Tuesday, April 9, 2019
Sunday, April 7, 2019
සංස්කෘතිය ගැන ( Reject වුණු ලිපියක් )
Cult කියන්නේ ඇදහිල්ලට. හරියට ආගම වගේ . මුල් කාලයේ මිනිස්සු
ආගම බිහිවෙන්න ඉස්සෙල්ලා පෙන්නේ නැති දේවල් විශ්වාස කළා. විශාල ගස් ගල් වලට වැන්දා.
ඉර හඳට වැන්දා. පොළොවට වැන්දා. ලෙඩක් දුකක් හැදුණාම සොබා දහමෙන් පිහිට පැතුවා. මිනිස්සු
කාලයත් එක්ක සාමුහිකව ජීවත් වෙනකොට සමාජය බිහි කර ගන්නවා. cult කියන ඇදහිල්ලේ අදහස
culture එක බවට පත්වන්නේ මිනිස්සු ශිෂ්ටාරගත වීමත් එක්ක.
හොවැන්හෝ, ඉන්දු නිම්න, මිනෝවානු, හරප්පා, මේ ශිෂ්ටාචාරවල නම් කිහිපයක්. ශිෂ්ටාචාර ගත වීමේ ඉතිහාස කතාව ඇතුළේ එක් එක් සාමුහික
කණ්ඩායම් ඔවුන්ට ආවේණික වූ අනන්‍යතා ලක්ෂණ
වලින් යුක්ත culture එකක් බිහි කර ගන්නවා. ඒ culture එක ඇතුළේ ඔවුන්ගේ ආදී මුතුන් මිත්තන්ගෙන් පැවත එන
නොයෙක් සංස්කෘතිකාංග ඒකට එකතු කරගන්නවා. සදාචාරය , විශ්වාස පද්ධතිය , සෞන්දර්ය ,
භාෂාව ,ඉතිහාසය , දැනුම මේ මේ දේවල් එකතු කරගනිමින්
පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන යන පරම්පරාගත නිපදවීමක් තමා culture එක කියන්නේ.
ක්‍රෝබර් ( Krober ) සහ ක්ලක්හොම් ( Kluckhom ) යන විද්වතුන් දෙන්නා culture එක ගැන මෙහෙම කියලා
තියෙනවා. “ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මඟින් ව්‍යාප්ත කරන
මානව සමූහවල සුවිශේෂී සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් “ කියල හඳුන්වන්න
පුළුවන්. ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිතයේදී ඔවුන්ගේ ඇතුළේ
තියෙන ඒත් පිටට පෙන්නන වගේම පෙන්නන්නැති චර්යාවන් තියනවා. ඒ සමුහවල නැත්තම්
සමාජ කණ්ඩායම් වල චර්යාවන් සංකේතව culture එකෙන් එළියට
දානව. මේක දිගින් දිගටම අතීතයේ ඉදන් නොකඩවා සිද්ද වෙන ක්‍රියාවලියක් . සමාජයේ
වෙනස් වීමත් එක්ක මේ ක්‍රියාවලිය වෙනස් වෙලා වගේම අළුතින් දේවල් ද එකතු වෙලා
තියනව.
සිංහල බෞද්ධ
සංස්කෘතියට ප්‍රෞඪ ඉතිහාසයක් තියනව. දමිළ හින්දු සංස්කෘතිය හින්දු ආගමත් එක්ක
වර්ධනය වෙලා තියනව. ඒ වගේම කතෝලික සංස්කෘතියද කතෝලික ආගමත් එක්ක ව්‍යාප්ත වෙලා
තියනවා. මුස්ලිම් ආගම ඉස්ලාම් දහමත් එක්ක
වර්ධනය වෙලා තියනව. ඒ වගේම ශ්‍රී ලංකාව බහු ආගමික , බහු සංස්කෘතික රටක්. මේ මේ ආගම්
වලට විශේෂව ඒ ආගමේ සංකේත ගොඩක් අපි සමාජයට දානව. භාෂාව , ඇඳුම් පැළඳුම්, හැසිරීම්
රටා , විශ්වාස , කලාව , ආහාර පාන , නිතිය , සදාචාරය , මේ දේවල් culture එකේ සංස්කෘතික
සංකේත විදියට හඳුන්වන්න පුළුවන්. බෞද්ධයන්ගේ පිරිත් නූල , කතෝලිකයන්ගේ කුරුසය ,
හින්දු ජාතිකයන්ගේ පූණ නූල, මුසල්මානුවන්ගේ තොප්පිය , ෆර්දාව මේත් ඒ සංකේත වෙනවා.
Culture එක ඇතුළේ තියෙන ගැඹුරු සංස්කෘතික හරය අපි අල්ලා ගන්න කොට එක වටේට තියෙන සංස්කෘතික සංරචකයන් ද අපිට පේනවා. අපගේ ජිවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව , සමාජ චර්යාව , දේශපාලන චර්යාව, ආගමික චර්යාව, අපිට සංස්කෘතිය ලෙස පෙනෙන්නට ගන්නව. ඒත් ඇත්තටම සංස්කෘතිය ඇතුළේ තියෙන සංස්කෘතික හරය වෙන්නේ අපේ අනන්‍යතාව. මනුස්සයාගේ පැවැත්ම තීරණය කරන ගාමක බලවේගය අනන්‍යතාව. ඒකයි අනන්‍යතාවය අපිට වඩා වැදගත් වෙන්නේ. අපි ඕපපාතිකයන් නොවෙනවා වගේම අපේ මුල තීරණය කරන්නේ අනන්‍යතාවය එක්කයි. අපිව පෝෂණය කරන්නේත් ඒ අනන්‍යතාව.
ගොඩක් කාලයක ඉදන් අපි cultural මිනිස්සු වෙලා ඉන්නව. ඇයි අපි cultural වෙලා ඉන්නේ? . ඒකට දෙන්න තියෙන කෙටීම උත්තරය වගේම හොඳම උත්තරය වෙන්නේ , මොනවද Culture එකට අයිති වෙන්නේ නැත්තේ කියලයි. අපේ වටා තියෙන හැමදේම Culture එකේ අනු කොටස් හරි වෙනවා. කාලයත් එක්ක සමාජයේ ජිවත් වෙනකොට ඒ සමාජයේ තියෙන Culture එකට අපි නිරන්තරයෙන් හැඩ ගැහෙනවා. ඒ හැකියාව Culture එකට තියනව. අපේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපේ Cultural Life එක අපේ ප්රභවය එක්ක නිර්මාණය වෙලා තියනව. අපිව වැඩසටහන්ගත කරන්නේ Culture එක තුළින්.
