Showing posts with label මූර්ති TV වරුණා. Show all posts
Showing posts with label මූර්ති TV වරුණා. Show all posts

Friday, July 5, 2019

සිරස tv ගමන්මගේ රසමුසු තැන්


👉👉

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පෞද්ගලික නාලිකාවක ආරම්භය සනිටුහන් කරමින් සිරස නාලිකාව ලංකාවේ ටෙලිවිෂන් තරගයට මුල් අත්පොත තබනු ලැබයි. 1992.05.12 වන දින MTV මහරාජා සංවිධානය (සිරස tv ශක්ති tv) ඵ්ලෙස Maharajah Organization Pvt Ltd ආරම්භ කරන ලදි. සිරස tv නාලිකාවේ සෙසු නාලිකා ලෙස ශක්ති tv ශක්ති FM, Y Fm, TV 1, YES FM ආදි නාලිකා වේ. සිරස නාලිකාව ලංකාවේ ආරම්භ කළ යුගය මෙරට වාණිජ ව්‍යාපාරිකයින් විසින් තම වෙළඳ අරමුණු සඵල කර ගැනීමට සිරස නාලිකාව ද එහි සහයට කටයුතු කලේය. සිරස නාලිකාව ආරම්භය කරනු ලබන්නේ ඉන්දීය හිමිකාරිත්වය යටතේ මහරාජා සංවිධානය වේ.

             රස රිසි ගී
             කෙලින් කතාව
             විවාද
             ආර්ට් එක

මෙවැනි වැඩසටහන් මුල් අවධියේ දී නිර්මාණය වූ වැඩසටහන් වේ. මේ වැඩසටහන් ජනප්‍රියතාවයන් විශාල ජනාදරයක් ලබා ගත් අතර නාරද සහ තනූජා යන නිවේදකයින් ඉදිරිපත් කල “රස රිසි ගී” වැඩසටහන සිරස tv නාලිකාවේ සංගීත වැඩසටහන් අතර මහත් ජනප්‍රසාදයට පත්විය.

සිරස නාලිකාවේ භාෂා වෙනස්වීම (භාෂා ප්‍රවණතා)

සිරස tv  නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ භාෂා ප්‍රවණතා ලෙස ඔවුන් ප්‍රේක්‍ෂකයාට මනා ලෙස වැටහෙන අයුරින් භාෂාව සරල ලෙස භාවිතා කරනු ලැබේ. (තිබෙනවා, පවසනවා, අදහස් පළ කළා) මෙවැනි ලෙස සරල බස් වහරක් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මධ්‍යහ්න ප්‍රවෘත්ති, Live @55 55 පැයෙන් පැය ප්‍රවෘත්ති වැඩසටහන් වලදී භාවිතා කරනු ලබයි. “ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රමුඛයා” යන පාඨය ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ප්‍රථම ඉදිපත් කරනු ලබයි. එමෙන්ම සිරස tv නාලිකාව තම ප්‍රවෘත්ති ජනතාව අතරට රැගෙන යාම සඳහා “සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට” යන පාඨය ද යොදා ගනු ලබයි.

නිවේදකත්වයේ වෙනස්වීම පිළබඳ නවීන ප්‍රවණතා ලෙස සිරස tv නාලිකාවේ මුල් වැඩසටහන ඉදිරිපත් කල නිවේදකයින් ලෙස කිංස්ලි රත්නායක, තනූජා, යසරත් කමලසිරි, නාලක සෙනවිරත්න, වසන්ත කුමාර මාරසිංහ, චතුරි ආදි නිවේදකයින් හැඳින්වය හැකිය. ඔවුන් වර්තමානයේ සිරස ඔඪ නාලිකාවේ විධායක ශ්‍රේණියේ නායකත්වයක් අසුලන අතර යසරත් කමලසිරි භැඅි 1ිඑ ප්‍රවෘත්ති අංශයේ විධායක නිලධාරියා ලෙස කටයතු කරනු ලැබීය. නිවේදකයින් ප්‍රවෘත්ති සඳහා යොදා ගැනිමේදී තාරුණ්‍යයෙහි හෙබි පෞරුෂත්වය සහිත ප්‍රවෘත්ති ඉදිරිපත් කිරිම පිළිබඳ මනා පුහුණුවක් ලැබූ නිවේදක නිවේදිකාවන් සිරස ඔඪ නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට යොදා ගනු ලබයි.
               
බසෙහි රිද්මය සිරස tv නාලිකාව තුළ එකිනෙක නිවේදක නිවේදකයන්ගේ ඉදිරිපත් කිරීම තුළ වෙනස් වේ. බසෙහි රිද්මය ලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන කරුණ ඉස්මතු වන ලෙස එම කරුණ අවධානය කොට අච්චාරණය කරනු ලැබේ. වැඩසටහන් ආකෘති සිරස ඔඪ නාලිකාව තුළ විවිධ වර්ගීකරණයන්ට යටත්ව ඇත.

අධ්‍යාපනික වැඩසටහන්
             සිරස පෙන්ටතලන්
             සිරස A3
             ඩිබේටර්
             පුංචි පහේ මං

යන වැඩසටහන් හැඳින්විය හැකිය. සිරස පෙන්ටතලන් වැසටහනට ලංකාවේ පාසල් වල සිසුන් එක් කරගනිමින් ඔවුන්ගේ දැනුම, ක්‍රියාශීලිත්වය, කණ්ඩායම් හැගීම්, තීරණ ගැනීමේ හැකියාව ආදී ගුණාංගයන් වර්ධනය කිරීමට සිරස tv  නිෂ්පාදනය කළ නවතම වැඩසටහන් ආකෘතියක් වේ. මෙහි තාක්ෂණය භාවිතා කිරීම ද ඩිජිටල් රූප රාමු යොදා ගෙන පැනයක් මෙන්ම ඊට අදාල කරුණු ඉදිරිපත් කිරිම ද සිදුවේ. කිංස්ලි රත්නායක සහ මෙහි පූරකයා ලෙස කටයුතු කරන ලදි.

සිරස A3 වැඩසටහන උසස් පෙළ සිසුන් සඳහා උදෑසන විකාශනය වන අධ්‍යාපනික වැඩසටහනකි.

ද ඩිබේටර් යනු ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර බොහෝ ජනාදරයට පත් වූ වැඩසටහනකි. ලංකාවේ පාසල්වල ශිෂ්‍යයන් සිරස ඔඪ මැදිරියට ගෙන්වා එවුන්ගේ කථික හැකියාව වර්ධනය කිරීමට ද ඩිබේටර් වැඩසටහන මහත් රුකුලක් විය. කථකත්වය, කණ්ඩායමක් ලෙස තිරණ ගැනීම, අභියෝගවලට මුහුණ දීම වැනි දේවල් රාශියක් ද ඩිබේටර් වැඩසටහන තුළින් ලාංකීය ශිෂ්‍ය පරපුරට ලබා ගැනීමට හැකිවිය. 


සිරස  නාලිකාව තාක්ෂණික වශයෙන් ඇති වෙනස්කමකි.

ලංකාවේ ප්‍රථම වරට පෞද්ගලික නාලිකාවක් ලෙස ආරම්භ වන්නේ සිරස tv නාලිකාව වේ. එකල ද නවිණ තාක්ෂණය යටතේ තම මැදිරි තාක්ෂණය, වැඩසටහන් තාක්ෂණය යටතේ තම මැදිරි තාක්‍ෂණය, වැඩසටහන් නිෂ්පාදනය, විකාශනය ආදී කටයුතු ඔවුන් විසින් සිදුකරන ලදි. Analog තාක්ෂණයෙන් මුල් අවධියේ සිටම තාක්ෂණික උපකරණ භාවිතා කලද වැඩසටහන් නිෂ්පාදනයේ දී HD ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් වැඩසටහන් නිෂ්පාදන කටයුතු සිදු කරගෙන යනු ලබයි. දෙපානම පන්නිපිටිය මැදිරි අංක 1, මැදිරි අංක 2 ලෙස මැදිරි තාක්ෂණය යොදා ගනිමින් පෙරට වඩා කාර්යක්ෂම තාක්ෂණික උපකරණ වර්තමානයේදී භාවිතා කරනු ලබයි.

නවීන ලෙස වැඩ ඇරඹුණු රත්මලාන ස්ටයින් (^Steain) මැදිරි සංකීර්ණය ලංකාවේ අන් මාධ්‍ය නාලිකාවට වඩා  අතිශයින් නව තාක්ෂණය හා සම්බන්ධ වූ මැදිරියකි. ආසන 10,000 කට වඩා පැනවිය හැකි මෙන්ම ඩිජිටල් තාක්ෂණය සහ HD  තාක්ෂණය මුසු වූ ලංකාවේ මේ දශකය තුළ බිහි වූ නවීන පහසුකම් සහිත ස්ටූඩියෝවයි. නවතම වර්ගයේ කැමරා තාක්ෂණය, නවින පසුතල නිර්මාණ, ආලෝකකරණ උපකරණ වලට අයත් බොහෝ උපාංග සිරස ඔඪ නාලිකාවේ රත්මලාන ස්ටයින් ස්ටූඩියෝව සතුවේ. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී කිරීමේදී ප්‍රවෘත්ති සංස්කරණය සඳහා නවීන Software භාවිතා කරන අතර විකාශනයේ දි තවමත් ඇනලොග් තාක්ෂණය යොදා ගනු ලබයි. 2020 දී මාධ්‍ය ඩිජිටල්කරණයට පිවිසුණු විට ඊට අවශ්‍ය විකාශන උපකරණ සූදානම් කරමින් නවීන ඩිජිටල්කරණයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටී.  

