කලාව තුළ විවිධාකාර සාහිත්‍ය ප්‍රවේශයන් පවතී නාට්‍යය ද ආරම්භ වන්නේ සාහිත්‍යයෙනි නාට්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස ගත් විට ඉතා ඉක්මනින් සමාජය හා ජීවිතයට ලංවිය හැකි මාධ්‍යයකි එසේ වූව නාට්‍ය යනු ප්‍රාසාංගිකව ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණෙන්නකි තව ද නාට්‍ය යනු රගපෑමේ දිගුවකි (ඇතුගල, ආරියරත්න නූනන රංගභූමිය පි 10) සාමුහික ක්‍රියාකාරකම්හි යෙදෙන නාට්‍ය සමුහයා සාමුහිකව මවන ලෝකය හැඩගැසෙනුයේ රංගභූමිය නම් සාමුහික පලස මතය
අදුරේ සිට ආලෝකය දක්වාත් නිහඩ බවේ සිට ශබ්දය දක්වාත් නිශ්චලතාවයේ සිට චලනය දක්වාත් එකී සම්බන්ධතා රාශියක් එකතුව රංගභූමිය තුළ සංකේත ප්‍රතිරූප සංවේදිතයන් සෞන්දර්යාත්මක ගුණයෙන් ඔපමට්ටම් කළ ප්‍රේක්ෂාව වඩාත් ප්‍රඥාවන්තව සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය තුළ ඥානවබෝධ උත්පාදනය කරන ලද්දේ මනමෝහනීය ලෙසිණි ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂාව නොසිතූ තරමේ අස්වැසිල්ලකින් භාව සන්තර්පණය කිරීමට නාට්‍ය සාමූහිකයාගේ ප්‍රතිභාව සමත්වනු ලැබීය
භාරතයේ කාන්තාව සති චාරිත්‍රයට අනුව අභාග්‍ය සම්පන්න ලෙස මියගිය සැමියාගේ දර සෑයට පැන සියදිවි නසාගන්නට සැලැස්වූයේ ද චීනයේ කාන්තාවට යකඩ සපත්තු පැළදුවේ ද යුරෝපයේ කාන්තාව ආගමික භක්තිය හා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති කරගත් බැදීමට කුරිරු මරණයක් උරුම කරදීමේ හේතුව වශයෙන් යොදා ගත්තේ ද අප්‍රිකාවේ කාන්තාවට කිසිදාක ලිංගික වශයෙන් පූර්ණ තත්වයක් ලබා ගත නොහැකි පරිදි චර්ම ඡේදනය සිදු කලේ ද කාන්තාවකගේ කාන්තාභාවය හේතුකොටගෙන යටහත් පහත් භාවයට පත්කරමිනි ( හේරත් 2008 පි 2) ඉතිහාසය පුරා ගැහැණුන් විඳි අපමණ දුක් කන්දරාව අඩත්තේට්ටම් හා ඔවුන්ගේ සාහසික ඝාතනයන් මේ සා ප්‍රමාණයක් කියා හැදින්වීමට ලංකාවේ දසතින් වාර්තා වූ කාන්තා ඝාතන පිළිබද පුවත්පත් වාර්තා ගෙනහැර පාමින් එවැනි කාන්තා චරිත කිහිපයක් විශේෂ කරගනිමින් කාලීන සමාජ ගැටලුවක් අතීත පුරාණෝක්තියක් කතාවක් හා සම්බන්ධ කරමින් කළ සන්නි සන්නි සංගීතමය නර්තන රංගනිර්මාණයේ භාව ප්‍රකාශන තුළ අර්ථයන් වඩ වඩාත් දැනවීම උදෙසා සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය ආරම්භය අන්ධකාරය හා සාමූහික කාන්තා හැඩීමේ අදෝනාවක් සමග දෝංකාරයක් මුසු කරනු ලබති අන්ධකාරය තුළ ආත්ම කථනය ප්‍රකාශ කිරීම උදෙසා දෙබස් ඉදිරිපත් කරන ඇය විදුලි පන්දමේ ආලෝකය තම මුහුණ වෙත එල්ල කරමින් හ්ම් ශබ්දයක් වත් නොමැති නිසොල්මනයෙන් රජයන සරවියේ මී අඹසෙවන ප්‍රේක්ෂකාගාරය වෙත තම කාන්තා හඬ අවදි කළාය
චමිලා දිසානායක ඝාතනය
■ මාත් ඔයාලා වගේම තරුණ ගෑණු ළමයෙක් මටත් ඔයාලට වගේම හීන තිබුණ ඒ හීන හැබෑ කරගන්න මාත් ඔයාලා වගේම මග බලාගෙන හිටියා ඒත් මගෙ අවාසනාවට මං පිළිකා රෝගියෙක් මං ගියා දොස්තර මහත්තයෙක් ළගට බෙහෙත් ගන්න ඒත් මට සිද්ධ වුණේ ඒ මිනිහ අතින් දූෂණය වෙන්න මාව දූෂණය කරා විතරක් නෙවේ ඉස්පිරිතාලේ තට්ටු හයකින් තල්ලු කරලා මාව මරලා දැම්මා
මීගමුව උසාවියෙන් අවු 15ක සිර දඩුවමට නියමිත වු වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලාගේ නැමැති පුද්ගලයා 23 හැවිරිදි චමිලා දිසානායක නැමති තරුණියව ලිංගික අපචාරයට ලක්කොට රෝහලේ හයවැනි මහලේ සිට පහළට තල්ලු කර දමා ඇත අපචාරයට ලක් වු තැනැත්තිය මොනරාගල පදිංවි කටුනායක වෙළද සංකීර්ණයේ සේවයේ නියුතු කාන්තාවකි www.adaderana.lk
සේයා සදෙව්මි ඝාතනය
■ මගෙ පස්වැනි උපන්දිනේ සමරන්න මම මගබලාගෙන හිටියේ තව දවස් තුනකින් අයිස්ක්‍රීම් අරන් එනවා කියලා මං මගෙ යාළුවො හැමෝටම කිවුවා මගෙ අහිංසක තාත්තා මට ලොකු බෝනික්කෙක් අරන් දෙන්න සල්ලි එකතු කරා ඒත් එදා රෑ කොහෙන්දෝ ඉදලා මගෙ ළගට ආපු මනුස්සයෙක් මාව අරගෙන ගියා මට එකපාරටම ඇහැරුණා අනෙ මං කෑගහුවා අම්මේ අම්මේ
කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ පදිංචි වයස අවු 04ක් මාස 11 දින 25ක් වයසැති සේයා සදෙව්මි සිගිති දියණිය 2016 සැප්තැම්බර් 11 වැනිදා පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට මරා දමා ඇත\
කුසුමාවතී ඝාතනය
■ 1972 අප්‍රේල් 17 වැනිදා කළුතර පැවති අවුරුදු උත්සටයකින් මම අවුරුදු කුමාරි වුණා එදා තෑගි දෙන්නවිත් හිටියේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ලොකු ලොකු මහත්වරු මට සාටකය පලන්දන්න ආපු ඇමතිතුමා මාව සිපගන්න හදනකොට මං ඔහුව පිළිකුල් කරලා දෑතින්ම තල්ලු කරලා දැම්මා ඊට දවස් 14කට පස්සේ හත්දෙනෙක් විසින් දූෂණය කරලා ටයර් දාලා අමු අමුවේ පුළුස්සපු මගෙ සිරුර මගෙ අයියා සුමතිපාල සොයා ගන්නවා එදා මගෙ අයියා අද හිතුමතේ ජීවිතේ
