Monday, July 29, 2019

සන්නි කැළණි ‌‌වේදිකාව ‌ ‌‌දෙවනත් කරයි





කලාව තුළ විවිධාකාර සාහිත්‍ය ප්‍රවේශයන් පවතී නාට්‍යය ද ආරම්භ වන්නේ සාහිත්‍යයෙනි නාට්‍ය සාහිත්‍ය කෘතියක් ලෙස ගත් විට ඉතා ඉක්මනින් සමාජය හා ජීවිතයට ලංවිය හැකි මාධ්‍යයකි එසේ වූව නාට්‍ය යනු ප්‍රාසාංගිකව ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණෙන්නකි තව ද නාට්‍ය යනු රගපෑමේ දිගුවකි (ඇතුගල, ආරියරත්න  නූනන රංගභූමිය පි 10)  සාමුහික ක්‍රියාකාරකම්හි යෙදෙන නාට්‍ය සමුහයා සාමුහිකව මවන ලෝකය හැඩගැසෙනුයේ  රංගභූමිය නම් සාමුහික පලස මතය



අදුරේ සිට ආලෝකය දක්වාත් නිහඩ බවේ සිට ශබ්දය දක්වාත් නිශ්චලතාවයේ සිට  චලනය දක්වාත් එකී සම්බන්ධතා රාශියක් එකතුව රංගභූමිය තුළ සංකේත  ප්‍රතිරූප  සංවේදිතයන් සෞන්දර්යාත්මක ගුණයෙන් ඔපමට්ටම් කළ ප්‍රේක්ෂාව වඩාත් ප්‍රඥාවන්තව සන්නි  සංගීතමය නර්තන රංග  නිර්මාණය තුළ ඥානවබෝධ උත්පාදනය කරන ලද්දේ මනමෝහනීය ලෙසිණි ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂාව නොසිතූ තරමේ අස්වැසිල්ලකින් භාව සන්තර්පණය කිරීමට නාට්‍ය සාමූහිකයාගේ  ප්‍රතිභාව  සමත්වනු ලැබීය



භාරතයේ කාන්තාව සති චාරිත්‍රයට අනුව අභාග්‍ය සම්පන්න ලෙස මියගිය සැමියාගේ දර සෑයට පැන සියදිවි නසාගන්නට සැලැස්වූයේ ද චීනයේ කාන්තාවට යකඩ සපත්තු පැළදුවේ ද යුරෝපයේ කාන්තාව ආගමික භක්තිය හා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති කරගත් බැදීමට කුරිරු මරණයක් උරුම කරදීමේ හේතුව වශයෙන් යොදා ගත්තේ ද අප්‍රිකාවේ කාන්තාවට කිසිදාක ලිංගික වශයෙන් පූර්ණ තත්වයක් ලබා ගත නොහැකි පරිදි චර්ම ඡේදනය සිදු කලේ ද කාන්තාවකගේ කාන්තාභාවය හේතුකොටගෙන යටහත් පහත් භාවයට පත්කරමිනි ( හේරත් 2008 පි 2) ඉතිහාසය පුරා ගැහැණුන් විඳි අපමණ දුක් කන්දරාව අඩත්තේට්ටම් හා ඔවුන්ගේ සාහසික ඝාතනයන් මේ සා ප්‍රමාණයක් කියා හැදින්වීමට ලංකාවේ දසතින් වාර්තා වූ කාන්තා ඝාතන පිළිබද පුවත්පත් වාර්තා ගෙනහැර පාමින් එවැනි කාන්තා චරිත කිහිපයක් විශේෂ කරගනිමින් කාලීන සමාජ ගැටලුවක් අතීත පුරාණෝක්තියක් කතාවක්  හා සම්බන්ධ කරමින් කළ සන්නි සන්නි  සංගීතමය නර්තන රංගනිර්මාණයේ භාව ප්‍රකාශන තුළ අර්ථයන් වඩ වඩාත් දැනවීම උදෙසා සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය ආරම්භය අන්ධකාරය හා සාමූහික කාන්තා හැඩීමේ අදෝනාවක් සමග දෝංකාරයක් මුසු කරනු ලබති අන්ධකාරය තුළ ආත්ම කථනය ප්‍රකාශ කිරීම උදෙසා දෙබස් ඉදිරිපත් කරන ඇය විදුලි පන්දමේ ආලෝකය තම මුහුණ වෙත එල්ල කරමින් හ්ම් ශබ්දයක් වත් නොමැති නිසොල්මනයෙන් රජයන සරවියේ මී අඹසෙවන ප්‍රේක්ෂකාගාරය වෙත තම  කාන්තා හඬ අවදි කළාය


චමිලා දිසානායක ඝාතනය

මාත් ඔයාලා වගේම තරුණ ගෑණු ළමයෙක් මටත් ඔයාලට වගේම හීන තිබුණ ඒ හීන හැබෑ කරගන්න  මාත් ඔයාලා වගේම මග බලාගෙන හිටියා ඒත් මගෙ අවාසනාවට මං පිළිකා රෝගියෙක් මං ගියා දොස්තර මහත්තයෙක් ළගට බෙහෙත් ගන්න ඒත් මට සිද්ධ වුණේ ඒ මිනිහ අතින් දූෂණය වෙන්න මාව දූෂණය කරා විතරක් නෙවේ ඉස්පිරිතාලේ තට්ටු හයකින් තල්ලු කරලා මාව මරලා දැම්මා 

මීගමුව උසාවියෙන් අවු 15ක සිර දඩුවමට නියමිත වු වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලාගේ නැමැති පුද්ගලයා 23 හැවිරිදි චමිලා දිසානායක නැමති තරුණියව ලිංගික අපචාරයට ලක්කොට රෝහලේ හයවැනි මහලේ සිට පහළට තල්ලු කර දමා ඇත අපචාරයට ලක් වු තැනැත්තිය මොනරාගල පදිංවි කටුනායක වෙළද සංකීර්ණයේ සේවයේ නියුතු කාන්තාවකි           www.adaderana.lk                  
                                                                            
සේයා සදෙව්මි ඝාතනය

මගෙ පස්වැනි උපන්දිනේ සමරන්න මම මගබලාගෙන හිටියේ තව දවස් තුනකින් අයිස්ක්‍රීම් අරන් එනවා කියලා මං මගෙ යාළුවො හැමෝටම කිවුවා මගෙ අහිංසක තාත්තා මට ලොකු බෝනික්කෙක් අරන් දෙන්න සල්ලි එකතු කරා ඒත් එදා රෑ කොහෙන්දෝ ඉදලා මගෙ ළගට ආපු මනුස්සයෙක් මාව අරගෙන ගියා මට එකපාරටම ඇහැරුණා අනෙ මං කෑගහුවා අම්මේ අම්මේ

කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ පදිංචි වයස අවු 04ක් මාස 11 දින 25ක් වයසැති සේයා සදෙව්මි සිගිති දියණිය 2016 සැප්තැම්බර් 11 වැනිදා පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට මරා දමා ඇත\

කුසුමාවතී ඝාතනය

1972 අප්‍රේල් 17 වැනිදා කළුතර පැවති අවුරුදු උත්සටයකින් මම අවුරුදු කුමාරි වුණා එදා තෑගි දෙන්නවිත් හිටියේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ලොකු  ලොකු මහත්වරු මට සාටකය පලන්දන්න ආපු ඇමතිතුමා මාව සිපගන්න හදනකොට මං ඔහුව පිළිකුල් කරලා දෑතින්ම තල්ලු කරලා දැම්මා ඊට දවස් 14කට පස්සේ හත්දෙනෙක් විසින් දූෂණය කරලා ටයර් දාලා අමු අමුවේ පුළුස්සපු මගෙ සිරුර මගෙ අයියා සුමතිපාල සොයා ගන්නවා එදා මගෙ අයියා අද හිතුමතේ ජීවිතේ 

1972 අප්‍රේල් මාසයේ වයස අවු 15ක් වයසැති කුසුමාවතී කළුතර අවුරුදු උත්සවයකදී අවුරුදු කුමරිය වු අවස්ථාවේදී එම වේදිකාවේ තෑගි ප්‍රධානෝත්සවයට පැමිණි මැති ඇමතිවරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් සුමතිපාල නොහොත් වර්තමානයේ හිතුමතේ ජීවිතේගේ නැගණියව 7 දෙනෙකු විසින් දූෂණය කර පණපිටින් ටයර් දමා පුළුස්සා සාහසිකව ඝාතනය කරන ලදී 

ප්‍රේමවතී මනම්පේරී ඝාතනය

කතරගම කියද්දී මතක් වෙන්නෙ ශුද්ධ නගරයක් පින් කරන්න පෙරුම් පුරන් පව් කරපු අය පව් හෝදන ශුද්ධ නගරයක් එහෙම නගරයක් පව්කාර විදිහට විලාපලන්න මං කොයිතරම් අවාසනාවන්තියක් ද අනේ එපා එපා කියද්දිත් ඇගට ගොඩවුණු රකුසන්ට අනේ මං මැරිලා නෑ කියද්දිත් පණ පිටින් වෙඩි තියලා වළලද්දිත් පස් අස්සෙ හුස්ම ගත්ත පව්කාරී මං ඒ හැමදේකටම වඩා කතරගම විතරක් නෙවෙයි ප්‍රේමවතී නම ඇහෙනකොට තාම ඇහැකට කදුලක් උනන්න තරම් නපුරු මතකයක් එකතු කරපු පව්කාරී මං

1971 අවුරුද්දේ කතරගම අවුරුදු කුමරිය ලෙස කිරුළු පළදන  22 වයසැති ප්‍රේමවතී මනම්පේරී පොලිස් ස්ථානාධිපතිවරයෙක්ගේ නොමනා ආරධනාව නොපිළිගත් කල්හි පහත් අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට නොවූ නිසා 71 කැරැල්ලේ වැරදිකාරියක් ලෙස හංවඩු ගසා කැරලිකාර සැකකාරියක් ලෙස පොලිස් අත්අඩංගුවට ගෙන අපයෝජනය කර සාහසික ලෙස පහර දී හමුදා ලුතිනින්වරයෙකුගේ විධානය යටතේ වෙඩි තබා ඝාතනය කරන ලදී

ඩබ් බී එම් කමලාවතී 

නීතිය කෝ කොහෙද නීතිය කාටද නීතිය පාරක් පාරක් ගානෙ මං මගෙ මනුස්සයව බේරගන්න මහන්සි වෙද්දි මහලොකු අග්‍රවිනිශ්චයකාරයා මගෙ මනුස්සයව බේරලා දෙන්නම් කිව්වා අනේ මහත්තයො මට මගෙ මනුස්සයට වැරද්දක් කරන්න බෑ කියලා බෙරිහන් දෙද්දි දුප්පත්කමයි අසරණකමයි එක්ක ඒ මනුස්සයා ඉස්සරහ පාවල දෙන්න වුණු මගෙ පිරිසිදු ගෑනු ආත්මෙට නීතිය දුන්න අසාධාරණය ද මේ 

කමලාවතීගේ සැමියා වන ඩී ජී ඒ චන්දන පුෂ්පකුමාරට නිකවැරටිය උසාවියේ බාල රත්රන් බඩු උකස් කිරීම සම්බන්ධව නඩු පැවරී තිබුණි අධිකරණය විසින්  ඔහුට ඇප ලබා දීම සම්බන්ධව අවසර දුන් අතර ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුයේ ලෙනින් රත්නායක විනිසුරුතුමාය කටඋත්තර ගැනීමට යැයි මුසා පවසා ඇයව ගෙන්වා බලහත්කාරකමට ලක් කෙරිණි ඇයගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබද යුක්තිය ඉටු කර ගැනීම 

මං විද්‍යා මම දෙමළ කෙල්ලෙක් තමා මහත්තයා එදා හරියටම 2015 මැයි 15 වැනිදා උදේම ඉස්කෝලේ ගියේ ආපහු එන්න හිතාගෙන ඒත් මගේම මාමලා බාප්පලා එකතු වෙලා මාව පැහැරගෙන ගියා පැහැරගෙන කැළැවකට අරගෙන ගියා 

ලස්සන හැමෝම හිතන් ඉන්නෙ ලස්සන කියන්නේ ගෑනුන්ට ආභරණයක් කියලා ඒත් ඒ ලස්සන හින්දම ගෑණු සිය දහස් ගණනකට අනන්ත අප්‍රමාණ අසාධාරණකම් සිද්ධ වුණා 