එමෙන්ම Live Digi තාක්ෂණය යටතේ එක් ප්‍රදේශයක සිටින සිරස tv වාර්තාකරුවෙකු හා සජීවිව සම්බන්ධ කොට ගෙන ඔහුට පැහැදිලිව විකාශන කටයුතු කිරීමේ නව තාක්ෂණය ද සිරස tv  නාලිකාව සතුවේ. උදා: (ගංවතුර උවදුර තිබෙන අවස්ථාවේදී මැදිරිය හා සම්බන්ධ වෙමින් Live Digi තාක්ෂණය යටතේ එම ප්‍රදේශයේ තත්වය විකාශය කිරීම.(අරණායක සාමසර කන්ද නායයෑම අවස්ථාව Live Digi තාක්ෂණය යටතේ එම ප්‍රදේශයේ තත්වය විකාශනය කිරීම. ප්‍රේක්ෂකයා හට නවීන රූප රාමු වල ගුණාත්මක ලක්‍ෂණ පිරිපුන් තාක්ෂණය භාවිතා කිරීම.
www.maharaja.lk  වෙබ් අඩවිය යටතේ සිරස tv ප්‍රවෘත්ති, සිරස tv වැඩසටහන් නැරඹීමට online web අඩවියක් සක්‍රිය කර තිබීම ද නව ප්‍රවණතාවයක් ලෙස අර්ථ දැක්විය හැකිය. ප්‍රවෘත්ති විකාශය අවසානයේදී ප්‍රතිපෝෂණ කාර්ය සඳහා (^Feedback&) සඳහා  ආදි පණිවුඩ තුළින් ප්‍රතිපෝෂණය ලබා දෙන ලෙස නිවේදකයින් ප්‍රකාශනය Facebook Twitter කරනු ලබයි. සිරස News Alearts සේවය ද News 1st   ප්‍රවෘත්ති තුලින් ප්‍රේක්ෂක ජනයාට ලබා ඇති නවීන ප්‍රවණතා ලක්ෂණයකි. ජංගම දුරකථනය තුළින් ප්‍රවෘත්ති බැලීමට වත්මන් ලාංකික ප්‍රේක්‍ෂකයා ද බොහෝ සෙයින් නැඹුරු වී ඇති අතර සිරස වෙබ් අඩවිය තාක්ෂණික වශයෙන් නවිකරණය කිරීස ද වෙබ් අඩවිය පිරික්සීමේදී දක්නට ලැබේ. Dialog TV, Peo TV සබදතා මඟින් සිරස ඔඪ චැනලය නැරඹීට ද වර්තමානයේ දී හැකියාව ලැබී ඇත. එය ද නව ප්‍රවණතාවක් ලෙස සඳහන් කළ හැකිය.
සංවාදාත්මක වැඩසටහන්

             සටන
             පැතිකඩ
             Prime Time Sun Rise
             ඉලක්කය
             දවස
             අර්ථ තර්ක


මෙවැනි සංවාදාත්මක වැඩසටහන් රාශියක් සිරස නාලිකාවේ සංවාදාත්මක වැඩසටහන් ලෙස ක්‍රියාත්මක වේ. “සටන දේශපාලන වැඩසටහන ලංකාවේ සිව් දෙසින් වු ජනතාවගේ අතිමහත් ජනප්‍රියත්වයට පත් වූ දේශපාලනමය, සංවාදමය වැඩසටහක් විය. මහින්දවාදී ආණ්ඩුව පෙරළිමට මෛත්‍රිවාදී අදහස් හෙඹි දේශපාලන පක්ෂවලට තම මතවාදී කාර්ය සාර්ථකව ජනතා ගත කිරීමට මතවාදී මණ්ඩලයක් සටන දේශපාලන වැඩසටහන තුළින් හැකියාව ලැබුණි. චන්දන සූරියබණ්ඩාර එහි ප්‍රධාන නිවේදකයා වන අතර අශෝක ඩයස්, සුරංග, රංගා ඇතුළු සිරස tvනාලිකාවේ වෘත්තිමය මාධ්‍යවේදීන් මෙම වැඩසටහන සඳහා මාධ්‍යවේදීන් ලෙස ඉදිරිපත් විය.

රජයට පක්ෂව මෙන්ම රජයට විපක්ෂව කණ්ඩායම් ද සිවිල් නියෝජිතයන්ගෙන් පිරිසක් ද යොදා ගනිමින් දේශපාලන සටන් භූමියක් ලෙස නවතම වැඩසටහන් ආකෘතියකින් සටන දේශපාලනමය වැඩසටහන නිෂ්පාදනය කරන්නට විය. කඩු හරඹ, අංග ශිල්පීන්, ගින්දර වැනි සංකේතාර්ථ වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථම නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කරන ලදි. මෙය ද නව්‍ය වූ ප්‍රවණතාවකි. සටන දේශපාලනමය වැඩසටහනට පැමිණීමට පෙර ඔවුන් මැදිරියේ එපිට සිට මැදිරියට ගමන් කරන ආකාරය වෙනුවට කැමරා කෝණ තාක්ෂණික උපායමාර්ග යොදා ගෙන වැඩසටහන නව ප්‍රවණතා සහිතව ද ඉදිරිපත් කරන්නට විය. “අලුත් රටක් අලුත් පරපුරක්” යන තේමාව යටතේ ඔවුන් සටන වැඩසටහන ඉදිරිපත් කරනු ලැබීය. කාලීන මාතෘකාවන් ලංකාවේ සෑම දෙනාටම බලපාන ප්‍රශ්න ගැටලු පිළිබඳව දේශපාලන පක්ෂ, පරිපාලන නිලධාරීන් එමෙන්ම ඒ ඒ ක්ෂේත්‍රයට අයත් පුද්ගලයන් මැදිරි සංකීර්ණයට ගෙන්වා ඔවුන්ගේ වාද විවාද, අදහස්, යෝජනා, චෝදනා ආදිය මහජනතාව වෙත ගෙන යාම මෙයින් සිදුවේ. මැදිරි තාක්ෂණය තුළ ඩිජිටල් රූපරාමු, නිවේදකයා විසින් ටැබ් යන්ත්‍ර භාවිතා කිරීම, ත්‍රිමාන හැඩතල සඳහා මැදිරි සංකීරණය තුළ ආලෝකකරණයෙහි ඇති වෙනස්කම් මනා ලෙස සටන වැඩසටහන තුළ දක්නට ලැබේ.

ළමා වැඩසටහන්

             Kids 1st
             පුංචි පහේ මං
             ගාර්ෆීල්ඞ්
             චූටි ඔඪ
             බොධි
             පෝෂණ පොඞ්ඩෝ


ආදී ළමා වැඩසටහන් ද සිරස ඔඪ තුළින් ළමා වැඩසටහන් ලෙස විකාශනය වෙයි. පාසල් නිවාඩු කාලයේ දී සිරස kids Movie  ලෙස ළමා චිත්‍රපට විකාශය කිරීම දක්නට ලැබේ. එමෙන්ම අතීතයේ දි සිරස tv නාලිකාවේ තිබූ ළමා වැඩසටහන් ලෙස පුංචි පුංචි, ස්කූබුඩු කාටුන්, ටිං ටිං, ආදී ළමා වැඩසටහන් දැක්විය හැකිය. වර්තමානය වන විට Kids 1st  වැනි ළමා පුවත් ආදී ලෙස ළමා වැඩසටහන් ආකෘතිය සිරස ඔඪ නාලිකාව තුළ වෙනස් වී තිබේ.

නාට්‍යමය වැඩසටහන්
  
             මේ ආදරයයි
             රතු පිච්ච
             සල් සපුනා 
             පිණි අඟ පුළිගු
             හුස්මට පවා රහසින්
             ප්‍රේමායුධ
             පැහැසර


ආදී නාට්‍යමය වැඩසටහන් වර්තමානයේ විකාශනය වන නාට්‍යමය වැඩසටහන් වේ. මුල් අවධියේ මිනිසුන්ගේ ජනාදරයට පත් වූ ටෙලිනාට්‍ය ලෙස
ප්‍රවීනා                           චිත්ති                 වසූදා
මහගෙදර                       නේත්‍රා               කිඳුරංගනා

යන නාට්‍ය හැඳින්විය හැකිය.

සල් සපුනා ටෙලිනාට්‍ය, සිරස ඔඪ ටෙලිනාට්‍ය අතර සුවිශේෂීත්වයක් ගනු ලබයි. පරම්පරාවල් කිහිපයක පුද්ගල ජීවිතයේදි ඔවුනොවුන් අතර තිබෙන සබදතා පිළිබඳව නිර්මාණය වූ සුවිශේෂී නාට්‍යයක් ලෙස සල්සපුනා ටෙලිනාට්‍ය හැඳින්විය හැකිය. දේශපාලනයෙහි යෙදි සිටින්නා වූ පුද්ගලයෙකු ගේ ද ජීවිතය අලලා සහ පරම්පරාවේ සියලු දෙනාගේ පවුල් වටපිටාවෙන් නැගෙන්නා වූ ගැටලු මෙන්ම මාධ්‍යවේදිනියක අතර ඇතිවන්නා වූ බැදීම ද මෙම ටෙලිනාටයට වස්තු පූර්විකාව වේ. රාත්‍රී 8.23 ට විකාශය වන මෙම ටෙලිනාට්‍ය ද ජනප්‍රිය ටෙලිනාට්‍යයකි.

රියැලිටි වැඩසටහන්

             සිරස සුපර් ස්ටාර්
             සිරස ඩාන්සින් ස්ටාර්
             සිරස කුමරය
             සිරස මෑන් හන්ට්
             සිරස ෆිල්ම් ස්ටාර්
             ඔබ ද ලක්ෂපති මමද ලක්ෂපති
             ජන අසුන
             කෝටියක් වටින අදහසක්


විටෙක සිරස නාලිකාව බටහිර නාලිකා වල වැඩසටහන් මොඩලයක් ලෙස භාවිතා කරමින් සිටින බව මෙම රියැලිටි වැඩසටහන තුළින් පෙනි යන කරණක් ලෙස අර්ථ දැක්විය හැකිය. උදාහරණයක් ලෙස American Idol වැඩසටහන තුළින් Sirasa Super star ලෙසත්, Larry  king live සංවාද වැඩසටහන “කෙලින් කතාව” ලෙසත් ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස ඉදිරිපත් කරනු ලබයි. විවිධ සමීක්ෂණ වාර්තාවන් අනුව මෙම රියැලිටි වැඩසටහන් එකල වැඩිම ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබාගත් බවට තහවුරු ව ඇත.

