Showing posts with label මූර්ති වදන්. Show all posts
Showing posts with label මූර්ති වදන්. Show all posts

Saturday, July 6, 2019

ආදරය කියන්නෙම පපුවෙම පිරිච්ච හුස්ම උඩට අරන් පහළට ගනිද්දී මුලු පපුවම හිරවෙන හැගීමක ආරම්භක නිමේශයක්....


💓💓💓👉👉ආදරය කියන්නෙම පපුවෙම  පිරිච්ච  හුස්ම උඩට අරන්  පහළට ගනිද්දී මුලු පපුවම හිරවෙන හැගීමක ආරම්භක නිමේශයක්....
සමහරු ආදරය ඇතුලේ ජීවිතය හොයනවා.....
 සමහරු ආදරය ගැන කියන්නේ වෙනමම කතාවක්......
 තමන් මුළු හිතම හිර කරන් හිතත් එක්ක මුමුණන ආදරය ඇයට  හෝ ඔහුට ලබා ගන්නට හැකි නම් එතැන තියෙන්නෙම ආත්මගත බැදීමක්..... 💓💓💓👈👈

Saturday, March 30, 2019

ක්‍රිෂ්ණජිනා සඟවා තිබු කවි



බැමි උඩ තළු මරමර සිනාසෙන දත්                  කුට්ටන්
හිදී 2nd ඉයර් 3rd  ඉයර් අව්වේ                    කරකුට්ටන් 
කකුල් ඇද ඇද දුවන බිම බාටා                     අටපට්ටන්
1st ඉයර් දුවයි පිම්මේ නතරවුණොත්            කුඩුපට්ටන්

ඇයි තෝ හිනාවෙන්නේ තොට                        ආතල්ද
1st  ඉයර් නොපෙන්වයි සිනාකට                 කිසිවෙකුට
සිනහව කපන් සාක්කුවේ                              ඔබාගෙන
1st  ඉයර් හිදී තෙල්බැම්මේ                              සීරුවට

වල්පල් බේගල් සේරම ඇදබාන බැම්ම                    උඩ
නැති ලෙඩ , හොර ලෙඩ මතුවෙයි බැම්ම                 යට
මල්වාගේ  අක්කලා පොරවල් වෙන බැම්ම              උඩ
1st  ඉයර් හිදී කෙල නාමින් බැම්ම                           යට

මේවා කන්ඩ ඇයිදෝ මං ආවේ                     කැලණියට
ගෙදර ඉදන් කෑව කට්ට සැපය                                  මට
වරෙක සිනහ උපදී මගෙ කට                           කොනට
ලබන පාර 2nd  ඉයර් අපිත් බැම්ම                           උඩ

                                                              - 2016.04.22

ඉන්දීවරී ක්‍රිෂ්ණජිනාගේ ( කැන්ඩි ) සැගවී තිබු කවි පොතින් උපුටා ගත්තකි.




Friday, March 29, 2019

බෝඩිං කාරයෙක්මි....








පෑන
පොත
මේසය 
පුටුව
ඇඳ
පෑන, පොත, මේසය, පුටුව, ඇඳ 

මම බෝඩිං කාරයෙක්මි.
                         - 2014.04.22

ඉන්දීවරී ක්‍රිෂ්ණජිනාගේ ( කැන්ඩි ) සැගවී තිබු කවි පොතින් උපුටා ගත්තකි.