1972 අප්‍රේල් මාසයේ වයස අවු 15ක් වයසැති කුසුමාවතී කළුතර අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය වු අවස්ථාවේදී එම වේදිකාවේ තෑගි ප්‍රධානෝත්සවයට පැමිණි මැති ඇමතිවරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සුමතිපාල නොහොත් වර්තමානයේ හිතුමතේ ජීවිතේගේ නැගණියව 7 දෙනෙකු විසින් දූෂණය කර පණපිටින් ටයර් දමා පුළුස්සා සාහසිකව ඝාතනය කරන ලදී
ප්‍රේමවතී මනම්පේරී ඝාතනය
■ කතරගම කියද්දී මතක් වෙන්නෙ ශුද්ධ නගරයක් පින් කරන්න පෙරුම් පුරන් පව් කරපු අය පව් හෝදන ශුද්ධ නගරයක් එහෙම නගරයක් පව්කාර විදිහට විලාපලන්න මං කොයිතරම් අවාසනාවන්තියක් ද අනේ එපා එපා කියද්දිත් ඇගට ගොඩවුණු රකුසන්ට අනේ මං මැරිලා නෑ කියද්දිත් පණ පිටින් වෙඩි තියලා වළලද්දිත් පස් අස්සෙ හුස්ම ගත්ත පව්කාරී මං ඒ හැමදේකටම වඩා කතරගම විතරක් නෙවෙයි ප්‍රේමවතී නම ඇහෙනකොට තාම ඇහැකට කදුලක් උනන්න තරම් නපුරු මතකයක් එකතු කරපු පව්කාරී මං
1971 අවුරුද්දේ කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළදන 22 වයසැති ප්‍රේමවතී මනම්පේරී පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ නොමනා ආරධනාව නොපිළිගත් කල්හි පහත් අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට නොවූ නිසා 71 කැරැල්ලේ වැරදිකාරියක් ලෙස හංවඩු ගසා කැරලිකාර සැකකාරියක් ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන අපයෝජනය කර සාහසික ලෙස පහර දී හමුදා ලුතිනින්වරයෙකුගේ විධානය යටතේ වෙඩි තබා ඝාතනය කරන ලදී
ඩබ් බී එම් කමලාවතී
■ නීතිය කෝ කොහෙද නීතිය කාටද නීතිය පාරක් පාරක් ගානෙ මං මගෙ මනුස්සයව බේරගන්න මහන්සි වෙද්දි මහලොකු අග්‍රවිනිශ්චයකාරයා මගෙ මනුස්සයව බේරලා දෙන්නම් කිව්වා අනේ මහත්තයො මට මගෙ මනුස්සයට වැරද්දක් කරන්න බෑ කියලා බෙරිහන් දෙද්දි දුප්පත්කමයි අසරණකමයි එක්ක ඒ මනුස්සයා ඉස්සරහ පාවල දෙන්න වුණු මගෙ පිරිසිදු ගෑනු ආත්මෙට නීතිය දුන්න අසාධාරණය ද මේ