උඹ දන්නවද මයෙ පුතේ මාස දහයක් මං උඹව බඬේ තියාගෙන මේ ලෝකෙට බිහිකරන්න කොච්චර දුක් වින්දදද කියලා උඹේ තාත්තා පිටරටකට ගියේ උඹටයි මටයි කාටවත් අත නොපා ජීවත් වෙන්න සල්ලි හම්බ කරන්න කරදඩු උස් මහත් වෙච්ච උඹ හැමදාම රෑට රෑට කිරි වීදුරුවක් අරගෙන මගෙ ළගට එනකොට මං හිතුවා ඒ උඹේ ආදරේ කියලා ඉතිං මයෙ පුතේ  ඒ කිරි වීදූරුව බිව්වට පස්සේ මට දන්නෙම නැතුව නින්ද ගියා ටික දවසකින් නොනවත්වාම මට වමනෙ යනකොට මගෙ ඇගට අමාරු වෙනකොට වෛද්‍යවරු සොයාගන්නව මම අම්මා කෙනෙක් වෙන්න යනව කියලා අනේ මගෙ පුතේ මං කාට කියන්නද කවුරු අහන්නද උඹේ තාත්තාත් ළග නැතුව මං ගැබ්බර වුණා කියලා සමාජෙන් එන අපවාද එල්ල වෙද්දි සිද්ධ වුණේ මොකක්ද කියලා තේරුම් බේරුම් කරගන්න උඹේ අම්මාට බැරි වුණා මයෙ පුතේ

සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය වර්තමාන සමාජ කතිකාවකින් ආරම්භ කර ප්‍රේක්ෂකයාව අතීත පුරාණෝක්ති කතාවක් වෙත පෙළ ගසවන්නේ අපූර්වාන්විත වූ රංගභූමී පරිචයක් ද සහිතවය. කැලණි විශ්වවිද්‍යාල භූමියේ මී අඹ සෙවණ අසල නුගරුක් පරිශ්‍රය රංගභූමී සිරිය අතීත පුරාණෝක්ති කතාව වෙත සිනමා පටයක රූප පෙළක් මෙන් ප්‍රේක්ෂකයාගේ චිත්ත අභ්‍යන්තරයේ රූප රාමු පෙළගැස්වීමට සමත් විය


සංඛපාල රජු යුදයට ගිය විට බිසව ගැබ් ගෙන සිටි අතර බිසවට එය රජුට පැවසීමට අවස්ථාවක්  නොලද්දේය. ඒ අතරතුර මී අඹයක් කෑමට ඈට  දොළදුකක් විය රජු නොසිටියෙන් මහා ඇමති ඉතා දුෂ්කර වී අඹයක් සොයා ගෙනැවිත්  දුන්නේය . මී අඹ අවාරය හේතුවෙන් බිසවට මෙන්ම තවත් ගැබ් ගත් ස්ත්‍රීයකට  අඹයක් කෑමට සිත් පහළ  වී තිබිණි බිසවට අඹයක් ලැබූ බව ආරංචි වූ ඇය බිසවගේ අඹයෙන්  කොටසක් ඉල්ලා සිටියාය . එය නුදුන් කල බිසවට ශාප කර රජ එන පෙරමගට ගොස් ඇමති  බිසව අතර සම්බන්ධයක් ඇතැයි කේලම් කීවාය . රජු කිසිදු විචාරයකින් තොරව අසුපාල කුමරියව පුබ්බේරිය ගසක එල්ලා දෙපලු කර මරණයට පත් කිරීමට රජ නියෝග නිකුත් කරයි අසුපාල කුමාරිකාව පුබ්බේරිය ගසක බැද දෙපලු කර මරා දැමීමේදී ඇයව  මැරීමට ගසන ලද පහරින් ශරීරය දෙපලු වෙයි . දෙපලු වූ පලු දෙක යලි එක් වී මහා කෝල  සන්නි යකා ඉපිද තම මව මැරූ පලිය ගැනීමට විෂ යෙදු බෙහෙත් ගුලි දහ අටක් සකස් කිරීම තුළින් සන්නි යකුන් දහ දෙනාගේ උපත සිදු වූ බවත් විශාලා  මහනුවර තුන්බිය ඇතිකර මනුෂ්‍ය ජිවිත සුවිශාල ප්‍රමාණයක් විනාශ කල බව අතීත පුරාණෝක්ති කතාවෙන් කියැවේ



මේ අතීත පුරාණෝක්ති  කතාව සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය මාර්තු 27 , 28 දෙදින  විශ්ව විද්‍යාල භූමියේ   මි අඹ සෙවන එළිමහන්  පරිශ්‍රයේදී දෙවැනි වරටත් ප්‍රේක්ෂකගත විය . නාට්‍ය නිර්මාණයේ රංග භුමිය ප්‍රේක්ෂකයාට සමීප වනු වස් ස්වභාවික රංග භූමී පසුතල නිර්මාණය වඩා ළගන්නාසුළු විය.  සවස හතට ආරම්භ වූ දර්ශන වාරය රාත්‍රී නවයට අවසන් වන නිමේෂයක පාසා දෑස් වෙනතකට නොගන්නා ලද තිර අදිටනින් සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය සාර්ථක වූ නිමේෂයකට මනැසට සිතන්න පැනයක් ඉතිරි කල සුයාමයක් විය. අසුපාල කුමරියගේ රංග වින්‍යාසය සන්නි නාට්‍ය තුළ රංගන දායකත්වය  දැක්වූ දේවාංගනී රංගනා   ,   සංඛපාල රජුගේ හා මහා කෝල සන්නි යකාගේ රංග වින්‍යාසයට පණ  පෙවූ අනුරාධ හා ඇමතිවරයාගේ චරිතයට පණ  පෙවූ දසුන් යන නාට්‍ය විද්‍යාර්ථින්හු සන්නි නව නාට්‍ය නිර්මාණය උදෙසා තම උපරිම රංග දායකත්වය ලබා දෙනු ලැබුහ. අසුපාල කුමරියගේ රංග වින්‍යාසය හෙඹ වූ ඇයගේ රංග විලාශය වෘත්තීය රංගන ශිල්පිනියක අභිමුව ඇය පානා ලද රංග කෞටිල්‍ය කැලණි වේදිකාව දෙපලු කරන්නට විය. සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය අවසන් වන තෙක් සන්නි සංගීතමය නර්තන රංග හැඩතල නළු නිළි සමුහයා වේදිකාව තම හස්තයට ගෙන මවනා අපුර්ණ  භාවයන් එකකුදු හෝ මග නොහැරමින් බලා සිටීමට එක එල්ලේ නැරඹු ප්‍රේක්ෂකත්වයට මා ද ඇතුළුව මී අඹ සෙවන පරිශ්‍රය තුල මැවූ  සංගීතමය නර්තන රංගයේ  භාව සන්තර්පණයෙන් මසැස අවදි කරන්නට විය