සංස්කෘතික බැමි කඩාගෙන කවුරුන් හෝ ඉදිරියට යනවා නම් එතැනට සංස්කෘතික විරෝධයක් එල්ල වනවා. පකිස්ථානයේ මලාලා යුසෆාන්ට වෙඩි වඳින්නේ ඇය ඒ Culture එකේ තිබ්බ සංස්කෘතික ප්‍රශ්නයක් වුණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ගැන විවේචනය කරපු නිසා. ඒ Culture එකෙන් ඇයට විරුද්ධව විරෝධී මතවාද එල්ල වුණා. ඒ වගේම වැන්දඹු ස්ත්‍රියක් සැමියා දැවෙන දර සෑයට දමා මරා දමන එක නමින් හඳුන්වන සති පූජාව අදටත් ඉන්දියාවේ Culture එකේ චාරිත්‍රයක් විදියට තියනව. අප්‍රිකානු ප්‍රාථමික සංස්කෘතිය ඇතුළේ තියෙන ලිංගඡේදනය, ඒ වගේම ළමා විවාහ , ගැහැණු ළමයි ළදරු වයසේම මරා දමන සංස්කෘතික කාරණා හින්දා කාන්තාවන් දැඩිව පිඩනයට පත්වෙලා තියනව. විශේෂයෙන් ඉන්දියාවේ වගේම අරාබි රටවල හින්දු හා ඉස්ලාම් ආගම අදහන ආගම්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඛේදජනක වෙලා තියනව. ඔවුන්ගේ ආගමික හා සමාජීය නිදහස ඒ නිසා අහිමි වෙලා තියනවා.
අපි හරි ආඩම්බරෙන් කියනව අපි ශිෂ්ට ජාතියක් කියල. අපි හිතනවා අපිට ශිෂ්ටත්වය ගැන හරි අවබෝධයක් තියනව කියලා. අපේ රටේ තරම් උදේ හවා බණ අහන වගේම බණ කියන රටක් තවත් නැති තරම්. ඒත් අපිට ශිෂ්ටත්වය ගැන හරි අවබෝධයක් තවම නෑ. ශිෂ්ටත්වය ඇතුළේ හැංගිලා ඉන්න වනචාරී මනුස්සයා සැරෙන් සැරේ උඩට මතුවෙන හින්ද තමයි ලංකාවේ දිනපතාම ළමා දුෂණ, ළමා අපචාර, මිනීමැරීම් නිතරම වාර්තා වෙන්නේ. ඒ මදිවට එල්ලුම් ගහකුත් සමහරුන් යෝජනා කරන්නේ ශිෂ්ටත්වයේ උපරිමයට ගිහිල්ලා තියෙන හින්දා වෙන්න ඇති.
සමාජය ඇතුළේ Culture එක හින්දා සමාජ පැළුම් රේඛා නිර්මාණය කරනවා. ඒ වගේ එක පැළුම් රේඛාවක් තමා ලිංගභේදය. මේක ජීව විද්‍යාත්මක කාරණයක්. ලිංගභේදය බෙදීමක් මිසක් වෙනස්කමක් වෙන්නේ නෑ. මේ බෙදීම නිසා ස්ත්‍රියට එරෙහිව නැගී සිටින පුරුෂයා යන සමාජ පැළුම් නිර්මාණය කරනවා. පන්සිල් වල ආදීනව හැමදාම කියල දෙන සමාජයක කතුරකින් තම බිරිඳ ඝාතනය කර පළා යන සැමියෙකුගේ පුවතක් වාර්තා වෙනවා. ශිෂ්ටත්වය ගැන අපට තියෙන අවබෝධය ගැන නැවතත් මේත් එක්කම ගැටලු මතු වෙනවා.
Culture එක බිහිවුණ ලංකාවේ
ඉතිහාස කතාව ඇතුළේ මහාවංශය ලියලා තියෙන්නේ මහානාම හාමුදුරුවන්. රජවරුන් විශාල ප්‍රමාණයක්
රජ කරපු ලංකාවේ ඉතිහාස කතාව ඇතුළේ බිසවුන් ඉන්නේ අතේ ඇඟිලි ගානට ගණන් කරන්න පුළුවන් ගානක්. ඉතිහාසය ( History) කියන්නෙම ( His- story ) ඔහුගේ කතාවයි . එතකොට
කෝ ( Her- story ) එක. ඇයගේ කතාව අපිට අතීතයේ ඉදන්ම මඟ ඇරිලා
තියනව. උවමනාවෙන් මඟ හැරිලත් තියනව. ගැහැණු ළඳ බොළඳයිලු. ගැහැණු හරියන්නේ කුස්සිය මුල්ලට කියලා අහන්න ලැබෙනව. Culture එකෙන් එළියට එන්න
හදද්දිම ගැහැනියගේ පෞරුෂ්යත්වයේ පිටකොන්ද Culture එකෙන් කඩනව.
Culture එක ඇතුළේ ජනගහණයත් එක්ක ( බහුතරවාදය ) සුළුතරයට එරෙහි සමාජ පැළුම් රේඛාව නිර්මාණය කරනවා. ඒ වගේම ජාතිය ( ජාතිවාදය ) පීඩිත ජාතියට එරෙහිව නැගී සිටින ජාතිය ඇතුළේ සමාජ පැළුම් රේඛා නිර්මාණය කරනවා. ලාංකීය සමාජය ඇතුළේ 1956 රාජ්‍ය භාෂා පණතත් එක්ක ආරම්භ වුණු වාර්ගික අරගලය දෙකෙළවර පටලවාගත් බහුතරවාදීන් වගේම ජාතිවාදීන් හින්දා 30 අවුරුදු යුද්ධයක් දක්වා අරන් ගියේ භාෂාව වගේම ආගම , ජාතිය යන cultural සමාජීය පැළුම් රේඛාවල ප්‍රථිපලයක් ලෙසින්. එකම ඉරක් එකම හඳක් පායන රටක දෙපැත්තට බෙදෙන්නට වුණෙත් Culture එකෙන් අපේ ඔළුවට දාපු විෂබීජ හින්දා.