කමලාවතීගේ සැමියා වන ඩී ජී ඒ චන්දන පුෂ්පකුමාරට නිකවැරටිය උසාවියේ බාල රත්රන් බඩු උකස් කිරීම සම්බන්ධව නඩු පැවරී තිබුණි අධිකරණය විසින් ඔහුට ඇප ලබා දීම සම්බන්ධව අවසර දුන් අතර ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුයේ ලෙනින් රත්නායක විනිසුරුතුමාය කටඋත්තර ගැනීමට යැයි මුසා පවසා ඇයව ගෙන්වා බලහත්කාරකමට ලක් කෙරිණි ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබද යුක්තිය ඉටු කර ගැනීම
■ මං විද්‍යා මම දෙමළ කෙල්ලෙක් තමා මහත්තයා එදා හරියටම 2015 මැයි 15 වැනිදා උදේම ඉස්කෝලේ ගියේ ආපහු එන්න හිතාගෙන ඒත් මගේම මාමලා බාප්පලා එකතු වෙලා මාව පැහැරගෙන ගියා පැහැරගෙන කැළැවකට අරගෙන ගියා
■ ලස්සන හැමෝම හිතන් ඉන්නෙ ලස්සන කියන්නේ ගෑනුන්ට ආභරණයක් කියලා ඒත් ඒ ලස්සන හින්දම ගෑණු සිය දහස් ගණනකට අනන්ත අප්‍රමාණ අසාධාරණකම් සිද්ධ වුණා
■ උඹ දන්නවද මයෙ පුතේ මාස දහයක් මං උඹව බඬේ තියාගෙන මේ ලෝකෙට බිහිකරන්න කොච්චර දුක් වින්දදද කියලා උඹේ තාත්තා පිටරටකට ගියේ උඹටයි මටයි කාටවත් අත නොපා ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න කරදඩු උස් මහත් වෙච්ච උඹ හැමදාම රෑට රෑට කිරි වීදුරුවක් අරගෙන මගෙ ළගට එනකොට මං හිතුවා ඒ උඹේ ආදරේ කියලා ඉතිං මයෙ පුතේ ඒ කිරි වීදූරුව බිව්වට පස්සේ මට දන්නෙම නැතුව නින්ද ගියා ටික දවසකින් නොනවත්වාම මට වමනෙ යනකොට මගෙ ඇගට අමාරු වෙනකොට වෛද්‍යවරු සොයාගන්නව මම අම්මා කෙනෙක් වෙන්න යනව කියලා අනේ මගෙ පුතේ මං කාට කියන්නද කවුරු අහන්නද උඹේ තාත්තාත් ළග නැතුව මං ගැබ්බර වුණා කියලා සමාජෙන් එන අපවාද එල්ල වෙද්දි සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න උඹේ අම්මාට බැරි වුණා මයෙ පුතේ
සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය වර්තමාන සමාජ කතිකාවකින් ආරම්භ කර ප්‍රේක්ෂකයාව අතීත පුරාණෝක්ති කතාවක් වෙත පෙළ ගසවන්නේ අපූර්වාන්විත වූ රංගභූමී පරිචයක් ද සහිතවය. කැලණි විශ්වවිද්‍යාල භූමියේ මී අඹ සෙවණ අසල නුගරුක් පරිශ්‍රය රංගභූමී සිරිය අතීත පුරාණෝක්ති කතාව වෙත සිනමා පටයක රූප පෙළක් මෙන් ප්‍රේක්ෂකයාගේ චිත්ත අභ්‍යන්තරයේ රූප රාමු පෙළගැස්වීමට සමත් විය
සංඛපාල රජු
යුදයට ගිය විට බිසව ගැබ් ගෙන සිටි අතර බිසවට එය රජුට පැවසීමට අවස්ථාවක් නොලද්දේය. ඒ අතරතුර මී අඹයක් කෑමට ඈට දොළදුකක් විය රජු නොසිටියෙන් මහා ඇමති ඉතා
දුෂ්කර වී අඹයක් සොයා ගෙනැවිත් දුන්නේය .