සිරස සුපර් ස්ටාර් වැඩසටහන තුළින් ස්ටාර් යන සංකල්පය ලංකාවට ඉදිරිපත් කරන ලැබුවේ සිරස ආයතනය විසිනි. ලංකාවේ සිව් දෙසින් එක් වූ ගායන තරු මෞලි මංගල්‍යයක කිරුළු පළදින අභිෂේක උත්සවයක් ලෙස සිරස සුපර් ස්ටාර් වැඩසටහන එකල ජනප්‍රසාදයට පත් විය. ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ට රියැලිටි වැඩසටහන් (යථාකාර වැඩසටහන්) ආකෘතිය මුලින්ම හඳුනා ගැනීමත් සමඟ මෙම වැඩසටහනේ ආකර්ෂණය තුළින් සිරස tv නාලිකාව එම කාලවලදී වැඩිම ආදායම් ලැබූ වැඩසටහන් බව සමීක්ෂණ දත්ත තුළින් තවදුරටත් තහවුරු වේ. ලංකාවේ මිනිසුන් 996 ක්‍රිකට් ජයග්‍රණය සේම, සුසන්තිකාගේ රිදි පදක්කම ලැබීම යන තරඟ රූපවාහිනියෙන් නැරඹුවාට පසු එළැඹෙන අති විශාල ප්‍රේක්‍ෂක නැරඹීම සිරස සුපර් ස්ටාර් ප්‍රථම අදියර වේ. මෙහි ප්‍රථම ජයග්‍රාහකයා වූයේ අජිත් බණ්ඩාර නැමැති ග්‍රාමීය ප්‍රදේශයක උපන් ගායන හැකියාව ඇති දක්ෂ තරුණයෙකි. සුපර් ස්ටාර් සංකල්පය එතැනින් පැන නැගී අදියර 7 දක්වාම රැගෙන යන්නට විය. පුළුල් ඩිජිටල් තිර, ත්‍රිමාන හැඩතල ඇතුලත් නවීන තාක්ෂණික උපකරණ, විවිධ කෝණ වල කැමරා සවි කිරීම්, විශාල ප්‍රේක්‍ෂකාගාර, ජනතා පරමාධිපත්‍ය, හෙලිකොප්ටර්, ගුවන්සවාරි, නවීන වාහන, මිල මුදල් ආදී බොහේ නව ප්‍රවණතා ද සහිතව සුපර් ස්ටාර් තරඟය ලංකාවේ ප්‍රේක්‍ෂකයින්ට නවමු ආකාරයේ අත්දැකීමක් විය.

සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන ලංකාවේ නළු නිලියන් සහභාගි කරවාගෙන වුන්ගේ දක්ෂතා හැකියා පෙන්වීමට සිරස tv නාලිකාව විසින් සංවිධානය කළ තවත් එවැනි රියැලිටි වැඩසටහනකි.

වෙනත් වැඩසටහන්
             රට වටේ යන ගමන්
             Red mic

රට වටේ යන ගමන් වැඩසටහන නව ප්‍රවණතා සහිත නව ආකෘතියක වැඩසටනකි. රංගන ක්‍ෂේත්‍රයේ නියුතු හෝ ප්‍රසිද්ධ 2 දෙදෙනෙකනු හා නිවේදකයා සමඟ රටවටේ සංචාරය කරන ගමන් ඉදිරිපත් වන වැඩසටහනකි. ඔවුන් වෘත්තීය රංගන ජීවිතයෙන් තොරව අභියෝග ද ජය ගනිමින් ක්‍රියාශීලී ලෙස කටයුතු කරයි. සජීවි බාහිර පරිසරයේ බස් නැවතුම්වල, සතිපොල සමිපයේ, කඩ වීදිවල මිනිසුන් සමඟ සහභාගි වී ඔවුනට උදව් කර මින් ඔවුන්ගෙන් ලැබෙන මුදලින් යම් ස්ථානයකට යාමට මුදල් සපයා ගනියි. සුහදශීලීත්වය අනෙකා සමඟ විනෝදශීලී ලෙස කටයුතු කරමින් නවමු අන්දමේ නව ප්‍රවනණතා රැසක් මෙම වැඩසටහන තුළ ගැබ් ව ඇත.  
වැඩසටහන් ඉලක්ක කිරීම

සිරස tv නාලිකාවේ උදෑසන 7-10 කාලය ගෘහයේ සිටින කාන්තාවන්. තරුණියන් ආදී ප්‍රේක්‍ෂකයින් ඉලක්ක කරන අතර ඔවුන් සඳහා විවිධ කාන්තා වැඩසටහන් මෙන්ම විනෝදාස්වාදය මුසු වූ වැඩසටහන් සිරස tv නාලිකාවේ විකාශනය කරනු ලබයි. සිරසාලින්දය, හරිම රහයි, කියන්න ආදී වත්මන් වැඩසටහන් ආකෘති මෙන්ම සිරස මුල් අදියර වලදි විකාශය වූ සුබාසිරි, කැදැල්ල වැනි වැඩසටහන් ඉලක්ක කරනු ලැබුවේද කාන්තාවන්ය. කැදැල්ල වැඩසටහන තුළින් ගෘහයක් සෑදීමේදි ජ්‍යෙතිෂ්‍ය උපදේශන සේවයේ සිට නිවසක් හදා නිම කිරීමට අවශ්‍ය බැංකු ණය පහසුකම්, ගොඩනැගිලි උපකරණ ද්‍රව්‍ය සපයන්නන්. කොන්ත්‍රාත්කරුවන් ආදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් මැදිරියට ගෙන්වා ඔවුනගේ අදහස් ද ප්‍රේක්‍ෂකායට ලබාදෙනු ලැබේ. මෙය නව ප්‍රවණතාවයක් ලෙස සඳහන් කළ හැකි අතර සුබාසිරි වැඩසටහන තුළ ද විවාහ මංගල්‍යට සූදානම් වන දෙපලකට අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා සුබාසිරි වැඩසටහන තුලින් අවශ්‍ය සේවා සපයනු ලබයි. සුබාසිරි වැඩසටහන අනුග්‍රහයෙන් තරගකරුවන් කිහිපදෙනෙකු තෝරා ගෙන ඔවුන්ගෙන් දෙපළකට විවාහ මංගල්‍ය කටයුතු වල සේවාව නොමිලේ ලබා දීමට ද සුබාසිරි වැඩසටහන යටතේ සිදු කරන්නට යෙදුනි. මෙය ද නව ප්‍රවණතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය. 

සිරස tv නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහන්

සිරස tv නාලිකාවේ තම නාලිකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන් දියක් කරනු ලැබේ. එම ප්‍රවර්ධන වැඩසටහන් ඇතැම් විට ප්‍රමුඛ කාරණය ලෙස ලාභ අරමුණු කර නොගනියි. මිනිසාග් සුබසෙත උදෙසා වෙන් වූ ප්‍රවර්ධන වැඩසටහන් බොහෝ සේ ජනප්‍රසාදයට පත්ව ඇත. ඒ අතර
1          ගම්මැද්ද දින 100
2          News 1st Clz Room නායකත්ව කඳවුර
3          ගමට ක්‍රීඩා
4          U Reporter පුරවැසි මාධ්‍ය වැඩමුළුව
5          News 1st  තිර පරීක්‍ෂණය
6          සිරස ශක්ති සහන යාත්‍රා
7          සිරසා නමාමි වෙසක් කලාපය
8          සර්වඥධාතු නමස්කාරය
9          සිරස නැණසල 