ඇත්තටම ඇයි අපි සංස්කෘතික වෙලා ඉන්නේ ? මොකද අපි හුස්ම ගන්න රටාව පවා Culture එක ඇතුළේ හදල තියනව. හිට්ලර්ට පුළුවන් වුණා මඳුරුවෝ වත් මරපු නැති ජාතියක් යොදා ගෙන නාසිවාදී ආර්ය ජාතින් හින්දා යුදෙව්වන් සමූල ඝාතනය කරන්න. ඒත් දැන් දකුණට හිට්ලර් ඉල්ලන Culture එකත් උතුරට ප්රභාකරන් ඉල්ලන Culture එකත් ඇතුළේ තියෙන්නේ ඇතැම් ජාතිවාදී අදහස් බව පෙන්න තියනව. ලෝකයේ බොහෝ රටවල ආගම , ජාතිය , කුලය නිසා ඇති කළ යුද්ධ බොහෝ වෙනවා. කුරුස යුද්ධ, ISIS ත්‍රස්තවාදය, මැදපෙරදිග ගැටුම්, ඇමරිකානු කළු වර්ණ භේදවාදය , ඉන්දියාවේ කුල භේදය , සිංහල දෙමළ ගැටුම්, සිංහල මුස්ලිම් ගැටුම්. අනන්‍යතාවය හොයාගෙන යන ගමනේදී අන් අයගේ අනන්‍යතාව Culture එක ඇතුළේ රකින්නට අපි කටයුතු කරනවද යන හැඟීම අපට පෙන්නේ ඉතා සුළු වශයෙන්.
ලෝකයේ Culture එක ඇතුළේ
මහා සංස්කෘතිය කියන්නේ යම් භූගෝලීය සීමාවක් ඇතුළේ නොයෙක් ජන කණ්ඩායම් ඉන්න පුළුල් සමාජයක්. මහා
සංස්කෘතිය ඇතුළේ විවිධ භාෂාවන් කතා කරන , විවධ ආගම් අදහන විවිධ කුලකයන්ට අයිති වුණ
ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරගෙන ජීවත් වනව. මහා සංස්කෘතිය ජාතික
සංස්කෘතිය කියලත් හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකීය මහා සංස්කෘතිය , මහා සංස්කෘතියට
නිදසුනක් සපයනු ලබනවා.
අද වෙද්දී මේ මහා සංස්කෘතිය ඇතුළේ කුඩා උප
සංස්කෘතීන් ද බිහිවෙලා තියෙනවා. ප්‍රාදේශීය උප සංස්කෘති , ජනවාර්ගික උප
සංස්කෘති, ග්‍රාමීය උප සංස්කෘති, නාගරික
උප සංස්කෘති, වෘත්තීය උප සංස්කෘති, ආගමික උප සංස්කෘති කියලා ඒවා හඳුන්වන්න
පුළුවන්. මහා සමාජයට අයත් එත් උප සංස්කෘතිය ඇතුළේ ඊටම ආවේණික සංස්කෘතියක් ගොඩ
නැගෙමින් තියනවා.
අද වෙනකොට Culture එක සමාජ විපර්යාසයන් එක්ක වෙනස් වෙලා තියනව. ඒ
වගේම අළුත් අළුත් දේවල් Culture එකට එකතු වෙලා තියනවා. අද ලෝකයේ වගේම ශ්‍රී ලංකාවේ Culture එක ඇතුළේ ද තියෙන්නේ Mix වෙච්ච Culture එකක්. වෙන කොහෙවත්
තිබ්බ Culture දේවල් අපේ Culture එකට එකතු වෙලා තියනව.
ලෝකය පුරාම ගෝලීයකරණයත් එක්ක ගොඩ නැගුණ වෙළඳ ආර්ථිකය හින්දා Popular Culture එකේ දේවල් අපි හරි
අපුරුවට වැළදගෙන තියනවා. Popular Culture එකෙන් අපිට සිහින
ෆැන්ටසියක් හදල දීල තියනව. අපි ඒ Mix වෙච්ච ෆැන්ටසියේ ඉදන්
අපේ අනන්‍යතාව යටපත් කරගෙන ඉන්නව. ශ්‍රී
ලාංකීය අපිට ප්‍රෞඪ ඉතිහාසයක්, ප්‍රෞඪ
සංස්කෘතියක් තියනව කියල බෝඩ් ලෑලි උස්සන් ඉදල වැඩක් නෑ. ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අපි ඉන්නේ
එකම තැනක නම්. අවුරුදු හැත්තෑ ගණනක් පුරාවට වර්ගවාදය, ජාතිවාදය ඉස්සරහට දාල ඡන්ද
ගන්න දඟලලා වැජඹෙන්න දඟලන දේශපාලුවන් ඉන්න රටක Culture එකේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇත්තේ සුළු අවධානයක්. අපි හරියටම
සංස්කෘතියේ හරය අල්ල නොගන්නා
තාක්කල් මේ ගැටුම් ඉස්සරහට වර්ධනය වෙනවා.
2018 නොවැම්බර් 04 ඉරිදා දේශය පුවත්පතේ අන්තර්ගත විශ්ලේෂණය
අදේශපාලනික වූ කිසිවක් මෙලොවෙහි නොමැත යනුවෙන් විද්වතුන් විසින් අර්ථ දැක්වූ විද්වත් අර්ථ ප්‍රකාශයන් ඉතිහාසයේ කවරදාටත් වඩා අදට වලංගු වේ. වත්මන් ලාංකේය සමාජයේ බලය මුලික සන්නද්ධයක් වී ඇත. බලය යන සාධකය වටා සෑම දේශපාලනික, ආර්ථික, සමාජීය සන්දර්භයන් කේන්ද්‍ර ගත වී ඇත. 2018 ඔක්තෝම්බර් 26 වැනිදා මෙරට ඇති වු දේශපාලනික බල අරගලය ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍ය ලෙස පත්වීම, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීම, අග්‍රාමාත්‍ය ලෙස රනිල් වික්‍රමසිංහ නැවත පත්කිරීම යන සිද්ධි දාමය ලාංකීය දේශපාලනික ක්ෂේත්රයේ සුවිශේෂි සංධිස්ථානයන් හෙඹ වු දේශපාලන කරළිය උණුසුම් කළ පුවත් මැවීමේ හස්තයන් විය . මාධ්‍ය හා දේශපාලනය අතර පවතින අවීයෝජනීය සබැදියාවත් සමඟ මෙම සිද්ධි දාමයේදී මාධ්‍ය තොරතුරු වාර්තා කිරීමේදී තම හස්තයන් තුළින් දේශපාලන පැතිකඩයන් එකිනෙකට වෙනස් අයුරින් වාර්තාකරණයේ නිරත වන්නට විය. දේශය පුවත්පත ඒ තුළින් ප්රමුඛ ස්ථානයක් උසුලයි. දේශය 2018 නොවැම්බර් 04 වැනිදා සතිඅන්ත පුවත්පත මෙම සිද්ධි දාමය පාදක කරගනිමින් තොරතුරු වාර්තා කළ ආකාරය අන්තර්ගත වීශ්ලේෂණ අධ්‍යයනයට පාදක කර ගෙන තිබේ.
