Showing posts with label මූර්ති පත්තර තට්ටුව. Show all posts
Showing posts with label මූර්ති පත්තර තට්ටුව. Show all posts

Monday, July 15, 2019

කබලෙන් ලිපට වැටීම ලංකාදීප පන්නරය අතිරේකය ( 2018 අගෝ්ස්තතු 05 වැනි ඉරිදා )






                            
 ලංකාව අප ඉපදුණු දිනයේ පටන් සංවර්ධනය  වන රටකි. පෙනෙන තෙක් මානෙක අපි සංවර්ධිත රටක් කියා ඉතා සතුටින් කටපුරා කිවහැකි දිනයක් එලැබෙන්නේ කවදාදැයි දළ ගණනය කිරීමක් කරන්නටවත් අපට නොහැකිය. එය සිහිනෙනෙඳු වනවා නම් අනිත් සිහින වලට පයින් ගසා ඒ හීනෙම ජීවත් වීමට බොහෝ කැමැත්තක් අපට තිබේ. කලින් කලට ගෙන එන තේමා පාඨයන් හා දේශපාලන වේදිකාවල කියවන සංවාද අසා එම සංවාද වලට අත්පොලසන් හා විසිල්පාර ගසන, හුරේ දමන , බත් පැකට්ටුවට අරක්කු කාලට හිරවුණු පාක්ෂිකයෝ එකළ මෙන්ම මෙකළ ද බොහෝ වෙති.

                
           
         වෙනසට වෙනසක් සොයා ගිය අපට ඇත්තේ වෙනස ගැන හිතලම ඔළුවට පාත් වූ හිසරදයකි. මරුටියක් ගැන සිහින පෙන්නු ඔබට අපට අද සුපුරුදු පරිදි යන්න වුණේ දුම්රියේ තුන්වන පන්තියේ පාපුවරුවේය. පාලකයන් අපට හැමදාම සිහින පෙන්නුවේය. අපි ඒ හීන අස්සේ ජීවන අරගලයේ යථාර්ථය හෙව්වෙමු.  මාසයකට සැරයක් සංශෝධනය වන ඉන්ධන මිලේ මිල සුත්‍රයේ ද ඇත්තේ දේශපාලුවන්ගේ මඩිස්ස තර කරගන්නා වූ උප්පරවැට්ටි වේ.

                             ඡන්දයක් ලංවෙද්දී ඉන්ධන මිල පහළ හෙලීමට මෙන්ම ඡන්දයක් අවසන් වී  ටික කාලයක් ගිය පසු නැවත ලෝක වෙළඳපලේ තෙල් මිල අහසට නැඟීම නිසා ලංකාවේ තෙල් මිල ද මධ්‍යම රාත්‍රියේ සිට වැඩිවන පුවත් අනිවාර්යයෙන්ම මේ කණින් අසා අනිත් කණින් පිට කිරීමට නොහැකි  පුවත් වනවා නොඅනුමානය.  මුල් කාලයේ ලාභ ලබා සිටි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවද එක් එක් පාලන සමයන්හිදී පවුල්වාදය ඒ තුලට රිංගවීම සහ අකාර්යක්ෂමතාව නිසා පාඩු ලබන ආයතනයක් බවට අද වෙනකොට පත්ව ඇත. ඉන්ධන මිල වැඩි වූ වහාම ඊළගට එන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ගැටලුවයි. එකෙන් මේකෙන් පර්ස් එකට තට්ටු වෙන්නේ ද බස් එකේ  දෛනිකව රැකියාවට යන පිරිසටය. පෞද්ගලික මගී ප්‍රවාහන  වෘත්තීය සංගම් බෝඩ් ලෑලි එල්ලා ගන්නේ අපට ද  බස් ගාස්තු මිල සංශෝධනයක් අවශ්‍ය බව කියමින් ය.