මී අඹ අවාරය හේතුවෙන් බිසවට මෙන්ම තවත් ගැබ් ගත් ස්ත්‍රීයකට අඹයක් කෑමට සිත් පහළ වී තිබිණි බිසවට අඹයක් ලැබූ බව ආරංචි වූ ඇය
බිසවගේ අඹයෙන් කොටසක් ඉල්ලා සිටියාය . එය
නුදුන් කල බිසවට ශාප කර රජ එන පෙරමගට ගොස් ඇමති
බිසව අතර සම්බන්ධයක් ඇතැයි කේලම් කීවාය . රජු කිසිදු විචාරයකින් තොරව
අසුපාල කුමරියව පුබ්බේරිය ගසක එල්ලා දෙපලු කර මරණයට පත් කිරීමට රජ නියෝග නිකුත්
කරයි අසුපාල කුමාරිකාව පුබ්බේරිය ගසක බැද දෙපලු කර මරා දැමීමේදී ඇයව මැරීමට ගසන ලද පහරින් ශරීරය දෙපලු වෙයි . දෙපලු
වූ පලු දෙක යලි එක් වී මහා කෝල සන්නි යකා
ඉපිද තම මව මැරූ පලිය ගැනීමට විෂ යෙදු බෙහෙත් ගුලි දහ අටක් සකස් කිරීම තුළින්
සන්නි යකුන් දහ දෙනාගේ උපත සිදු වූ බවත් විශාලා
මහනුවර තුන්බිය ඇතිකර මනුෂ්‍ය ජිවිත සුවිශාල ප්‍රමාණයක් විනාශ කල බව අතීත
පුරාණෝක්ති කතාවෙන් කියැවේ
මේ අතීත
පුරාණෝක්ති කතාව සන්නි
සංගීතමය නර්තන
රංග නිර්මාණය මාර්තු 27 , 28 දෙදින විශ්ව විද්‍යාල භූමියේ මි අඹ සෙවන එළිමහන් පරිශ්‍රයේදී දෙවැනි වරටත් ප්‍රේක්ෂකගත විය .
නාට්‍ය නිර්මාණයේ රංග භුමිය ප්‍රේක්ෂකයාට සමීප වනු වස් ස්වභාවික රංග භූමී පසුතල
නිර්මාණය වඩා ළගන්නාසුළු විය. සවස හතට
ආරම්භ වූ දර්ශන වාරය රාත්‍රී නවයට අවසන් වන නිමේෂයක පාසා දෑස් වෙනතකට නොගන්නා ලද
තිර අදිටනින් සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය සාර්ථක වූ නිමේෂයකට මනැසට සිතන්න
පැනයක් ඉතිරි කල සුයාමයක් විය. අසුපාල කුමරියගේ රංග වින්‍යාසය සන්නි නාට්‍ය තුළ
රංගන දායකත්වය දැක්වූ දේවාංගනී රංගනා ,
සංඛපාල රජුගේ
හා මහා කෝල සන්නි යකාගේ රංග වින්‍යාසයට පණ
පෙවූ අනුරාධ හා ඇමතිවරයාගේ චරිතයට පණ
පෙවූ දසුන් යන නාට්‍ය විද්‍යාර්ථින්හු සන්නි නව නාට්‍ය නිර්මාණය උදෙසා තම
උපරිම රංග දායකත්වය ලබා දෙනු ලැබුහ. අසුපාල කුමරියගේ රංග වින්‍යාසය හෙඹ වූ ඇයගේ
රංග විලාශය වෘත්තීය රංගන ශිල්පිනියක අභිමුව ඇය පානා ලද රංග කෞටිල්‍ය කැලණි වේදිකාව
දෙපලු කරන්නට විය. සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය අවසන් වන තෙක් සන්නි සංගීතමය
නර්තන රංග හැඩතල නළු නිළි සමුහයා වේදිකාව තම හස්තයට ගෙන මවනා අපුර්ණ භාවයන් එකකුදු හෝ මග නොහැරමින් බලා සිටීමට
එක එල්ලේ
නැරඹු ප්‍රේක්ෂකත්වයට මා ද ඇතුළුව මී අඹ සෙවන පරිශ්‍රය තුල මැවූ සංගීතමය නර්තන රංගයේ භාව සන්තර්පණයෙන් මසැස අවදි කරන්නට විය