දේශය පුවත්පත විකල්ප ධාරාවේ පුවත්පතකි. දේශය සතිඅන්ත ඉරිදා පුවත්පත කොටස් තුනකින් සමන්විත පිටු 52 ක් සහිතය. පිටු 22කින් යුත් පළමු අතිරේකයේ පිටු 17කම ඉඩ වෙන් කිරීම ආණ්ඩු පෙරළිය හා සම්බන්ධ වු සිද්ධි , දේශපාලනඥයන්ගේ අදහස් මත දක්වන ලිපි , ජනතාවගේ අදහස් මත දක්වන ලිපි ආදිය පෙළ රචනයේදී යොදා ගෙන ඇත. ඊට කාටූන් හා ඡායාරූප ද අන්තර්ගතව ඇත එමෙන්ම දේශය හරබර අතිරේකය පිටු 11කින් සමන්විත වන අතර එයින් පිටු 03ක ඉඩ ප්‍රමාණයක මෙම සිද්ධි වාර්තා කර ඇත. පුවත්පතේ සමස්ත පිටු සංඛ්‍යාවෙන් පිටු 28ක ප්‍රමාණයක් ඒ සදහා යොදා ගෙන ඇත. එය සමස්ත ඉඩ සංඛ්‍යාවෙන් 50%ක ප්රතිශතයකි. 2018 ඔක්තෝම්බර් 26 වැනිදා මෙරට ඇති වු දේශපාලනික බල අරගලය සමඟ ලාංකේය දේශපාලන ක්ෂේත්රයේ දේශපාලන නැඹුරුව දිශානතිය වෙනස් වෙමින් දේශපාලන සිද්ධි හා අවස්ථා නිර්මාණය විය.
ලිපි ප්‍රමාණය - 30
කාටූන් ප්‍රමාණය - 13
ඡායාරූප ප්‍රමාණය - 113
මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස ඔබේ උදව් එපා ජනපති කියයි යන සිරස්තලය භාවිත කර ඇති අතර ඔබේ යන වචනාර්ථය වැඩි දුරටත් අවධානයට ලක් කරනු පිණිස අඟල් 03කට ආසන්න අකුරු විශාලත්වයක් සහිත සුදු පැහැය අකුරු සදහා යොදා ගනිමින් අන් අකුරුවල විශාලත්වය ක්‍රමයෙන් අඩුවන පිළිවෙළට සකසා ඇත. මුල් පිටුවේ අනු සිරස්තල 08ක් භාවිතා කරමින් ප්රවෘත්ති වටිනාමකින් යුක්ත තොරතුරු වාර්තා කර ඇත. 󠅿පුචත්පතේ ආකර්ෂණය සහ පුවත්පත මිළදී ගැනීමට පොළඹවන ආකාරයෙන් භාෂා භාවිතය ප්රබලව යොදා ගෙන ඇත. කෙටි නිර්මාණශීලී සිරස්තල භාවිතයන් යොදා ගෙන ඇත. 1. බල පෙරළියේ කවුරුත් නොදන්න රහස් කතා 12-13 පිටු 2. රටපුරා අඬබෙර ගහලා ආණ්ඩු පෙරළන්න බැහැ 07 පිටු , 3. හකීම් - රිෂාඞ් සහාය ආණ්ඩුවට 2 පිටු, 4. එජාප මන්ත්‍රීන්ගෙන් මහජන පෙත්සමක් 2 පිටු, 5. ටී.එන්.ඒ හා ජවිපෙත් මහින්දගේ රජයට විරුද්ධයි 2 පිටු ,6. පොලිස්පති තින්දුව ලබන සතියේ පිටු 2, 7. හදිසි ඡන්දෙට අපි නෑ පිටු 2, 8. මැතිසබයේ සටන 07 වැනිදා පිටු 2 මේ එවැනි අනු සිරස්තලය .මුල් පිටුවේ අනු සිරස්තල සමඟ වර්ණ යොදා ගැනීමේදී ඒ ඒ දේශපාලන පක්ෂයට අදාල ප්‍රධාන වර්ණය අනු සිරස්තලේ අකුරු පසුබිම සදහා යොදා ගෙන ඇත. එජාපය කොළ පසුබිමක් හා අලියා සළකුණ ද ජවිපෙ සදහා රතු පැහැය ද , ජාතික හෙළ උරුමය නිරූපණය කිරීම සදහා කහ පැහැය ද යොදා ගෙන ඇත. මුල් පිටුවේ ඡායාරූප භාවිතයේදී ප්‍රධාන සිරස්තලය සදහා ජනාධිපති විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් සමඟ දුරකථන සංවාදයක ඡායාරූපයක් යොදා ගෙන ඇත. එම ඡායාරූපය හා එම ලිපිය මුල් පිටුවෙන් 50% ක පමණ ඉඩ යොදා ගෙන ඇත. හකීම් - රිෂාඞ් සහාය ආණ්ඩුවට යන සිරස්තලය යොදා ගැනීමේදී ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් භාවිතා කොට ඇත. පොලිස්පති තින්දුව ලබන සතියේ සිරස්තලය යොදා ගැනීමේදී පොලිස්පතිතුමාගේ ඡායාරූපයක් ද භාවිතා කොට ඇත. හදිසි ඡන්දෙට අපි නෑ සිරස්තලය යොදා ගැනීමේදී චම්පික ඇමතිතුමාගේ ඡායාරූපයක් භාවිතා කොට ඇත. රටපුරා අඬබෙර ගහලා ආණ්ඩු පෙරළන්න බැහැ යන අනු සිරස්තලය සදහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රියමනාප ඡායාරූපයක් භාවිතා කොට ඇත.