ආදී වැඩසටහන් සිරස නාලිකාව විසින් ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂක ජනයාට අත්පත් කර දී තිබේ. ගම්මැද්ද දින 100 වැඩසටහන යටතේ දුෂ්කර ලාතවලට ගොස් එම පලාතේ ප්‍රදේශයට අත්‍යවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා සිරස tv නාලිකාව ප්‍රචාරණ අනුග්‍රහයක් ලබා දෙමින් තමන්ද එයට මුදල් වෙන්කොට ප්‍රේක්‍ෂක ජනයාගේ සහය ද ඇතිව මුදල් ගිණුමකට බැර කොට ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයීය. දේශපාලකයින් විසින් අතහැර දැමූ ප්‍රදේශවලට පවා ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා ද සපුරාලීමට මෙම ගම්මැද්ද දින 100 වැඩසටහන සමත් විය. (ගමට පාරක්, රජරට වකුගඩු රෙfගයෙන් පෙළෙන ප්‍රදේශවලට ජල පෙරණ යන්ත්‍ර සවි කිරීම, ප්‍රජාශාලා ව්‍යාපෘති, පුස්තකාල ගොඩනැගිලි ඉඳිකිරීම, නලලිං ප්‍රතිසංස්කරණය, පාලම්, ඇළවේලි ඉදිකිරීම) මෙවැනි ප්‍රජා කටයුතු රාශියක් ගම්මැද්ද දින 100 වැඩසටහනෙන් දියත් කළ අතර විධායක අධ්‍යක්ෂක ෂෙවාන් ඩැනියෙල් මහතා ජාත්‍යනතර කලාපීය සමුළුවකට සහභාගි වීමට වරම් ලැබූ අතර ඔහු ඒ අවස්ථාවේ ගම්මැද්ද දින 100 වැඩසටහනින් ව්‍යාපෘති වාර්තාව එම සමළුව අමතා ප්‍රකාශයට පත් කරන ලදි. අප රටේ මූලික බොහෝ දුෂ්කර ප්‍රදේශවල තබෙන්නා වූ ගැටලු සහ එම ගැටලු නිසා පීඩා විඳින මිනිසුන්ගේ ජීවිත පිළිබඳ එම “ගම්මැද්ද” වාර්තාවේ සටහන්ව තිබුණී. තම මූලික අවශ්‍යතා වන ජලය, පිරිසිදු පානීය ජලය නොමැතිවීමෙන් දුෂ්කර ප්‍රදේශවල ඇති වී තිබෙන රෝගාබාධ සහ ජල පෙරණ යන්ත්‍රවල ඇති වී තිබෙන රෝගාබාධ සහ ජල පෙරණ යන්ත්‍රවල අවශ්‍යතාව ආදී කරුණු එම වාර්තාවේ තිබු කරුණු වේ. සිරස ශක්ති සහන යාත්‍රා සිරස ඔඪ නාලිකාවෙහි තවත් එවැනිම ප්‍රවර්ධන වැඩසටහක් වේ. 2004 සුනාමි ව්‍යසනයේ පටන් වත්මනය තුළ ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත් වලදී සහෘද මිනිසාගේ සුබසිද්ධීය උදෙසා සිරස ශක්ති සහන යාත්‍රා එම උවදුරු ඇති වූ ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශයේ ජනතාවට උදව් උපකාර මෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය මෙන්ම සුබසාධන කටයුතු ද සිදු කරන්නට විය.
සිරස නාලිකාවේ අලෙවි ප්‍රවර්ධනය
අලෙවි ප්‍රවර්ධනය යන්නෙන් යම් ආයතනයක අලෙවිය ප්‍රවර්ධනය සඳහා කනු ලබන්නා වූ ක්‍රියාමාර්ගයන් වේ. සිරස tv නාලිකාව ද තම ආයතනයේ අලෙවි ප්‍රවර්ධනය සඳහා විවිධ වූ ක්‍රියාමාර්ගයන් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබයි. සිරස ඔඪ නාලිකාවේ ගුවන් කාලය අලෙවිය සඳහා දැන්වීම්කරණයට වැඩි වශයෙන් අවස්ථා සලසාදීම මෙහිදී ප්‍රමුඛව සිදු වන්නා වූ ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. මේ අනුව රාත්‍රී 8-10 Time belt  එකේ වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍ය ප්‍රචාරය කිරීඹත් ඒ මඟින් වෙළඳ දැන්විම් තුළින් ලාභය අරමුණු කොට ගෙන විකාශන කටයුතු සිදු කරනු ලබයි. (ස්වප්නා, මේ ආදරයයි, ඔබද ලක්ෂපති මමද ලක්ෂපති) වැනි වැඩසටහන් විකාශන අවස්ථාවේදි අනුග්‍රාහකයින්ට වෙළෙඳ දැන්විම් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම අලෙවි ප්‍රවර්ධනයේ එක් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.සිරස tv රන් දෙපැය අතීතයේ ක්‍රියාත්මක වූ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස නම් කළ හැකිය. රත්රන් පවුම් සහ නිවාසයක් ද ත්‍යාග ලෙස ජයග්‍රාහකයින්ට ලබා දෙන ලදි. එමෙන්ම ළමා ප්‍රේක්ෂකයින් සඳහා පාසල් නිවාඩු සමයේ සිරස tv නාලිකාවේ විකාශනය වන ළමා චිත්‍රපට නරඹා අසන ලද ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු එවූ ළමුන් හට බයිසිකල්, පාසල් පකරණ ආදී ත්‍යාග ලබාදීඹ සිදුකෙරුණි.  අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි හරහා පාරිභෝගික ප්‍රේක්‍ෂක ජනතාව සමඟ සිදුකරන අලෙවි ප්‍රවර්ධනය සිදුකිරීම (වෙබ් අඩව, ඊමේල්, ෆේස්බුක්, ටුවිටර්. මැසේජ්, යූ ටියුබ්, වීඩියෝ, බ්ලොග්) තුළින් සිදුකෙරරන අලෙවි ප්‍රවර්ධන ක්‍රමයන් මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේවා නම ප්‍රවණතා සහිත අලෙවි ප්‍රවරධන ක්‍රම වේ. සිරස tv ප්‍රේක්ෂකයින් සඳහා ීඵී කෙටි පණිවුඩ ක්‍රමයක් (සේවාවක් පවත්වා ගෙන යාම මඟින් සිදු කරන ප්‍රවර්ධන ක්‍රම ද මේ අතර වේ. ජංගම දුරකථන, ස්මාර්ට් ෆෝන් ටැබ් පරිගණක හරහා සන්නිවේදනය සිදුවේ. බොක්සිං ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමේ අරමුණින් සිරස tv නාලිකාව බොක්සිං ක්‍රීඩාවට දක්ෂ පාසල් මට්ටමේ ක්‍රීඩකයින් සඳහා බොක්සිං තරඟාවලියක් සංවිධානය කිරිම සහ ජයග්‍රාහකයින්ට ත්‍යාග බෙදා දීම ද සිදු විය. රට පුරා සංවිධානය වන අවුරුදු උත්සව සඳහා සිරස tv අලෙවි ප්‍රවර්ධන අංශයේ වැඩසටහන් සංවිධානය කරමින් ඒවා සඳහා සහභාගි වීම ද නව ප්‍රවණතාවයි. (සිරස tv වසන්ත උදානය)ඉන්දීය ගායක තරු මෙරටට ගෙන්වා ඔවුන්ගේ සංගීත ප්‍රසංග පැවැත්වීම ද සිරස tv නාලිකාව මඟින් කල නවමු ආකාරයේ අලෙවි ප්‍රවර්ධන ක්‍රමයක් වේ. (සෝනු නිගම්, ආශා බෝස්ලේ, අර්ජිත් සිං, අන්කිත් තිවාරි, ශ්‍රියා ගෝසාලේ) Live and concert  ලංකාවේ පැවැත්විණි. මේ සඳහා කොළඹ SSR ක්‍රීඩාගන ද වෙන් කෙරුණි. සිරස FM, Y Fm Velantine concert සිරස tv සරුංගල් සැණකෙලිය)       සිරස සංවත්සරය සැමරීමේදී විවිධ වැඩසටහන් සම්පාදනය කොට අලෙවි ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම.





Saturday, May 4, 2019

TV දෙරණ නාලිකා‌වේ ගමන්මග රසමුසු තැන්


                                  


දෙරණ නාලිකාව ලංකාවේ ප්‍රථම වරට ආරම්භ වනු ලබන්නේ 2005-10-11 දිනය. පෞද්ගලික නාලිකාවක් ලෙස දෙරණ නාලිකාව වත්මනය වන විට ලංකාවේ ජනප්‍රියත්වයෙන් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි නාලිකා අතරින් ප්‍රථම ස්ථානයක සිටී. මුල් ආරම්භයේ දි පවර් හවුස් ලිමිටඞ් ලෙස ආරම්භක අයිතිකාරිත්වය සඳහන් වෙයි. දෙරණ නාලිකාවට බලපත්‍ර ලැබෙන්නේ දෙමළ නාළිකාවක් ලෙසිනි. එම බලපත්‍රය ලබාගනු ලබන්නේ ඉන්දියානු ජාතිකයෙක් වන අනුප්ස් චන්ද්‍රසේකරන් නැමැත්තාය. ඉන්පසුව දෙරණ නාලිකාවේ වත්මන් හිමිකාරිත්වය හිමිකර ගනු ලබන්නේ දිලිත් ජයවිර මහතාය සිංහල භාෂාවෙන් වැඩසටහන් ප්‍රචාරණය කරනු ලබයි. දෙරණ නාලිකාව ලංකාවේ ආරම්භ කල මුල් යුගයේ බදු පදනම මත ගත් ගොඩනැගිල්ලකින් සහ කැමරා 2 ක් සහ මයික්‍රෆෝන් වැනි සීමිත උපකරණ කට්ටල කිහිපයකින් දෙරණ නාලිකාව ආරම්භ කරන ලදි. ඔවුන් මුල් අවධියේ සාම්ප්‍රදායික වැඩසටන් ද දෙරණ නාලිකාව තුළ විකාශය කරන්නට විය. ශ්‍රී ලාංකීය ගැමි සංස්කෘතිය අරඹයා, සංස්කෘතික ලක්ෂණ වලින් හෙඹි වැඩසටහන් මුල් වකවානුව තුළ විකාශය කරවීය. උදා: සිරිත වැඩසටහන

                 නමුත් සාම්ප්‍රදායික වැඩසටහන්වල පමණක් එල්බ ගෙන සිටීම තුළ පමණක් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවට පැවැත්මක් රදවා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් ඔවුන්ගේ සාම්ප්‍රදායික වැඩසටහන් ආකෘතියෙන් එපිටට ගොස් නවමු ආකාරයේ වැඩසටහන් නිෂ්පාදනය කරන ලදි. එම අවධියේ දී ඔවුන් නිර්මානය කළ මෙන්ම ප්‍රසිද්ධියට පත් වැඩසටහන් අතර
             මියුසික් ඔන්ලයින්
             දෙරණ ඞ්රීම් ස්ටාර්
             බෝයිස් ඔෆ් ලව්
             රියල් ලිඩර්
             සරා
             ලිට්ල් ස්ටාර්

         වැනි තාරුණ්‍යය ඉලක්ක කර බිහි වූ නිර්මාණ ඇතුළත් වැඩසටහන් බිහි විය. දෙරණ නාලිකාව ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව LMRB  ප්‍රේක්‍ෂක දත්ත අනුව සිටියේ 7 වැන ස්ථානයේය. ඉන්පසු ඔවුන් රියැලිටිකරණයේ  Derana Dream Star තුළින්  ශ්‍රී ලාංකිකයන්ගේ මහත් ප්‍රේක්ෂක ප්‍රසාදරයට ලක්වන්නට විය. තාරුණ්‍යයට පමණක් සීමා නොවී තරුණයාට, වැඩිහිටියාට, ළමයිනට, කාන්තාවන්ට ආදී ලෙස වැඩසටහන් හා ටෙලි නාට්‍ය නිර්මාණය කරන්නට විය.