Charegraphy Play - Musical Dance Drama  සංගීතමය නර්තන රංග මුසු වූ රංග රටාවන් වේදිකා මස්තව මවන ලද්දේ අපුර්ව අන්දමිනි.අසූපාල  කුමරියගේ වේදනාව ඇයගේ  විලාපය පුරාණෝක්ති කතාවේ දම්වැලක පුරුකක් මෙන් වත්මන් සමාජ කතිකාවත තුළ ද නිර්මාණය වී ඇති බව අපට මනාව දැනෙන්නට හැගෙන්නට තිබේ උදේ හවා ස්ත්‍රී දූෂණ , බාල අපරාධ , කාන්තා මිනීමැරුම් හාවක්  හුවක් නොමැතිව පුවත්පත් පිටු පුරවන්නේ කාන්තා අපරාධ , කාන්තා දුෂණ සාමාන්‍යකරණයට ලක් කරමිනි.කහවත්ත සිද්ධි දාමය ,ප්‍රේමවති මනම්පේරි ඝාතන සිද්ධිය , සේයා සදෙව්මි වැනි ළමා අපරාධ බලහත්කාරකම් දිනෙන් දින වර්ධනය වන්නේ අතීතයේ සිට මෙන්ම වර්තමානයේ ද මෙවැනි  ඛේදජනක ඉරණමවල්  වලට කාන්තාවන්ට මුහුණ දීමට සිදු වී ඇති බැවිණි

සන්නි සංගීතමය නර්තන රංග නිර්මාණය තුල භාවිතා කළ  මා සිත් ගත් රංග නිරුපණයක්  ලෙස, අන්ධකාරයේ  නුග රුක තුල  රැදී සිටි සුදු සාරි හැදගත් , අසාධාරණයට ලක්ව මිය යන්නට ගිය තරුණියන්, කාන්තාවන්, කුඩා දැරිවියගේ ආත්ම කථනයන්ට පණ පොවමින් සිට ඔවුන් සමුහයා  වෙස් මුහුණු පැළද ප්‍රේක්ෂකාගාරයේ සතර කොණ්හි  හිද කරණීයමෙත්ත සුතුර සජ්ජායනා කරමින් ප්‍රේක්ෂකාගාරයේ සමිපස්තයට ළගා වන්නට වුහ. සන්නි සංගීතමය නර්තන රංගය රස විදි ප්‍රේක්ෂකයින් අතුරින් සමීපස්ථයේ සිටි පෙම්වතුන් ලගට ගොස් පෙම්වතාගේ දෑතට සුදු හැදගත් ආත්ම කථනයන් රඟ දැක්වූ රංග සමුහයා වෙස් මුහුණ පෙම්වතාගේ දෑතට දී දෑතෙහි එල්ලී සිටින තම පෙම්වතිය ආරක්ෂා කරන මෙන් වෙස් මුහුණු ගලවා පිරිමි ප්‍රේක්ෂකයින්ට පිරිනැමීය. මා ඉදිරියේ සිටි එක් පෙම්වතෙකුගේ මුහුණ හීන් දහදියෙන් තෙත බරිත වී ගිය බව මාගේ දර්ශනයට හසු විය.පෙම්වතියගේ ආරක්ෂාව කාන්තාවගේ ආරක්ෂාව, මවගේ ආරක්ෂාව,දියණියගේ ආරක්ෂාව මේ සෑම  දෙනාගේම වගකීම පිරිමින් මත තිබේ යන යටි පෙළ අර්ථ සම්පාදනය සෞන්දර්යාත්මකව ඉතා උත්කෘෂ්ට අන්දමින් සංගීතමය නර්තන රංග පෙළ තුල නිර්මිත වී තිබුණි පුරාණෝක්ති කතාව සංගීතමය නර්තන රංගයන් වෙත මුසු කරමින් ප්‍රතිභාපුර්ණ රංග විලාශය කැලණි වේදිකාවේ අපුර්වන්විත රංග පරපුරක අභිසෙස් කියා පාමින් කැලණි වේදිකාව සෞදර්යාත්මක සන්නියකින් අහවර කරන්නට විය.


නාට්‍ය අධ්‍යක්ෂණය - හර්ෂිකා රත්නායක
නාට්‍ය සංගීත නිර්මාණය -  ඩිල්ෂාන් උමයංග පෙරේරා 
නාට්‍ය හා රංගකලා ශාස්ත්‍රවේදී විශේෂ දෙවැනි වසර විද්‍යාර්ථයින්ගේ නිර්මාණ කාර්යයක්  

Tuesday, July 16, 2019

හදවතේ ගායකයා ඔහුයි


✌✋👉💓🎤🎵🎸🎷


තුන්වන ලෝකයේ පළමු පොප් සුපිරි තරුව ලෙස හදුන්වන බොබ් මාර්ලේ උපත ලද්දේ 1945 පෙබරවාරි 06 දින ජැමෙයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ටේ‍රන්ච් ටවුන් හිදිය. මව සිඩෙල්ලා බුකර් වන අතර පියා නෝර්වල් සින්ක්ලෙයාර් මාර්ලේ ය. උපතින්ම කතෝලිකයකු ලෙස නැගි සිටි අතර 1960 ගණන් වලදි රස්තෆාරිගේ විස්වාසයන් කෙරෙහි උනන්දුවක් දැක් විමෙන් රස්තෆාරියානු ආගමික ව්‍යපාරය සමග අත් වැල් බැදගනු ලැබීය. මොහු 1966 පෙබරවාරි 10 දින ඇල්ෆරීටා කොන්ස්ටන්ෂියා ඇන්ඩර්සන් හෙවත් රීටා ඇන්ඩර්සන් සමග යුග දිවියට එළඹුණු අතර ඇයට දාව දරුවන් තිදෙනෙක් වු අතර වෙනත් කතුන් දාව දරුවන් 08 දෙනෙක් විය. තවද ඔහු විසින් හදාවඩා ගත් දරුවන් දෙදෙනෙකි. ආගමට අනුව ගංජා භාවිතය දෙවියන් වෙත සමීප කරවන්නක් වූ බැවින් බොබ් මාර්ලේ ගංජා භාවිතයට හුරු වී තිබුණි. සමාජ අසාධාරණයට හා නිර්ධනයින් සුරාකන ධනවාදයට එරෙහිව මාර්ලේ යොදා ගනු ලැබුවේ ඔහුගේ ගිතයයි. 70 දශකය වන විට විශාල ගිත ප්‍රමාණයක් එළි දැක්විය.

                 කළු, සුදු ,චීන ආදී සෑම ජාතියක්ම මනුෂ්‍ය වර්ගයා ලෙස එකට එකතු වීම ඒ සිහිනයයි මට අවශ්‍ය එපමණයි. ’ඔහු විප්ලවවාදියෙකි .සංගීතයෙන් ලෝකයම දිනාගත් බොබ් මාර්ලේ වරෙක එසේ පවසයි .බොබ් මාර්ලේගේ ගීතවලට පසුබ්ම් වු සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගන්නේ ඔහු කුඩා කල සිටමය.