දෙවැනි පිටුවේ මුල් පිටුවේ සදහන් ව තිබූ අනු සිරස්තල 07ක් විස්තර කොට ඇති අතර ප්‍රධාන සිරස්තලේ එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් ලංකාවේ දේශපාලනයේ අර්බුදය පිළිබදවත් ව්‍යවස්ථානූකූලව කටයුතු කරන ලෙසත් පැවසු බව වාර්තා වේ. විදේශීය ප්‍රජාව ද ලංකාවේ දේශපාලනයෙහි පිළිබද වඩා අවධානයෙන් කටයුතු කරන බව එතුළින් ගම්‍ය වේ. නව අග්‍රාමාත්‍යවරයා පත් වීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස එස්.එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට එකඟ වූ බව වාර්තා වන පුවතක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන ත්‍රිපුද්ගල ඝාතන කුමන්ත්‍රණය හෙළි වීමත් සමඟ මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව හදුනා ගත හැකිය. එජාප මන්ත්‍රීන් විසින් ව්‍යවස්ථා වීරෝධී නව අග්‍රාමාත්‍ය මහින්ද රාංජපක්ෂ මහතාගේ පත්වීම පිළිනොගන්නා අතර රනිල් වික්‍රමසිංහ අග්රාමාතයවරයා ලෙස පිළිගන්නා තෙක් නව ආණ්ඩුවට එරෙහිව වීදි බැස මහජන පෙත්සමක් අත්සන් කිරීමට එජාප මන්ත්‍රීන් කටයුතු කරන පුවතක් වාර්තා වේ. 05 වැනිදා යොදාගෙන තිබු මැතිසභා රැස්වීම හදිසියේ අවලංගු කිරීමත් සමඟ 07 වැනිදා දක්වා මැතිසබය කල් යාමත් අතුරු සම්මත ගිණුම සකසා අවසන් කර ගැනීමට කාලය සීමිත වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වි ඇති බව පුවතක් වාර්තා වේ. නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීම සදහා විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණයහොත් ටී.එන්.ඒ හා ජවිපෙ යන පක්ෂ දෙක ඒ සදහා සහය ලබා දෙන බවට පුවතක් වාර්තා වේ. මුස්ලිම් කොංග්‍රසයේ නායකත්වය දරන රවුෆ් හකීම් , රිෂාඞ් බදුයුදීන් අමාත්‍යවරුන් නව ආණ්ඩුවට සහය දක්වන පුවතක් වාර්තා වේ. හදිසි මැතිවරණයක් ප්‍රකාශ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රී අනුමැතියෙන් බව දක්වන පාඨලී චම්පික ඇමතිතුමා තවදුරටත් පෙන්වා දෙන්නේ ඊට පටහැනිව ක්රියාකළහොත් විපක්ෂය දැඩි ස්ථාවරයකට පත්වන බවයි. පුවත්පතේ මෙම පුවත් සදහා 2 වැනි පිටුවෙන් 1/3 ඉඩ ප්‍රමාණයක් ඒ සදහා යොදා ගෙන ඇත.
තුන්වන පිටුවෙහි ද මෙම දේශපාලන අර්බුදය පිළිබදව තොරතුරු අන්තර්ගත කරනුයේ පවත්නා දේශපාලන පැතිකඩයන් විවරණය කර සැපයු ලිපියකිනි. එහි පෙළ රචකයා සුගත් ජී. කුලතුංගආරච්චිය.“ ශ්‍රී ලංකාවේ දේශපාලන අලකලංචිය විදෙස් මාධ්‍ය ඇසින් ” ලෙස මෙහි සිරස්තල යොදා ගෙන ඇත. මෙම පුවත පළමු වරට වාර්තා වුයේ ඇමරිකානු සහ ඉන්දීය මාධ්‍ය තුල ( Sri Lanka's political crisis) ලෙසය. “ව්‍යවස්ථා හුටපටය ශ්‍රී ලංකාව අස්ථාවර කරාවි, චීනය වෙත තල්ලු කරාවි” ලෙස Constitutional
crisis' could destabilize Sri Lanka, pushing it closer to china සී.එන්.බී.සී වාර්තා කර තිබු පරිදි හිටපු ජනාධිපති රාජපක්ෂ දේශපාලනයට නැවත ඇතුළු වීම රටේ ප්රජාතන්ත්රවාදය, විදෙස් ප්‍රතිපත්තිය සහ ආර්ථිකය කෙරෙහි පුළුල් ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බව වැඩිදුරටත් වාර්තා කර තිබුණි. පුද්ගලයින් දෙදෙනෙක් මේ මොහොතේදී අගමැතියැයි පැවසීම ව්‍යවස්ථා අර්බුදයට හේතු වී ඇති බව ජාත්‍යන්තර ටයිම් සඟරාව ද කරුණු වාර්තා කොට ඇත. ලංකාවේ චීන හිතවාදී මුදු තොගයක් පළදින බලවතා ( Lanka's -
Lord
Of The Ring˜ ) අගමැති ලෙස නැවත පත්වීම ඉන්දියාව කනස්සල්ලෙන් පසුවන බව රොයිටර් වාර්තා කර තිබුණි. ඉකොනොමික් ටයිම්ස් වාර්තාව ඉදිරිපත් වූයේ ඉන්දියාව සහ චීනය අතර අර්බුදයේ නොසන්සුන් ප්‍රේක්ෂකයෝ ලෙස හදුන්වා දෙමිනි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී සිදු කළ ක්‍රියාව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි බවත් , ශ්‍රී ලංකාවේ නීිත්යනුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් පවසා ඇතැයි බීබීසීය වාර්තා කර තිබුණි. නොවැම්බර් පළමු වැනිදා ජාත්‍යන්තර මාධ්‍ය රැසක් වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව 05 වැනිදා නැවත කැදවූ පුවතයි. අගමැති අවුල විසදන්න ශ්‍රී ලංකා ජනපති පාර්ලිමේන්තුව නැවත කැදවයි යනුවෙන් වොයිස් ඔෆ් ඇමරිකා, සී.එන්.බී.සී, ගාර්ඩියන්, එන්.ඩී.ටී.වී, යූ.එස් නිවුස් ,ඬේලි හෙරල්ඞ් ඇතුළු පුවත් සේවා රැසක් ම වාර්තා කර තිබේ.
තෙවැනි පිටුවේ පෙළ රචනයේදී භාෂා භාවිතය පිළිබද සදහන් කිරීමේදී ජන වහරේ භාවිතා කරනු ලබන අලකලංචිය යන වචනාරර්ථය යොදා ගෙන ඇත. එය ප්‍රබල කාරණයකි. එමෙන්ම හුටපටය යන වචනය ද යොදා ගනිමින් ජනයා වෙත සමීපස්ථ බවක් ඒ තුළින් ගොඩ නැගී ඇත. අලකලංචිය යන වචනය අඟලක පමණ විශාලන අකුරු වලින් භාවිතා කර ඇත. එමෙන්ම අකුරුවල පසුබිම් වර්ණ භාවිතා කිරීමේදී අලකලංචිය යන වචනය සදහා සුදු පැහැයත් ඇස වඩාත් යොමු වන ලෙස යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලන යන වචනය කහ පැහැරයෙන් දක්වා ඇත. දුඹුරු පැහැ පසුබිමක එම අකුරු යොදා ගෙන ඇත. එමෙන්ම විදේශ මාධ්‍ය උපුටන දක්වමින් ඒ උපුටනයන් තද කළු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. ඡායාරූප භාවිතයේදී එක් වේදිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ යන 3 දෙනා තුන් කොනක් බලාගෙන කල්පනා කරන රූපයක් යොදා ගෙන ඇත.රටේ පවතින දේශපාලන අර්බුදය , මේ අවස්ථාවේදී අගමැතිවරුන් දෙදෙනෙකු සිටීමේ අර්බුදය මේ තුළින් ප්‍රකාශ වේ. ඡායාරූපය පසුබිම විදේශ පුවත්පත් කිහිපයක නම් කිහිපයක අ්එැරප්රන යොදාගෙන ඇත. ඒවා නම් ෘ්සකහ ඔැකැටර්චයල ඔ්‍යෑ ඔෂඵෑ ලෙසය. එමෙන්ම විදේශ පුවත්පත් කිහිපයක ඡායාරූපයක් ද ඒ සදහා යොදා ගෙන ඇත. මුළු පිටුවේ ඉඩ ප්‍රමාණයෙන් 3/4 ක් මේ ලිපිය සදහා යොදා ගෙන ඇත. ඔත්තේ පිටුවක් ලෙස ප්රවෘත්ති වටිනාකමකින් යුත් තොරතුරු වාර්තා කර ඇත.