                  ළමයින්ගේ නිර්මාණාත්මක හැකියාවන්, දක්ෂතාවන් හැකියාවන් කුඩා වයසේදි දක්ෂතාවලින් පරිපූර්ණිත වූ දරුවන්ගේ වැඩසහටනක් ලෙස දෙරණ  ලිට්ල් ස්ටාර් බිහිවන්නේ එලෙසිනි. අවුරුදු 8 අඩු , අවු. 12 අඩු ආදී කාණ්ඩ යටතේ දරුවන්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට මෙය මහත් තොතැන්නක් වූ අතර ළමයින් අදෙසා බිහි වූ ප්‍රථම රියැලිටි වැඩසටහනද මෙය වේ.

දෙරණ නාලිකාවේ භාෂාවේ ස්වරූපය/භාෂා ප්‍රවණතා

                 ප්‍රවෘත්ති ඉදිිපත්කිරීමේදි ආමන්ත්‍රණ ස්වරූපය දෙරණ ඔඪ තුළ සුවිශේෂීත්වයක් දරයි. ප්‍රේක්‍ෂකයාට වටහාගත හැකි අයුරින් සරල ලෙස ඉදිරිපත් කරනු ලබයි. ප්‍රවාත්ති පිළිබඳව ප්‍රේක්‍ෂකයාට විශ්වාසනීයත්වය ගොඩනැගෙන අයුරින් එය ඉදිරිපත් කරයි.

                   මුල් අවධියේ දෙරණ නාලිකාව ආරම්භ කල වකාවනුවේදී ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට තරුණ නිවේදිකාවන් යොදවා ගැනිමට කටයුතු කරන ලදි. නමුත් වර්තමානය වන විට එම තත්වය වෙනස්වීමකට ලක්ව තිබේ. ප්‍රවෘත්ති මෙන්ම කලා ක්ෂේත්‍රයේ දිගු කාලයක් වෘත්තියෙන් මනා පළපුරුද්දක් ඇති නිවේක, නිවේදිකාවන් කරලියට රැගෙන ඒමක් ලෙස නූතන දෙරණ නිවේදකයන්ගේ වෙනස්වීම තුළ අපට පෙනී යන කරුණක් ලෙස අර්ථ දැක්විය හැකිය.

                නිවේදක රසාදරී, කැලුම් ශ්‍රීමාල්, විශ්ව, පූර්ණිකා රංගා, වැනි නිවේදකාවන් එලෙස දැක්විය හැකිය. ඔවුන්ගේ රූපකාය වයසත් සමග වෙනස් වුවද ඔවුන්ට වෘත්තිය ජීවිතය තුළ ඇති වී තිබෙන වටිනාකමත් සමග නිවේදකත්වය විශ්වාසයෙන්, පෞරුෂත්වයෙන් ඉදිරිපත් කිරීම දෙරණ ප්‍රවෘත්ති තුල විශේෂයෙන් දක්නට ලැබෙන එමෙන්ම එකිනෙකට වෙනස් වූ නිවේදක රටාවක් ඔවුන් අනුගමනය කරනු ලබයි. ඩිල්කා සමන්මලී, රසාදරී, චතුර වැනි නිවේදක නිවේදකයන්ගේ ආමන්ත්‍රණ ස්වරූපය බසෙහි රිද්මය එකකට එකක් වෙනස්කම් දක්වයි. ඔවුන් ඔවුන්ට ආවේණික ආමන්ත්‍රණ ස්වරූපයෙන් ප්‍රේක්‍ෂකයා අමතනු ලබයි.

                          නිවේදකත්වයේ දී රූපය බාධාවක් නොකර ගන්නා අතර නිවේදකයන්ගේ පුළුල් දැනුම් මට්ටම් බලනොපායි. එම වැඩසටහන් බොහෝ දුරට ඉදිරිපත් කරනු ලබන්නේ රූපකායෙන් පැහැපත් සරල නිවේදකත්වයක් හෙබි නිවේදක නිවේදිකාවන් වේ. කාලීන වැඩසටහන්, දේශපාලනික සංවාද යනාදි පෘථුල සාකච්ඡා මණ්ඩපවලදී නිවේදකයන්ගේ දැනුමේ පුළුල් බව, පෘථුලත්වය ඒ සඳහා අතිශයෙන් බලාපන අතර ගැඹුරු වපසරියක දැනුම විශ්ලේෂණය කර ගවේෂණය කොට තිබීම අතිශයෙන්ම වැදගත් වේ. වර්තමානයේ බොහෝ නිවේදකයන්ගේ දැනුම් මට්ටම අවම මට්ටමක පවතින්නේ මෙම හැදෑරීම් නොකරන නිසාවෙනි.

                              භාෂා භාවිතය පිළිබඳ දැඩි අවධානයකින් දෙරණ TV  භාවිතා කිරීමට ඔවුන් වගබලාගන්නා අතර යම් යම් වැඩසටහන්වලට විකාශයන් සිදු කිරීමට පෙර නිවේදකයන් ඒ ක්ෂේත්‍රයන් වලට අදාළ ලිපි ලේඛන ආදිය ගවේෂණය කරයි. නිවේදකත්වයේදී  Home work  යන්න ඉතා වැදගත් වන අතර විෂය විෂය පිළිබඳ ඇති දැනුම වඩා වැදගත් වේ.ග්‍රාමීය ප්‍රජාව මෙන්ම නාගරික ප්‍රජාව යන ග්‍රාහක  ද්විත්වය ම අවබෝධ වන ලෙස වටහා ගැනීමට පහසු බස් වහරක් උපයෝගි කර ගැනීම විශේෂත්වයක් ලෙස දැක්විය හැකිය. News theory වලට අනුව ප්‍රධාන කරුණ Highlight වන ආකාරයට ඒ කෙරෙහි දැඩි අවධානය ග්‍රාහකයා වෙතට යොමු කරමින් පුවත් ඉදිරිපත් කිරීම, මේ සඳහා යොදා ගන්නා බසෙහි රිද්මය ද වඩාත් වැදගත්ව හේතු වේ.  භාෂාව විකෘති නොකොට විශ්වාසනීයත්වයෙන් යුතුව මනා පෞරුෂත්වයෙන් යුතුව දෙරණ නාලිකාවේ භාෂාව ප්‍රවණතා ලක්ෂණ වලින් පරිපුර්ණිත වේ. ඩිල්කා සමන්මලී, චතුර අල්විස් වැනි නිවේදිකා, නිවේදකයන් ප්‍රේක්‍ෂකාගාරය වෙත ගොස් ඇත්තේ එවැනි ජනප්‍රියතම ලක්‍ෂණයන්ගෙනි.

Tv දෙරණ නාලිකාව තාක්ෂණය මඟින් ඇතිකරගෙන තිබෙන වෙනස්කම්,
             DV කැම් තාක්‍ෂණය භාවිතා කරයි. කැසට් වෙනුවට වර්තමානයේදී බොහෝ සෙයින්  Chips  භාවිතා කරනු ලබයි.
            24´7  News channel එකට අදාල සියලු දේ Cantell software තුළ අන්තර්ගත කොට Cantell software     ------ >          News edit  ----->          Edit saver  ---->             News software    යන සම්පූර්ණ ක්‍රියාවලියකට අනුකූලව ක්‍රියාකරනු ලබයි.
             ප්‍රවාත්ති චැනල්හි ප්‍රාසාංගික බව හා කලාත්මක භාවය අඩුය. Acedamic Programme පමණක් අන්තර්ගතයෙහි දක්නට ලැබේ.

24´7 පළමු සිංහල ප්‍රවෘත්ති නාලිකාව වේ. Dialog TV තුළ පළමු ප්‍රවෘත්ති නාලිකාව බවට පත්වන්නේ Tv දෙරණ නාලිකාවේ 24´7 ප්‍රවෘත්ති චැනලය වේ.

මුල් අවධියේදී Pal, secam ආදී තාක්ෂණයෙන් වැඩසටහන් ආරම්භ කල Analog 2020 දී ඩිජිටල්කරණය වන වටපිටාව ද Derana නාලිකාව අවබෝධ කොට ගෙන ඒ සඳහා තාක්ෂණික දියුණුව ද අත්කර ගෙන සිටි. HD මැදිරි තාක්ෂණය. HD තාක්ෂණය තුළින් වැඩසටහන් සංස්කරණය කළ ද තවමත් විකාශනය කරනු ලබන්නේ Analog තාක්ෂණයට අනුව වේ.

ප්‍රවෘත්ති වැඩසටහන් ගත් කළ, දෙරණ නාලිකාව මිනිසුන් සමිපයට යවනු ලැබුවේ කාලීන වශයෙන් ඔවුන් විසින් සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාවෙන් පරිභාහිරව නවමු ආකාරයේ ප්‍රවෘත්ති වැඩසටහන් ඉදිරිපත් කිරීම මඟිනි.

LMRB වාර්තා අනුව ජනප්‍රියතම ටෙලිවිෂන් නාලිකාව ලෙස ප්‍රථමයෙන්

             දෙරණ TV
             දෙරණ   Web
             දෙරණ   FM
             අද දෙරණ News



පත් වු බව වාර්තා වලින් පැහැදලි වේ. දෙරණ Web අඩවිය “දෙරණ මැක්රෝ එන්ටර්ටේට්මන්ඞ්’ නම් වන අතර දිනකට මෙම වෙබ් අඩවිය නරඹන VIews (නරඹන්න්ගේ ප්‍රමාණය) ලක්ෂ ගණනින් වාර්තා වේ. මෙය තුළ වර්තමනයේ කාර්යබහුලව ප්‍රේක්‍ෂක ජනතාව තම රැකියාව කරන අතරතුර ජංගම දුරකථනය භාවිතා කරමින් දෙරණ News දෙරණ web අඩවියෙන් නැරීඹීමේ වත්මන් ප්‍රවණතාව වැඩිව තිබේ.