මොහුගේ ගීත නිර්මාණ වලින් වර්ණභේදවාදය ගැනත් ,කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ලවන පීඩනය ගැනත් ඔහුගේ ගීත වලින් නිතර කියවිණි . ඔහුගේ ගීත නිර්මාණ තුලින් දේශපාලන රටාව සංස්කෘතිය උපහාසාත්මක ලෙස ඉදිරිපත් කර ඇත. ඔහු ගැයූ get up stand  up ගීතයෙන් ද කියවෙන්නේ තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිය යුතු බවයි .කම්කරු පන්තිය දැවෙන හදවත් ඔහු සුභවාදී බලාපොරොත්තුවකින් දැල්වීය.


                 ඵසේ වුවද බොබ් මාර්ලේ පිළිබද කථා කිරීමට යමක් ඉතිරිව ඇත්තේ ඔහු තම ජනතාව හා සමස්ත ජනතාව කෙරෙහි කළ මෙහෙය නිසාය. බොබ් මාර්ලේගේ ගීත වලට පසුබිම වු සමාජ දේශපාලන වටපිටාව ගොඩ නැගෙන්නේ ඔහු කුඩා කළ පටන්මය.

 ඔහු ඔහුගේ ගීත නිර්මාණ හරහා සමකාලීන දේශපාලන හා සංස්කෘතික රටාව පිළිබද උපහාසාත්මක තොරතුරු ගෙන එනු  ලැබීය . ඔහුගේ ගීත, විප්ලවය, නිදහස් සටන , ආදරය , සමානාත්මතාවය ඉස්මතු කලේය . ඔහු තමන්ගේ ගීත නිර්මාණ හරහා වර්ණවාදය හෙළා දකිමින් සැමට ආදරය හා සමානාත්මතාවය ලැබිය යුතු බවට විශ්වාස කරන්නට විය . ඔහු සැම විටම ඵක්සත් ජැමෙයිකාවක් උදෙසා තම ගීතය නම් අවිය මෙහෙය වීය . කම්කරු පන්තියට පාලක පන්තියෙන් එල්ල වන පීඩනය  ගැනත් ඔහු ඔහුගේ ගීත වලින් නිතර පොදු ජනයා අභිමුවට ගෙන එනු ලැබීය.


 ජාතිවාදය ප්‍රතික්ෂේප කරන නිර්මාණ ඔහු අතින් බිහි වන්න්ට විය. නිල නොවන ලෙස දේශපාලනයේ නිරත වු ඔහු ජැමෙයිකාවේ ජනතා ජාතික පක්ෂයට සහයෝගය දක්වන්නෙකු ලෙස කටයුතු කලේය . මෙකී තත්වය හේතුවෙන් බොබ් මාර්ලේ ඇතුළු සමාජික කණ්ඩායම නාදුනන කුමන්ත්‍රණකරුවන්ගේ ප්‍රහාරයකට පවා විය . මෙය එකළ හැදින්වුයේ දේශපාලන ඝාතන සැලැස්මක් ලෙසය.


 බොබ් මාර්ලේ හැදින්වෙන්නේ වර්ණවාදය ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු ලෙසය . බොබ් මාර්ලේට තිබුණේ සුදට හුරු හමකි. එබැවින් ඔහුට ඇතැමෙක් සුදු කොල්ලා ලෙස ආමන්ත්‍රණය කරන්නට විය. ඒ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ තමන් සුදු අයගේ පැත්තේ හෝ කළු අයගේ පැත්තේ නොවන බවයි . මෙමගින් ඔහු වර්ණභේදය කොතරම් ප්‍රතික්ෂේප කළේ ද යන්න තේරුම් ගත හැකිය.

ඔහුගේ ගිත නිර්මාණ බොහෝමයක දේශපාලනික කරුණු ඉතා සියුම් හා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට ඔහු සමත් විය .
           වර්ණභේදය ගැන නිතර කතා කරේ තම ජන්මය ද උදාහරණයට ගෙනය. ඔහුට වුවමනා වූයේ සුදු කළු ජාතීන් යැයි මනුෂ්‍යය වර්ගයා දෙකට බෙදෙනු දක්නට නොවේ. ඔහු දේශපාලන විප්ලවවාදයේ දී වර්ණ 4 කට මූලිකත්වය ලබා දී ඇත.
                             රතු වර්ණය - කළු ජනයා වෙනුවෙන් දිවිපිදූ කළු ජාතික වහලුන්ගේ රුධිරය රතු පැහැයෙන් ද
                             කොළ වර්ණය - කළු ජනයාගේ මාතෘ භූමිය වන අප්‍රිකාව කොළ පැහැයෙන් ද
                             රත්‍රන් වර්ණය - අප්‍රිකාවෙන් සොරාගත් රත්‍රන් රන් පැහැයෙන් ද
                             කළු වර්ණය - කළු ජාතිකයින්

                      ජැමෙයිකානු සංස්කෘතිය හා රස්තෆාරියානුවාදය ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියෙකු ලෙස බොබ් මාර්ලේ කටයුතු කළේය.දුගී යෞවනයෙකු ලෙස වැඩෙමින් මාර්ලේ සටන් වැදුණේය . ඔහුගේ කටහඬින් ගෝලීයව සවන්දිය හැකි සංගීත වෘත්තියක් ඔහු බිහි කලේය . බොබ් මාර්ලේගේ ගීතය ඔහුගේ ආත්මික හා දේශපාලනික පණිවුඩ අති සාර්ථක විය. වචන භාවිතයේදී විස්මය දනවන ආකාරයට වචන භාවිතා කලේය. ඉතා දැඩි දේශපාලන හා සමාජ ප්‍රශ්න මෙහි අන්තර්ගත විය. හොජ් හියු (පොදු රාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය 40. 2 ( 2005 )සදහන් කරන පරිදි බොබ් මාර්ලේගේ නැගිටීමේදී බටහිර ඉන්දියානු ප්‍රාග් ඓතිහාසික සම්ප්‍රදායින් ඒ තුළ අන්තර්ගත වන බව ඔහු දක්වයි . සංගීතයේදී මාර්ලේ ලියු ගායනා කරන මේ කතන්දර ස්වරූපයේ ඇතැම් ගීත ගෝත්‍රික නායකයන් මෙන් බව ද ඔහු දක්වයි. Paul Gilliro ගේ දේශපාලනය සහ විශ්වීය පාඩුව( 4 ) කෘතියේ ඔබට ආදරය කළ හැකිද යන ලිපියේ රෙගේ සංගිතයේ ශ්‍රේෂ්ටතම මිනිසා ලෙස ඔහුව හදුන්වනු ලබයි