4 වැනි පිටුවේ දේශය පුවත්පතේ ප්‍රධාන කතුවැකිය ලෙස නව අග්‍රාමාත්‍යවරයාගේ කාර්යභාර්යයන් මෙන්ම රටේ පවතින දේශපාලන , ආර්ථික, සමාජ අර්බුදයන් සහ රැකියා උත්පාදනය, රුපියලේ අගය රැක ගැනිම, භාණ්ඩවල මිල පහත හෙළීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීම වැනි කරුණු පිළිබදව කතුවැකියේ අවධානය ඒ සදහා යොදා ගෙන ඇත. කතුවැකියේ සිරස්තල ලෙස දක්වා ඇත්තේ අහස උසට ඇති අපේක්ෂා ලෙසය. කතුවැකිය තුල මත දැක්වීමක් නියෝජනය කරන අතර වර්ණ යොදා ගැනීමේදී අළු පැහැ වර්ණය පසුබිම සදහා යොදා ගෙන ඇත. එම පිටුවෙහිම විශේෂාංග ලිපියක් ලෙස ඉරිදා විග්රහයේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම ව්යවස්ථානූකුල ද සහ රටේ චත්මනයේ ඇති වී තිබෙන අර්බුදය පිළිබද විවිධ සමාජ කෝණවලින් බලා විග්රහ කර තිබේ. එනේම ව්‍යවස්ථාවේ වගන්ති ගෙන දක්වමින් මේ විග්‍රහය කර ඇත. ශශින්ද්‍ර නැමැත්තා මේ ලිපියේ රචකයා වේ. මෙහි භාෂා භාවිතයේදී සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන වචන යොදා ගෙන ඇත. අවුලේ වාසිය ලෙස දක්වා ඇත්තේ එයයි. මෙහි සිරස්තලෙහි අකුරුවල විශාලත්වය අඟලක් පමණ වන අතර රතු පැහැය වඩාත් අවධානයට ලක්වන ලෙස අකුරුවල වර්ණ යොදා ගෙන ඇත. රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන මොවුන් තිදෙනාගේ උඩුකයේ ඡායාරූපයක් සහ සිරුරේ ඉතුරු කොටස කාටූන් ඩමියක් ලෙස යොදා ගෙන ඇත. මහින්ද රාජපක්ෂ මහතාට දෙපැත්තෙහි ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මහතා 19 නමින් ලිඛිතව ඉදිරිපත්ව ඇති පොත් 2ක දෙපැත්තට වී බලන සේයාරුවක් මෙහි යොදා ගෙන ඇත. මෙය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බව වැටහේ. මේ ලිපිය පිටුවෙන් 1/2 ක ඉඩ ලබා ගනිමින් රචනා කොට ඇත. මේ පිටුවෙහි කාටූන් 2ක් යොදා ගෙන ඇති අතර එහි නිර්මාපකයා හසන්ත විජේනායක වේ. එක් කාටූනයක එස්.බී. දිසානායක රංගේ බණ්ඩාරගේ අතට වළල්ලක් පළදින ආකාරයක් දැක්වේ. රංගෙ බණ්ඩාර රජෙකුගේ විලාශයෙන් දක්වා තිබේ. එස් බී දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදලට තම පක්ෂයට ගැනිමේ කුමන්ත්‍රණයක් හෙළි වීමත් සමඟ මේ කාටූනය ද එයට අනුරූපව සකස් කොට ඇත. අනිත් කාටූනයේ මහින්ද සහ රනිල්ගේ කාටුන් අනුරුවක් දක්වමින් ඔවුන් දෙදෙනා උඩ බලාගෙන සිටින අතර අනුර කුමාර දිසානායක සහ ආර්. සම්බන්ධන් කපුටන් 2 ක් ලෙස කේජු කෑල්ලක් මුවෙහි තබා ගෙන සිටී. අනුර කුමාරගේ සහ සම්බන්ධන්ගේ සහාය කාටදැයි යන ප්රශ්නය ඒ තුළින් මතු කරයි.
5 වැනි පිටුව මෙම බල පෙරළිය සදහා ප්‍රධාන හේතුකාරකයක් වු ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබදව තීරු ලිපියක් අසංක කළුබෝවිල විසින් පෙළ රචනය කොට ඇත. මෙහි සිරස්තල ලෙස කුමන්ත්‍රණ කතාවේ නාමල් කුමාරගේ භූමිකාව ලෙස සිරස්තල යොදා ගෙන ඇත. දූෂණ විරෝධී පෙරමුණෙහි නායක නාමල් කුමාර විසින් මෙම කුමන්ත්‍රණය රටට හෙළි කලේය. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපති විසින් අග්‍රාමාත්‍යවරයා නෙරපා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදුවිය. නාමල් කුමාර හිටි හැටියේ පෙනී සිට කරන්නේ රගපෑමක් බව එජාප මන්ත්‍රීවරුන් පවසන ප්‍රකාශයේ උපුටනය සුදු පැහැ අකුරෙන් ලිපියේ සාමාන්‍ය අකුරුවලට වඩා තරමක් විශාලනය කර තිබේ. නාමල් කුමාර පවසන පරිදි ඒ ප්‍රබලයන් අන් කිසිවෙකු නොව හිටපු අගමැතිවරයා සහ සරත් ෆොන්සේකා මහතා බව දක්වන උපුටනයක් දක්වන ප්‍රකාශයේ අකුරු සුදු පැහැය සහ පසුබිම් වර්ණය තද කොළ පැහැය යොදා ගෙන ඇත. එජාපය අදාල නිසාවෙන් මේ පසුබිම් වර්ණය තද කොළ පැහැයෙන් දක්වා ඇත්තේ මනාව වර්ණ සංකේතානුරූපීව යොදා ගනිමිනි. එමෙන්ම භාෂා භාවිතයේදී සිරස්තලේ අඟලකට ආසන්න ප්‍රමාණයක් සුදු පැහැ වර්ණයෙන් අකුරු යොදා ගෙන ඇති අතර භූමිකාව යන වචනය අඟලට වඩා මදක් විශාලනය කර ඇත. එමෙන්ම මේ අකුරු පසුබිම තද කොළ පැහැ වර්ණය යොදා ගෙන ඇත. එය යොදා ගෙන ඇත්තේ එජාපයේ රනිල් වික්‍රමසිංහ සහ සරත් ෆොන්සේකා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සදහා සම්බන්ධ වන බව වර්ණයන් සංකේතයක් ලෙස දක්වමිනි. භාෂාව භාවිතා කිරීමේදී හිටි හදිස්සියේ, යහපාලන දීගය යන ජන වහරේ වචන මුසු කොට මේ ලිපිය සදහා යොදා ගෙන ඇත. ඡායාරූප භාවිතා කිරීමේදී නාමල් කුමාර දුරකථන ඇමතුමක සිටින ඡායාරූපයක් සහ සී.අයි.ඩී නිලධාරීයෙකුගේ ඡායාරූපයක් භාවිතා කොට ඇත. 5 වැනි පිටුවේ ඉඩ ප්‍රමාණයෙන් 1/2 මේ සදහා ඉඩ යොදා ගෙන ඇත.