Hourly News පැයෙන් පැය පුවත්
මෙම නාලිකාව සඳහා සිටින Target Audience එක බුද්ධී මට්ටමින් ඉහල පිරිසකි. පුවත් ඉදිරිපත් කරන විලාශය (පුවත් ඉදිරිපත් කරන විට එය වචන ගැලපෙන ලෙස නිවැරදිව බෙදා ගෙන ඉදිරිපත් කරනු ලබන්නේ එය ග්‍රාහකයාට එය මනාව වැටහෙන පරිදිය.)
ප්‍රවෘත්ති අංශයේ විසිනි.
සම්මුඛ සාකච්ඡාව-චංචලා කාරියවසම්විධායක නිෂ්පාදිකා
(අද දෙරණ)

දෙරණ නාලිකාව වඩාත් ජනාදරයට පත්වීමට එක් හේතුවක් ලෙස අද දෙරණ, දෙරණ ප්‍රවෘත්ති විකාශය බලපෑවේය. ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුතුව ප්‍රවෘත්ති ඉදිරිපත් කරනු ලබන “සත්‍ය ප්‍රථමයෙන්” යන සංකල්පය ද ඇති ව ප්‍රවෘත්ති ඉදරිපත් කිරීම ඔවුනගේ නව ප්‍රවණතාවක් මෙන්ම ඔවුනගේ ප්‍රේක්‍ෂක ජන ආකර්ෂණයට හේතු විය.

ආයතනයේ වත්මන් කාර්යමණ්ඩල හිමිකාරිත්වය අනුව ෂර්මිලා ධර්මරත්න, ලක්සිරි වික්‍රමගේ, මාධව මඩවල, ෂාන් බරණගේ, තරංග කුමාරසිංහ යන විධායක අධ්‍යක්ෂකවරුන් දෙරණ නාලිකාවේ ආයතනයෙහි සියලු තීරණ ගනු ලබයි. ඔවුන්ගේ අරමුණ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කිරීම මෙන්ම දේශීය දේ ගැලපෙන ලෙස අරගෙන එය ජනතාව වෙත රැගෙන යාමයි.
ග්‍රාහකයින් ඉලක්ක කිරීම (දෙරණ Tv නාලිකාව)

ග්‍රාහකයින් ඉලක්ක කිරීමේදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම LMRB සමීක්ෂක වාර්තා සහ SLR, RCB  වාර්තා අනුව ඔවුන්ගේ නිරීකෂණ, පර්යේෂණ ක්‍රමවේද යටතේ සිය වැඩසටහන් තුලින් ග්‍රාහකයින් ඉලක්ක කරගනු ලබයි. එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ එවුන් විසින් සිදුකරන පර්යේෂණ වාර්තාවල සහය ද ඔවුන් තම වැඩසටහන් නිෂ්පාදනයේදී යොදාගනු ලබයි. ඒ අනුව 6.55 ප්‍රවාත්ති විකාශය ආරම්භ කල බව දෙරණ Tv ප්‍රවාත්ති අංශය අපට පැහැදිලි කල කරුණකි. එය නවීණ ප්‍රවණතාවකි.

ප්‍රවර්ධන වැඩසටහන්

දෙරණ Tv  නාලිකාවේ ප්‍රවර්ධන වැඩසටහන් ලෙස මනුසත් දෙරණ වැඩසටහන දැක්විය හැකිය. ගංවතුර මෙන්ම විවිධ ආපදා අවස්ථාවලදී මානුෂීය ලෙස ඇප කැප වී ක්‍රියා කල ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස මනුසත් දෙරණ ප්‍රවර්ධන වැඩසටහන සඳහන් කළ හැකිය. එමෙන්ම මහරගම පිළිකා රෝහලට පෙටි ස්කෑන් යන්ත්‍රයක් අවශ්‍ය ඇති මොහොතක ඒ සඳහා අරමුදල් රැස් කොට මානුෂීය ලෙස ටෙලිවිෂන් නාලිකාවක් ලෙස කරනු ලැබුවේ අති උත්තරීතර ක්‍රියාවකි. එමෙන්ම දුෂ්කර පාසල් සඳහා පෙලපොත්, සුදු ඇඳුම් බෙදාදීම්, විශ්වවිද්‍යාල, රාජ්‍ය, පෞද්ගලික ආයතන සමඟ එක්වී කරනු ලබන මනුසත් දෙරණ “පැළයක් සිටවමු” ප්‍රවර්ධන වැඩසටහන තුළින් ද පරිසරය සුරැකීමට ද ඔවුන් කටයුතු කරනු ලබයි. වකුගඩු රෝගීන් සඳහා විශාල සුබසාධන වැඩපිළිවෙල් ඔවුන් සංවිධානය කොට ඇත.

දෙරණ ප්‍රවෘත්ති විකාශයේ දී ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදකයා පසුපස එම ප්‍රවෘත්තියට අදාල විඩියෝ සහ රූප රාමු ඇතුලත් විශාල ඩිජිටල් තිරයක් දක්නට ලැබේ. මෙයද දෙරණ නාලිකාවේ තාක්ෂණික වශයෙන් ඉතා පුළුල් වූත් නව ප්‍රවණතාවක් ලෙස අර්ථ දැක්විය හැකිය. මේ තුළින් වඩ වඩාත් ප්‍රේක්‍ෂකයාට ප්‍රවෘත්තිය පිළිබඳ අවධානයක් ලබා ගත හැකිය. “සත්‍ය ප්‍රථමයෙන් යන” පූර්වාදර්ශය යොදා ගනිමින් දෙරණ නාලිකාව තුළ පුවත් ඉදිරිපත් කරනු ලබයි. ජාත්‍යන්තර  ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය යන Tag Line ය භාවිතා කරනු ලබයි


 වැඩසටහන් නිෂ්පාදනයේදී HD system එකට අදාලව තාක්ෂනික උපකරණ භාවිතා කරනු ලබයි. Main control Room (MCR)  තුළ විකාශන කටයුතු තාක්ෂණික ලෙස කටයුතු කනු ලබන අතර, Dream star ,ලිට්ල් ස්ටාර් වැනි රියැලිටි වැඩසටහන් නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානය අසල studio එකක පටිගත කිරීම් කරනු ලබයි. පුළුල් වේදිකා ඩිජිටල් රූපරාමු, මනා ආලෝකකරණය සඳහා නව තාක්ෂණික උපකරණ භාවිතා කරනු ලබයි. මුල් අවධියේදී දෙරණ නාලිකාවේ ප්‍රධාන සම්ප්‍රේක්‍ෂණ කුළුණ කොළඹ පිහිටුවීය. එමෙන්ම මහනුවර, කළුතර යන ප්‍රදේශවල ස්ථාපනය කොට තිබෙන අනෙකුත් සම්ප්‍රේෂණ අප පොළවල් හරහා සිය විකාශයන් දිවයින පුරා විසුරුවා හරිනු ලපයි. ඔවුන්ගේ විකාශයන්වල ප්‍රචාරණ උද්යෝග හෙවත් තේමා පාඨ ලෙස “අපේ දේ රැකගෙන අළුත් දේ රැකගෙන යන” තේමා පාඨ ඔස්සේ ක්‍රියාත්මක වනු ලබයි.


එමෙන්ම Dialog TV, Peo TV තුලින් ද කේබල් මාධ්‍ය හරහා ද TV දෙරණ වැඩසටහන් නැරඹීමට හැකියාව ලබා දී තිබේ. මෙය ද නව ප්‍රවණතාවක් ලෙස හැඳින්විය හැකි අතර 24´7 ප්‍රවෘත්ති නාලිකාව ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබයි.
දෙරණ නාලිකවේ වැඩසටහන් ආකෘතිය

ටීවී දෙරණ නාලිකාව දිනකට පැය 17  පමණ ප්‍රචාරණයක් (පැය 600-2300 අතර) තුල ටෙලිනාට්‍ය, රියලිටි වැඩසටහන්, ළමා වැඩසටහන්, සංගීත සහ අනෙකුත් විවිධ වැඩසටහන් විකාශනය කරනු ලබයි.

ළමා වැඩසටහන් (TV දෙරණ)

             වලස්මුල්ල
             කිඳුරු කුමරියෝ
             සූටිං මාටිං
             අලිමල්ලියි මමයි
             දෙරණ ලිට්ල් ස්ටාර්
             මී Media



වාර්තාමය වැඩසටහන්
1              උරුමය සොයා   - (සංස්කෘතිකමය පරිසරය / පුරාවිද්‍යාව / බුදු දහම හා සම්බන්ධ වාර්තාමය වැඩසටහනකි
2 The other side(කොළඹ ලිං පද්ධතිය ආශ්‍රිතව ගොඩනැගුණු උපසංස්කෘතිය පිළිබඳ වාර්තාමය වැඩසටහනකි  
3 My city         -          
         I.            කොළඹ ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ යාචක මාෆියාව
       II.            නාට්ටාමි ජීවිත
     III.            දහවල් කාලයේ නගරයේ බත් පාර්සල් විකුණා ජීවිකාව ගෙන යන මිනිසුන්
    IV.            කොළඹ ගංවතුර

4  In side sri Lanka    - අරණායක ආපදාවෙන් විපතට පත්වූවත් හා ඔවුන්ගේ වර්තමාන තත්වය සිදුවීම එය සිදුවී මාස 07 පමණ පසුව ගොස් සොයා බලා ඒ පිළිබඳව කෙරෙන වාර්තා කිරීම Episode  03 කින් සමන්විතය)

5  මා නොවන මම දෙරණ ඩෙල් ස්ටූඩියෝ පටීබා     -           සම්මාන ඉලක්ක කරගත් වැඩසටහන් වන අතර ආයතනයේ අනුග්‍රහය යටතේ මෙම වැඩසටහන් නිෂ්පාදනය කරනු ලැබේ.