                          නූපන් දරුවාගේ පටන් මහල්ලා දක්වා දැරිය යුතු විශාල ණය බරකින් මිරිකී වෙලී පෙළී සිටින්නට සුවහසක් වූ ලාංකික ජනතාවට සිඳු ව ඇත. ඒ වගේම කන බත් පතේ සිට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයකට බදු බර පැටවී ඇත. වරෙක ආසියාවේ ළමා මන්දපෝෂණයෙන් ලංකාව දෙවැනි ස්ථානය බවට පත්වන්නේ ද පෝෂණය ලබා දෙන්නට තරම්වත් වත්කමක් ඇතැම් දුෂ්කර ප්‍රදේශවල දෙමාපියන්ට නැති නිසාවෙනි. වේලක් ඇර වේලක් කන පීඩිත ජනතාවක් ද සිටින බව පාලකයන්ට පෙනෙන්නට දකින්නට ලැබෙන්නේ ඡන්දයක් අත ළඟ එනවිටය. ඒ කාලයට අඩු ආදායම්ලාභීන්ට පන්දාහේ වියලි ආධාර මල්ලක් , ගර්භනී මාතාවන්ට පෝෂණ මල්ලක් වගේම ගමේ සමිති සමාගම් වලට සුළු ආධාරයක් ද දී අත පිහිදා ගැනීමට ඔවුහු අනිවාර්යයෙන් වග බලා ගනිති.

                           දිනපතා සිඳුවන අපරාධ සම්බන්ධයෙන්  නීතියේ රැහැනට හාල්මැස්සන් පමණක් හසුවීම  පවත්නා නීති පද්ධතියේ ඇති ගැටලුවකි. අකාර්යක්ෂම නීති ක්‍රමවේදයන් නිසා තෝරු මෝරු පැනයන්නේ ලොකු ලොක්කගේද උපකාර සහිතවය. ලංකාවේම ආර්ථිකයට විශාල බලපෑමක් , පාඩුවක් කල මහ බැංකු මුල්‍ය වංචාවේ මහමොළකරුවන් වගේම ඒ වංචාවට හවුල් වූ සියල්ල අද නිදැල්ලේ සිටින්නේ ඔවුන්ට හරිආකාරව නිතිය ක්‍රියාත්මක නොවන නිසාය.  මුල්‍ය වංචාව පිළිබඳ විද්වත් කතිකාවල් සියල්ලම පාහේ යටපත් කිරීමට ඊට සම්බන්ධ දේශපාලකයින් ඇතුළු බවලැත්තු කටයුතු කර ඇත්තේ ඊට වඩා ජාතික ප්‍රශ්න රට පුරා ඇතිකරමින් මේ ප්‍රශ්නය අමතක කරමින්ය.

                      කුසගින්නට ගමේ හොරෙන්  පොල් ගෙඩියක්, වෙරළු ගෙඩියක් , අඹ ගෙඩියක් සොරකම් කල පුද්ගලයන්ගේ   අනන්‍යතාවය ද හෙළි කරන අන්දමින් ඇතැම් මාධ්‍ය මුහුණු ආවරණයකින් තොරව මාධ්‍යවල තොරතුරු වාර්තා කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම  ද කඩවන අන්දමිනි. සොරකම සාධාරණීකරණය කිරීම ද නොමනා කටයුත්තක් බව සත්‍යයය. නමුත් සොරකමකට දඩුවම් ලබාදීමේදී වගේම නීතිය ක්‍රියාත්මක වීමේදී පහළ තැන්  වගේම ඉහළ ලොකු තැන්වල සිඳුවන වැරදිවලටත් නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම බලාත්මක කිරීම කල යුතුය.

                        මත්ද්‍රවය ජාවාරම් වලට ප්‍රබල  වැරදිකරුවන් වී ඇති අපරාධකරුවන්ට මරණ දණ්ඩනය දිය යුතු බවට කතිකාවතක් නිර්මාණය  වෙලා තිබුණත් අපට ශිෂ්ටත්වය ගැන අවබෝධක්  තිබෙනවා  නම් පුද්ගලයෙකු එල්ලා මරණකම් බලන් ඉන්නේ නැත.  අශිටත්වයේ හම පොරවන් ඉන්න උපාසක බළල්ලු ශිෂ්ටත්වයේ ගුණ ගායනා කරමින් එක් කොටසකට පමණක් මරණ දණ්ඩනය ලබා දීම මනුෂ්‍යයත්වයට ද කරන නිගා කිරීමක් වැනිය. සංවර්ධිත වීමට පෙර ආධ්‍යාත්මය පවිත්‍ර කර ගැනීම යෙහෙකි.