6 වැනි පිටුවේ කෙළින් කතාව නැමති විශේෂාංග ලිපිය ගයාන් ගාල්ලගේ විසින් රචිතය. එජාප පාර්ලිමේතු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සමග කරන ලද සාකච්ඡාවක් මේ සදහා යොදා ගෙන ඇත. මෙහි සිරස්තල ලෙස යොදා ගෙන ඇත්තේ බොරු ආණ්ඩුව පන්නනවා යන්නයි. අකුරුවල විශාලත්වය මෙහි ද අඟලක් පමණ වේ. අකුරු පසුබිම තද කොළ පැහැය ගනී. එය එජාපයේ ජාතික වර්ණයට සමාන වේ. නව ආණ්ඩුව නීත්‍යනුකුල නොවන බව ඔහු දක්වන ප්‍රකාශයක් වාර්තා වේ. ඔහු ප්‍රකාශ කරන උපුටන කිහිපයක් විශේෂ කොට දක්වා ඇත. “අද ජනාධිපති ඒකාධිපති වෙලා, ආණ්ඩුව පරද්දන්න අපි තීන්දු කළා”, “විදේශීය තානාපතිවරු ආණ්ඩුව පිළිගන්නේ නෑ”, ”මේ වැඬේට ජවිපෙත් දෙමළ සන්ධානයත් විරුද්ධයි,” “මෛත්‍රී -ගෝඨා ඝාතන කතාව බොරුවක්”, “ව්‍යවස්ථාවට නීතියට පටහැනිවයි ආණ්ඩුව හැදුවේ” භාෂා භාවිතයේදී සාමාන්‍ය කතාබහේ වචන භාවිතා කොට ඇත. වර්ණ භාවිතයේදී උපුටනවල පසුබිම් වර්ණය එජාපයේ කොළ පැහැයට සමාන වේ. ඡායාරූපයක් භාවිතා කර ඇති අතර එය මන්ත්‍රීතුමාගේ සමීප ඡායාරූපයකි. 6 වැනි පිටුවම භාවිතා කර ඇත්තේ මේ සදහායි.
7 වැනි පිටුව මහින්ද රාජපක්ෂ නව අගමැති සමඟ කළ සංවාදයකින් පෙළ රචනා කොට ඇත. සංවාදය සංජීවිකා සමරතුංග සේයාරුව සුමුදු හේවාපතිරණ ලෙස දක්වා ඇත. මෙහි සිරස්තල ලෙස දක්වා ඇත්තේ රටපුරා අඬබෙර ගහලා ආණ්ඩු පෙරළන්න බැහැ ලෙසය. භාෂාව භාවිතා කිරීමේදී සිරස්තලේ රටපුරා යන වචනය අඟලක ප්‍රමාණයකට යොදා ගෙන ඇති අතර ආණ්ඩු යන වචනය සදහා අඟල් 2ක අකුරු විශාලත්වයක් යොදා ගෙන ඇත. අකුරු සදහා කහ වර්ණය, සුදු වර්ණය හා පසුබිම සදහා කළු වර්ණය යොදා ගෙන ඇත. එමෙන්ම ජන වහරේ අඬබෙර ගහලා යන වචනය යොදා ගෙන ඇත. මහින්ද රාජපක්ෂ නව අග්‍රාමාත්‍යවරයාගේ සිනාමුසු සේයාරුවක් මේ සදහා යොදා ගෙන ඇති අතර නිල් පැහැති උඩුකය ජාතික ඇදුමක් සහ කුරහන් සාටකයක් පැළද හිදියි. 8 වැනි මුළු ඉඩ ප්‍රමාණයම මේ සදහා යොදා ගෙන ඇත.
8 වැනි පිටුවේ ගාමිණි සරත් ගොඩකන්ද ආර්ථික විශ්ලේෂකයා විසින් බලය වෙනස් වීමෙන් ආණ්ඩුව මුහුණ දෙන අභියෝග ලෙස ආර්ථික විශ්ලේෂණයක් යොදා ගෙන ඇත. ඒ සදහා ප්‍රස්තාර, වගු යොදා ගෙන ඇත. විකිණිම මිළදී ගැනීම සම්බන්ධව දක්වා ඇත. සිරස්තල භාවිතයේදී ආණ්ඩුව හා අභියෝග යන වචන 2ක අඟලක ප්‍රමාණයකින් අකුරු විශාලනය කර ඇත. සුදු සහ තැඹිලි වර්ණය යොදා ගෙන ඇත. මෙම ලිපියේ ඉඩ ප්‍රමාණය 2/3 පමණ වේ. එමෙන්ම බුමරංගය කාටූනය තුළ දේහපාලනික සිදුවීම් ක්‍රීඩාවට සම්බන්ධ කරමින් හාස්‍ය මුසුකරන අන්දමින් යොදා ගෙන ඇත. වර්ණ ද මේ සදහා භාවිතා කොට ඇත. 1/3 ඉං මේ සදහා යොදා ගෙන ඇත.
