ සිනමා
උලෙලේ හොදම පිටපත් රචනයට හිමි සම්මානය ප්‍රසන්න ජයකොඩි විසින් දිනාගනු ලැබිය .
ජයංගනී ප්‍රබුද්ධිකා නාරංගොඩ
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
tnqqqqqqq
ReplyDeleteනියමයි. කියවන්න ආස හිතෙනව. හිතන්න තැන් බොහෝයි. ජයවේවා...
ReplyDelete