                                                                                                   ප්‍රබුද්ධිකා නාරංගොඩ
                                                           කැලණිය විශ්වවිද්‍යාලය 
                         ජන සන්නිවේදන අධ්‍යන අංශය
                                                                                    
                                                                               




Culture කියන්නෙ මාෆියාවක් ( 2018.05.29) අගහරුවාදා මව්බිම යං අතිරේකය



https://www.facebook.com/MawbimaYoung/photos/pcb.1951957758449860/1951956835116619/?type=3&theater
https://www.facebook.com/MawbimaYoung/photos/pcb.1951957758449860/1951956778449958/?type=3&theater


Life එකේදී අපි ඉපදුණු දවසේ ඉදන් මැරෙන දවස දක්වා වන කාලය තුල culture එක අපිට විවිධ දේවල් නිරායාසයෙන් ලබාදෙනවා .එහෙම culture එකේ කුරුවල් වුණු පුහු thinking එක youth එකටද වෛරසයක් වගේ අද වෙද්දී පැතිරිලා තියෙන්නේ මොනම විදියකින්වත් මර්දනය කරන්න බැරි විදියට .

ලංකාවේ කෙල්ලෙක් fashion  කළොත් ඒක මහා සමාජයට දරාගන්න බැරි අවුලක්. ඇඳුමක් කොටට ඇන්දහම පට්ට බඩුවක් .නැහැදිච්ච අසමජ්ජාති එකියක්.දිගට ඇග වැහෙන්න ඇන්දහම හැදිච්ච සීදේවි සිරියාවන්ත කෙල්ලෙක්.ඒ විදියටයි Label ගහන්නේ වටේ ඉන්න පරම සංස්කෘතික අම්මණ්ඩිලා. කොල්ලෙක් රැවුලයි කොණ්ඩෙයි වවලා ඉරිච්ච කසිකබල් ඇඳුම් අඳිනවා නම් දෙවරක් නොසිතා නොම්මර 1 කේ රස්තියාදුකාර කාඩ Label එක ගහන්නේ සමාජයේ පිටින් හොද මුණ පෙන්නන් ඉන්න උපාසක බළල්ලු .

Culture එකේ විවිධ බෙදීම් ඇති කරවන සාධක හැටියට ආගම , ජාතිය ,කුලය හඳුන්වන්න පුළුවන්. නිරුවතින් ඉපදුණු අපිට ජාති , ආගම් , කුලයේ ඇඳුම අන්දවන්නේ culture  එක මඟින්. උඹ සිංහලද ,මරක්කල ද ලෙස බෙදල ලස්සනට culture එක ඇඳුම අන්දවනවා. තෙල්දෙණිය ගැටුමේදී සිද්ධ වුණෙත් සමහරක් සිංහලේද , මරක්කලේද සොය සොයා Culture එකෙන් ඔළුවට ඇතුළු කළ විසබීජ ක්ෂණිකයෙන් මුදාහැරීමක් .

Culture reading එකේදී Young එක අන් අයට වඩා සුවිශේෂියි. Friendlyයි. ආදරය , විවාහය වැනි සිතුවිලි පිළිබඳ ව අන් අයට වඩා වෙනස් විදියට හිතන්න try කරනවා . ඒත් mass society එක කොල්ලෙක් කෙල්ලෙක්ගෙ බොක්ක නම් වටේ ඉන්න අය රටේ නැති කතා හදලා උන් දෙන්නව පෝරුවේ නග්ගලා කසාද බන්දලා දීලා වැඩේ අහවර කරන්නේ සභ්‍යත්වය word එක ද ඒ තුළට රිංගවා ගනිමින්.