Charegraphy
Play - Musical Dance Drama සංගීතමය නර්තන රංග
මුසු වූ රංග රටාවන් වේදිකා මස්තව මවන ලද්දේ අපුර්ව අන්දමිනි.අසූපාල කුමරියගේ වේදනාව ඇයගේ විලාපය පුරාණෝක්ති කතාවේ දම්වැලක පුරුකක් මෙන්
වත්මන් සමාජ කතිකාවත තුළ ද නිර්මාණය වී ඇති බව අපට මනාව දැනෙන්නට හැගෙන්නට තිබේ
උදේ හවා ස්ත්‍රී දූෂණ ,
බාල අපරාධ , කාන්තා මිනීමැරුම් හාවක් හුවක් නොමැතිව පුවත්පත් පිටු පුරවන්නේ කාන්තා
අපරාධ , කාන්තා දුෂණ සාමාන්‍යකරණයට
ලක් කරමිනි.කහවත්ත සිද්ධි දාමය ,ප්‍රේමවති මනම්පේරි
ඝාතන සිද්ධිය , සේයා සදෙව්මි වැනි ළමා
අපරාධ බලහත්කාරකම් දිනෙන් දින වර්ධනය වන්නේ අතීතයේ සිට මෙන්ම වර්තමානයේ ද
මෙවැනි ඛේදජනක ඉරණමවල් වලට කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බැවිණි
සන්නි සංගීතමය
නර්තන රංග නිර්මාණය තුල භාවිතා කළ මා සිත්
ගත් රංග නිරුපණයක් ලෙස, අන්ධකාරයේ
නුග රුක තුල රැදී සිටි සුදු සාරි
හැදගත් , අසාධාරණයට ලක්ව මිය
යන්නට ගිය තරුණියන්, කාන්තාවන්, කුඩා දැරිවියගේ ආත්ම
කථනයන්ට පණ පොවමින් සිට ඔවුන් සමුහයා වෙස්
මුහුණු පැළද ප්‍රේක්ෂකාගාරයේ
සතර කොණ්හි හිද කරණීයමෙත්ත සුතුර සජ්ජායනා
කරමින් ප්‍රේක්ෂකාගාරයේ සමිපස්තයට ළගා වන්නට වුහ. සන්නි සංගීතමය නර්තන රංගය රස
විදි ප්‍රේක්ෂකයින් අතුරින් සමීපස්ථයේ සිටි පෙම්වතුන් ලගට ගොස් පෙම්වතාගේ දෑතට
සුදු හැදගත් ආත්ම කථනයන් රඟ දැක්වූ රංග සමුහයා වෙස් මුහුණ පෙම්වතාගේ දෑතට දී
දෑතෙහි එල්ලී සිටින තම පෙම්වතිය ආරක්ෂා කරන මෙන් වෙස් මුහුණු ගලවා පිරිමි ප්‍රේක්ෂකයින්ට
පිරිනැමීය. මා ඉදිරියේ සිටි එක් පෙම්වතෙකුගේ මුහුණ හීන් දහදියෙන් තෙත බරිත වී ගිය
බව මාගේ දර්ශනයට හසු විය.පෙම්වතියගේ ආරක්ෂාව කාන්තාවගේ ආරක්ෂාව, මවගේ ආරක්ෂාව,දියණියගේ
ආරක්ෂාව මේ සෑම දෙනාගේම වගකීම පිරිමින් මත
තිබේ යන යටි පෙළ අර්ථ සම්පාදනය සෞන්දර්යාත්මකව ඉතා උත්කෘෂ්ට අන්දමින් සංගීතමය
නර්තන රංග පෙළ තුල නිර්මිත වී තිබුණි පුරාණෝක්ති කතාව සංගීතමය නර්තන රංගයන් වෙත
මුසු කරමින් ප්‍රතිභාපුර්ණ රංග විලාශය කැලණි වේදිකාවේ අපුර්වන්විත රංග පරපුරක
අභිසෙස් කියා පාමින් කැලණි වේදිකාව සෞදර්යාත්මක සන්නියකින් අහවර කරන්නට විය.
නාට්‍ය සංගීත නිර්මාණය - ඩිල්ෂාන් උමයංග පෙරේරා
නාට්‍ය හා රංගකලා ශාස්ත්‍රවේදී විශේෂ දෙවැනි වසර විද්‍යාර්ථයින්ගේ නිර්මාණ කාර්යයක්