.
             තුන් වන ලෝකයේ පළමු පොප් ගායකයා යන අන්වර්ථ නාමයෙන් මොහු හඳුන්වයි මාර්ලේගේ පළමු ගීතය ලෙස හැඳින්වෙන්නේ 1962 Jude not  ගීතයයි- .මොහුගේ මුල්ම සංගීත තැටිය බොබ් මර්ටෙල් ය-.මාර්ලි ප්‍රමුඛ වෙයිලර්ස් සංගීත කණ්ඩායමේ දෙවන ඇල්බමය 1974 දී නිකුත් වූ අතර දේශපාලනික වශයෙන් ඇමරිකාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේ ය-. . Could be loved හා    Redemption    යන ගීත දෙක දේශපාලනික වශයෙන් වැදගත් වූ ගීත දෙකකි-. 1980 දී සිම්බාබ්වේ නිදහස් උත්සවයේ ප්‍රධාන සංගීතඥායා ලෙස කටයුතු කළේ ය. රෙගේ සංගීතය ලොවට හඳුන්වා දීම- කළේ මොහු විසිනි. බොබ් මාර්ලේගේ සමාජ දේශපාලන හා ආධ්‍යාත්මීය දර්ශනය පිළබිඔු වූ Natty dread සංගීත ඇල්බමය 1974 දී නිකුත් වි ය No woman No cry ගීතය එහි ඇතුළත් විය-.

           
      1976 දී හිනැහෙන ජැමෙයිකා ප්‍රසංගය සඳහා සූදානම් වන විට නාඳුනන තුවක්කුකරුවකුගේ ප්‍රහාරයකට ලක් විය- .1977 දී Exoudus we,anufha One love ගීතය මාර්ලේ ජාත්‍යන්තර සුපිරි තරුවක් බවට පත් කළේය .-1978 One Love  සංගීත ප්‍රසංගය අවසානයේ ජැමෙයිකාවේ එවකට යුධ වැදී සිටි නායකයින් දෙපළ වේදිකාවට ගෙන්වා දෑත් අල්ලා ගැනීමට සලස්වන ලදී-.1977 දී එලි දැක්වූ Kaya ඇල්බමයෙහි ආදරය සහ මර්ජුවානා පිළිබඳව කතා කරන ලදී-. 1979 දී අප්‍රිකානු අරගලකාමීන්ට සහය පල කරමින් Sureival ඇල්බමය නිකුත් කරන ලදී.


     Intro: The Wailers]                                                                                                                                                          



[Verse 1: Bob Marley]


So now you see the light, aay

Stand up for your right. Come on

[Chorus: The Wailers and Bob Marley]





[Verse 2: Bob Marley]





[Chorus: The Wailers]



[Bridge: The Wailers and Bridge]

Get Up, Stand Up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get Up, Stand Up. Keep on struggling on
Don't give up the fight
[Verse 3: Peter Tosh]


Die and go to heaven in Jesus' name, Lord






We going to stand up for our right

So you'd better...

[Chorus: The Wailers]





         
               No more trouble යනු 1973 වර්ෂයේදී නිකුත් කළ බොබ් මාර්ලේගේ රෙගේ ගායන ශෛලියේ තවත් රසවත් ගීතයකි. රෙගේ ගායන ශෛලියෙන් ලොව පුරා ජනාදරය හිමි කර ගැනීමට බොබ් මාර්ලේට හැකි වන්නේ සිය ජැමෙයිකානු ගීත රසිකයන්ගේ හදවත් තුළ ද රැව් පිළිරැව් දෙමින් හදවතින් නොමැකෙන සටහන් තැබු ගායන හඩ පෞරුෂයක් ලෙසය . මෙම ගීතය Catch a Fire නම් ගීත ඇල්බමයේ ගීත එකතුවෙහි එන්නකි .

No more trouble!


no more trouble!

(We don't need no more trouble)

Wo! Oh-oh-oh!

(We don't need) we don't need no, no more trouble!

We don't need no trouble!

Make love and not war! 

'Cause we don't need no trouble

What we need is love (love)

To guide and protect us on (on)
If you hope good down from above (love)
Help the weak if you are strong now (strong)

We don't need no trouble

What we need is love, oh, no!

We don't need, we don't need, no more trouble!

Lord knows, we don't need no trouble!
No more trouble, no more trouble!

Speak happiness! (Sad enough without your woes) 

Fortune, come on, you all and speak of love (sad enough without your woes) oh, yeah!

We don't need no trouble

What we need is love, now (what we need is love!)

(We don't need) oh, we don't need (no more trouble!)

We don't need, no, we don't need no trouble!
We don't (need), no, brothers and sisters (no more trouble!)

We don't need no trouble, we don't really need no trouble!

Oh! We don't need no trouble!

What we need is love!

We don't need, we don't need no more, we don't need

No more trouble, we don't need no more trouble!

Trouble we don't need, we don't need

(We don't need) Lord, knows
We don't need no more war (no more trouble)
No more trouble, we don't need no more, more trouble!




      ජැමෙයිකාව තුල අතිශයෙන් යුද්ධ ගණනාවක් ක්‍රියාත්මක වුණි . ඒ බොහෝමයක් යුද්ධ වහල් ක්‍රමයන්ට විරුද්ධව ජැමෙයිකානු කළු ජනයා තම දිවි පිදු යුද්ධයන් වේ . මාර්ලේගේ මෙම ගිතයෙන් ද කියවෙන්නේ අපට තවත් කරදර අනවශ්‍ය බවයි . ආදරය . ප්‍රේමය අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් කියන්නේ යුද්ධයන්ගේ බිහිසුණු බව නොව නිදහස් නිවහල් දේශයක අවශ්‍යතාව ආදරය ප්‍රේමය යන වචන තුළින් සංතෘප්ත කරනු ලබයි .

                රස්තෆාරියානු ආගමට අනුව ස්වාමීන් වහන්සේ ඔවුන් දැඩි ලෙස  විශ්වාස කරයි. ස්වාමින් වහන්සේ පවා යුද්ධය කරදර අනවශ්‍ය බව කියයි කියා එවුන් විශ්වාස කරයි . දෛවයට වාසනාව සතුට රැගෙන එන ලෙස එක්  ගීත පැදි පෙළක ප්‍රකාශ කරනු ලබන්නේ යුද්ධයේ කුරිරු බව අනවශ්‍ය බවයි . දුක , ශෝකය නොව සතුට ගැන ප්‍රකාශ කරන්න, පතුරුවන්න යැයි මෙම ගීතයෙන් ප්‍රකාශ කරයි. අනේක දුක් කම්කටොලු වලට හුරු වු ජැමෙයිකානුවන්ට ගීතයෙන් පවා ආශිර්වාදයක් ගෙන දීමට මාර්ලේ සමත් විය .