සිංහල සමාජය තුළ සිඳුවන විවාහයේදී තරුණියගේ කන්‍යාභාවය විවාහයේ පැවැත්ම තීරණය කරන ප්‍රධානතම සාධකයක්. කන්‍යාභාවය ඇති ස්ත්‍රීය පිරිසිඳු වන අතර එසේ නොමැති තරුණිය අපිරිසිඳු නැතිනම් වටේ ගිය එකියක් හැටියට නැන්දම්මාගේ අපවාද වලට ලක්වීම හෙළ සිරිතට අනුව සිඳුවන විවාහවලදී දකින්නට පුළුවන් . ලංකාවේ ඇතැම් ප්‍රදේශවල මනාලියගේ පිරිසිඳුකම දක්වන සුදු රෙදිකඩ මිදුලේ  වැලේ වනන්නේ ලේලිගේ පිරිසිඳුකම ගමටම කියාපාමින් .

සතිපතා පළ වන මංගල දැන්වීම්වල වැඩිපුරම ඉල්ලනු ලබන්නේ සිංහල බොදු ගොවි, ගොවිගම කුලයෙන් මනාල මනාලියන්. කුලය යන්න  සමාජයේ හැංගිලා තියෙන මහා පිළිලයක් . විවාහයේදී ක්ෂණයෙන් එය ඉස්මතු වන්නේ අළු යට හැංගී තිබූ ගිනි පුපුරු නැවත උඩට අදිමින් සිංහලයේ ස්වාධිනත්වයද එළියට  ගනිමින්. උඩරට බොදු ගොවි නොවුණත් විවාහයේදී නිලමේ ඇඳුම අන්දවන්නේ popular culture එකේ  Trend එක තුළින් Hit වූ Saloon සංස්කෘතියයි . වටේටම ණය වී මඟුල් කා කුලියට ඇනෙක්සියක පදිංචියට යන්නේද culture එකෙන් අපිට අතීතයේ සිට දී ඇති වංසය කබල්ගෑමේ පුරුද්ද නිසාවෙන්.

උගුරට හොරා ගන්නා Culture බෙහෙත නිසා youth එක boring කරගන් නැතුව culture රාමුවෙන් එපිටට හුස්ම වාතලයට මුසු කරගෙන පිටකොන්දක් තියෙන කොල්ලෙක් කෙල්ලෙක් වෙමු .

 ජයංගනී ප්‍රබුද්ධිකා නාරංගොඩ 

වැරදි තැනින් ඇල්ලීම My Artical යං

https://www.facebook.com/MawbimaYoung/photos/pcb.1955438174768485/1955432941435675/?type=3&theater

Data නැත්නම් sorry.com My paper Artical ( 2018/06/26 ) අගහරුවාදා මව්බබිම යං අතිරේකය



                     දවසින් දවස දියුණුවන Computer and Smart Mobile Technology එකේ  වර්ධනයත් එක්ක Technology එක  ලෝකයේ ගෝලීය දුර වෙනස් කරලා හකුළලා තියනවා. මේ විදියට ලෝකය වේගයෙන් විශ්ව ගම්මානයක් බවට කුඩා වන බව මාර්ෂල් මැක්ලුහාන් සන්නිවේදන විද්වතා සඳහන් කරලා තියනවා. ඒ වගේම දැනුම , තොරතුරු ඊට වඩා Speed එකෙන් පුළුල් වෙන එක මේ සමඟම සිඳුවන ක්‍රියාවලියක් . ඒ වගේම අද වෙද්දී  රටක Time and Space එක ජය අරගෙන තොරතුරු  සම්පාදනය වඩා වේගයෙන් සිඳුවනවා නම් ඒක දියුණු රටක ලක්ෂණයක් වනවා. මිට පෙර තිබ්බේ දැනුම මූලික වෙච්ච දැනුම් සමාජයක්. ඒත් අද වෙද්දී ඒක තොරතුරු සමාජයකට මාරු වෙලා තියෙන්නේ මනුස්සයා ඇතුළේ තියන තොරතුරු දැනගැනීමේ අතිශය කුතුහලය නිසා. World එක පුරාම New Media Culture එක Trend එකක් බවට පත්වෙලා තියෙන්නේ මේ හින්දා. New Media ලෙස Facebook ඇතුළු Social Media වන Twitter, WhatsApp , Skype, Viber, Instagram , You Tube ආදිය හදුන්වන්න පුළුවන්.