දෙරණ වැඩසටහන් ආකෘතිය පිළිබඳ සඳහන් කිරීමේදී ආගමික වැඩසටහනක් වන පන්සිල් සහ සෙත් පිරිත් දේශනයේ ආරම්භ කරන අතර ඉන් අනතුරු 6.30 සිට 7.30 අතර කාලය රැකියාවට යාමට සිටින ප්‍රේක්ෂකයින් උදෙසා දෙරණ අරුණ තුළින් දවසේ පුවත්පත්වල අඩංගු කරුණු කෙටියෙන් පැහැදිලි කරයි. එමෙන්ම දෙරණ අරුණ ඉදිරිපත් කරන චතුර වැනි නිවේදකයින් තමා වෘත්තිය ජන මාධ්‍යයෙක් ලෙස ඔහ ජනතාවගේ පාර්ශවයේ සිට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරයි. සමාජ, ආර්ථික, දේශපාලනික කරුණු රාශියක් දෙරණ අරුණ වැඩසටහන තුළ ක්‍රියාත්මක වේ. උදේ 7 සිට රාත්‍රී 7 දක්වා Non Prime Time  කාලය වුවද ප්‍රේක්‍ෂක ප්‍රතිචාර බොහෝ සේ ලබා ගැනිමට දෙරණ අරණ සහ ලෝකය සහ ලෝකයෝ යන වැඩසටහන් සමත්ව ඇත.
8 සිට 9 දක්වා සජීවි විකාශය ලෙස මලබර දෙරණ වැඩසටහන ඉදිරිපත් කරන අතර එම වැඩසටහන තුළ කාන්තාවන්ට, තරුණියන්ට මෙන්ම විවිධ ප්‍රේක්‍ෂකයින් ද ඔවුන් target Audince ලෙස හඳුනා ගනිමින් වැඩසටහන් නිෂ්පාදනය කරයි. ෂර්මිලා ධර්මරත්න වර්තමාන නිෂ්පාදන තනතුර හොඹවනු ලබයි. සතියේ දින 5 ට එක් දවසට එක් නිෂ්පාදකයෙක් ලෙස වැඩසටහනට දින 5 ට වෙන වෙනම නිෂ්පාදන කටයුතු හොඹවනු පිරිස් සිටිති

සේද මාවත ආදී වැඩසටහන් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් වන අතර විවිධ අනුග්‍රාහකයන්ගේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. වෛද්‍යවරුන් මැදිරිය ගෙන්වා සෞඛ්‍ය කටයුතු පිළිබඳ දැනුම ලබා දෙන අතර කාන්තාවන්ගේ රූපලාවන්‍ය මෙන්ම කාන්තාවන්ට, තරුණියන් අවශ්‍ය දැනුම ද ලබා දෙනු ලබයි.  රූපලාන්‍ය නිෂ්පාදන ආයතන අනුග්‍රාහකයින් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියුතුවන වෘත්තිය ශිල්පීන් ගෙන්වා මෙම වැඩසටහන විකාශය කරයි. එමෙන්ම විවාහ මංගල්‍යය කටයුතු සඳහා ඔවුන්ගේ වැඩසටහන් තුළින් BMICH හිදී සම්මන්ත්‍රණ, සමුළු ආදිය අලෙවි ප්‍රවර්ධන කටයුතු සමග සිදු කරයි. මේවා නවීන ප්‍රවණතා ලෙස හැඳින්විය හැකිය.

රියැලිටි වැඩසටහන් (දෙරණ tv )
             ලිට්ල් ස්ටාර්
             චැම්පියන් ස්ටාර්
             ඞ්රීම් ස්ටාර්
             ස්ටාර් සිටි
             සිටි ඔෆ් ඩාන්ස්
             චැම්පියන් අන් ලිමිටඞ්
             මිස් ශ්‍රී ලංකා

           ආදී රියැලටි වැඩසටහන් වේ. ලිට්ල් ස්ටාර් ළමයින් වෙනුවෙන් නිර්මාණය වූ රියැලිටි තරඟයකි. ඞ්රීම් ස්ටාර් තාරුණ්‍යයේ සිහින තාරකාව යන අර්ථයෙන් තාරණ්‍යයට සවන් දුන් රියැලිටි වැඩසටහනකි. අතිනවීන ඩිජිටල් Studio තුල මෙය විකාශනය කරන අතර තාරුණ්‍යයේ දක්ෂතා එළිදැක්වීම මෙන්ම දෂ්කර ප්‍රදේශවල සිට පැමිණ වත්මනයේ සැම ප්‍රේක්ෂකයෙක්ම හඳුනන තරුවක් විමට මෙම රියැලිටි වැඩසටහන උපයෝගී විය. රියැලිටි වැඩසටහනට අනුග්‍රහය දක්වන අලෙවි ප්‍රවර්ධන අනුග්‍රාහකයින් එම වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ විශාල ලෙස ක්ෂේත්‍රයක් එම වැඩසටහන තුළ මවමිනි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යයෙන් SMS පණිවුඩ හරහා තම ඡන්දය කැමැත්ත එම තරඟකරුවන්ට ලබාදීම තුළ නවීණ ප්‍රවණතා රාශියක් දක්නට ලැබේ.

නාට්‍යමය වැඩසටහන්

             අධිරජ ධර්මාශෝක
             සිදූ නාට්‍ය
             මුතුකුඩ
             දෙවැනි ඉනිම
             සඳහටම ඔබ මගේ

සිඳූ ටෙලිනාට්‍ය රාත්‍රී 7.30 ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රේක්‍ෂක ජනාදරයට ලක් වූ සිදූ ටෙලිනාට්‍ය ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා එම චරිතයේ රංගනයෙන් දායක වන සෝරත හිමි චරිතය වෙනුවෙන් ඒ ළමා නළුවාට හිමි විය. ශ්‍රී ලංකාවේ 7-10 රාත්‍රී කාලය තුළ අන් ටෙලිවිෂන් තුළ විකාශනය වූයේ ඉන්දියානු ටෙලිනාට්‍ය සිංහල හඩකැවීමකට ලක් වූ ටෙලිනාට්‍ය වේ. මෙය නිසා ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ල නිසා ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය නිෂ්පාදකයිනට එය අහිතකර ලෙස බලපෑවේය. මෙය නිවැදරිව අවබෝධ කර ගත් දෙරණ tv  නාලිකාව සිදූ ටෙලිනාට්‍ය හා දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය Prime Time  කාලය තුළ විකාශනය කරන්නට විය . දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය ද මේ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා සහ නිළියද බිහිවූයේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයෙනි.

ප්‍රවෘත්ති වැසටහන්වල නවීන ප්‍රවණතා
 (LMRB සමීක්ෂණ වාර්තා අනුව )

පුවත් නරඹන ග්‍රාහකයාගේ රුචිකත්වය මේ සඳහා බෙහෙවින් බලපානු ලබයි.
24´7 (අද දෙරණ) Ratings වල ප්‍රථම ස්ථානයෙන් සිටියි. 6.55 ප්‍රවෘත්ති විකාශය වඩා ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනා සිටියි.
ලෝකය සහ ලෝකය
මෙම වැඩසටහන ප්‍රවෘත්ති අංශයේ ඉදිරිපත් කිරීමකි. Dark comedy මෙහි මූලික ලක්ෂණය වේ. හාස්‍ය උත්පාදනය මඟින් යම් යම් ප්‍රබල පණිවඩයක් සමාජගත කිරීම මෙහි අරමුණ වේ.

දෙරණ අරුණ
පුවත්පත් විශේෂාංගය වේ. (පුවත්පතේ තොරතුරු වලට එහාගිය කරුණු, දැනුම ගවේෂණය. මතිමතාන්තර දේශීය සහ විදේශී්‍ය පුවත් අලලා ඉදිරිපත් කරනු ලබයි.

ප්‍රවෘත්ති වටිනාකමින් අඩු නාලිකා පැවති අවධියේදි, එහි නාලිකා අවශ්‍යතාවය මත පදනම්ව TV දෙරණ නාලිකාවට අමතරව මෙම 24 ´7 (අද දෙරණ) News channel  ආරම්භ කොට ඇති අතර මෙයින් ලාභ ලැබීමට වඩා හුදු සමාජ සුබසාධනය පරමාර්ථ කොට ගත්තකි. මෙය දෙරණ tv  නාලිකාවේ අනාගත ආයෝජනයකි. ලංකාවේ ප්‍රථම ප්‍රවෘත්ති නාලිකාවක් ඇරඹීමේ ගෞරවය TV  දෙරණ නාලිකාව සතුවේ.
සංවාදාත්මක වැඩසටහන්
§  360°
§  අලුත් පාර්ලිමේන්තුව
§  වාද පිටිය
§  Talk With Chatura

මෙම වැඩසටහන් සංවාදාත්මක වැඩසටහන් වේ. දෙරණ නාලිකාවේ ඩිල්කා සමන්මලී, චතුර අල්විස්. ප්‍රමුඛ නිවේදකයින් විසින් මෙම සංවාදාත්මක වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සඳහා කාලීන සමාජ ගැටලු  සංවාද කරනු ලබයි.අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සඳහා විශ්වවිද්‍යාල, ශිෂ්‍යයන් ද සහභාගි කරවාගෙන ඔවුන්ට ද ප්‍රශ්න ඇසීමට සැලවිම මෙහි නව ප්‍රවණතාවයකි. මෙහි නිවේදකයා සතුව ගවේෂණශීලී දැනුම ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාල පෘථුල දැනුම්, පර්යේෂණවල නිරත ව සිටින නිවේදකයින්, මෙම වැඩසටහන්වල නිවේදකත්වය උසුලයි. රාත්‍රී 10 න් පසුව මෙම වැඩසටහන් විකාශය කරනු ලබයි.