Monday, July 15, 2019

Bob dylan අසහාය ගායකයා ඔහුයි





👉👉😍🎵🎸🎤🎷


සාම්ප්‍රදායික රොක් සංගීත ශිල්පියෙක් සහ ගීත රචකයෙක් වන bob dylan 1941 මැයි 24 දින ඇමරිකාවේ nesota ප්‍රාන්තයේදී උපත ලබා ඇත  අධ්‍යාපනය ලබන අතරතුර ම සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු 1961 වසරේ දී වෘත්තීය සංගීත ශිල්පියෙක් බවට පත් විය ඇමරිකානු සංගීත ක්ෂේත්‍රයේ එදා මෙදාතුර බිහිවූ වඩාත්ම කතාබහට වගක් වූ සහ බලපෑම්කාරී සමාජ ශෝධන සේවාවක්   කළ ශිල්පීන් අතරින් පෙරමුණ ගන්නා bob dylan ග්‍රැමී සම්මානය  ඇකඩමි සම්මානය ගෝල්ඩන් බ්ලොග් සම්මානය සහ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන නිදහස සඳහා වන පදක්කම ද හිමිකරගෙන ඇත සිය සංගීත දිවියේ මුල් කාලයේදී elvis presley gerry lil mith raha  සහ little richard වැඩි ශිල්පීන්ගේ ආභාසය ලැබූ ඔහු සස් පාසල් අධ්‍යාපනය ලබන අතරතුර දීම තමාගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගන්නා ලදී

ඔවුන් සමග ප්‍රදේශයේ අවන්හල් සහ කෝපි හල් ආශ්‍රිතව සාම්ප්‍රදායික රොක් සංගීතය ඉදිරිපත් කරන ලදී 1960 වසරේදී 100 පරමාදර්ශී චරිතය වන woody guthrie  හමුවූ ඔහු 1961 දී කොලොම්බියා records ආයතනය සමග ගිවිසුමක් අත්සන් කරන ලදී ඉන් අනතුරුව ම ප්‍රථම ගීත දර්ශකය වන the free wheeling 1963 වසරේ දී නිකුත් කරන ලදී එම ගීත දර්ශකය තුළ 60 දශකයේ වඩාත් අනුස්මරණීය ගීත වන blowin’ in the wind සහ a hard rain's a-gonna fall  ගීත  එහි ඇතුළත් විය ඉන් අනතුරුව ලොවපුරා ජනාදරයට පත් සංගීත ශිල්පියෙකු Bob Dylan Bob Dylan gay 1965 සහ 1966 වසරවල සිදුකල සංචාරයන් ැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නා ලදී bob Dylan මිනිසාගේ සමාජ තත්වය ආගම දේශපාලනය සහ ආදරය වැනි ිවිධාකාර වූ ක්ෂේත්‍ර ගණනාවක දිවෙන නිර්මාණයන් ඉදිරිපත් කර ඇත ගායකයකු සේම චිත්‍ර ශිල්පියෙකු නලුවෙකු සහ පිටපත් රචකයකු වන bob Dylan ම්මාන රාශියකට පාත්‍ර වී ඇත අධික ජනප්‍රසාදය දිනාගත් ගීත දර්ශක සේම tarantula (1971) නම් පරීක්ෂණාත්මක පද්‍ය සංග්‍රහය ඔහු විසින් ප්රකාශයට පත් කර ඇත

 2004 වර්ෂයේදී chronicles නම් සිය ස්වයං චරිතාපදානය ඒ දැක්වූ ඔහු ඒ තුළ  මුල්කාලීනව නිව්යෝක් නගරය සහ  ආශ්‍රිතව ගෙවුනු තම ජීවිතය පිළිබඳව මතකයන් එකතු කර ඇත 80 දශකයෙන් පසු නිරන්තරවම සංදර්ශන සංචාරවල නියැළී දැන් පසුගිය වර්ෂ 20 ඇතුළත සන්දර්ශන තුන් දහසකට වඩා පවත්වා ඇත ගායකයෙකුගේ සාම්ප්‍රදායක ප්‍රතිරූපයෙන් අත්මිදුණු bob dylan නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රකාශ කරන පරිදි සමකාලීන සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ගැඹුරු බලපෑමක් ඇතිකර ඇති අතරම සාහිත්‍යමය සහ සංගීත විචාරයන්ට නිරන්තරවම ලක්වූ කලාකරුවෙක්ද වෙයි.

Bob Dylan ගේ දේශපාලන භාවිතාව



Bob Dylan ගේ ගීත ගීත විචාරකයන් සහ ඉතිහාසඥයන් විමසන ආකාරයට සමකාලීන සමාජ තත්ත්වය මනා කොට කැටිකරගත් නිර්මාණයන් ලෙස හඳුනාගත හැකිය ඔහුගේ පළමු ගීත දර්ශකය නිකුත් වීමෙන් පසුව ගෙවුණු  තුනකට අඩු කාලයක් අතරතුර දේශපාලනික ආභාසයක් ලැබූ ගීත 25 කට ආසන්න ප්‍රමාණයක් ඔහු විසින් නිර්මාණය කරන්නට යෙදුණු අතර වාමාංශික අදහස් දරන ගීතයන්ට ද ප්‍රධාන ධාරාවේ සංගීත ක්ෂේත්‍රය තුළ සාර්ථක විය හැකි බව ඔප්පු කර පෙන්වීය නමුත් 1964 දී ගොබිලන් විසිනි ඔහු තවදුරටත් දේශපාලනය පිළිබඳව උනන්දුවක් දක්වන්නෙ නැති බව අදහස් පළකර නමුත් ඉන් පසුව නැවත වරක් 1965 වසරේදී subterranean homesick blues ගීතය නිකුත් කිරීමත් සමග දේශපාලනික තේමාවන් කැටිකරගත් ගීත  නිර්මාණය  නො නවත්වා සිදුකර ගෙන යන ලදී



  The Death Of Emmett Till
"Twas down in Mississippi no so long ago,
When a young boy from Chicago town stepped through a Southern door.
This boy's dreadful tragedy I can still remember well,
The color of his skin was black and his name was Emmett Till.
Some men they dragged him to a barn and there they beat him up.
They said they had a reason, but I can't remember what.
They tortured him and did some evil things too evil to repeat.
There was screaming sounds inside the barn, there was laughing sounds out on the street.
Then they rolled his body down a gulf amidst a bloody red rain
And they threw him in the waters wide to cease his screaming pain.
The reason that they killed him there, and I'm sure it ain't no lie,
Was just for the fun of killin' him and to watch him slowly die.
And then to stop the United States of yelling for a trial,
Two brothers they confessed that they had killed poor Emmett Till.
But on the jury there were men who helped the brothers commit this awful crime,
And so this trial was a mockery, but nobody seemed to mind.
I saw the morning papers but I could not bear to see
The smiling brothers walkin' down the courthouse stairs.
For the jury found them innocent and the brothers they went free,
While Emmett's body floats the foam of a Jim Crow southern sea.
If you can't speak out against this kind of thing, a crime that's so unjust,
Your eyes are filled with dead men's dirt, your mind is filled with dust.
Your arms and legs they must be in shackles and chains, and your blood it must refuse to flow,
For you let this human race fall down so God-awful low!
This song is just a reminder to remind your fellow man
That this kind of thing still lives today in that ghost-robed Ku Klux Klan.
But if all of us folks that thinks alike, if we gave all we could give,
We could make this great land of ours a greater place to live. 