                  New Media Culture එක බිහිවීමත් එක්ක ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය වෙත ද බලපෑම් එල්ල වුණ බව පෙනෙන්නට දකින්නට තියනවා. ලංකාවේ Television Channels වල වෙළඳ දැන්වීම් අස්සේ යන ටෙලිනාට්‍ය බලන්න අකමැති වුණු බොහෝ අය තමාගේ අතේ ඇති ජංගම දුරකථනයෙන් Online ඒ ටෙලිනාට්‍ය බලන්න පුරුඳු වුණා. TV එක වටා එක්රැස්වෙලා හිටිය ගොඩක් Young Generation එක Facebook, WhatsApp, Viber වගේ Social Media එක්ක එකතු  වුණා. Trend එකට ලෝකය පුරා ඉන්න  මිතුරු සමාජයක් හදා ගන්න හිතුණු නිසා    නිතරම Data on Off කරන්  Notification බලන හුදෙකළා ජීවින් බවට Youth එක අද පත් වෙලා තියනවා.

                   මුල් කාලයේ ගායකයෙක් ජනප්‍රිය වුණේ Radio එකේ තමන්ගේ ගීත ප්‍රචාරය වුණු හින්දා. එත් අද වෙද්දී ඒක New Media Culture එක ආක්‍රමණය කරලා තියනවා. You Tube Channels වලින් Upload කරන Music Videos වල Views වැඩිම Song එක Famous Song එක බවට පත් කරන්නේ අද බිහිවෙලා තියන You Tube Music  කලාව නිසා.

                    එහෙන් මෙහෙන් යමක් ගිල දමා Busy mood එකෙන් රැකියාවට යන්න ලැස්ති වෙද්දී පත්තරේ තියන අළුත්ම News ක්ෂණයෙන් තම Smart mobile phone එකේ News Paper App එකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම E News Papers Web Site වලට ගියාම New Update News බලාගන්න පුළුවන්. පුවත්පතක් අරගෙන බලන්න වෙලාව සීමිත වගේම අමතර පිරිවැයක් දරන්නට නැති වෙන එක අද වෙද්දී ලෙසියක් වෙලා තියනවා.

                    .  Facebook ඇතුළු Social media කොයි තරම් පාවිචිචි කළත් රටේ නීතිය කඩන්නේ නැතිව Social Media පාවිච්චි කරන එකයි නුවණට හුරු. තෙල්දෙණිය සිඳුවීමේ සතියකට වැඩි කාලයක් ඇතුළේ Facebook ඇතුළු Social media වාරණය කරන්නේ මේ හින්දා. ජනාධිපති නිල වෙබ් අඩවියට ඇතුල් වෙලා දත්ත වෙනස් කරපු හින්දා 17 හැවිරිදි හැකර් කෙනෙක් අත්අඩංගුවට ගන්නේ රටේ නිතීය කඩ කරපු හින්දා.

                      Social Media නිසා ලෝකයේ සිඳුවුණු සමාජ , දේශපාලන සිඳුවීම් කිහිපයක්. ලිබියාවේ ගඩාෆි ඝාතනය, අරාබිකරය Twitter පණිවුඩ හුවමාරුවෙන් අස්ථාවර කරලා කරපු සදාම් හුසේන් ඝාතනය( අරාබි වසන්තය ),  ඇමරිකාවේ ඔබාමාගේ දෙවැනි වතාවේ ජනාධිපති  විදියට පත් වන්නට New Media එක තුළින් කරපු කැම්පේන් එක New Media Culture එක ඇතුළේ කළා.