විනෝදාත්මක වැඩසටහන්
             ඔන්න ඔට්ටුයි
             ස්ටාර් සිටි

ආදී විනෝදාත්මක වැඩසටහන් දැක්විය හැකිය. ඔන්න ඔට්ටුයි විනෝදාත්මක වැඩසටහන සඳහා නළු නිලියන් ක්‍රීඩකයන් ආදී ක්ෂේත්‍රවල ජනප්‍රිය පුද්ගලයින් ගෙන්වා ඔවුන් සමඟ සුහදව කතා බහ කරමින් නර්තනයක් ද ඉදිරිපත් කරමින්, ක්‍රීඩාශීලිත්වය සඳහා ක්‍රියාකාරකම් ද සංවිධානය කරයි. එමෙන්ම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්ද ඒ අතරතුර ඔවුන්ගෙන් අසනු ලබයි.
දෙරණ tv නාලිකාවේ අලෙවි ප්‍රවර්ධනය
දෙරණ tv  නාලිකාවේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ලෙස අලෙවි අංශය කොටස් 3 කට වර්ගීකරණය කොට ඔවුන් අලෙවි ප්‍රවර්ධන කටයුතු කරගෙන යනු ලබයි. වත්මනයෙහි අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂකරයා වන්නේ තුෂාන් පෙරේරා මහතාය.
·         FM Marketing
·         TV Marketing
·         Web Marketing
ලෙස වර්ගීකරණය කොට  අලෙවි ප්‍රවර්ධනය කරනු ලබයි. FM Marketing  සඳහා ගමෙන් ගමට ගොස් ප්‍රවර්ධන වැඩසටහන්  (ස්ටිකර් ඇලවීම, දෙරණ ඇහුවොත් සල්ලි” මුදල් ත්‍යාග ලබාදීම, වැඩසටහනක් අතරතුරදී දුරකථන ඇමතුමක් ලබා දී රීලෝඩි ලබාදීම) මෙවැනි අලෙවි ප්‍රවර්ධන කටයුතකු කරනු ලබයි.

දෙරණ tv  නාලිකාවේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා ඔවුන් අනුග්‍රාහක බවතුන් තම නාලිකාවට දැන්වීම් ලබාදීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනු ලබයි. LMRB සමීක්ෂණ වාර්තා වල TOP 30 Programe  අතර සිටින සිඳූ ටෙලිනට්‍ය, දෙවැනි ඉනිම, චැම්පියන් ස්ටාර්, ඩාන්ස් අන්ලිමිටඞ්, ස්ටාර් සිටි වැනි වැඩසටහන් තුළ අනුග්‍රාහක දැන්වීම් දෙරණ නාලිකාවට ලබාදීමේදී ඔවුනට ලැබෙන වාසි පිළිබඳව මෙන්ම වැඩිම ප්‍රේක්‍ෂකයින් ටෙලිවිෂනය නරඹන වේලාව දැන්වීම් ප්‍රචාරණයට වඩාත් යහපත් බව පෙන්වා දෙයි. දෙරණ නමින් ගමට යමින්, එමෙන්ම නගර ආශ්‍රිත ඩිජිටල් වේදිකා යොදා ගෙන සංගීත ප්‍රසංග පැවැත්වීම ආදිය අලෙවි ප්‍රවර්ධන කටයුතු වේ. මෙහි නවීණ ප්‍රවණතා ලෙස නවීන තාක්ෂණික උපක්‍රම බොහෝ ප්‍රමාණයක් මේ සඳහා යොදා ගෙන ඇත. 24´7 නාලිකාව ආරමභ කිරීම අනාගත ආයෝජනයකි. Dialog TV, Peo Tv කේබල් තාක්ෂණයෙන් පමණක් 24´7 ප්‍රවාත්ති නාලිකාව නැරඹිය හැකිය. TV Marketing තුළ දෙරණ නාලිකාවේ Prime Time කාලය තුළ වෙළඳ දැන්වීමක් සඳහා මිල ලක්ෂ 2 ක මුදලක් යටතේ ගුවන් කාලය තත්පර 30 වෙළඳ දැන්විම් සඳහා අලෙවි කරනු ලැබේ. ඒ ඒ වැඩසටහන්වලට අනුව මිලෙහි වැඩි වීමක් හෝ අඩු වීමක් දක්නට ලැබේ.

web marketing පිළිබඳව සඳහන් කිරීමේදි Derana නාලිකාවේ www.adaderana.lk  යන වෙබ් අඩවිය ඔවුන් පවත්වාගෙන යනු ලබයි. Macro Entertainment ලෙස එම වෙබ් අඩවිය නම් කර තිබෙන අතර දැනට ලංකාවේ වැඩිම පිරිසකගේ වෙඞ් බැලීම (Web viewes) දෙරණ මැක්රෝ Entertainment වෙබ් අඩවියට ලැබී ඇත. අද දෙරණ ප්‍රවෘත්ති විකාශයට දිනපතා web අඩවිය තුළින් බැලීම (viewes) ලක්ෂ ගණනින් වාර්තා වේ. මේ තුළින් නිරූපිත නව ප්‍රවණතාවක් ලෙස ප්‍රේක්‍ෂකයා කෙමෙන් රූපවාහිනි නාලිකාවලින් ඈත් වී තම අතෙහි තිබෙන්නා වු ජංගම දුරකථනයෙන් මෙන්ම අවශ්‍ය තොරතුරු දැන ගැනීමට පෙළඹී ඇති බවයි. ජංගම දුරකථන, Smart Phone, Tab, Laptop  වැනි උපකරණ බොහෝ ප්‍රමාණයක් තුළීන් දැනුම තොරතුරු සෙවීමට මිනිසුන් පෙළඹී සිටින බව මෙයින් සඳහන් කළ හැකිය.

අද දෙරණ News APP Smart ජංගම දුරකථන සඳහා ද දෙරණ නාලිකාව විසින් හඳුන්වා දී ඇත. එමෙන්ම අද දෙරණ News Alaerts සක්‍රිය කිරීම තුළින් වැදගත් තොරතුර තම ජංගම දුරකථනයට පැමිණේ. මේ සඳහා සිංහල, ඉංග්‍රීසි, දෙමළ වැනි භාෂා 3 ම පහසුකම් යොදා ගෙන ඇත. නවීකරණත්වය සමඟ ඉදිරියට යන මෙන්ම ඉතා කුඩා කාලයක් තුළ ආරම්භ වී ජනතාවගේ නොමද ප්‍රසාදයට පත්වීමට දෙරණ නාලිකාව තුළ තිබෙන මෙම නව ප්‍රවණතා ලක්ෂණ බොහෝ දුරට ඉවහල් වී ඇත. ඔවුනගේ අරමුණු ලෙස අපේ දේ රැගෙන ඉදිරියට ගමන් කිරීමක් ඔවුන් අපේක්ෂා කරනු ලබයි. ඉන්දීය ටෙලිනාට්‍ය නිසා රාත්‍රි 7-9 ආදී පැය ද්විත්ය ඉන්දිය ටෙලිනාට්‍ය වඩාත් ජනප්‍රිය වී තිබූ අවස්ථාවක “සිදූ”, දෙවැනි ඉනිම, මුතුකුඩ වැනි දේශීය ටෙලිනාට්‍ය කරලියට රැගෙන එනු ලැබිය. “සිදූ” ටෙලිනාට්‍ය ළමා, වැඩිහිටි සැමගේ ජනාදරයට පත්වෙමින් LMRB  වාර්තා අනුව ප්‍රමුඛ ස්ථානයක රැඳී සිටියි. එමෙන්ම  දෙරණ නාලිකාව ලාබ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකාවක් වුවද නිතැතින් ලාංකීය සංස්කෘතිය මෙන්ම ලාංකීය බවට ඔවුන් ගරු බුහුමන් දක්වති.

දේශපාලනික දෘෂ්ටිවාදය ලෙස සමබර දේශපාලන දෘෂ්ටියක් ඔවුන්ගේ වාර්තාකරණය තුළ ඇති අතර දෙරණ නාලිකාවේ හිමිකාරිත්වය දිලිත් ජයවීර මහතා  සතුව තිබේ. නමුත් ඔවුන් දේශපාලනික වශයෙන් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති වාරතාකරණයට හෝ දෙරණ නාලිකාවේ විකාශන කටයුතු උදෙසා දේශපාලන දෘෂ්ටිවාද යොද ගනු නොලබයි. වත්මනය වන විට දෙරණ නාලිකාවේ පරමාර්ථය වී ඇත්තේ (විනෝදාස්වාද සම්පාදනය + ලාබය +LMRB සමීක්ෂණ වාර්තා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයා) මෙම කරුණු ත්‍රිත්වය සම්පූර්ණ කිරීම වත්මනයේ ඔවුන්ගේ අරමුණ වී ඇති අතර වත්මන් නව ප්‍රවණතා අනුව ඉහත කාරණා අතිශයින් වැදගත් වේ. වසර විශිෂ්ටතම ප්‍රාසාංගික නාලිකාව ලෙස tv  දෙරණ සම්මානවලින් පිදුම් ලබන්නේ ද මෙවන් වූ කරුණු නිසාවෙනි. ප්‍රාසාංගික බව සහ ගුණාත්මකව එම ප්‍රාසාංගික බව ඉදිරිපත් කිරීම නිසා tv  දෙරණ වත්මනයේ නාලිකා අතර ප්‍රමුඛ ස්ථානයක් රදවා ගෙන තිබේ.

ප්‍රවෘත්ති අංශයේ විසිනි.
සම්මුඛ සාකච්ඡාව-චංචලා කාරියවසම්
විධායක නිෂ්පාදිකා
(අද දෙරණ)