Bob dylan විසින් නිර්මාණය කළ දේශපාලනික තේමාවක් රැගත් පළමු වන ගීතය වන මෙම ගීතය මිසිසිපි හීදී 1955 වසරේදී සුදු ජාතික කාන්තාවකට සිවුරුහන් කිරීම නිසා පහර කෑමකට සහ වෙඩි තබා ඝාතනය කිරීමට ලක්වූ දාහතර හැවිරිදි අප්‍රිකානු ඇමෙරිකානු ජාතික තරුණයෙකු වටා ගෙතී ඇත ගීතයේ දෙවන භාගයේ මෙම තරුණයාට ධාන්‍යාගාරය ක දී වධ හිංසා සිදු කරන විට පාරේ ගමන් කරන පුද්ගලයින් හඬනගා සිනාසුණු බව දක්වා ඇති අතර මීළඟ කොටසින් ප්‍රකාශ කරන්නේ මේ මරණය හුදෙක් විනෝදය සඳහා සහ කළු ජාතිකයෙකු දුක්විඳ සෙමෙන් මරණයට පත් වීම දැකීම සඳහා සිදුකළ ඝාතනයක් බවයි හතරවන කොටසේ දී මෙම මරණය සම්බන්ධ නඩු විභාගය ගැන ප්‍රකාශ කරන ඔහු නොබියව පවසන්නේ ජූරි සභිකයන්ගේ වූයේද මිනීමැරුම සඳහා වගකීම බාර ගත් පුද්ගලයන් දෙදෙනාගේ හවුල්කරුවන් බවයි ගීතයේ අවසාන අන්තරා කොටස් දෙක තුළ ඔහු විමසන්නේ ඔබට මෙවන් දේකට එරෙහිව මෙවන් අයුක්තිසහගත අපරාධයට එරෙහිව කතා කළ නොහැකි නම් මල මිනිසාගේ පස් වලින් ඔබේ ඇස් වැසී ඇති බවයි අවසානයට ඔහු ප්‍රකාශ කරන්නේ මෙම ගීතය මෙවන් අදමිටු ක්‍රියා තවදුරටත් සමාජයේ සිදුවන බවට අපේ සහෝදර ජනයාට මතක් කිරීමක් බවයි ඒ සමගම ඔහු ප්‍රකාශ කරන්නේ සියලුම දෙනා මෙවන් ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්නේ නම් මේ විශිෂ්ට දේශය ජීවත්වීමට විශිෂ්ට ස්ථානයක් බවට පත් කළ හැකි බවයි.

Blowing in the wind

Blowin' in the Wind
How many roads must a man walk down

Before you call him a man?

How many seas must a white dove sail

Before she sleeps in the sand?
Yes, 'n' how many times must the cannon balls fly
Before they're forever banned?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind
Yes, 'n' how many years can a mountain exist

Before it's washed to the sea?

Yes, 'n' how many years can some people exist

Before they're allowed to be free?
Yes, 'n' how many times can a man turn his head
And pretend that he just doesn't see?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind
Yes, 'n' how many times must a man look up

Before he can see the sky?

Yes, 'n' how many ears must one man have

Before he can hear people cry?
Yes, 'n' how many deaths will it take till he knows
That too many people have died?
The answer, my friend, is blowin' in the wind
The answer is blowin' in the wind

මෙම ගීතය එක් නිශ්චිත සිදුවීමක් හෝ තත්ත්වයක් අරබයා නිර්මාණය වූවත් නොවූවත් මේ තුළ තත්කාලීන ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ථ දිශානතිය ප්‍රශ්න කරන්න කිතුල නතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සහ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ තරඟය ගැන කරුණු දක්වා ඇත මෙම ගීතයේ අන් සියලුම පදවලට වඩා වඩාත් තදින් ලෝකය වැලදගත් පද වන්නේ ‘how many times must cannonballs fly before they’re forever banned ?’ ‘how many death will it take till he knows that too many people have died?’  යන පදයි මේවා නිශ්චිත යුද්ධය ඉලක්ක කරගත් ඒවා නොවූවත් ගීතයේ මීළඟ පද පේලි තුළ සිය රට තුළම පවත්නා ජාතිවාදයට මුහුණ දීමට ඇමරිකා එක්සත් ජනපදය අපොහොසත්වීම දක්වාලයි

North country blues
North Country Blues
Come gather 'round friends and I'll tell you a tale
Of when the red iron pits ran a-plenty
But the cardboard-filled windows and old men on the benches
Tell you now that the whole town is empty
In the north end of town my own children are grown
But I was raised on the other
In the wee hours of youth my mother took sick
And I was brought up by my brother
The iron ore poured as the years passed the door
The drag lines an' the shovels they was a-humming
'Till one day my brother failed to come home
The same as my father before him
Well, a long winter's wait from the window I watched
My friends they couldn't have been kinder
And my schooling was cut as I quit in the spring
To marry John Thomas, a miner
Oh, the years passed again, and the giving was good
With the

1963 වසරේදී නිකුත් වූ මෙම ගීතය minnesota ප්‍රදේශයේ ඇති වූ මහජන නැගිටීම් ගැන තේමා කරගෙන ඇත එම ප්‍රදේශයේ ප්‍රධාන කර්මාන්තය වන ආකර කර්මාන්තය තුළ පතල් වසා දැමීම නිසා ඇති වූ රැකියා අහිමි වීමත් විරැකියාව නිසා ජනතාව වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීම නිසා නගර ජනශුන්‍ය වීමත් මෙම ගීතයට තේමා වී ඇත මෙම ගීතයේ විශේෂත්වය වන්නේ කාන්තාවකගේ ජීවන දෘෂ්ටිය තුලින් ගීතය ලියැවී තිබීමයි