                        අනිත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා New Media වල විශ්වසනීයත්වය ඉතා අඩුයි. පුවත්පත , රූපවාහිනීය , ගුවන්විදුලිය මාධ්‍යවල තොරතුරු ඉදිරිපත් කරන්නේ ආයතනික වගකීමකින් වගේම  තහවුරු කරගත්ත Source වලින් ජනතාවගේ සුභසිද්ධිය සඳහා. ඒත් New Media වලින්  ඉදිරිපත් කරන තොරතුරු  බොහෝමයක් පට්ට පල් බොරු තොරතුරු මුලාශ්‍ර  . නැත්නම් කාගේ හෝ තනි පුද්ගලයෙකුගේ මතවාදයක් දරනු බව පෙනේ. කාටහරි අපහාස කරන් කරන මඩ ප්‍රචාරයන් , කට කතා , ඕපාදුප, පොර මානසිකත්වයෙන් කරන ප්‍රකාශ , බොහෝමයක් Social Media වලින් දවස ගානේ Share වනවා.

                        ලංකාවේ Facebook Account පාවිච්චි කරන්නන් මිලියන 3.3ක් ඉන්නවා. ඒ වගේම සෑම තත්පර 20කට වරක්ම අළුත් සාමාජිකයෙක් එකතු වනවා. 90 දශකයේ ඉපදිච්ච අය Facebook එක ඇතුළේ වඩා සක්‍රීය වෙලා තියනව. New Media Culture එක ඇතුළේ Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හින්දා අහිතකර වුණු සමාජ ඵලයන් වාර්තා වෙලා තියනවා. සයිබර් අවකාශගත තර්ජන වගේම හිරිහැර . ඒ වගේම Facebook නිතර සැරිසරන්නන්ට ෆේස්බුක් විෂාදිය ( Facebook Depression ) මානසික රෝගයට ගොදුරු  වීමේ අවදානමක් පවතින බව ආචාර්ය ශ්වෙන් ඕ කීප්ෆෙ පෙන්වා දීලා තියනවා.

                     ෆේස්බුක් ඇතුළු New Media ගැන ඒ හින්දම නීතිමය රාමුවක් නිර්මාණය වෙලා තියනව. ඒ දිනෙන් දින New Media එක හින්දා සිඳුවන අපරාධ හා හිරිහැර නිසා. 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පණතේ පරිගණක  සම්බන්ධ අපරාධ ගැන සඳහන් වනවා. අවසරයක් නැතිව පරිගණකයක්  තුළට ඇතුල් වෙන එක හෝ ඒක ඇතුළේ තියන දත්ත තොරතුරු ලබා ගන්න එක අපරාධයක් බව සඳහන් වනවා.

                     TV එක කියනව මේ විදියට අඳින්න . මේ විදියට කන්න. මේ විදියට ඉන්න. ඒ වගේම හවසට කාටූන් බලන්න. හරියටම 7.55 News බලන්න. Radio එක කියනව උදේ අවදිවෙද්දී මේ පිරිත අහන්න. නින්දට යනකොට මේ පිරිත අහන්න. ප්‍රබෝධයෙන් දවස ගෙවන්න අපිත් එක්ක අපේ FM එකට මීටරේ කරකවන්න. මේ වගේ උපදේශයන් රැසකින් දැනුවත් කරනවා. ඒත් New Media Culture එක ඇතුළේ Social Media ඉන්නවා. Userට  කැමති විදියට අදහස් , තොරතුරු, දැනුම Upload කරන්න Share කරන්න අවස්ථාව තියනව. ඒ වගේම වගකීම වගවීම  User සතු වනවා. අසීමිත නිදහස නිසා New Media Culture එක World එක පුරාම Youth එකේ ෆැන්ටසියක් බවට පත්වෙලා තියෙන්නේ ඒ හින්දා.                                                                                 
 
                                          
                                                                                                                     ප්‍රබුද්ධිකා නාරංගොඩ