9 වැනි පිටුවේ ඨධ යන කාටූන් පිටුව තුළ දේශපාලන අන්තර්ගතයන් යොදා ගනිමින් කාටුන් 08ක් නිර්මාණය කර ඇත. කෝපි කල්ලියක්, ඉල්ලිම සැර වැඩීලු , දෙයියන්ගෙ ඹල්ලි බාරගන්න දුන්න සටන, ලංසුව, නවග්රහයොත් උදව් කළේ නැහැල්ලු, සන්තෝසම් එපාලු, අලුත් රැකවලෙක්, ටෙලිෆෝන් සිකියුරිටි ලෙස මේවායෙහි සිරස්තල යොදා ගෙන ඇත. ජනවහරට සමීප බස්වහරක් යොදා ගෙන ඇත.
10 වැනි පිටුවේ ප්‍රශ්න හතර ලෙස දේහපාලන බල පෙරළිය පිළිබද දක්වයි
1. සිදු වු බල පෙරළිය ගැන මොකද හිතන්නේ
2. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔබ එකග වෙනවාද
3. මේ වෙනසකත් එක්ක මහජනතාව බොහෝ දෙනෙක් තමන්ට බලපැ ඇති ප්‍රශ්න විසදාගැනිමට හැකියාවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක ඉටුකර ගැනිමට පුළුවන් වෙයිද
4. ඇතැම් මන්ත්‍රීවරුන් මුදලට පක්ෂ මාරු කරන බවට රටේ ජනතාව අතර මතයක් තියෙනවා. රජයක් සාදා ගැනිමට මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීම සුදුසු වැඩක් ද
මේ පැනයන් වලට දුන් පිලිතුරුවල සිරස්තල දැක්වේ
ලංකාවේ සිදුවුණේ රජ කාලේ වගේ කුමණ්ත්‍රණයක් - එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල
රට විකුණන මිළ නග්ගන පාලනය ඉවරයි- කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
මැතිසබය කල්දාන්න ජනපතිට පුළුවන්- කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර
රනිල්ගේ පුටුවේ මහින්ද වාඩිවුණාට රටේ ප්‍රශ්න විසදෙන්නෙ නැ – ජනතා විමුක්ති පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
මේ කල් දැමීම ගැන අපට එකග වෙන්න භැ- මුස්ලිම් කොංග්‍රසයේ සභික හිටපු පාර්ලිමේතු මන්ත්‍රී එම් එච් එම් සල්මාන්
11 පිටුවේ නව කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දුන් සාමාජිකයෝ ලෙස සිරස්තල යොදා ගෙන ඇත. අමාත්‍යවරු 13 දෙනෙකුගේ ඡායාරුප එකතුවක් යොදා නෙ ඇත.
12 සහ 13 පිටුවල බල පෙරළියේ රහස් කතා ලෙස පිටු 2ක් යොදා ගනිමින් පෙළ රචනය කර ඇත. ඡායාරූප 10 ක් මේ සදහා යොදා ගෙන ඇත. කතානායක කරු, තානාපතිවරුන් ජනපති හමුවට , එජාප විරෝධය , මහින්දට දිනේෂ් සුඊපතයි, රනිල් වෙනුවෙන් සපත කරන පක්ෂ ජේෂ්ඨයන්, නීතිපති යැවු ලිපිය, සතුටට කිරිබත් , රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වු පිරිස් ලෙෂ එම ඡායාරූප වේ. අගල් 3කට ආසන්න අකුරු විශාලත්වයක් බල යන වචනයට ලබා දී ඇත. රතු ජැහැ පසුබිමක වර්ණ ගන්වා ඇත. නව අගමැති ලෙස දිවුරුම් දීමේ ඡායාරූපයක් වීශාලව යොදා ගෙන ඇත.
බල පෙරළිය ගැන ජනතාව කියන දේ ලෙස සිරස්තල යොදා ගෙන ඇත. පිටු 1/2 ක ඉඩක් ලබා ගෙන මේ සම්පාදනය කර ඇත. 5 දෙනෙකුගෙ ඡායාරූප ඒ සදහා යොදා ගෙන ඇත. මෙහි අනු සිරස්තලයන් ලෙස
රට විනාශ ටෙන හැටි බලන් ඉන්න බැරි වුණා - ගෝමස් කදාන
කවුරු ආවත් ජනතාවට වැඩක් නැ - ජයවීර අතුරුගිරිය
අපට තියෙන්නේ කළකිරීමක් විතරයි - සදරුවන් දියතලාව
උදේට විපක්ෂෙ හවසට ආණ්ඩුවේ - නිහාල් කළුතර
වෙනසට අපි කැමතිය‘ - අනුර දෙල්ගොඩ ප්‍රධාන සිරස්තලය සදහා අකුරු අගලක ප්‍රමාණයක් විශාල කර ඇත.
24 පිටුව ආණ්ඩු පෙරළිය ගැන සයිබරේ දුටු හැටි ලෙස දක්වා ඇති පිටුවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වු පෝස්ට් 30ක් පමණ යොදා ගෙන ඇත. ඒවා බොහෝමයක් මෙම බල පෙරළිය ගැන වාර්තා වු හාස්‍යජනක ලෙස සකසා ඇති පෝස්ට් වේ. එමෙන්ම එම පිටුවේ කාටුනයක මහින්ද රාජපක්ෂ පොහොර මිළ 500, දුරකථන බදු සහන , තෙල් මිළ අඩුවීම , බදු අඩු කිරීම මැජික් යෂ්ටියකින් කරන කාටුනයක් දැක්වේ. රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර ඒ දෙස බීරාන්ත වී බලා සිටින කාටූනයක් වේ.
මැති සබයේ කල් දැමීම , ආර්ථිකට බලපාන අගමැති මාරුව, ලෙස දේශය හරබර අතිරේකයේ ලිපි 2ක් මෙයට අදාලව පල කර ඇත. ඒ සදහා ඡායාරූප භාවිතා කොට ඇත. මහින්ද, රනිල්, මෛත්‍රීගේ ඡායාරූපය හා කතානායක කරූ ජයසුරියගේ ඡායාරූපයක් යොදා ගෙන ඇත, මහාචාර්ය සිරිමල් අබේරත්නගේ ඡායාරූපයක් සහිතව 2 වැනි ලිපිය ආර්ථික විශ්ලේෂණයක් සපයයි. එමෙන්ම ෆේස්බුක් සයිබරයේ මෙම අර්බුදය වාර්තා කර තිබේ. පුවත්පත තම විකල්ප ධාරාවේ මාධ්‍ය භාවිතය තූළින් මෙම අර්බුදය ආරම්භ වු දා සිට අවසන් වන තෙක් මාධ්‍ය වාර්තාකරණයේ නිරතව සිටී එමෙන්ම ඡායාරූප හා සංවාද ලිපි වැඩි වශයෙන් යොදා ගෙන තිබේ.
Subscribe to:
Posts (Atom)